2 වන කොරින්ති පොත



කර්තෘ: 2 වන කොරින්ති 1:1හි පෙන්වා දෙනු ලබන්නේ 2 වන කොරින්ති පොත ලියනු ලැබුවේ අපෝස්තුළු පාවුලූ බොහෝ දුරට තිමොති හා සමගය.

ලියනු ලැබූ දිනය: 2 වන කොරින්ති පොත දළ වශයෙන් ක්‍රි. ව. 55–57 හීදි ලියනු ලැබිණි.

ලිවීමිහි අභිමතාර්ථය: ක්‍රි. ව. 52 හිදී කොරින්ති සභාව ආරම්භ වූයේ පාවුලූ ඔහුගේ දෙවන මිෂනාරි ගමනෙහිදී එහි සංචාරය කළ විටය. ඔහු වසර එකහමාරක පමණ කාලයක් සිටිනු ලැබුවේ එවකටය එනම් තමා අපේක්ෂා කළ කලක් යම් ස්ථානයක නැවතී සිටීමට ඉඩ ප්‍රස්ථාවත් ලැබුනු ප්‍රථම අවස්ථාව මෙයවේ. ඔහුගේ සංචාරය පිළිබදව වාර්තාවක් මෙන්ම සභාවෙහි සංස්ථාපනය පිළිබදවද ක්‍රියා 18:1–18හි සදහන්වෙවේ.

කොරින්තිවාසින්ට ලියන ලද දෙවැනි ලිපියේ පාවුලූ ප්‍රකාශ කර සිටින්නේ (මේ වන විට නැතිවී ඇති) ඔහුගේ “දැඩි” ලිපිය කොරින්තිවාසින් ධනාත්මක ආකාරයකින් භාරගෙන සිටීම පිළිබදව ඔහුගේ සහනය සහ ප්‍රීතියයි. එම ලිපිය මගින් ආමන්ත්‍රණය කරනු ලැබුවේ වේගයෙන් පහළට ඇදෙමින් තිබූ සභාවෙහි ප්‍රශ්ණකාරී තත්වයන්, පාවුලූගේ චරිතයට පහරදෙමින් සිටිනු ලැබූ, ඇදහිලිවන්තයන් අතර අසමගිය වැපුරුවාවූ සහ සාවද්‍යය ඉගැන්වීම් කරනු ලැබුවාවූ (2 කොරින්ති 11:13) වංචාකාර අපෝස්තුළුවරුන්ගේ මූලික පැමිණීම පිළිබදවය. ඔවුන්ට පෙනී ගියේ ඔවුන් ඔහුගේ සත්‍යවාදීභාවය (2 කොරින්ති 1:15–17) ඔහුගේ කථා කිරීමේ හැකියාව (2 කොරින්ති 10:10; 11:6), කොරින්ති සභාවෙන් උපකාර ලබා ගැනීමට ඔහුගේ ඇති අකමැත්ත (2 කොරින්ති 11:7–9; 12:13) පිළිබදව ප්‍රශ්න කළ ආකාරයවේ. තමන්ගේ අනාචාර හැසිරීම පිළිබදව පශ්චාතාප නොවූ සමහරෙක්ද සිටියහ (2 කොරින්ති 12:20–21).

තීතස්ගෙන් අසා දැන ගත් කළ පාවුලූ මහත් ප්‍රීතියෙන් පිනා ගියේ කොරින්තිවාසීන්ගෙන් බහුතරයක් පාවුලූට විරුද්ධව කැරළි ගැසීම පිළිබදව පශ්චාතාප වූ හෙයිනි (2 කොරින්ති 2:12–13; 7:5–9). අපෝස්තුළුවරයා ඔවුන්ව ධෛර්‍යයමත් කරනු ලබන්නේ මෙය ඔහුගේ හෘදයංගම ආදරයේ ප්‍රකාශනයක් හෙයිනි (2 කොරින්ති 7:3–16). පාවුලූ තමාගේ අපෝස්තුළුභාවය අපකීර්තියෙන් වළක්වාගැනීමට බලාපොරොත්තු වූයේ සභාවේ සිටි සමහරෙක් ඔහුගේ ආධිපත්‍යය පිළිබදව ප්‍රශ්න කළ හෙයිනි (2 කොරින්ති 13:3).

ධනාත්මකව, පාවුලූට දැන ගැනීමට ලැබුනේ කොරින්තිවාසීන් ඔහුගේ “දැඩි” ලිපිය ඉතා හොදින් භාරගෙන තිබූ බවය. අපෝස්තුළුවරයා ඔවුන්ව ධෛර්‍යයමත් කරනු ලබන්නේ මෙය ඔහුගේ හෘදයංගම ආදරයේ ප්‍රකාශනයක් හෙයිනි (2 කොරින්ති 7:3–16). පාවුලූ තමාගේ අපෝස්තුළුභාවය අපකීර්තියෙන් වළක්වාගැනීමට බලාපොරොත්තු වූයේ සභාවේ සිටි සමහරෙක් ඔහුගේ ආධිපත්‍යය පිළිබදව

මූලික පද:
2 කොරින්ති 3:5, “එහෙත් අපෙන්ම වුණාක මෙන් අප තුළෙන්ම යමක් යෝජනා කරන්ට අපගේ සමර්ථකමක් නැතග අපගේ සමර්ථකම දෙවියන්වහන්සේගෙන්ය.”

2 කොරින්ති 3:18, “අපි සියල්ලෝද මුහුණු වැස්මත් නැතුව ස්වාමින් වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් දක්වමින් ආත්මයාණන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කෙරෙන් තේජසින් තේජසට එම ස්වරූපයට වෙනස් කරනු ලබමුව.”

2 කොරින්ති 5:17, “එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලූත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය මෙන්න සියල්ලම අලූත් වී තිබේ.”

2 කොරින්ති 5:21, “අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට (දෙවියන්වහන්සේ) සැලැස්සූ සේක.”

2 කොරින්ති 10:5, “අපි විවාදයෙන්ද දෙවියන්වහන්සේ ගැන දැන ගැනීමට විරුද්ධව උස්ස්වන්නාවූ සියලූ උසස් දේවල්ද බිදහෙලා සියලූ සිතුවිලි ක්‍රිස්තුස්වහන්සේට වාල් කරදෙමුව.”

2 කොරින්ති 13:4, “මක්නිසාද උන්වහන්සේ දුර්වල කමින් කුරුසියෙහි ඇණ ගසනු ලැබූ නුමුත් දෙවියන්වහන්සේගේ බලයෙන් ජීවත් වන සේක. එසේම අපිද උන්වහන්සේ තුළ දුර්වලව සිටින නමුත් උන්වහන්සේ සමග දෙවියන් වහන්සේගේ බලයෙන් නුඹලා උදෙසා ජීවත් වන්නෙමුව.”

කෙටි සාරංශය: කොරින්ති සභාවේ ඇදහිලිවන්තයන්ට ආමන්ත්‍රණය කිරීමෙන් සහ ඔහු මූලිකවම සැළසුම් කර තිබූ ආකාරයට ඔවුන්ව බැහැදැකීමට නොපැමිණීමට හේතුව පැහැදිලි කිරීමෙන් අනතුරුව (1:3-2:2), පාවුලූ ඔහුගේ සේවයෙහි ස්වභාවය පිළිබදව පැහැදිලි කරනු ලබයි. ක්‍රිස්තුස්වහන්සේ තුළ විජයග්‍රහණය සහ දෙවියන්වහන්සේගේ ඇස් හමූහයෙහි අවංකකම වූ කලී සභාවන්ට ඔහු තුළින්වූ සේවයෙහි ප්‍රමුද්‍රව විය (2:14–17). ඔහු විසින් ක්‍රිස්තුස් වහන්සේ ධර්මිෂ්ඨකමේ තේජාන්විත සේවය සංසන්දනය කරනු ලබන්නේ ව්‍යවස්ථාව වූ දෝෂාරෝපණයේ සේවයටයි, (3:9). එසේම ඔහුට තදබල හිංසාකිරීම් තිබියදී පවා ඔහුගේ ඇදහිල්ලේ වලංගුභාවය පිළිබදව ඔහු ප්‍රසිද්ධියේ කියා පෑවේය (4:8–18). 5 වන පරිච්ඡේදයේ සැකවින් දක්වනු ලබන්නේ කිතුණු ඇදහිල්ලෙහි පදනමය – එනම් නව ස්වභාවය (17 වන පදය – සහ ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ටකම හා සමග අපගේ පාපය හුවමාරු කිරිමය. (21 වන පදය)

6 වන සහ 7වන පරිච්ඡේදයන් තුළින් අපට දක්නට ලැබෙන්නේ පාවුලූ තමාව සහ තමාගේ සේවය විත්තිවාචනය කරමින් කොරින්තිවාසින්ට ඔහුගේ අවංක ප්‍රේමය සහතික කරමින් ඔවුන්ට පශ්චාතාපවී ශුද්ධ ජීවිතයක් ගත කිරිමට අනුශාසනා කරන අයුරුය. 8 වන සහ 9 වන පරිච්ඡේදයන් තුළින් පාවුලූ කොරින්තියේ ඇදහිලිවන්තයන්ට අනුශාසනා දෙනු ලබන්නේ මකිදෝනියාවේ සහෝදරයන්ගේ ආදර්ශය අනුගමනය කොට අවශ්‍යතාවයෙන් සිටින්නාවූ ශුද්ධවන්තයන්ට නිර්ලෝහිබව පතුරුවාලන ලෙසය. ඔහු විසින් ඔවුන්ට උගන්වනු ලබන්නේ කරුණාභරිතව දීමේ මූලධර්ම සහ විපාක පිළිබදවය.

පාවුලූ තමාගේ ලිපිය අවසාන කරනු ලබන්නේ ඔවුන් අතර ඔහුගේ ආධිපත්‍යය පුනර්වාචනය කිරිමෙන් (10 වන පරිච්ඡේදය) සහ ව්‍යාජ අපෝස්තුළුවරුන් තුළින් ඇති දරුණු විරෝධයක් තිබීයදී පවා ඒ ගැන නොසලකා ඔවුන්ගේ විශ්වාසවන්තම පිළිබද සැලකිල්ල ගැන සදහන් කරමිනි. අකමැත්තෙන් වුවද තමාගේ සුදුසුකම් සහ ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් දුක්විදීම පිළිබදව පාරට්ටු කරගැනීම හේතුකොටගෙන ඔහු තමා “අඥාණයෙකු” ලෙස ආමන්ත්‍රණය කර ගනීයි. (11 වන පරිච්ඡේදය) ඔහු තමාගේ හසුන අවසාන කරන්නේ ඔහුට අත්දැකීමට ඉඩ දෙනු ලැබූ ස්වර්ගයෙහි දර්ශනය සහ ඔහුගේ නිහතමානී බව සහතික කරගනු වස් දෙවියන්වහන්සේ විසින් දෙනු ලැබූ “කටුව” පිළිබදව විස්තර කිරීමෙනි. (12 වන පරිච්ඡේදය) අවසාන පරිච්ඡේදයෙහි අඩංගු වන්නේ ඔහු විසින් කොරින්තිවාසීන්ට ඔවුන් විසින් ප්‍රසිද්ධියේ කියනු ලැබූ දේ සත්‍යයද යන්න ඔවුන්ව පරීක්ෂා කරමින් බලන ලෙස අනුශාසනා දෙනු ලැබූ අතර එය අවසාන වන්නේ ප්‍රේමයේ සහ සමාදානයේ අනුග්‍රහය වාක්‍යයෙනි.

සබඳතා: තමාගේ හසුන පුරාවටම පාවුලූ නිතරම යොමු කරනු ලබන්නේ මොසෛයික ව්‍යවස්ථාව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සියල්ල ඉක්මවා යනු ලබන උසස් සුභාරංචිය සහ කරුණාව තුළින් වන ගැළවීම හා සමග සැසදීමෙනි. 2 කොරින්ති 3:4–11 හි පැරණි ගිවිසුමෙහි ව්‍යවස්ථාව නව ගිවිසුමේ කරුණාව හා සමග පාවුලූ විසංසන්දනය කරමින් ව්‍යවස්ථාව වූ කලී “නසන්නාවූ දෙයක්” ලෙසත් ආත්මයාණන් වහන්සේ ජීවනය දෙනු ලබන ලෙසත් සදහන් කරනු ලබයි. ව්‍යවස්ථාව වූ කලී ගල්ලෑල්ලක ලියනු ලැබූ සහ කැටයම් කරනු ලැබූ මරණයේ සේවය (නික්මයාම 24:12) වන්නේ පාපය සහ දණ්ඩනය පිළිබදව අවබෝධය ගෙන එනු ලබන හෙයිනි. ව්‍යවස්ථාවේ උත්කර්ෂය නම් එය දෙවියන්වහන්සේගේ මහිමය පෙන්නුම් කරනු ලබන අතර ආත්මයාණන්වහන්සේගේ සේවය, ව්‍යවස්ථාවෙහි සේවයට වඩා තේජාන්විත වන්නේ උන්වහන්සේගේ කරුණාව, දයාව සහ ප්‍රේමය පෙන්වනු ලබන්නේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරනු වස් ක්‍රිස්තුස්වහන්සේව ලබා දිමෙනි.

ප්‍රායෝගික උපයෝගය: මෙම ලිපිය වූ කලී පාවුලූ යැවූ හසුන් වලින් ඉතාමත් චරිත කථාමය සහ අවම ඉගැන්වීම් සහිතම වූවකි. මෙතුළින් බොහෝ වශයෙන් අනෙකුත් අයට වඩා පාවුලූ පුද්ගලයෙකු ලෙස සහ උපස්ථායකයෙකු ලෙස සදහන් කරනු ලබයි. එසේ ප්‍රකාශ කර තිබියදී අපට මෙම ලිපිය තුළින් යම් කරුණු ලබාගෙන වර්තමානයේ අපගේ ජීවිත වලට අදාල කර ගත හැක. පළමු කාරණය නම් මුදල් වලට පමණක් නොවන කාලයටත් අදාල කරගත යුතු කළමණාකාරිත්වයයි. මකිදෝනිවරු ත්‍යාගශීලිව දුන්නා පමණක් නොව අප සිතූ ලෙස නොව පළමුකොට තුමූම ස්වාමින්වහන්සේටද දෙවියන්වහන්සේගේ කැමැත්ත කරණකොටගෙන අපටද භාරවුණෝයග (2 කොරින්ති 8:5). ඒ ආකාරයෙන්ම අප විසින් කැප කළ යුත්තේ අපට ඇති සියල්ලම පමණක් නොව සම්පූර්ණයෙන්ම අපවයග උන්වහන්සේට සැබැවින්ම අපගේ මුදල් අවශ්‍යය නොවේ. උන්වහන්සේ සර්වබලධාරීය. එතුමන්ට අවශ්‍යය වන්නේ සේවය කිරීමටල සතුටු කිරීමට සහ ප්‍රේම කිරීමට බොහෝ ප්‍රිය කරන හදවතක්යග කළමණාකාරිත්වය සහ දෙවියන්වහන්සේට දීම මුදල් වලට වඩා දෙයකි. එසේය දෙවියන්වහන්සේට අවශ්‍යය වන්නේ අපගේ ආදායමෙන් කොටසක් ඔතු ලෙස දීමය එසේ අප විසින් දුන් විට අපට ආශිර්වාද කිරිමට උන්වහන්සේ පොරොන්දු වන සේක. මීටත් වඩා බොහෝමයක් ඇත. දෙවියන් වහන්සේට අපගේ සියයට සියයක්ම අවශ්‍යයවේ. උන්වහන්සේ ප්‍රිය කරනු ලබන්නේ අපට ඇති සියල්ලම දෙන විටය. අපම වන සියල්ලමය. අප අපගේ ජීවිත ගත කළ යුත්තේ අපගේ පියාණන්වහන්සේට සේවය කරමින්ය. අප දෙවියන්වහන්සේට දිය යුත්තේ අපගේ වැටුපෙන් පමණක් නොව උන්වහන්සේව පිළිඹිබු කරන අපගේ ජීවිතමය. පළමුකොට අප අපගේ ජීවිත ස්වාමින්වහන්සේට දිය යුතු අතර ඉන්පසුව සභාවටත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සේවයටත්ය.



අළුත් ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



2 වන කොරින්ති පොත