settings icon
share icon

2 පේතෘස්ගේ පොත

කර්තෘ: 2 පේත්‍රැස් 1:1 හි විශේෂයෙන් සඳහන් කරන්නේ ප්‍රේරිත පේතෘස් 2 පේතෘස් පොතේ කතුවරයා බවය. පේතෘස් 2 හි කර්තෘත්වය අළුත් ගිවිසුමේ වෙනත් කිසිම පොතකට වඩා අභියෝගයට ලක් කර ඇත. කෙසේ වෙතත්, මුල් සභාවේ පියවරුන් එය ප්‍රතික්ෂේප කිරීමට හොඳ හේතුවක් සොයාගත්තේ නැත. පේතෘස් 2 පේතෘස්ගේ කර්තෘත්වය ප්‍රතික්ෂේප කිරීමට අපට හොඳ හේතුවක් නැත.

ලිවීමේ දිනය: පේතෘස්ගේ පොත ලියනු ලැබුවේ පේතෘස්ගේ ජීවිතයේ අවසානය දක්වාය. නීරෝගේ පාලන සමයේදී පේතෘස් රෝමයේදී දිවි පිදූ බැවින්, ඔහුගේ මරණය ක්‍රි. ව. 68 ට පෙර සිදුවන්නට ඇත. එතුමා බොහෝවිට ක්‍රි. ව. 65 ත් 68 ත් අතර පේතෘස් 2 ලියා ඇත.

ලිවීමේ අරමුණ: බොරු ගුරුවරුන් සභාවලට රිංගා ගැනීම ගැන පේතෘස් තැති ගත්තේය. පැතිරී ඇති ඇදහිල්ල අත්හැර යෑම හඳුනාගෙන ඒවාට එරෙහිව සටන් කිරීමට හැකි වන පරිදි ඔවුන්ගේ ඇදහිල්ල වර්ධනයවී ශක්තිමත් වන ලෙස ඔහු කිතුනුවන්ගෙන් ඉල්ලා සිටියේය. දෙවියන් වහන්සේගේ වචනයේ සත්‍යතාව සහ ස්වාමීන් වන යේසුස්වහන්සේගේ නැවත පැමිණීම ඔහු දැඩි ලෙස අවධාරණය කළේය.

ප්‍රධාන පද:
2 පේත්‍රැස් 1:3-4, "උන්වහන්සේගේ දිව්‍යමය බලය මගින් අපට ජීවිතය හා දේව භක්තිය සඳහා අවශ්‍ය සියල්ල ලබාදී ඇත්තේ උන් වහන්සේගේ මහිමයෙන් හා යහපත්කමින් අපව කැඳවූ උන්වහන්සේ පිළිබඳ අපගේ දැනුමෙනි. මේ තුළින් උන්වහන්සේ අපට ඉතා උතුම් හා වටිනා පොරොන්දු ලබාදී ඇත. එවිට ඒවා තුළින් ඔබට දිව්‍යමය ස්වභාවයට සහභාගීවී නපුරු ආශාවන් නිසා සිදුවන ලෝකයේ දූෂණයෙන් මිදීමට හැකි වනු ඇත."

2 පේත්‍රැස් 3:9 "ස්වාමින්වහන්සේ තම පොරොන්දුව ඉටු කිරීමට ප්‍රමාද වන්නේ නැත. උන්වහන්සේ ඔබ සමඟ ඉවසිලිවන්තව කටයුතු කරයි, කිසිවෙකු විනාශ වීමට කැමති නොව, සෑම කෙනෙකුම පසුතැවිලිවීමට පැමිණේ."

2 පේත්‍රැස් 3:18 නමුත් අපගේ ස්වාමීන් හා ගැළවුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව හා දැන ගැන්මේ හිද වර්ධනය වන්න. උන් වහන්සේට සදහටම මහිමය වේවා! ආමෙන්."

ප්‍රධාන වචනය දැනුමයි; 2 පේතෘස් පොතේ අවම වශයෙන් 13 වතාවක්වත් ඒ හා සම්බන්ධ වචන වලින් සංයුක්තවි ඇත.

කෙටි සාරාංශය: එතුමාගේ ආයු කාලය කෙටි බව දැන (2 පේත්‍රැස් 1:13-15), මෙම සභාව ක්ෂණික අනතුරකට මුහුණදේය යන්න (2 පේත්‍රැස් 2:1-3), පාඨකයන්ට ඔවුන්ගේ මතකයන් ප්‍රබෝධමත් කරන ලෙස ඉල්ලා සිටියේය (2 පේත්‍රැස් 1:13 ) සහ ඔවුන්ගේ චින්තනය උත්තේජනය කරන්න (2 පේත්‍රැස් 3:1-2) එවිට ඔහුගේ ඉගැන්වීම ඔවුන් සිහිපත් කරනු ඇත (2 පේත්‍රැස් 1:15). ඔහු කිතුනුවන්ට අභියෝග කළේ නිශ්චිත ක්‍රිස්තියානි ගුණධර්ම එකතු කිරීමෙන් ඔවුන්ගේ ඇදහිල්ල වඩාත් පරිණත වන ලෙසයි. එමගින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ඔවුන්ගේ දැනුමෙන් පලදායී වනු ඇත (2 පේත්‍රැස් 1:5-9). පරණ හා අළුත් ගිවිසුමේ ලේඛකයින් ඔවුන්ගේ ඇදහිල්ල සඳහා ඔවුන්ගේ අධිකාරිය ලෙස නියම කරන ලදි (2 පේත්‍රැස් 1: 12-21, 3:2, 3:15-16). සභාව තුළට පැමිණ අහිතකර ලෙස බලපා ඇති බොරු ගුරුවරුන්ට ඔරොත්තු දීමට ඔවුන් ඇදහිල්ලෙහි ශක්තිමත් වීමට පේතෘස්ට අවශ්‍ය විය. ඔහු ඔවුන්ව හෙළා දකිනවිට, ඔවුන්ගේ හැසිරීම, ඔවුන්ගේ හෙළාදැකීම සහ ඒවායේ ලක්ෂණ විස්තර කළේය (2 පේත්‍රැස් 2 වන පරිච්ඡේදය), තවද ඔවුන් ස්වාමින්වහන්සේගේ දෙවන පැමිණීම සමච්චලයට ලක් කළේය (2 පේත්‍රැස් 3:3-7). කිතුනුවන්ට, පේතෘස් ඉගැන්වූයේ දෙවන පැමිණීම ශුද්ධ දිවි පෙවෙත සඳහා දිරිගැන්වීමක් බවයි (2 පේත්‍රැස් 3:14). අවසාන අනතුරු ඇඟවීමෙන් පසු, තම ස්වාමීන් හා ගැළවුම්කාර යේසුස් ක්‍රිස්තුස්වහන්සෙගේ කරුණාව හා දැනුම වර්ධනය කර ගැනීමට පේතෘස් නැවතත් ඔවුන්ව දිරිමත් කළේය. ඔහු තම ස්වාමීන් හා ගැළවුම්කරුවාණන් වහන්සේව ප්‍රශංසා කරන වචනයකින් අවසන් කළේය (2 පේත්‍රැස් 3:18).

සම්බන්ධතා: බොරු අනාගතවක්තෘවරුන් හෙළා දකිමින් පේතෘස් පැරණි ගිවිසුමේ තේමාවක් පුනරුච්චාරණය කරයි. මුල් කිතුනුවන්ගෙන් බොහෝ දෙනෙක් නීතිය හා අනාගතවක්තෘවරුන් පිළිබඳව හොඳින් උගන්වා තිබූ යුදෙව්වන් බවට පරිවර්තනය වූහ. 2 පේත්‍රැස් 1:19-21හි පරණ ගිවිසුමේ "අනාගතවක්තෘවරුන්ගේ වචනය" ගැන පේතෘස් සඳහන් කළ විට, ඔහු වරෙක බොරු අනාගතවක්තෘවරුන් හෙළා දුටු අතර සැබෑ අනාගත වක්තෘවරුන් ඔවුන් තුළින් කථා කළ ශුද්ධාත්මයාණන් විසින් පෙලඹවූ බව සහතික කළේය (2 සාමුවෙල්23:2). බොරුඅනාගතවක්තෘවරුන් විවේචනය කිරීමේදී යෙරෙමියාද ඒ හා සමානව බලවත් විය. "තමන්ගේ මනසෙහි මුළා කරවන අනාවැකි පවසන මේ බොරු අනාගතවක්තෘවරුන්ගේ හදවත් තුළ මෙය කොපමණ කාලයක් පවතිනු ඇත්ද? (යෙරෙමියා 23:26). පරණ හා අළුත් ගිවිසුමේ දෙවියන්වහන්සේගේ සෙනඟට පීඩා කළ මුළාකළ ව්‍යාජ ගුරුවරුන් තවමත් අප සමඟ සිටින බව පැහැදිලිය. පේතෘස්ගේ දෙවන ලිපිය මීට වසර 2000 කට පෙරමෙන් අදටත් අදාළවේ.

ප්‍රායෝගික යෙදුම: නිසැකවම, 21 වන සියවසේ කිතුනුවන් වශයෙන්, මෙම ලිපිය ලියා ඇති පළමු සියවසේ කිතුනුවන්ට වඩා අපගේ ස්වාමීන් වහන්සේගේ නැවත පැමිණීමට අපි සමීපව සිටිමු. රූපවාහිනිය සහ වෙනත් ජනසන් නිවේදනයන් තුළින් පරිණත කිතුනුවන් බොහෝ බොරුගුරුවරු සැබෑ ක්‍රිස්තියානි නායකයන් ලෙස පෙනිසිටින බවත්, නොමේරූ කිතුනුවන් ශුද්ධ ලියවිල්ලෙහි ව්‍යාජ හා වැරදි අර්ථ කථනය මගින් "ඇතුළට" ගෙන ඇති බවත් දනිති. නැවත ඉපදුණු කිතුනුවන් සියල්ලන්ම වචනය තුළ පදනම් වී තිබීම සත්‍යය වැරැද්දෙන් වටහා ගැනීමට අපට හැකිවේ.

පේතෘස් දුන් ඇදහිල්ලේ වර්ධනය සඳහාවූ එම වට්ටෝරුවම (2 පේත්‍රැස් 1: 5-11), අපගේ ජීවිතවලට අදාළ වන විට, "අපගේ ස්වාමීන් හා ගැළවුම්කාර යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සදාකාලික රාජ්‍යයට" පොහොසත් විපාකයක්ද සහතික කරනු ඇත (2 පේත්‍රැස් 1:10-11). අපගේ ඇදහිල්ලේ අඩිතාලම හා සෑමවිටම පේතෘස් දේශනා කළ දේව වචනයමවේ.

English

අළුත් ගිවිසුම පිළිබඳ සමීක්ෂණය
2 පේතෘස්ගේ පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries