ගලාති පොත



ලියන ලද දිනය: ක්‍රි.පූ. 48-55 අතර තුර ගලාති පොත ලියන ලද බවට සැලකෙන අතර එය පාවුල්තුමාගේ කිනම් මිෂනාරී ගමනකදි ඒ ප්‍රදේශ වල සභාවන් ආරම්භ කළේද යන්න සහ ගලාති පොත කොතැනකට යවනු ලැබුවාද යන්න මත රඳා පවතී.

ලියන ලද පරමාර්ථය: ගලාතියේ සභාවල් සාමාන්‍යයෙන්, කොටසක් හැරුණු යුදෙව්වන් ගෙන් ද අනෙක් කොටස අන්‍ය ජාතිකයින් ගෙන් හැරුණු අය ගෙන්ද සමන්විත විය. ධර්මිෂ්ඨකම ඇදහිල්ලෙන් පමණක්ම වේ යන රෝමවරුන්ට ලියන ලද ලිපියෙහි සාකච්ජාවට නැඟුණ විෂයම මෙහිදී ද ඒ හා සමානව පැවතුණි. නමුත් මෙම ලිපියෙහිදී මනුෂ්‍යා ධරමිෂ්ඨ කරණු ලබන්නේ මෝසෙස්ගේ ක්‍රියාකාරකම් වලින් තොරව යන කරුණට ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරවයි.

ගලාති පොත ඉතිහාසයට සමකාලීන වන රචනාවක් ලෙස ලියන ලද්දක් නොවීය. එය ක්‍රිස්තුස් වහන්සේගේ සුබසුන දූෂණය කිරීමට විරුද්ධත්වය ප්‍රකාශ කරන්නක් විය. දෙවියන් වහන්සේ තුළ ඇදහිලිවතුන් සම්පූර්ණත්වයට පැමිණීමට බලාපොරොත්තු වන්නේ නම් ව්‍යවස්ථාව පැවැත්විය යුතු බව බල කිරීම කරණකොට ගෙන ව්‍යවස්ථාවේ ක්‍රියා වලින් නොව ධර්මිෂ්ඨකම ඇදහිල්ලෙන්ම පමණක්ම වේය යන හරවත් ප්‍රධාන කාරණයෙහි දීප්තිය / වටිනාමකම අඩු කරන ලදී. මනුෂ්‍යාගේ නිදහස නැමති උරුමය අන් සතු කරන්නා වූ මෙම ඉගැන්වීම් ගලාති සභාව තුළට ඇතුල් වී ඇති බැව් දැන ගත් පාවුල්තුමා උද්වේගීතර විරෝධතා අඩංගු මෙම ලිපිය ලියන ලදී.

ප්‍රධාන පදයන්:
ගලාති 2:16 ස්වාභාවෙන් යුදෙව්වරුන් වන අපි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොට ගෙන මිස ව්‍යවස්ථාවේ ක්‍රියා කරණකොට ගෙන මනුෂයෙක් ධර්මිෂ්ඨ කරනු නොලබන බව දැන, ව්‍යවස්ථාවේ ක්‍රියා වලින් නොව ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොට ගෙන ධර්මිෂ්ඨ කරනු ලබන පිණිස. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදහා ගතිමුව. මක්නිසාද ව්‍යවස්ථාවේ ක්‍රියා වලින් කවර මනුෂ්‍යයෙක්වත් ධර්මිෂ්ඨ කරනු නොලබයි.

ගලාති 2:20 මම ක්‍රිස්තුස් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබ සිටිමි: එසේවී නමුත් මම ජීවත් වෙමි. නමුත් තවත් මා නොව ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ජීවත් වන සේක. තවද මා දැන් මාංසයෙහි ජීවත් වන ජීවිතය මට ප්‍රේම කළාවූ, මා උදෙසා තමන්ම පාවා දුන්නාවූ දෙවියන් වහන්සේසේ පුත්‍රයාණන් වහන්සේ කෙරෙහි ඇහිල්ලෙන් ජීවත්වෙමි.

ගලාති 3:11 ඉඳින් ව්‍යවස්ථාව කරණකොට ගෙන කිසිවෙක් දෙවියන් වහන්සේ ඉදිරිපිට ධර්මිෂ්ඨ කරනු නොලබන බව පැහැදිලිය. මක්නිසාද ධර්මිෂ්ඨයා ඇදහිල්ල කරණකොටගෙන ජීවත් වන්නේය.

ගලාති 4:5-6 එසේ කළේ අප විසින් පුත්‍රකම ලබන පිණිස උන්වහන්සේ විසින් ව්‍යවස්ථාව යටතෙහි වූවන් මුදා ගැනීමටය. තවද නුඹලා පුත්‍රයන්ව සිටින බැවින් අබ්බා, පියාණෙනි කියා හඬගසන්නාවූ තමන් පුත්‍රයානන්ගේ ආත්මය දෙවියන් වහන්සේ අපේ සිත්වලට එවූ සේක.

ගලාති 5:22-23 නමුත් ආත්මයානන්වහන්සේගේ ඵල නම්-ප්‍රේමය, ප්‍රීතිය, සතුට, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියා කිරීම යන මේවාය.

ගලාති 6:7 නොරැවටෙල්ලා, දෙවියන් වහන්සේට සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය.

කෙටි සාරාංශ ගත කිරීමක්: ධර්මිෂ්ඨකම අනුග්‍රහය කරණකොට ගෙන ඇදහිල්ලෙන් වේ යන්නෙහි ප්‍රතිඵලය ආත්මීක ස්වාධීනත්වය වේ. එම ස්වාධීනත්වය තුළ ස්ථීරව සිටින පිණිසත් නැවතත් දාසකමේ විය ගහට අසු නොවන ලෙසත් පාවුල්තුමා ආයාචනය කරයි (එනම් මොසෙස් ගේ ව්‍යවස්ථාව ගලාති 5:1). කිතුණු ස්වාධීනත්වය කෙනෙකුගේ පහත් ස්වභාවයන් පිනවන්නට නොව එකිනෙකාට ප්‍රේම කරන්නට අවකාශයක් වේ (ගලාති 5:13, 6: 7-10). එවැනි ස්වාධීනත්වයක් කෙනෙකුව ජීවිත අරගලයෙන් වෙන් කොට නොතබයි. සැබවින්ම එය මාංසය සහ ආත්මය අතර ඇති අරගලය තීව්ර කරයි. එසේ නමුත් මාංසය (පහත් ස්වභාවය) ක්‍රිස්තුස් වහන්සේ සමඟ ඇණ ගසන ලදී (ගලාති 2:20) එහි ප්‍රතිඵලයක් වශයෙන් ආත්මය, ප්‍රේමය, ප්‍රීතිය, සතුට සහ සමාදානය යන ඵල ඇදහිලිවන්තයාගේ ජීවිතය තුල හට ගන්නට සලස්වනවා ඇත (ගලාති 5:22-23).

ගලාතිවරුන්ට ලියන ලද ලිපිය දේව ආනුභාවයෙන් ලත් ආන්දෝලනයක් / ආවේගයක් තුලින් ලියන ලද්දකි. පාවුල්තුමාගේ විෂය පථයට අදාල වූයේ පුද්ගලයා නව මැවිල්ලක් වූවාද යන්න හැර චර්ම ජේදනය ලැබුවාද යන්න නොවීය (ගලාති 6:15). පාවුල්තුමාගේ ධර්මීෂ්ඨකම ඇදහිල්ලෙන්ම පමණක් වේ යන තර්කය / වාදය සාර්ථක නොවුනි නම් විශ්වීය ගැලවීමේ ක්‍රියාවලිය හැරෙන්නට යුදෙව් ආගමෙහි සම්ප්‍රදායන් කිතුණු දහම තුළද රැදෙන්නට තිබුණි. ගලාතිවරුනි එබැවින් එය ලූතර් ගේ ලියවිල්ලක් නොවන අතර පාවුල්තුමා පවසන ආකාරයට මම ක්‍රිස්තුස් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබ සිටිමි එසේවී නමුත් මම ජීවත් වෙමි. නමුත් තවත් මා නොව ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ජීවත්වන සේක. තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේම කළාවූ, මා උදෙසා තමන්ව පාවා දුන්නාවූ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වෙමි (ගලාති 2:20). එතුමා සමඟ පවසන සෑම ඇදහිලිවන්තයෙකු ගේම ලිපියයි.

යතාර්ථයේද ඌනපූරකයක් ලෙස පෙනුනත් යාකොබ් සහ ගලාති පොත් ආරම්භයේ පටන් කිතුණු දහම තුළ පැවති අරගලයක් / එකිනෙකට වෙනස් වූ පැති කඩවල් දෙකක් ගෙන හැර දක්වයි. යාකොබ් තුමා ක්‍රිස්තුස් වහන්සේ ගේ සදාචාර ප්‍රතිපත්ති අවධාරණය කරයි. ඇදහිල්ලේ පැවැත්ම ඔප්පු වන්නේ එහි ඵල වලින් බවට අභියෝග කරයි. එලෙසම පාවුල්තුමා මෙන්ම යාකොබ් තුමාද දෙවියන් වහන්සේ අනුග්‍රහය කරණකොට ගෙන පුද්ගලයා තුළ පරිවර්තනයක් සිදු විය යුතු බව අවධාරණය කරයි (යාකොබ් 1:18). ගලාති හී ආචාර ධර්ම නිෂ්පාදනය කරන්නාවූ සුභාරංචියෙහි ක්‍රියාශීලි භාවය ගැන අවධාරණය කරයි (ගලාති 3:13-14). සදාචාරත්මක ජීවිතය පිළිබඳව පාවුල්තුමා කිසිවිටකත් යාකොබ් තුමාට වඩා අඩු සැළකිල්ලක් හෝ උනන්දූවක් දැක්වූයේ නැත (ගලාත් 5:13). කාසියක දෙපැත්තක් ඇත්තාසේම මෙම කිතුණු සත්‍යතාවයන් දෙක එක්ව පැවතිය යුතුව ඇත.

ගලාතිවරුන්ට ලියන ලද පාවුල්තුමාගේ ලිපියෙහි ගැලවීම අනුග්‍රහයෙන් බවත් එය දෙවියන් වහන්සේගේ දිමනාව බවත් යන ධර්මිෂ්ඨකමේ මූලාශ්‍රය මෝසෙස්ගේ ව්‍යවස්ථාව ලෙස සළකමින් ඒ වෙතට හැරෙන යුදෙව්වන් මුල් සභාවේ ප්‍රසිද්ධව සිටියෝය. පේත්‍රැස් පවා මුලාවේ දැලට තාවකාලිකව හෝ අසු වී සිටියේය (ගලාති 2:11-13). පාවුල්තුමා නිරතුරුව පුනර්වාචනය කළාවූ ගැලවීම අනුග්‍රහයෙන් බවත් ව්‍යවස්ථාව පැවැත්වීම ඊට කිසිම සම්බන්ධතාවයක් නැති බවත් යන සත්‍යතාවයට මුල් කිතුණුවන් ප්‍රබල ලෙස බැඳී සිටියෝය. ගලාති පොත පරණ ගිවිසුමට සම්බන්ධ වන තේමාව වනුයේ ව්‍යවස්ථාවට එරෙහිව අනුග්‍රහය, ව්‍යවස්ථාවට ධර්මිෂ්ඨ කරන්නට නොහැකි බව (ගලාති 2:16) ව්‍යවස්ථාවට ඇදහිලිවතුන්ගේ මළ ස්වභාවය (2:19) ආබ්‍රහම් ධර්ම්ෂ්ඨ කරනු ලැබුවේ ඇදහිල්ලෙන් බව (3:6) ව්‍යවස්ථාව ගැලවීම නොව දෙවියන් වහන්සේ ගේ උදහස ගෙනන බව (3:10) ක්‍රියාව නොව ප්‍රේමය ව්‍යවස්ථාව සම්පූර්ණ කරන බවත්ය (5:4).

ප්‍රායෝගික අදාළ කිරීම: ගලාති පොතෙහි ප්‍රධාන තේමාවන් ගෙන් එකක් (3:11) හි හමුවේ. "ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේ". අප ඇදහිල්ලෙන් ගලවනු ලැබුවා පමණක් නොව (යොහාන් 3:16, එපීස 2:8-9) ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිලිවන්තයෙකු ගේ ජීවිතය දවස් පතා මෙන්ම සෑම තත්පරයකම එම ඇදහිල්ල තුළ ජීවත් වීමද සිදු විය යුතුය. එම ඇදහිල්ල අප, අප තුළම මවා ගන්නක් නොවන අතරම එය ක්‍රියා වලින්ද නොවේ එය නම් දෙවියන් වහන්සේ ගේ දීමනාව වේ. නමුත් අන් අය (1) ක්‍රිස්තුස් වහන්සේ ගේ ක්‍රියාව අප තුළ දකින පිණිස අපගේ ඇදහිල්ල ප්‍රකාශ කිරීම අපගේ වගකීම වේ. (2) එලෙසම ආත්මික විනයානුකුල කර ගැනිම (දේව වචනය අධ්‍යනය කිරීම, යාච්ඤාව සහ කීකරුකම) කරණකොට ගෙන අපගේ ඇදහිල්ල වර්ධනය කර ගත යුතුය.

නුඹලාගේ දිවියෙහි ඵල වලින් නුඹලා හැඳින ගන්නහු යයි යේසුස් වහන්සේ පැවසූ සේක (මතෙව් 7:16). එමඟින් අපගේ දිවියෙහි ඇති ඇදහිල්ල ගැන සාක්‍ෂි දරයි. සෑම කිතුණුවෙක්ම තමා තුළ ඇදහිල්ල වැඩි කර ගැනීමට වෙර දැරීමේදී කාර්යශීලී විය යුත්තේ, අන් අය ක්‍රිස්තුස් වහන්සේ අපගේ ජීවිත තුළින් දැක " ස්වර්ගයේ සිටින පියාණන් වහන්සේ මහිමයට පත් වන පිණිස" ය. (මතෙව් 5:16 කිංග් ජේම්ස් නව අනුවාදය)



අළුත් ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



ගලාති පොත