settings icon
share icon

එපීස පොත

කතෘවරයා: එපීස 1:1 හි එපිස පොතෙහි කතෘවරයා ලෙස හුන්වා දෙනු ලබන්නේ අපෝස්තලු පාවුල්තුමාය.

ලියනලද දිනය: බොහෝ විට ක්‍රි. පු. 60-63 අතර ලෙස සැලකේ.

ලිවීමේ පරමාර්ථය: ක්‍රිස්තුස් වහන්සේගේ මෙහෙරුත්වයට පැමිණීමට ආසා වූ සෑම කෙනෙක්ම මෙම ලිපිය ලබා ගත යුතුයි යන්න පාවුල්තුමා අදහස් කරන ලදී. සැබෑ දේව දරුවෙකු ලෙස වර්ධනය වීමට අවශ්‍ය කරන්නාවූ ආත්ම දමනය පිළිබඳව එපීස පොතෙහි අන්තර්ගතය වේ. තව දුරටත් එපීස පොත අධ්‍යනය කිරීමෙන් ඇදහිලිවන්තයාව කැඳවනු ලැබුවාවූ දෙවියන්වහන්සේගේ පරමාර්ථය සම්පූර්ණ කරන පිණිස ශක්තිමත් කරතහවුරු කරනූ ඇත. මෙම ලිපියෙහි පරමාර්ථය වන්නේ මෙහෙරුත්වයට පත්වන්නාවූ සභාවක් ස්ථිර කිරීම සහසන්නධ කිරීමය. එයින් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය පිළිබඳ සහ දෙවියන්වහන්සේ ආර්ථිකය / සකසුරුවම් කමෙහි වැදගත්කම පිළිබඳ සමතුලිත දැක්මක් ලබා දේ.

ප්‍රධානපදයන්:
එපීස 1:3 අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මක්නිසාද උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව, නොකැලැල්ව සිටින පිණිස, ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ අප තෝරාගත් ලෙසම, උන්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල සියලුම ආත්මික ආශිර්වාදවලින් උන්වහන්සේ අපට ආශිර්වාද කළ සේක.

එපීස 2: 8-10 මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ උවමනාවය. කිසිවෙක් පාරට්ටුකර නොගන්න පිණිස ඒක ක්‍රියාවලින් නොවේ. මක්නිසාද අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ මවනු ලැබ දෙවියන් වහන්සේගේ කර්මාන්තයව සිටිමුව.

එපීස 4: 4-6 නුඹලාගේ කැඳවීමේ එක බලාපාරොත්තුවට නුඹලා කැඳවනු ලැබූ ලෙසම, ඇත්තේ එක ශරීරයත්, එක ආත්මයානන් වහන්සේත්, එක ස්වාමින් වහන්සේත්, එක ඇදහිල්ලත්, එක බව්තීස්මයත්, සියල්ලන් කෙරෙහිද සියල්ලන් කරණකොටගෙනද සියල්ලන් තුළද පවතින්නාවූ, සියල්ලන්ට එකම පියවූ දෙවියන් වහන්සේත්ය.

එපීස 5: 21 ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි භය ඇතුව එකිනෙකාට යටත් වෙයල්ලා.

එපීස 6:10-11 ඉතින් ස්වාමින්වහන්සේ තුළද උන්වහන්සේගේ ශක්තියේ බලවත් කමෙහිද බලවත් වෙයල්ලා. යක්‍ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්ට නුඹලාට පුළුවන් වන පිණිස දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ පැළඳ ගනිල්ලා.

ලුහුඬු සාරාංශගත කිරීමක්: එපීස පොතෙහි විශාල කොටසක ධර්මය පිළිබඳව සඳහන්වේ. මෙම ලිපියෙහි ඉගැන්වීම් වලින් අඩක් අප ක්‍රිස්තුස් වහන්සේ තුළ ස්ථානගතවීම ගැනත් ඉතිරිය, එය අපගේ තත්වයන්ට / ස්වභාවයට කොතරම් බලපෑමක් ඇති කරයිද යන්න ගැනත් සඳහන් කරයි. මෙම පොත අධ්‍යනයකරන්නාවූ බොහෝ අය අත්තිවාරම පිළිබඳව වූ උපදෙස් පසු කරමින් සෘජුවම අවසාන පරිච්ජේදයට ගමන් කරයි. මෙම පරිච්ජේදය ශුද්ධවතුන්ගේ බල අරගලය ගැන අවධාරණය කරයි. කෙසේ වූවද මෙම ලිපියෙහි අන්තර්ගතයෙන් ඵල ප්‍රයෝජනයක් මුළුමනින්ම ලබා ගැනිමට නම් ආරම්භයේ ඇති උපදේශන මාලාවෙන් පටන් ගත යුතු වේ.

පළමුව ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන්ලෙස, අප කවුරුන් විය යුතුද යන්නෙහි දෙවියන්වහන්සේගේ ප්‍රකාශය මුළුමනින්ම තේරුම් ගත යුතු වේ. එලෙසම මනුෂ්‍යප්‍රජාව උදෙසා දෙවියන් වහන්සේගේ සමාප්තිය පිළිබඳව පදනමක් ඇති දැනගැන්මක් ඇති කරගත යුතුය. ඉන් පසු අපගේ වර්ථමාන පැවැත්ම සහයන මෙම ගමනෙහිදී ශක්තිමත්වීම සහ ඊට හුරුපුරුදු වීමක් සිදුවිය යුතුය. මනුෂ්‍යයන්ගේ දක්‍ෂක පටභාවයන් ගෙන් හා ඉගැන්වීමේ ආත්මයන් ගෙන් තවදුරටත් අප නොසැලෙන අය වෙන තෙක් මෙය පවත්වාගත යුතුය.

පාවුල්තුමා ගේ ලිපිය ප්‍රධාන කොටස් තුනකට බෙදිය හැකිය.
1. පරිච්ජේද 1-3 දක්වා, දෙවියන් වහන්සේගේ සමාප්තිය පිළිබඳ මූල ධර්මයන් ගෞරවයෙන් යුතුව හදුන්වා දෙයි.
2. පරිච්ජේද 4-5 වර්තමාන අපගේ පැවැත්ම සඳහා මූල ධර්මයන් හදුන්වා දෙයි.
3. පරිච්ජේදය 6 අපගේ දිනපතා අරගලයන් පිළිබඳ මූල ධර්මයන් හදුන්වා දෙයි.

සැබැවුම / සැබඳියාව: සභාව යනු ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයයි යන පුදුම සහිත සංකල්පය (යුදෙව්වන්ට) එපීස පොත පරණ ගිවිසුම හා එක්වන මූලික සම්බන්ධය වේ. (එපීස 5:32) සභාව පිළිබඳ මෙම විස්මයට පමුණුවන අභිරහස (මීට පෙර එළිදරව් නොකරන ලද සැබෑවකි), නම් අන්‍යජාතිකයන් ඉශ්‍රායෙල්වරුන් සමඟ උරුමක්කාරයන් බවද එකම ශරීරයක අවයවයන් බවද ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ පොරාන්දුවේ කොටසකරුවන්ද බවය. (එපීස 3:6) මෙම අභිරහස සම්පූර්ණයෙන්ම පරණ ගිවිසුමේ ශුද්ධවන්තයන් ගෙන් සඟවන ලද්දක් විය. (එපීස 3:5-9) දෙවියන් වහන්සේව සැබෑ ලෙස අනුගමනය කළාවූ ඉශ්‍රායෙල්වරු නිරතුරුවම විශ්වාස කරනු ලැබුවේ ඔවුන් පමණක් දෙවියන් වහන්සේ තෝරා ගත් සෙනඟබවය (ද්වීතීය කථාව 7:6). පාවුල්තුමා සභාව ක්‍රිස්තුස් වහන්සේගේ මනාලිය යන පරණ ගිවිසුමෙන් පෙර නොඇසූ සංකල්පයක් පිළිබඳවද කතා කරයි.

ප්‍රායෝගික අදාළ කිරීම: බයිබලයේ ඇති අන් සියලුම පොත් වලට වඩා එපීස පොත කිතුණු දිවියේ සාරවත් ඉගැන්වීම් හා නිවැරදි පරිශ්‍රීලනය අතර ඇති සම්බන්ධතාවය පිළිබඳව අවධාරනයෙන් යුතුව කතා කරයි. බොහෝ දෙනා දේව ධර්මය නොතකා ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිළිබඳව පමණක් සාකච්ජා කිරීමට උනන්දුවක් දක්වයි. එපීස පොතෙහි දේව ධර්මය ප්‍රායෝගික බවටද පාවුල්තුමා තර්ක කරයි. එදිනෙදා ජීවිතයේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ප්‍රායෝගිකව යෙදවීමට නම් ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ අපි කවුද යන්න ධර්මානුකුලව දැනගත යුතු වෙමු. English



අළුත් ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

එපීස පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries