settings icon
share icon

2 යොහාන් පොත

කර්තෘ: 2 යොහාන් පොත සෘජුවම එහි කර්තෘවරයා නම් නොකරනු ලබයි. සභාවේ මුල් කාලයේ සිටම සම්ප්‍රදාය වූයේ මෙම පොතෙහි කර්තෘවරයා වන්නේ අපෝස්තුළුවූ යොහාන් බවය. යොහාන් යන නාමය ලද ක්‍රිස්තුස් වහන්සේගේ තවත් ශ්‍රාවකයෙකු මෙම ලිපියට වගකිව යුතු බවට වසර ගණනාවක් පුරාවට විවිධ අනුමානයන් තිබේ. කෙසේ නමුත් සියලූ සාක්ෂ්‍ය මගින් පෙන්වා දෙනුයේ කර්තෘවරයා නම් යොහාන්ගේ සුභාරංචිය ලියනු ලැබූ ප්‍රේමවන්ත ශ්‍රාවකයා වන අපෝස්තුළුවූ යොහාන් බවය.

ලියනු ලැබූ දිනය: 2 යොහාන් පොත බොහෝ විට ලියනු ලබා ඇත්තේ ක්‍රි.ව. 85-95 අතර 1 සහ 3 යොහාන් පොත් ලියනු ලැබූ කාලයේදීම විය හැක.

ලිවීමේ අරමුණ: 2 යොහාන් පොත වූ කලී යොහාන්ගේ මෙම ලිපිය කියවන්නවුන් විසින් එකිනෙකාට ප්‍රේම කරන්න යන ආඥාවට කීකරු වෙමින් මෙන්ම ශුද්ධ ලියවිල්ලටම කීකරු කමින් තමන්ගේ ජීවිත ගත කිරීමෙන් දෙවියන්වහන්සේටත් උන්වහන්සේ පුත්‍රවූ යේසුස්වහන්සේටත් ප්‍රේමය පෙන්වන ලෙසට කරන්නාවූ අත්‍යවශ්‍යක ආයාචනයකි. එසේම 2 යොහාන් පොත ක්‍රිස්තුස්වහන්සේ මාංශයෙන් සැබවින්ම උත්ථාන නොවූ බව පවසමින් ඔබ මොබ යන්නාවූ වංචාකාරයන් පිළිබදව විමසිලිමත්ව සිටිය යුතු බවට දැඩි ලෙස අනතුරු අගවන්නක්ද වේ.

ප්‍රධාන පදයන්:
2 යොහාන් 6: ප්‍රේමය නම උන්වහන්සේගේ ආඥා ලෙස හැසිරීමය. ආඥාව නම් ඔබ සැම පටන්ගැන්මේ සිට ඇසූ ලෙස ප්‍රේමයෙහි හැසිරීමය.

2 යොහාන් 8–9: "අප විසින් කළ දේ ඔබ සැමට නැති නොවන ලෙසත් සම්පූර්ණවූ විපාකයක් ඔබ සැමට ලැබෙන ලෙසත් ඔබ සැමම බලාගන්න. ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්විමෙහි නොපැවතී ඉස්සරහට යන්නාවූ කිසිවෙකුට දෙවියන්වහන්සේ නැත්තේය. ඒ ඉගැන්වීමෙහි පවතන්නාටම පියාණන් වහන්සේද පුත්‍රයාණන්වහන්සේද සිටින සේක."

කෙටි සාරංශය: 2 යොහාන් පොත තුළින් තෝරාගත් කාන්තාව සහ ඇයගේ දරුවන් පිළිබදව ආමන්ත්‍රණය කරනු ලබයි. මෙය සභාවේ වැදගත් නාමයක් දරන කාන්තාවක් පිළිබදව හෝ දේශීය සභාව සහ එහි සභිකයන් පිළිබදව දරන සංකේතයක් විය හැකිය. කිතණුවන්ට පීඩා කරනු ලැබූ එම වකවානුවේදී එවන් සංකේතාත්මක ආචාරයන් බොහෝ විට භාවිතා කරනු ලැබීය.

2 යොහාන් පොත බොහෝ දුරට සැලකිලිමත් වනුයේ ක්‍රිස්තුස්වහනසේ පිළිබද සැබෑ ඉගැන්වීම් නොකරන වංචාකාරයන් මෙන්ම යේසුස්වහන්සේ මාංශයෙන් උත්ථාන නොවී ආත්මයෙන් පමණක් උත්ථාන වූ බවට ප්‍රකාශ කරන්නවුන් පිළිබදව කරන්නාවූ අත්‍යවශ්‍යයක අනතුරු ඇගවීමක්ය. සැබෑ ඇදහිලිවන්තයන් මෙම බොරු ගුරුවරුන් පිළිබදව දැනුවත්ව සිටිය යුතු බවත් ඔවුන් සමග කිසිඳු සම්බන්ධකමක් නොපැවැත්වීම පිණිස උත්සුකවේ.

සබදතා: යොහාන් ප්‍රේමය පිළිබදව විස්තර කරනුයේ චිත්තවේගයක් හෝ හැගීමක් ලෙස නොව දෙවියන්වහන්සේගේ ආඥාවන්ට වන්නාවූ කීකරු වීමක් ලෙසයග යේසුස්වහන්සේ විසින් පුනර්වාචනය කරනු ලැබුවේ ආඥාවන්හී ඇති වැදගත්කම එනම් විශේෂයෙන්ම "ප්‍රථම සහ ශ්‍රේෂ්ඨතම ආඥාව" වන දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම (ද්විතීය කථාව 6:5) සහ දෙවැන්න වන – එකිනෙකාට ප්‍රේම කරන්න (මතෙව්‍ 22:37-40; ලෙවී කථාව 19:18) යන්න වේ. දෙවියන් වහන්සේ පැරණි ගිවිසුමේ නීතිය අහෝසි කරනු වෙනුවට යේසුස්වහන්සේ එය ඉටු කිරීමට පැමිණියේ එය තමන්වහන්සේ තුළම ඉටු කිරීමේ මාධ්‍යයක් ලෙසිනි.

ප්‍රායෝගික යෙදුම: "ක්‍රිස්තියානි" යයි සැලකෙන අප විසින් දකින ඇසෙන හෝ කියවනු ලබන ඕනෑම දෙයක් ශුද්ධ ලියවිල්ල හා සමග පරීක්ෂා කිරීම අතීශයින්ම වැදගත්වේ. මෙය ප්‍රබල ලෙස අවධාරණය කළ නොහැකි වන්නේ සාතන්ගේ බලවත්ව ආයුධයක් වන්නේ වංචාව හෙයිනි. ශුද්ධ ලියවිල්ල මත පදනම්වූ බව පෙනෙන නව හා ආකර්ෂණීය ඉගැන්වීමක් අනුගමනය කිරීම ඉතා පහසු නමුත් එය සමීපව විමසා බැලූවහොත් සැබවින්ම එය දේව වචනයෙන් බැහැර වූවකි. සිදුවෙමින් පවතින බව පෙනෙන දේ ශුද්ධ ලියවිල්ල සමග පැහැදිලිවම නොගැලපේ නම් මෙය අසත්‍යයක් වන අතර එය ආත්මයාණන් වහන්සේගෙන් නොවේ. එසේ හෙයින් අපට එය හා සමග කිසිඳු සම්බන්ධයක් නොතිබිය යුතුය.

English

අළුත් ගිවිසුම පිළිබඳ සමීක්ෂණය
2 යොහාන් පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries