settings icon
share icon

පිලෙමොන් පොත

කර්තෘ: පිලෙමොන් පොතෙහි කර්තෘ වූයේ අපෝස්තුළුවූ පාවුළු තුමාය (පිලෙමොන් 1:1).

ලියනු ලැබූ දිනය: පිලෙමොන් පොත ලියා ඇත්තේ දළ වශයෙන් ක්‍රි.ව. 60 දී පමණය.

ලිවීමේ අරමුණ: පාවුළු තුමාගේ ලිපි අතුරින් ඉතාම කෙටි ලිපිය වනුයේ පිලෙමොන් වෙත යැවූ ලිපිය වන අතර එය වහල්කමේ යෙදවීම ගැන සැලකිල්ලට යොමු කර ඇත. මෙම ලිපිය මගින් හගවන්නේ පාවුළු තුමා මෙම ලිපිය ලියන අවස්ථාවේදී සිරගත වී සිටි බවය. පිලෙමොන් වහලූන්ගේ අයිතිකරුවකු වන අතර ඒ සමගම ඔහුගේ නිවසේ කිතුණු සභාවක්ද පිහිටුවා තිබුණි. පාවුළු තුමා එපීසයේ ධර්මදූත මෙහෙයේ යෙදී සිටි අවදියේදී පිලෙමොන් නගරය වෙත පැමිණ පාවුළු තුමාගේ දේශනා අසා ක්‍රිස්තියානි ධර්මය වැළද ගත්තේය. ඔනිසිමස් නම් වහල් සේවකයා ඔහුගේ ස්වාමියා වන පිලෙමොන්ගේ ධනය සොරකම් කර රෝමය බලා පලා ගොස් පාවුළු තුමා වෙත පැමිණියේය. ඔනිසිමස් එවිටත් පිලෙමොන්ට අයත් කෙනෙකු විය. එවිට පාවුළු තුමා ඔහුට තමාගේ ස්වාමියා වෙත නැවත සාමකාමීව යාමට මග පැදීමට ලිපියක් ලිවීය. ඔනිසිමස් කිතුණුවෙකු වූයේ පාවුළු තුමා ඔහුට සාක්ෂි දැරීම තුළින්ය (පිලෙමොන් 10). එබැවින් පාවුළු තුමාට අවශ්‍යය වූයේ පිලෙමොන් ඔනිසිමස්ව ක්‍රිස්තුස්වහන්සේ තුළ සහෝදරයෙකු ලෙස පිළිගැනීම මිස වහල් සේවකයකු ලෙස සැලකීම නොවේ.

ප්‍රධාන පදයන්:
පිලෙමොන් 6: "ඔබ තුළ පවතින සියලූ යහපත් දේ දැනගැනීමෙන් ඔබගේ ඇදහිල්ලේ ක්‍රිස්තුස්වහන්සේ උදෙසා බලවත් වන පිණිස මාගේ යාච්ඥා වලදී ඔබ ගැන මතක් කරමින් මාගේ දෙවියන්වහන්සේට ස්තුති කරමි."

පිලෙමොන් 16… "දාසයෙකු කොට නොව දාසයෙකුට වඩා ප්‍රේමවන්ත සහෝදරයෙකු කොට සදාකාලයටම ඔහු ඔබට ලැබෙන පිණිස වන්නට පුළුවන. විශේෂ ලෙස මට ප්‍රේමවන්ත සහෝදරයෙකු වූ ඔහු කොපමණ වැඩියෙන් මාංසාකාරයෙන් සහ ස්වාමින්වහන්සේ තුළ ඔබටත් එසේ නොවන්නේද."

පිලෙමොන් 18: "ඔහු ඔබට අයුත්තක් කළා නම් නොහොත් ඔබට ණයව සිටිනවා නම් ඒක මාගේ ගණනට තබන්න."

කෙටි සාරංශය: තමන් යටතේ සිටින වහල් සේවකයන් කෙරෙහි වගකීමක් ඔවුන් වෙත ඇති බව පාවුළු තුමා එම වහල් සේවකයන්ගේ අයිතිකරුවන්ට අවවාද කළ අතර වහල් සේවකයන් වූ කලී දෙවියන්වහන්සේට බිය වන සදාචාරාත්මක වගකීමෙන් යුතු අය බවද පෙන්වා දුන්නේය. පිලෙමොන්ගේ පොත මගින් පාවුළු තුමා වහල්භාවය හෙළා නොදුටු අතර ඔනිසිමස් වහල් සේවකයෙකු ලෙස නොව කිතුණු සහෝදරයෙකු ලෙස පිළිගත්තේය. වහල් සේවකයෙකු තම ස්වාමියා විසින් සහෝදරයෙකු ලෙස හඳුන්වා දීමට හැක වීම එම තැනැත්තා තමාගේ වහල් භාවය කිසිම තේරුමක් නැති දෙයක් බව හැගෙන තත්වයකට පත්වනු ඇත. මුල් සභාව වහල් භාවයට කෙළින්ම විරෝධය නොපෑ නමුත් වහල් සේවකයන්ගේ අයිතිකරුවන් හා වහල් සේවකයන් අතර නව සම්බන්ධතාවයක් සදහා අඩිතාලමක් දමා ඇත. පාවුළු තුමා උත්සාහ කළේ පිලෙමොන් සහ ඔනිසිමස් යන දෙදෙනාම කිතුණු ප්‍රේමයෙන් එකතු කොට නිදහස් කිරීමේ අවශ්‍යතාවයක් ඇති කිරීමය. දේව වචනයේ ආලෝකයට යොමු වීමෙන් පසුව පමණක් වහල් කමේ ස්ථිපිතය මිය යනු ඇත.

සබදතා: නීතිය සහ කරුණාව අතර ඇති ප්‍රභේදය මෙතරම් ශෝභන ලෙස පෙන්නුම් කිරීමක් නව ගිවිසුමේ වෙනත් කොතැනකවත් නොමැත. තමන්ට අයත් දේපලක් ලෙස සලකන වහල් සේවකයෙකු පැන ගිය විට ඔහු අල්වා දඩුවම් කිරිමට පැරණි ගිවිසුමේ රෝම නීතිය සහ මෝසෙස්ගේ නීතිය මගින් පිලෙමොන්ට බලය ලැබී ඇත. එනමුත් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දයාවේ පොරොන්දුව මගින් ස්වාමියා සහ වහල් සේවකයා අතර ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය කෙරෙහි එක සමානව ප්‍රේමයේ සහභාගිත්වය ලබා ගැනීමට හැකි වනු ඇත.

ප්‍රායෝගික යෙදුම: හාම්පුතුන් දේශපාලන නායකයන් සංස්ථා ප්‍රධානින් තම කිතුණු සේවකයන්ට සහකයන්ට සහ පවුලේ සාමාජිකයන්ට ක්‍රිස්තුස් වහන්සේගේ සිරුරේ සාමාජිකයන් ලෙස සලකමින් පාවුළු තුමාගේ ඉගැන්වීමේ බලය අනුගමනය කළ හැකිය. නූතන සමාජයේ කිතුණුවන් තමාගේ සහයකයන් හුදෙක් තමන්ගේ අභිමතයන් ඉටු කර ගැනීමට අවශ්‍යය උදවිය ලෙස නොසැලකිය යුතු අතර ඔවුන් කරුණා සහගත ලෙස සැලකිලි ලැබිය යුතු කිතුණු සහෝදර සහෝදරියන් බව තේරුම් ගත යුතුය. ඊට අමතරම සියලූ නායකයන් මතක තබා ගත යුත්තේ තමන් යටතේ සේවය කරන සේවකයන් ඔවුන් කිතුණුවන් වුවද නොවුවද තමන් ඔවුන් සලකන අන්දම පිළිබදව දෙවියන්වහන්සේට ගණන් දිය යුතු බවයග ඔවුන් අවසානයේදී දෙවියන් වහන්සේට තමන්ගේ ක්‍රියාවන් පිළිබදව වගකිව යුතුය (කොලොස්සි 4:1).

English

අළුත් ගිවිසුම පිළිබඳ සමීක්ෂණය
පිලෙමොන් පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries