settings icon
share icon

යාකොබ්ගේ පොත

කර්තෘ: මෙම ලිපියේ කතුවරයා වන්නේ යාකොබ්ය. ඔහුව යුක්ති සහගත යාකොබ් ලෙසද හදුන්වයි. ඔහු යේසුස් ක්‍රිස්තුස්ගේ සහෝදරයා යැයි සැලකේ (මතෙව් 13:55; මාක් 6:3). යාකොබ් ඇදහිලිවන්තයෙකු නොවීය (යොහන් 7:3-5) නැවත නැඟිටීමෙන් පසුව (ක්‍රියා 1:14; 1 කොරින්ති 15:7; ගලාති 1:19) ඔහු ජෙරුසලමේ පල්ලියේ ප්‍රධානියා බවට පත්වූ අතර සභාවේ කණුවක් ලෙස මුලින්ම සඳහන්වේ (ගලාති 2:9).

ලිවීමේ දිනය: යාකොබ්ගේ පොත අළුත් ගිවිසුමේ පැරණිතම පොත විය හැකිය. එය සමහරවිට ක්‍රි.ව. 45 තරම්, කාලයකදී හා ක්‍රි.ව. 50 දී ජෙරුසලමේ පළමු සභාව ඉදිරියේ ලියා ඇත. ඉතිහාසඥා ජොසීෆස් පවසන පරිදි යාකොබ් ආසන්න වශයෙන් ක්‍රි. ව. 62 දී දිවි පිදීය.

ලිවීමේ පරමාර්ථය: සමහරුන් සිතන්නේ මෙම ලිපිය ලියා ඇත්තේ ඇදහිල්ල පිළිබඳ පාවුල්තුමාගේ ඉගැන්වීම් පිළිබඳ අතිමහත් අර්ථකථනයකට ප්‍රතිචාරයක් වශයෙනි. ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන, පරණ ගිවිසුමේ සියලු නීති වාදයෙන්, සියලු ලෞකික නීතියෙන් සහ සමාජයක සියලු සදාචාරයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් බව ඇන්ටි නොමියානුවාදය යනුවෙන් හැඳින්වෙන මෙම ආන්තික මතය විය. යාකොබ්ගේ පොත සියලු ජාතීන් අතර විසිරී ඇති යුදෙව් ක්‍රිස්තියානීන් වෙත යොමු කර ඇත (යාකොබ් 1:1). මෙම ලිපිය පිළිකුල් කොට එය "පිදුරු ලිපිය" ලෙස හැඳින්වූ මාටින් ලූතර්, යාකොබ්ගේ කෘති ඉගැන්වීම පරස්පර විරෝධී නොව, පාවුල්තුමාගේ ඇදහිල්ල පිළිබඳ ඉගැන්වීමට අනුපූරකවූ බව හඳුනා ගැනීමට අසමත්විය. පාවුල්තුමාගේ ඉගැන්වීම් දෙවියන්වහන්සේ සමග අප යුක්ති සහගත කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතර, යාකොබ්ගේ ඉගැන්වීම් එම යුක්ති සහගත කිරීම නිදර්ශනය කරන කෘති කෙරෙහි අවධානය යොමු කරයි. මෙම නව කිතුනු ඇදහිල්ල දිගටම වර්ධනය කර ගැනීමට දිරිගැන්වීම සඳහා යාකොබ් යුදෙව්වන්ට ලියමින් සිටියේය. ගලාති 5:22-23 හී පාවුල් විස්තර කර ඇති පරිදි, යහපත් ක්‍රියාවන් ස්වභාවයෙන්ම ආත්මයෙන් පූර්ණ වූවන්ගෙන් ගලා එන බව යාකොබ් අවධාරණය කරයි.

ප්‍රධාන පද:
යාකොබ් 1:2-3: "මාගේ සහෝදරයෙනි, ඔබ විවිධාකාර පරීක්ෂාවන්ට මුහුණ දෙන සෑම අවස්ථාවකම එය ප්‍රීතියෙන් සලකන්න. 3 ඔබගේ ඇදහිල්ල පරීක්ෂා කිරීම නොපසුබට උත්සාහය වර්ධනය කරන බව ඔබ දන්නා බැවිනි."

යාකොබ් 1:19: "මාගේ ආදරණීය සහෝදරවරුනි, මෙය සැලකිල්ලට ගන්න: සෑම කෙනෙකුම සවන්දීමට ඉක්මන් විය යුතුය, කථාකිරීමට ප්‍රමාදවිය යුතුය, කෝපවීමට ප්‍රමාදවිය යුතුය."

යාකොබ් 2:17-18: "එලෙසම, ඇදහිල්ලද ක්‍රියාවෙන් සිදු නොවන්නේ නම්, එය මිය ගොස් ඇත. නමුත් යමෙක් කියනු ඇත, "ඔබට විශ්වාසයක් ඇත, මට ක්‍රියා ඇත. "ක්‍රියාවලින් තොරව ඔබේ ඇදහිල්ල මට පෙන්වන්න, මා කරනදේ වලින් මාගේ ඇදහිල්ල ඔබට පෙන්වන්නෙමි."

යාකොබ් 3: 5: "එලෙසම දිව ශරීරයේ කුඩා කොටසකි.

යාකොබ් 5:16 ආ: "ධර්මිෂ්ධ මිනිසෙකුගේ යාච්ඤාව බලවත් හා පලදායීවේ."

කෙටි සාරාංශය: අව්‍යාජ ආගම (1:1-27), අව්‍යාජ ඇදහිල්ල (2:1-3:12) සහ අව්‍යාජ ප්‍රඥාව (3:13-5:20) හරහා ඇදහිල්ල ගමන් කරන බව යාකොබ්ගේ පොතෙහි දක්වා ඇත. මතෙව් 5-7 හී යේසුස්වහන්සේ කන්ද උඩ දේශනාවට සමාන්තරව මෙම පොතේ අඩංගුවේ. යාකොබ්ගේ පළමු පරිච්ඡේදයේ ආරම්භ වන්නේ ඇදහිල්ලේ ගමනේදී සමස්ත ගති ලක්ෂණ විස්තර කරමිනි. දෙවන පරිච්ඡේදයේ සහ තුන්වන පරිච්ඡේදයේ ආරම්භයේදී ඔහු සමාජ සාධාරණත්වය සහ ක්‍රියාව කෙරෙහි ඇදහිල්ල පිළිබඳ කතිකාවක් සාකච්ඡා කරයි. ඉන් පසු ඔහු ලෞකික හා දේව භක්තික ප්‍රඥාව අතර වෙනස සංසන්දනය කර වෙනස් කරයි. නපුරෙන් ඉවත්වී දෙවියන්වහන්සේට ළං වන ලෙස ඔහු අපෙන් ඉල්ලා සිටී. රැස්කර තබන ධනවතුන්ට සහ තමන් කෙරෙහි විශ්වාසය තබා සිටින අයට යාකොබ් විශේෂයෙන් දැඩි තරවටු කරයි. අන්තිමේදී ඔහු අවසන් වන්නේ ඇදහිලි වන්තයන්ට දුක් විඳීම, යාච්ඤා කිරීම සහ එකිනෙකා ගැන සැලකිලිමත්වීම සහ ඇසුර තුළින් අපගේ ඇදහිල්ල ශක්තිමත් කිරීම සඳහා දිරි ගැන්වීමෙනි.

සම්බන්ධතා: ඇදහිල්ල සහ ක්‍රියා අතර සම්බන්ධතාවය පිළිබඳ අවසාන විස්තරය යාකොබ්ගේ පොතයි. මෝසෙස්ගේ නීතිය හා එහි ක්‍රියා පද්ධතිය තුළ කොතරම් තදින් බැඳී ඇත්දයත්, යුදෙව් ක්‍රිස්තියානීන් විසින් ලියන ලද යාකොබ්ගේ හසුන, නීතියේ ක්‍රියා වලින් කිසිවෙකු යුක්ති සහගත නොවන බවට අසීරු සත්‍යය පැහැදිලි කිරීම සඳහා සැලකියයුතු කාලයක් ගත කළ බව (ගලාති 2:16), විවිධාකාර නීති හා චාරිත්‍ර වාරිත්‍ර පිළිපැදීමට ඔවුන් උපරිම උත්සාහයක් දැරුවත් එය කළ නොහැකි බවත්, නීතියේ ඉතා කුඩාම කොටස උල්ලංඝනය කිරීම නිසා ඔවුන් ඒ සියල්ලටම වැරදිකරුවන්වූ බවත් ඔහු ප්‍රකාශ කරයි (යාකොබ් 2:10) එක් වස්තුවක් වන අතර එහි එක් කොටසක් බිඳ දැමීම ඒ සියල්ල බිඳ දමයි.

ප්‍රායෝගික යෙදුම: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ විශ්වාසවන්ත අනුගාමිකයන්ට "කතාව කතා කිරීම" පමණක් නොව "ඇවිදින්න" යන අභියෝගය යාකොබ්ගේ පොතේ අපට පෙනේ. අපගේ ඇදහිල්ල ඇවිදීමට, වචනය පිළිබඳ දැනුමේ වර්ධනයක් අවශ්‍ය වන අතර, යාකොබ් අපට අවවාද කරන්නේ එතැනින් නොනැවතී සිටින ලෙසයි. යාකොබ් විසින් පද 60 කින් පමණක් වගකීම් 60 ක් ඉදිරි පත්කර ඇති බැවින් බොහෝ කිතුනුවන්ට මෙම ලිපිය අභියෝගාත්මකවනු ඇත. ඔහු කන්ද උඩ දේශනාවේ යේසුස් වහන්සේගේ වචන වල සත්‍යතාවන් කෙරෙහි අවධානය යොමු කරන අතර උන්වහන්සේ ඉගැන්වූදේ අනුව ක්‍රියා කිරීමට අපව පොලඹවයි.

ධර්මිෂ්ධකමේ පල නොපෙන්වා කිතුනුවකුවී දිගටම පාපයේ ජීවත් විය හැකිය යන අදහසද මෙම ලිපියේ සඳහන්වේ. එවැනි "ඇදහිල්ලක්" "විශ්වාස කරන හා වෙවුලන" යක්ෂයන් විසින් බෙදා ගනු ලැබේ (යාකොබ් 2:19). එබඳු "ඇදහිල්ලකට" ගැලවීමක් කළ නොහැක්කේ එය සැබෑ ගැලවීමේ ඇදහිල්ල සමඟ සැමවිටම සිදුවන ක්‍රියාවන් මගින් සත්‍යාපනය නොවන බැවිනි (එපීස 2:10). යහපත් ක්‍රියා ගැලවීමට හේතුව නොවේ, නමුත් ඒවා එහි ප්‍රතිපලයකි.

English

අළුත් ගිවිසුම පිළිබඳ සමීක්ෂණය
යාකොබ්ගේ පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries