settings icon
share icon

කොලොස්සි පොත

කර්තෘ: අපෝස්තලික පාවුල් විසින් කොලොස්සි පොත ලියවුණ බව කොලොස්සි 1:13 පැහැදිලිව සඳහන් වේ. තිමෝති විසින් ද මෙම පොත ලියවී ඇති බව සඳහන් වේ (කොලොස්සි 1:1).

ලියනු ලැබූ කාලය: කොලොස්සි පොත ක්‍රි. පූ. 58 හා 60 යන කාලය තුළ ලියවී ඇති බව සඳහන් වේ.

ලියනු ලැබූ කාරණය: කොලොස්සි පොත බොහෝ දාර්ශනික දේ අඩංගු හා කිතුනුවෙකුගේ ඡීවිතයේ සෑම කාරණයකටම අදාළ දේ සඳහන් වන්නාවූ ග්‍රන්ථයකි. පාවුල් තුමා අපට එක් පුද්ගලයෙකු සිට ගෙදර හා පවුල දක්වා දිවෙන ඡීවිතය ඉතා අලංකාර ලෙස අප අන් අයට සැළකිය යුතු ආකාරය පෙන්වා දෙයි. යේසුස්වහන්සේ අපේ සෑම අවශ්‍යතාවයකටම සෑහෙන බව මෙම පොත ඉතා පැහැදිලිව සඳහන් වේ.

ප්‍රධාන පදයන්:
කොලොස්සි 1:15-16, උන්වහන්සේ අද්‍යශ්‍යමාන දෙවියන් වහන්සේගේ ස්වරූපය මුළු මැවිල්ලේ කුළුදුලාණෝය. මක්නිසාද සිංහාසන වේවා, අධිපතිකම් වේවා, බලපරාක්‍රම වේවා, ස්වර්ගවල සහ පොළොවෙහිත් ඇති පෙනෙන්නාවූ දේවල් ද නොපෙනෙන්නාවූ දේවල් ද යන සියල්ල උන් වහන්සේ තුළ මවන ලද්දේය. සියළු දේ උන්වහන්සේ කරණකොටගෙන උන් වහන්සේ උදෙසාද මවා තිබේ.

කොලොස්සි 2:8, ක්‍රිස්තුස්වහන්සේට එකඟ නැත්තාවූ මනුෂ්‍යන්ගේ පරම්පරාගත නියෝගවලත් ලෝකයේ ගුරුකම්වලත් ප්‍රකාරයට තිබෙන පන්ඩිතකම ද හිස්වූ රැවටිලිකාරම ද කරණකොටගෙන නුඹලා කොල්ලයක් කරගන්න කිසිවෙක් නොසිටින හැටියට බලා ගනිල්ලා.

කොලොස්සි 3:12-13, එබැවින් දෙවියන්වහන්සේගේ ශුද්ධවූ ප්‍රේමවන්තවූ තෝරාගත්තවුන් මෙන් දයාබර හිතක් ද ගුණවන්තකම ද යටත්කමද මෘඳුකම ද ඉවසිලිවන්ත කමද පැළඳහෙන එකිනෙකා ගැන ඉවසමින් යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමා වෙයල්ලා, ස්වාමින් වහන්සේ නුඹලාට කමාවුණාක් මෙන් නුඹලාත් කරපල්ලා.

කොලොස්සි 4:5-6, නුඹලා ප්‍රස්ථාව අල්ලාගනිමින් පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් වැඩ කරපල්ලා, නුඹලා එක් එකිනෙකාට උත්තරදිය යුතු කෙසේදැයි දැන ගන්නා පිණිස නුඹලාගේ කථාව නිතරම ලුණෙන් රසවත්ව අනුග්‍රහයෙන් යුක්තව තිබේවා.

කෙටි සාරාංශය: මෙම පොත පැහැදිලිව ලියවී ඇත්තේ කොලොස්සිය තුළින් පැන නැඟුණු මිථ්‍යාවාදය, සභාව සුණුවිසුණු කරන්නාවූ දෙය වෙනුවෙනි. අප සැබවින්ම පාවුල් තුමා ලියනු ලැබූ දෙය නොදන්න බැවින මෙම ලිපිය මනා නිදසුනකි.

පාවුල් තුමා සැබවින්ම යේසුස්වහන්සේ මත දරන්නාවූ මතයන් අපට අපේක්ෂා කළ හැක්කේ මෙම පොතෙහි ලියවී ඇති දේවල් අනුවය (ඔහු සාධාරණ හා සත්‍ය දෙවිකෙනෙකු ඇඳහීය). පාවුල් තුමා නිතරම යුදෙවිවන්ගේ ක්‍රියා කලාපය හා සිරිත් විරිත් ද සැමවිට නිෂ්ප්‍රභා කරනු ලැබුවේය. (කොලොස්සි 2:8-11, 3:11) මෙම මතවාද සැමවිට යුදෙව් මතවාද ද විටෙක එහි මිශ්‍රණයක් ද හා ග්‍රීක ද කියා නිසැකවම කීමට නොහැක. පාවුල් තුමා සැබවින්ම අපව තව තවත් යේසුස්වහන්සේ වෙතට ලං කරනු ලබයි.

කොලොස්සි පොත සැමවිට අපට පවසන්නේ දේවානුභාවය පිළිබඳ අවවාද හා අනුශාසනා ද බොරු අදේවවාදීන් ගැනය (1:15-2: 23) ඒ අතරම යේසුස් වහන්සේ අපගේ මිතුරන්ට හා ඔවුන් සමඟ හැසිරිය යුතු ආකාරය ගැන පැවසු වඳන් සඳහන් වේ (3:1-4:18).

සබඳකම්: මුල් කිතුනු සභාවේ පැවති ආකාරයට පාවුල් තුමාගේ ප්‍රධාන ඉලක්කය වූයේ යුදෙව්වන් තුළ තිබූ නීතිවලට ගරුත්වයයි. නව ගිවිසුමෙහි කරුණාවෙහි ගැළවීමක් ගැන ප්‍රකාශ කර තිබුණු නුමුත් පැරණි ගිවිසුමෙහි යඑ එනම් ගැළවීම ඉතා අසීරු කාර්යයක් විය. මෙය නූතනයේ ඇදහිල්ලට බොහෝ ලෙස එකතු විය.මෙහි ප්‍රධානතම කරුණ අදටත් බොහෝ යුදෙව්වන් විසින් යොදා ගනු ලබන දෙයකි. පාවුල් මෙම වැරුද්ද කොලොස්සි 2:11-15 ඔහු පෙන්වා දෙන්නේ මංසමික දේ ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණිමෙන් පසු සම්පූර්ණ වන බවය. මොහු සැමවිට හදවතෙහි දේ මිස මාංසමික දේ පිළිබඳ වෙනත් නීති අවශ්‍ය නොවන බවය, (ද්විතිය කථාව 10:16, 30:6, යෙරමියා 4:4, 9:26, ක්‍රියා 7:51 හා රෝම 2:29).

ප්‍රායෝගික භාවිතය: පාවුල් තුමා බොහෝ ඡවිතයේ සිඳුවීම් ගැන කථා කළමුත් ඔහු බොහෝ ලෙස පැවසුවේ අපගේ මුළු ඡීවිතය යේසුස්වහන්සේ මත රැඳී තිබිය යුතු බවය. ගැළවීම හා පවිත්‍රවීම අපගේ ඡීවිත තුළ තිබිය යුතුය. සුභාරංවිය යනු සැමවිට අපව ආගම්වාදයකින් නොමඟ යවන්නාවූ පොත් නොවන අතර අප සැමවිට යේසුස්වහන්සේ හා අප අතර මැදිහත්කාරකමින් අපව වෙන් කරන දෙයක් පිළිබඳව අප ඉතා හොඳින් අවධානව සිටිය යුතුය. ඕනෑම ආගමක් හෝ පොතක් බයිබලය හා සමකාලීන වන්නට උත්සහ දරන හා අප ධර්මයට අඩුවක් කරන දෙයක් නම් එය අප ලත් ගැළවීම කරණකොටගෙන එය නිෂ්ප්‍රභා කිරීමට අපට හැකියාවක් තිබිය යුතුය. වෙන කිසිඳු ආගමක් එය හා සමාන හෝ මිශ්‍ර විය යුතු නැත. යේසුස්වහන්සේ අපට අපඟේ ඡීවිතයේ තිබිය යුතු සෑම හොඳ ගුණාංගයක්ම උන්වහන්සේ තුළින් පැමිණෙන බවය. කිතුනු ධර්මය යනු පවුලකි, ඡීවන රටාවකි, සබඳතාවකි හා එය ආගමක් නොවන බව මතක තබා ගත යුතුය. හොඳ පුරුදු, ගුප්ත විද්‍යාව හා කේන්දර අපට දෙවියන්වහන්සේ මාර්ග නොපෙන්වයි. යේසුස්වහන්සේට පමණක් එය පුළුවන්ය. දෙවියන් වහන්සේම උන්වහන්සේගේ වචනයන් අපට පෙන්වා දෙන්නේ උන් වහන්සේගේ ප්‍රේමය අපට කොතෙකුද කියා හිතාගත නොහැක. English



අළුත් ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

කොලොස්සි පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries