settings icon
share icon

3 යොහාන් පොත

කර්තෘ: 3 යොහාන් පොත සෘජුවම එහි කර්තෘවරයා නම් නොකරනු ලබයි. සභාවේ මුල් කාලයේ සිටම සම්ප්‍රදාය වූයේ මෙම පොතෙහි කර්තෘවරයා වන්නේ අපෝස්තුළුවූ යොහාන් බවය. මෙය ලියනු ලැබුවේ යොහාන් වන නාමය දරන ස්වාමින්වහන්සේගේ වෙනත් ශ්‍රාවකයෙකු විසින් වන්නට ඇති බවට විටින් ඇති වන සැක මතු කර ඇති නමුත් සියලූ සාක්ෂ්‍ය මගින් පෙන්වා දෙනුයේ කර්තෘවරයා නම් අපෝස්තුළුවූ යොහාන් බවය.

ලියනු ලැබූ දිනය: 3 යොහාන් පොත බොහෝ විට ලියනු ලබා ඇත්තේ ක්‍රි.ව. 85-95 අතර 1 සහ 2 යොහාන් පොත් ලියනු ලැබූ කාලයේදීම විය හැක.

ලිවීමේ අරමුණ: මෙම තුන්වන යැවුම් පත්‍රය යැවීමේ යොහාන් අරමුණ ත්‍රිවිධ විය. පළමුවැන්න, ඔහු එසේ ලියනු ලබන්නේ තම ආදරණීය සම සේවකයා වන ගයිස්ව ප්‍රශංසා කිරීමට හා ධෛර්මත් කිරීමටය. මන්දයත් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය දේශනා කරනු වස් තැනින් තැනට යමින් සිටි සංචාරක දූතයන්ට ඔහු ආගන්තුක සත්කාරය ලබා දෙමින් සිටියි. දෙවනුව, ආසියාවේ එක් සභාවක් පවරා ගත් ඒකාධිපති නායකයෙකු වූ ඩයට්‍රෆස්ගේ හැසිරීම පිළිබදව වක්‍රව අනතුරු ඇගවීමට සහ නුසුදුසු බව ප්‍රකාශ කිරීමටය. මන්ද ඔහුගේ හැසිරීම වනාහී අපෝස්තුළුවරයාට සහ ඔහුගේ සුභාරංචිය කෙරෙහි සෘජුවම විරුද්ධත්වය ප්‍රකාශ කරනු ලැබීය. තෙවනුව, සියල්ලන්ගෙන් යහපත් සාක්ෂියක් ඇති බවට වාර්තාවූ දිමිත්‍රියස්ගේ ආදර්ශය පිළිබදව ඔහු ප්‍රශංසා කරනු ලබයි.

ප්‍රධාන පදයන්:
3 යොහාන් 4: "මාගේ දරුවන් සත්‍යයතාවයෙහි හැසිරෙන බව ඇසීමට වඩා මහත් ප්‍රීතියක් මට නැත."

3 යොහාන් 11: "ප්‍රේමවන්තය, නපුර නොව යහපත ආදර්ශකොට ගන්න. යහපත්කම් කරන්නා දෙවියන්වහන්සේගෙන්ය. නපුර කරන්නා දෙවියන් වහන්සේ දුටුවේ නැත."

කෙටි සාරංශය: යොහාන් සත්‍යය පිළිබදව ඔහුගේ සුපුරුදු ලෙස බලවත් අවධාරණයෙන් ලියනු ලබන්නේ එපීසියට නුදුරින් නගරයක වාසය කරන්නාවූ ධනයෙන් සහ උත්කර්ෂවත්වූ ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රේමවන්ත ගිහි සහෝදරයෙකුවූ ගයිස්ටය. තමන් දැන හඳුනන අය වූවත් ආගන්තුකයන් වූවත් සුභාරංචිය තැනින් තැනට ගෙන යන මෙහෙවරෙහි සිටින්නාවූ දූතයන්ට ගයිස් දක්වන්නාවූ සැලකිල්ල සහ ඔහුගේ සත්කාරය පිළිබදව ඔහු ඉතා උස්ස ලෙස ප්‍රශංසා කරනු ලබයි. ඩයට්‍රෆස්ගේ උදාහරණයෙදී මෙන් නපුර අනුකරණ නොකොට අඛණ්ඩව යහපත කරන මෙන් යොහාන් ඔහුට අනුශාසනා දෙනු ලබයි. මෙම මනුෂ්‍යයා ආසියාවේ සභාවක නායකත්වය භාරගෙන ඇති අතර යොහාන්ට අපෝස්තුළුවරයෙකු ලෙස ඇති ආධිපත්‍යය පිළිගැනීම මෙන්ම ඔහුගේ ලිපි භාරගෙන ඔහුගේ උපදෙස් වලට යටහත්වීමද ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඔහු යොහාන්ට එරෙහිව ද්වේශ සහගත අපහාසද යොහාන්ගේ දූතයන්ට සහයෝගය සහ ආගන්තුක සත්කාරය දැක්වූ සාමාජිකයන්ද සමාජයෙන් නෙරපා හරිනු ලැබුවේය. තම ලිපිය නිමා කිරීමට ප්‍රථමයෙන් මොහු පිළිබදව විශිෂ්ඨ වාර්තා අසා ඇති දිමිත්‍රියස් පිළිබදවද ප්‍රශංසා කරනු ලබයි.

සබදතා: ආගන්තුකයන්ට ආගන්තුක සත්කාරය පිරිනැමීමේ සංකල්පයට පැරණි ගිවිසුමෙහි පූර්වාදර්ශයන් ඕනෑ තරම් තිබේ. ඉශ්‍රායෙල්හී ආගන්තුක සත්කාර ක්‍රියාවන් තුළ අන්තර්ගත වූයේ විජාතිකයන්ව නිහතමානීව සහ දයාන්විතව නිවසට පිළිගනු ලැබ නවාතැන්, ආහාරපාන සහ රැකවරණය ලබා දීමය (උත්පත්ති 18:2-8, 19:1-8; යෝබ් 31:16-23, 31-32). මීට අමතරව පැරණි ගිවිසුමෙහි ඉගැන්වීම් මගින් ඉශ්‍රායෙල්වරුන් දෙවියන්වහන්සේගේ ආගන්තුක සත්කාරය මත යැපෙන අන්‍යයන්ට පවරා දෙනු ලැබූ සෙනගක් බවත් (ගීතාවලිය 39:12) ඔවුන්ගේ අවශ්‍යයතා කාරණිකව සපුරාදී ඊජිප්තුවෙන් ඔවුන්ව මුදවා පාළුකරයේදී පොෂණය කොට ඇඳුම් පැළඳුම්ද සපයා දුන් එකම තැණන්වහන්සේ දෙවියන්වහන්සේ බවද නිරූපණය කරනු ලබයි (නික්මයාම 16; ද්වීතිය කථාව 8:2-5).

ප්‍රායෝගික යෙදුම: යොහාන් විසින් තමන් සෑම විටම කරන ආකාරයට සුභාරංචියේ සත්‍යයතාවයෙහි ගමන් කිරීමෙහි වැදගත්කම පිළිබදව අවධාරණය කරනු ලබයි. අපගේ සෙසු කිතුනුවන්ට ආගන්තුක සත්කාරය, සහයෝගය දැක්වීම සහ දිරිගැන්වීම වනාහී යේසුස්වහන්සේගේ ඉගැන්වීම් වල ප්‍රධාන පනතක් වන අතර ගයිස් පැහැදිලිවම මෙම දේව සේවයේ කැපී පෙනෙන උදාහරණයකි. අපගේ සභාවන්ට පමණක් නොව අපගේ නිවෙස්වලටද පැමිණෙන මිෂනාරිවරුන්, දේශකයන් සහ ආගන්තුකයන් (ඔවුන් සැබැ ඇදහිලිවන්තයන් බව අපට විශ්වාස කළ හැකි නම්) ඔවුන්ව සාදරයෙන් පිළිගෙන ඔවුන්ට අවශ්‍යය ඕනෑම සහයෝගයක් සහ දිරි ගැන්වීමක් ලබා දිය යුතුවේ.

සුභාරංචියට අනුකූලව වචන සහ ක්‍රියාවන් කරන අයගේ ආදර්ශය පමණක් අනුගමනය කිරීමට අප සෑමවිටම සැලකිලිමත් විය යුතු අතර තමන්ගේ හැසීරීම යේසුස්වහන්සේ ඉගැන්වූ ආකාරයට වඩා වෙනස් ආකාරයකින් හසුරුවනු ලබන ඩයට්‍රෆස් වැනි අය පිළිබදව අවධානයෙන් දැනුම් තේරූම් ගෙන සිටිය යුතුවෙමු.

English

අළුත් ගිවිසුම පිළිබඳ සමීක්ෂණය
3 යොහාන් පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries