2 වන තිමොති පොත



කර්තෘථ: 2 වන තිමොති 1:1හි පෙන්වා දෙනු ලබන්නේ 2 වන තිමොති පොතෙහි කර්තෘන් අපෝස්තුළු පාවුලූ බවය.

ලියනු ලැබූ දිනය: 2 වන තිමොති පොත දළ වශයෙන් ක්‍රි.ව. 67 හි අපෝස්තුළු පාවුලූව මරණයට පත් කිරීමට කෙටි කලකට ප්‍රථමයෙන් ලියනු ලැබූ බවය.

ලිවීම්හි අභිමතාර්ථය: නැවතත් රෝමයේ සිරගත වී සිටින විට පාවුලූට හුදෙකලාවක් සහ අත්හැර දමනු ලැබූ ස්වරූපයක් දැනුනි. පාවුලූ විසින් හඳුනාගනු ලැබුවේ ඔහුගේ මේ පොළොවෙහි ජීවිතය ඉතා ඉක්මනින් අවසානවී යන බවය. 2 වන තිමොති පොතෙහි ඉඳුරාම සදහන් වන්නේ පාවුලූගේ අවසාන වදන්ය. පාවුලූ තමාට මුහුණ දීමට තිබූ තත්වයන් පසෙකලා සභාවන් පිළිබදව මෙන්ම නිරූපිත වශයෙන්ම තිමොති පිළිබදව සැලකිල්ලක්ද දැක්වූයේය. පාවුලූ තමාගේ අවසාන වදන් භාවිතා කරනු ලැබුවේ තිමොතිව ධෛර්‍යයමත් කර අනෙකුත් ඇදහිලිවන්තයන්ට ඇදහිල්ලෙන් නොපසුබට වන ලෙසත් (2 තිමොති 3:14) යේසුස් ක්‍රිස්තුවහන්සේගේ සුභාරංචිය ප්‍රකාශ කරන ලෙසත් (2 තිමොති 4:2) දක්වමිනි.

මූලික පද:
2 තිමොති 1:7,ල “මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.”

2 තිමොති 3:16–17, “දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව සියලූ යහපත් ක්‍රියා වලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකමිදීමටත් ප්‍රයෝජනවත්ව තිබේ”

2 තිමොති 4:2, “වචනය දේශනා කරපන්න කලටත් අකලටත් වැඩේ යෙදී සිටපන්න සියලූ ආකාර ඉවසිලිවන්තකමෙන් සහ ඉගැන්වීමෙන් තරවටුකර අවවාද කර අනුශාසනා කරපන්න කියාය.”

2 තිමොති 4:7–8, “මම යහපත් යුද්ධෙහි යුද්ධ කළෙමි මම දිවීම කෙළවර කළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි මෙතැන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ. එය ධර්මිෂ්ඨ විනිශ්චය කාරවූ ස්වාමින්වහන්සේ ඒ දවසේදී මට දෙනවා ඇත. මට පමණක් නොවේ උන්වහන්සේගේ ප්‍රකාශවීමට ආශාව සිටින්නාවූ සියල්ලන්ටද දෙනවා ඇත.”

කෙටි සාරංශය: පාවුලූ තිමොතිව ධෛර්‍යයමත් කරනු ලැබුවේ ක්‍රිස්තුවහන්සේට මහත් ලැදිව රැදී සිට පළුදු නොවූ ඉගැන්විම් තුළද ශක්තිමත් වී සිටින ලෙසත්ය (2 තිමොති 1:1–2, 13–14). පාවුලූ තිමොතිට මතක් කර දෙනු ලබන්නේ අදේව විශ්වාසයන් සහ පුරුදු මග හැර දුරාචාර දේ වලින් පලා යන ලෙසත්ය (2 තිමොති 2:14–26). අවසාන කාලයේ තදබල හිංසා කිරීම් සහ කිතුණු ඇදහිල්ල අත්හැර දැමීම සිදුවනු ඇත (2 තිමොති 3:1–17). පාවුලූ විසින් ඇදහිලිවන්තයන්ට ඇදහිල්ලෙහි ශක්තිමත්ව සිටගන්න ලෙසත් දිවීම බලවත්ව අවසාන කරනු ලබන ලෙස ආයාචනා කරමින් මෙම පොත අවසාන කරනු ලබයි (2 තිමොති 4:1–8).

සබඳතා: පාවුලූ තිමොතිට සහ ඔහු විසින් උපස්ථාන කල අයවලූන්ට මෝසෙස්ට විරුද්ධකම් පෑවාවූ ඊජිප්තු මන්ත්‍රකාරයින්ගේ කථාව තුළින් ඔහු විසින් යදිනු ලැබ ව්‍යාජ ගුරුවරුන් පිළිබදව අනතරු ඇගවීමට ඔහු විසින් බලවත් සැලකිල්ලක් දක්වනු ලැබීය (නික්මයාම 7:11, 22; 8:7, 18, 19; 9:11). ඔවුන්ගේ නම් පැරණි ගිවිසුමෙහි සදහන් නොවුනත් සම්ප්‍රදාය අනුව මෙම පුද්ගලයන් රත්තරන් වස්සාව සෑදීමට උසි ගැන්වීම හේතුකොටගෙන අනෙකුත් රූප වන්දනා කරන්නවුන් හා සමග මරණු ලැබීය (නික්මයාම 32). පාවුලූ අනාවැකි පල කරනු ලබන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ සත්‍යයතාවයට විරුද්ධකම් පාන්නාව අයගේ ඉරණම වන්නේ අවසානයේදී ඔවුන්ගේ අඥාණ කම සියල්ලන්ටම පැහැදිලි වන බවය (2 තිමොති 3:9).

ප්‍රායෝගික උපයෝගය: කිතුණු ජීවිතයේ ලෙහෙසියෙන්ම බොහෝ දේ මගහැර යෑමට ඉතා පහසුය. අපගේ දෙනෙත් ත්‍යාගය වෙත තබාගෙන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මගින් ස්වර්ගයෙහි ප්‍රතිවිපාක ලබා ගත යුතුය (2 තිමොති 4:8) අප විසින් මහත් පරිශ්‍රමයක් දැරිය යුත්තේ ව්‍යාජ ඉගැන්වීම් සහ අදේව පුරුදු මග හරවා ගැනීමටය. මෙය ඉෂ්ට කර ගත හැක්කේ දෙවියන්වහන්සේගේ වචනයේ දැනුම තුළ ගැඹුරට ගොස් සිට සහ දේව වචනය හා සම්බන්ධ නොවූ කිසිවක් පිලිගැනීම ප්‍රතික්ෂේප කිරීමට ශක්තිමත්ව සිටීම කරණකොටගෙනය.



අළුත් ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



2 වන තිමොති පොත