ක්‍රියා පොත



කර්තෘ: ක්‍රියා පොත නිරූපිත වශයෙන්ම එහි කර්තෘන්ව හඳුන්වා නොදේ. ලුක් 1:1–4 සහ ක්‍රියා 1:1–3 ට අනුව එකම කර්තෘන් ලුක් පොත සහ ක්‍රියා පොත ලියූ බවට පැහැදිලිවේ. මුල් දිනවල සිටම සභාවේ සම්ප්‍රදාය වූයේ අපෝස්තුළු පාවුලූගේ සමීප සහයකුවූ ලුක් විසින් ලුක් පොතත් ක්‍රියා පොතත් ලියනු ලැබු බවත්ය. (කොලොස්සි 4:14; 2 තිමොති 4:11).

ලියනු ලැබූ දිනය: ක්‍රියා පොත බොහෝ දුරට ක්‍රි. ව. 61 ත් 64 ත් අතරතුර කාලයේදී ලියවෙන්නට ඇත.

ලිවීම්හි අභිමතාර්ථය: ක්‍රියා පොත ලියනු ලැබුවේ මුල් සභාවෙහි ඉතිහාසය දැක්වීම සදහායග මෙම පොතෙහි අවධාරණය වන්නේ පෙන්තකොස්ත දිනයෙහි මෙන්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඵලදායි සාක්ෂි කරුවන් වීමට බලය පැවරීමේ ඇති වැදගත්කමවේ. ක්‍රියා පොතෙහි වාර්තා කරනු ලබන්නේ අපෝස්තුළුවරුන් යෙරුසලමෙහිද යුදයේද සමාරියේද මෙන්ම අවට ලොව මුළුල්ලේම ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂි කරුවන් වීම පිළිබදවය. මෙම පොත පහදා දෙනු ලබන්නේ බලය දෙනු ලබන, මග පෙන්වනු ලබන, උගන්වනු ලබන සහ අපගේ අනුශාසකයාණන් ලෙස මෙහෙවර කරනු ලබන ශුද්ධාත්මයාණන් වහන්සේගේ දීමනා පිළිබදවය. ක්‍රියා පොත කියවන කළ අපව අවබෝධවත් මෙන්ම ධෛර්‍යය ලබා දෙන්නේ මේ වකවානුව තුළ පේත්‍රැස්, යොහාන් සහ පාවුළු විසින් සිදු කරනු ලැබූ හාස්කම් කරණකොටගෙනය. ක්‍රිස්තුස්වහන්සේව දැන ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස හටගන්නාවූ පරිණාමනය සහ දේව වචනයට කීකරුවීමේ වැදගත්කම, ක්‍රියා පොත තුළින් අවධාරණය කරනු ලබයි. ගෝලයන් විසින් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබදව දේශනා කරනු ලැබූ සත්‍යයන් ප්‍රතික්ෂේප කරනු ලබන්නන් පිළිබද නිර්දේශයන් බොහෝමයක්ද දක්නට ලැබේ. බලය, තණ්හාව සහ සාතන්ගේ තවත් බොහෝ අවකල්ක්‍රියාවන්ද ක්‍රියා පොතෙහි සාක්ෂි බවට පත්වී ඇත.

මූලික පද:

ක්‍රියා 1:8: “නමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කළ නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියේද පොළොවේ සීමාව දක්වා මාගේ සාක්ෂිකාරයෝ වන්නාහුය.”

ක්‍රියා 2:4: “ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මායෙන් පූර්ණවල ආත්මයාණන් ඔවුන්ට කතා කරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂා වලින් කතා කරන්ට පටන් ගත්තෝය.”

ක්‍රියා 4:12: “වෙන කිසිවකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යය වූ මනුෂ්‍යයන් අතරේ දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය.”

ක්‍රියා 4:19–20: “නමුත් පේත්‍රැස්ද යොහාන්ද ඔවුන්ට උත්තර දෙමින්: දෙවියන් වහන්සේට ඇහුම්කන් දීමට වඩා නුඹලාට ඇහුම්කන් දීම දෙවියන්වහන්සේ ඉදිරියෙහි හරිද කියා නුඹලාම විනිශ්චය කරපල්ලා. මක්නිසාද අප ඇසූ දුටුදේ ගැන කතා නොකර සිටින්ට අපට නුපුළුවනැයි කීවෝය.”

ක්‍රියා 9:3–6: “තවද ඔවුන් ගමන් කොට දමස්කයට ළංවූ කළ, හදිසියෙන් ආලෝකයක් ඔහු අවට බැබළුණේය. ඔහු බිම වැටුණේය, එවිට: සාවුල් සාවුල් නුඹ මට පිඩා කරන්නේ මක්නිසාදැයි තමාට කියන හඩක් ඔහුට ඇසුණේය. ස්වාමිනි, ඔබ කවුදැයි ඔහු ඇසීය. උන්වහන්සේද: මම වනාහී නුඹ පීඩා කරන යේසුස්ය. නුමුත් නැගිට නුවරට ඇතුල් වෙයන්න, නුඹ විසින් කටයුතුදේ නුඹට කියනු ලබන්නේයයි කීසේක.”

ක්‍රියා 16:31: “ඔව්හූ කතා කොටථ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහා ගනින්න, එවිට නුඹ ගැළවෙන්නෙහිය. නුඹද ගෙයි වැසියෝද එසේමැයි කීවෝය.”

කෙටි සාරංශය: ක්‍රියා පොත තුළින් කිතුණු සභාවෙහි ඉතිහාසය සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය පැතිරවීම මෙන්ම, ඉහළ යමින් පවතින විරුද්ධත්වයන් පිළිබදවද සදහන්වේ. බොහෝ විශ්වාසවන්ත සේවකයන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සුභාරංචිය දේශනා කරන්ටත්, උගන්වන්ටත් යෙදුනු නමුත්, ඒ අතුරින් වඩාත්ම ආභාෂමත් වූයේ තම නාමය පාවුල් ලෙස වෙනස් කරනු ලැබූ සාවුල්ය. තමන් පරිවර්තනය වීමට ප්‍රථමයෙන් පාවුල් කිතුණුවන්ට පීඩා කිරීමෙන් සහ ඔවුන්ව මැරීමෙන් අති මහත් සන්තුෂ්ටියක් ලැබුවේය. දමස්කයට යන මාර්ගයේදී පාවුල්ගේ විස්මජනක පරිවර්තනය (ක්‍රියා 9:1–31) වූ කලී ක්‍රියා පොත ඉස්මතු කර දැක්වීමකි. ඔහුගේ පරිවර්තනයෙන් පසුව ඔහු දෙවියන්වහන්සේට ප්‍රේම කරමින්, උන්වහන්සේගේ වචනය බලයෙන්, උද්යෝගයෙන් මෙන්ම සත්‍යය සහ ජීවමාන දෙවියන්වහන්සේගේ ආත්මයෙන් දේශනා කරමින් ප්‍රතිවිරුද්ධ අන්තයටම ගමන් කළේය. ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් ගෝලයන්ට බලය පවරනු ලැබුවේ යෙරුසලමේ, (පරිච්ඡේද 1-8:3), යුදයේ, සමාරියේ (පරිච්ඡේද 1-8:3) සහ පොළවේ සීමාන්තය දක්වා (පරිච්ඡේද 13:1-28) උන්වහන්සේගේ සාක්ෂිකරුවන් වීමටය. අවසාන කාණ්ඩයේ අන්තර්ගත වන්නේ පාවුල්ගේ මිෂනාරි ගමන් 3, (13:1-21:16), යෙරුසලමේ සහ කායිසාරියේ ඔහුටවූ බලවත් හිරිහැරය (21:17-26:32) සහ රෝමයට වූ අවසාන ගමනය. (27:1-28:31)

සබඳතා: ක්‍රියා පොත මෙහෙ කරනු ලබන්නේ පරණ ගිවිසුමේ නීති රැකීමේ සිට නව ගිවිසුමේ කරුණාව සහ ඇදහිල්ල දක්වා වූ සංක්‍රාන්තියක් ලෙසය. මෙම සංක්‍රාන්තිය ක්‍රියා පොතේ ප්‍රධාන සිද්ධීන් කිහිපයක් තුළ දක්නට ලැබේ. ප්‍රථමයෙන්ම ශුද්ධාත්මයාණන්වහන්සේගේ සේවයෙහි වෙනසක් සිදුවිය. පරණ ගිවිසුමේ උන්වහන්සේගේ ප්‍රමුඛතම කාර්‍යය වූයේ දෙවියන්වහන්සේගේ සෙනගව බාහිරව අභිෂේක කිරිමය. ඒ අතර මෝසෙස් (ගණන් කථාව 11:17), ඔත්නියෙල් (විනිශ්චයකාරයා 3:8–10), ගිඩියොන් (විනිශ්චයකාරයා 6:34), සහ සාවුල් (1 සාමුවෙල් 10:6–10), යේසුස්වහන්සේගේ නැවත නැගිටීමෙන් පසුව ශුද්ධාත්මයාණන්වහන්සේ ඇදහිලිවන්තයන්ට මග පෙන්වමින් සහ ඇතුලාන්තයෙන් ඔවුන්ව ශක්තිමත් කරමින් ඔවුන්ගේ හදවත් වල ජීවත් වීමට පැමිණි සේක (රෝම 8:9–11; 1 කොරින්ති 3:16). ඇතුළත පදිංචි ආත්මයාණන්වහන්සේ වූ කලී තමන්වහන්සේ වෙතට ඇදහිල්ලෙන් පැමිණෙන වුන්ට දෙවියන්වහන්සේ විසින් දෙනු ලබන ත්‍යාගයකි.

පාවුල්ගේ පරිවර්තනය පරණ ගිවිසුමේ සිට නව ගිවිසුම දක්වා වූ සංක්‍රාන්තියේ විශ්මය ඇති කරන නිදසුනකි. පාවුල් විසින් පිළිගනු ලැබුවේ, නැවත නැගුටුනු ගැළවුම්කාරයාණන්වහන්සේව මුණ ගැසීමට පෙරාතුව ඉශ්‍රායලිතයන්ගෙන් නීතියෙහි ධර්මිෂ්ඨකම අරභයා (පිලිප්පි 3:6) අතීශය උද්යෝගී වූත් නිර්දෝෂී වූත් පුද්ගලයෙකු බවත්, ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ලෙන් යුතුව කරුණාව තුළින් ගැළවීම උගන්වනු ලැබූවන්ට හිංසා කරන තරමට දුර ගියාවූ කෙනෙකු ලෙසය. ඔහුගේ පරිවර්තනයෙන් පසුව අවබෝධ කොට ගත්තේ, ඔහුගේ සියලූම නීත්‍යානූකූල ප්‍රයත්න නොවටින හෙයින් ඔහු විසින් “ඒවා කුණු යයි සලකමි. එසේ කරන්නේ මම ක්‍රිස්තුස්වහන්සේ ලබාගන්නා පිණිසත් ව්‍යවස්ථාවෙන් පැමිණෙන මාගේම ධර්මිෂ්ඨකම නොව ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ඇදහිල්ල නිසා දෙවියන්වහන්සේගෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම ඇතුව ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින පිණිසත්ය.” (පිලිප්පි 3:8–9), අපද ජීවත් වන්නේ ඇදහිල්ල කරණාකොටගෙනය, කිසිවෙක් පාරට්ටූ කර නොගන්න පිණිස ඒක ක්‍රියා වලින් නොවේ (එපිස 2:8–9).

ක්‍රියා 10:9–15 හි සදහන් වන පරිදි පේත්‍රැස්ගේ ඇතිරිල්ලෙහි දර්ශනය පරණ ගිවිසුමේ සිට සංක්‍රාන්තිය පිළිබදව ලකුණකි – මේ අවස්ථාවේදී යුදෙව්වන්ට සුවිශේෂ වූ භෝජන පිළිබද නීති – එනම් නව ගිවිසුමට සමස්ත සභාවේ යුදෙව්වන්ගේ සහ අන්‍යජාතීන්ගේ වූ ඒකත්වයයි. යුදෙව්වන්ව සංකේතාත්මක කළාවූ පවිත්‍ර සතුන්ද අන්‍යජාතීන්ව සංකේතාත්මක කළාවූ අපවිත්‍ර සතුන් යන දෙආකාරයම දෙවියන්වහන්සේ විසින් පවිත්‍ර ලෙස ප්‍රකාශ කරනු ලැබුවේ ක්‍රිස්තුස්වහන්සේගේ මරණයේ පූජාව තුළින්ය. පරණ ගිවිසුටමේ ව්‍යවස්ථාව තුළ තව දුරටත් නොපැවත, දෙකම ඇදහිල්ල තුළින් වූ කරුණාවේ නව ගිවිසුමට එකාබද්ධ කරනු ලැබ තිබෙන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසිය මත වැගිරුවාවූ රුධිරය කරණකොටගෙනය.

ප්‍රායෝගික උපයෝගය: දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේගේ සෙනගව තමන්වහන්සේගේ ආත්මයෙන් බලවත් කළ විට විශ්මයට පමුණුවන දේ සාමාන්‍ය ජනතාව තුළින් කළ හැක. දෙවියන්වහන්සේ ඉඳුරාම මාළු අල්ලන්නන් පිරිසක් රැගෙන, මේ ලෝකය උඩු යටිකුරු කිරීමට ඔවුන්ව භාවිතා කළ සේක. (ක්‍රියා 17:6). දෙවියන්වහන්සේ විසින්, කිතුණුවන්ව තරයේ ප්‍රතික්ෂේප කළ මිනිමරුවෙක්ව රැගෙන ඉතා බලවත්ම කිතුණු ඉවැන්ජලිස්තවරයා සහ නව ගිවිසුමේ පොත් වලින් භාගයකම පාහේ කර්තෘන් ලෙස වෙනස් කරනු ලැබූ සේක. දෙවියන්වහන්සේ, පීඩා කිරිම භාවිතා කරනු ලැබුවේ ලෝක ඉතිහාසයේ නව ඇදහිල්ල ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත කිරීමේ හේතුකාරකයක් ලෙසය. දෙවියන්වහන්සේට අප තුළින්ද ඒ ආකාරයෙන්ම කළ හැක එමෙන්ම කරනු ලබන සේක – එනම් අපගේ හදවත් වෙනස් කරමින්, ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් අපව බලවත් කරමින් සහ ක්‍රිස්තුස් වහන්සේගේ ගැළවීමේ සුපුවත පතුරා ලීමට අපට මහත් ළැදිකමක් ලබා දීමෙනි. අප මේ සියල්ල අපගේ බලයෙන් ඉෂ්ට කිරිමට තැත් කළහොත් අප අසාර්ථක වන්නෙමු. ක්‍රියා 1:8 ට අනුව ගෝලයන් කළා හා සේ අපද ආත්මයාණන්වහන්සේ අපව බලවත් කරන තෙක් බලා සිටීමෙන් අනතුරුව මහා ආඥාව සම්පූර්ණ කරනු වස් උන්වහන්සේගේ බලයෙන් යුක්තව අප නික්ම යා යුතු වෙමු (මතෙව් 28:19–20).



අළුත් ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



ක්‍රියා පොත