පිලිප්පි පොත



කතෘවරයා: පිලිප්පි 1:1 හි අපෝස්තලු පාවුල්තුමා තිමෝතිතුමා ගේ ද සහය ඇතිව ආසන්න වශයෙන් ක්‍රි. ව. 61 පමණ ලියන ලද බවට සැලකේ.

ලිවීමේ පරමාර්ථය: රෝමයේදී පාවුල්තුමා පිලිප්පිවරුන්ට ලියනලද ලිපිය සිර ගෙදර සිට ලියන ලද යැවුම් පත්‍රයකි. පිලිප්පියට පාවුල්තුමා ගේ දෙවන මිෂනාරී ගමනේදී ලිදියා සහ පිලිප්පියෙහි සිර ගෙදර මුලාදෑනියා සහ ඔහුගේ පවුල ක්‍රිස්තුස් වහන්සේ වෙතට හැරෙනලදී (ක්‍රියා16:12). අවුරුදු කිහිපයකට පසුව සභාවට ආමන්ත්‍රණය කිරීමේදී නායකයන් උපස්ථායකයන් ගැන සඳහන් වනුයේ ඒ වන විට සභාව මනා ලෙස ස්ථාපිතව පැවතිය නිසා විය හැක (පිලිප්පි 1:1).

මෙම ලිපියෙහි සඳහන් වන අවස්ථාව වන්නේ සභාවේ සාමාජිකයෙක් වන එපප්‍රොදිතස් විසින් පාවුල්තුමාට මූල්‍යයමය ත්‍යාගයක් පිරිනැමීම සහ එතුමා එය පිළිගැනීම වේ (පිලිප්පි 4:10-18). ධර්මානුකුල වැරදි ඉගැන්වීම් ගැන සාපේක්‍ෂව සඳහන් කරමින් තමන්ගේ හදවතට සමීප වූ කිතුණු සහෘදයන් කණ්ඩායමකට පාවුල්තුමා මෘදුකමින් ලියනලද ලිපියක් විය ( 2 කොරින්ති 8:1-6).

ප්‍රධානපදයන්:
පිලිප්පි1:21 මක්නිසාද මාගේ ජීවත්වීම නම් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාය. මරණයද මට ලාභයක්ය.

පිලිප්පි 3:7 එසේවී නුමුත් මට ලාභව තිබුණු යම් යම් දේම ක්‍රිස්තුස් වහන්සේ නිසා අලාභයයි සිතීමට පැමිණියෙමි.

පිලිප්පි 4:4 ස්වාමින්වහන්සේ තුළ නිතරම ප්‍රීතිවෙයල්ලා. ප්‍රීතිවෙයල්ලායි නැවතත් කියමි.

පිලිප්පි 4:6-7 නුඹලා කිසිවක් ගැන කණගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුති දීම සමඟ යාච්ඤා වෙන්ද කන්නලව් වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වාපල්ලා. එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන් වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් වහන්සේ තුළ නුඹලාගේ සිත්ද, සිතිවිලිද ආරක්ෂා කරනවා ඇත.

පිලිප්පි 4:13 මා බලවත් කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලු දේ කරන්ට පුළුවන.

කෙටි සාරාංශගත: කිරීමක් පිලිප්පිවරුන් "දුක්විදීම හරහා හටගත් සම්පත්" යනුවෙන් සඳහන් කළ හැක. මෙම පොත, ක්රිස්තුස් වහන්සේ අපගේ ජීවිතය තුළ, ක්රිස්තුස් වහන්සේ අපගේ මනස තුළ, ක්රිස්තුස් වහන්සේ අපගේ ඉලක්කය / එල්ලය ලෙස, ක්රිස්තුස් වහන්සේ අපගේ ශක්තිය හා දුක් විඳීම තුලින් ප්රීතිය ලෙස හැඳින්විය හැක. පාවුල්තුමා රෝමයේ සිරගතව සිටි කල්හි පිලිප්පි වරුන්ට-මෙම ලිපිය ලියනු ලැබුවේ ක්රිස්තුස් වහන්සේ ස්වර්ගයට නැග අවුරුදු 30 කට පසුව මෙන්ම පාවුල්තුමා රෝමයේ පළමු වරට වචනය දේශණා කර අවුරුදු 10 කට පසුව ය.

පාවුල්තුමා නීරෝ ගේ හිරකාරයෙක්ව සිටිය නමුත් ලිපිය පුරාවට ජයග්රහනය, ප්රීතිය, ප්රීතිමත් වන්නැයි සඳහන්ව තිබේ. (පිලිප්පි1:4,18, 25, 26, 2:2, 28, 3:1, 4:1,4,10). අපගේ වට පිටා වතාවරණයන් කුමක් වුවත් සැබෑ කිතුණුවකුගේ ජීවිතය තුළ සහ ස්වභාවය තුළ ක්රිස්තුස් වහන්සේගේ සිතම අපතුළත් අත්දැකීම විය යුතුවේ. යේසුස් ක්රිස්තුස් වහන්සේගේ උත්කර්ශණය හා අපකීර්තියට පත්වීමේ පිලිප්පි 2:5-11 දක්වා මහිමාන්විත සහ විචක්ෂණ ප්රකාශණය හරහා පිලිප්පිවරුන් උත්කෘෂ්ඨභාවයට පැමිණෙයි.

පිලිප්පි පොත මෙසේ බෙදා වෙන් කළහැක.

හදුන්වාදීම 1:17

1. කිතුණු ජීවිතය- ක්‍රිස්තුස් වහන්සේ-දුක් විඳීම මැද ප්‍රීතිවීම 1:8-30

2. කිතුණු නිදර්ශනය ෿ ක්‍රිස්තුස් වහන්සේ ප්‍රීතියෙන් යටහත්ව ක්‍රියා කිරීම 2:1-30

3. කිතුණු ඇදහිල්ල, අපේක්ෂාව සහ බලාපොරොත්තුවේ අභිමතාර්ථය-ක්‍රිස්තුස් වහන්සේ 3:1-21

4. කිතුණුවන්ගේ ශක්තිය-ක්‍රිස්තුස් වහන්සේ-උද්වේගයේදී පවා ප්‍රීතිවීම 4:1-9

සමාප්තිය 4:10-23

සැබැදුම / සැබැඳියාව: පාවුල්තුමාගේ බොහෝ යැවුම් පත්ර මෙන්ම මෙහිඳීද මුල් සභාවේ හටගත් නීති ගරුකත්වයට ඇඳීයාමේ ප්රවණතාවය ගැන පිලිප්පියෙහි නවක ඇදහිලිවතුන්ට ප්රවේසම් වෙන ලෙස අවවාද කරන ලදී. පරණ ගිවිසුමෙහි ව්යස්ථාවට තදින් බැඳී සිටියාවූ යුදෙව්වන්, ගැලවීම ක්රියාවෙන් යන ඉගැන්වීමට ආපසු හරවන්නට අචල උත්සාහයක නිරත විය. නමුත් පාවුල්තුමා පුනර්වාචනය කරනු ලැබුයේ ගැලවීම ක්රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ලෙන්ම පමණක් බවත් යුදෙව්වාදීන් "සුනඛයන් හා නපූරු මනුෂ්යන් ලෙසත්" හංවඩු ගසනලදී. පරණ ගිවිසුමෙහි අවශ්යතාවයට අනුව ක්රිස්තුස් වහන්සේ තුළ නවක ඇදහිලිවතුන් චර්ම ජේදනය විය යුතු බව නීතියට යටත් වූවන් නිරන්තරයෙන් කියා සිටියෝය (උත්. 17:10-12, ලෙවි කථාව12:3). මේ අන්දමට තමන් ගේම ක්රියා වලින් දෙවියන් වහන්සේ ප්රසන්න කරන්නට උත්සාහ කරන්නන්, එසේ එම චාරිත්ර නොපවත්වන අන්යජාතික කිතුණු ඇදහිලිවතුන්ට වඩා තමන් උසස් කොට සළකා ගන්නා ලදී. බැටළු පැටවානන්ගේ ලේ වලින් සෝදනු ලැබූවන් තව දුරටත් හදවත් පවිත්ර කරගැනීමට සංකේතාත්මක චාරිත්ර පැවැත්වීම අවශ්ය නොවන බව පාවුල්තුමා විස්තරාත්මකව පවසන ලදී.

ප්රයෝගික අදාළ කරගැන්ම ඇදහිලිවතුන් ගේ සමහර පුද්ගලික යොමු කිරීම් ගැන සඳහන් කරමින් පිලිප්පිවරුන්ට යවන ලද යැවුම් පත්රය පාවුල්තුමා ගේ ලිපි අතර පෞද්ගලිකත්වයට යොමු වූ එක් යැවුම් පත්රයක් ලෙස දක්නට හැකිය. තමාව ආදර්ශයට ගනිමින් දේව වචනය ධෛර්යවන්තව හා නිර්භීත කමින් ප්රකාශකරන්නට උනන්දු කරමින් මෙම යැවුම් පත්රය ලියන ලද්දේ රෝමයේ සිරගතව සිටි පීඩා කාලයේදීය (පිලිප්පි 1:1-4). ක්රිස්තුස් වහන්සේ ගේ සුබසුනට එරෙහිව එදිරිවාදිකම් සෑම කිතුණුවෙක්ම කවදාක හෝ අත් විදිය යුතුව ඇත. තමාට වෛර කළා වූ ලෝකය තමාගේ අනුගාමිකයින්ටද වෛර කරනවා ඇතැයි යේසුස් වහන්සේ පැවසූ සේක (යොහාන් 5:18). පීඩා මධ්යයේ වුවද "එකම ආත්මයෙන් ස්ථීරව, එක සිතකින් ශුභාරංචියේ ඇදහිල්ල පිණිස" එකෙක් මෙන් සිටපල්ලා යයි පාවුල්තුමා අපව උනන්දු කරවයි (පිලිප්පි 1:27).

අදාළ කර: ගැනීමක් ලෙස පිලිප්පිවරුන්ට තව දුරටත් අවශ්ය වූයේ යටහත් කමින් එක්සත්ව සිටීමය. අප ක්රිස්තුස් වහන්සේ සමඟ ඵ්කාබද්ධව එක්සත්ව සිටින්නාක් මෙන්ම එකිනෙකා අතරද එකසත්ව එක්සිත්ව සිටින පිණිසද වීර්යය කළ යුතුවේ. අහංකාරය සහ ආත්මාර්ථකාමය ඉවත ලා එකම ප්රේමයෙන්, එකඟව සිට, එක කාරණයම අභිප්රාය කරගෙන එක්සිත්ව සිට, එකිනෙකා තමාට වඩා වෙන කෙනෙක් උතුම් යයි යටහත් පහත් කමින් සලකා එක් එක්කෙනා තමාගේ කාරනා නොව අනුන්ගේ කාරණාත් සලකා බලන ලෙස සිහි කැඳවයි (පිලිප්පි 2:2-4). පාවුල්තුමා ගේ මෙම අවවාදයන් අනුශාසනා නූතන සභාව සිතට ගන්නේ නම් අද සභාවෙහි පවතින අරගලයන් බොහෝ දුරට සංසිඳී යනවා ඇත.

තව දුරටත් පිලිප්පිවරු අදාළ කරගත යුතුව තිබුණේ ලිපිය පුරාවට සඳහන් වනසතට සහ ප්රීතිවීම යන්නයි. ක්රිස්තුස් වහන්සේ ප්රකාශ වූ බැවින් එතුමා ප්රීති වේ (පිලිප්පි 1:8). තමාගේ දුක් විඳීම ගැන එතුමා ප්රීති වේ (පිලිප්පි 2:18). ස්වාමින් වහන්සේ තුළ ප්රීති වන පිණිස එතුමා අන් අය උනන්දු කරවයි (පිලිප්පි 3:1). පිලිප්පියෙහි සහෝදරයන් එතුමාගේ " ඔටුන්න සහ ප්රීතිය" ලෙස සඳහන් කරයි (පිලිප්පි 4:1). "ස්වාමින්වහන්සේ තුළ නිතරම ප්රීතිවෙයල්ලා. ප්රීති වෙයල්ලා යයි නැවතත් කියමි" යන පිලිප්පි 4:4-7 යන පදයන් උද්ධෘත පාඨයක් ලෙස ගෙන එතුමා ලුහුඬින් එතුමා ඇදහිලිවතුන්ට අනුශාසනා කරයි.

"සියල්ලෙහිදි ස්තුතිදීිම සමඟ යාච්ඤා වෙන්ද කන්නලව් වෙනුද (අපගේ) ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වා (පිලිප්පි 4:6) අපගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්නේ නම් ඇදහිලිවතුන් ලෙස අපටද ප්රීතිය සහ දෙවියන් වහන්සේගේ සමාදානය අත් දැකීමට හැකි වනවා ඇත. වධ විදීම් සිර ගත වීම් අතර තුර වුවද පාවුල්තුමාගේ යැවුම් පත්රය හරහා එතුමාගේ ප්රීතිය දිස්නෙ දෙමින් ප්රකාශ වේ. එලෙසම අපද අපගේ සිතිවිලි දෙවියන් වහන්සේ තුළ කේන්ද්ර ගත කල විට අපටද එම සමාදානයම අත් විඳින්නටහැකි වන බවට පොරොන්දු දී ඇත (පිලිප්පි 4:8).



අළුත් ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



පිලිප්පි පොත