settings icon
share icon

1 වන තිමොති පොත

කර්තෘ: 1 වන තිමොති පොත ලියනු ලැබුවේ අපෝස්තුළු පාවුලූ විසින්ය (1 තිමොති 1:1).

ලියනු ලැබූ දිනය: 1 වන තිමොති පොත ලියනු ලැබුවේ ක්‍රි. ව. 62–66.

ලිවීම්හි අභිමතාර්ථය: පාවුලූ විසින් තිමොතිට ලියනු ලැබුවේ, එපීසි සභාවේ සහ බොහෝ විට ආසියානු පළාතේ ඇති අනෙකුත් සභාවන්හී වගකීම මෙන්ම එහි කාර්‍යයන් වලට නායකත්වය දීමට ධෛර්‍යය ගෙන දීම පිණිසය (1 තිමොති 1:3) මෙම ලිපිය මගින් අඩිතාලමක් තබන්නේ වැඩිමහල්ලන් පත් කිරීමට (1 තිමොති 3:1–7) සහ සභාවේ තනතුරු දැරීමට ජනයාව පත් කිරීම සදහා මගපෙන්වීම පිණිසය (1 තිමොති 3:8–13). සංක්ෂිප්තයක් වශයෙන් ගත් කළ 1 වන තිමොති, සභා සංවිධානයට සහ පාලනත්වයට නායකත්වයේ අත් පොතකි.

මූලික පද:
1 තිමොති 2:5, “මක්නිසාද ඇත්තේ එක දෙවිකෙනෙක් සහ දෙවියන් වහන්සේටත් මනුෂ්‍යයන්ටත් අතරේ එක මැදිහත්කාර කෙනෙකුත්ය.”

1 තිමොති 2:12, “උගන්වන්ටවත් පුරුෂයා කෙරෙහි බලය පවත්වන්ටවත් ස්ත්‍රියෙකුට ඉඩ නාරිමි. ඈ නිශ්ශබිදව සිටීවා.”

1 තිමොති 3:1–2, “යමෙක් සභාවේ නායක තනතුර ලබන්ට ආශාවන්නේ නම් ඔහු යහපත් වැඩකට ආශාවන්නේය යනු විශ්වාසවූ කීමක්ය. එහෙයින් නායක තෙමේ නිර්දෝෂීවූ, එක් භාර්යායකට පුරුෂයාවූ පමණ දැන හැසිරෙන්නාවූ, සිහියද පිළිවෙළක්ද ඇත්තාවූ ආගන්තුක සත්කාරයට කැමතිවූ උගන්වන්ට සමර්ථවූ කෙනෙක්ව සිටින්ට ඕනෑය.”

1 තිමොති 4:9–10, “මෙය විස්වාසවූ සර්වප්‍රකාරයෙන් පිළිගත යුතුවූ කීමක්ය. එසේය ඒ පිණිස අපි වැඩකරමුව, වීර්‍යය කරමුව, මක්නිසාද සියලූ මනුෂ්‍යයන්ගේ ප්‍රධානකොට ඇදහිලිවන්තයන්ගේ ගැළවුම්කාරයාණන්වූ ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙහි අපි බලාපොරොත්තුව සිටිමුව.”

1 තිමොති 6:12, “ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන්කොට සදාකාල ජීවනය අල්ලා ගනින්න, ඊට නුඹ කැදවනු ලැබල බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියෙහි යහපත් ප්‍රකාශනය කර සිටියෙහිය.”

කෙටි සාරංශය: පාවුලූගේ කාර්‍යය භාරයන්ට උපකාරවූ තරුණ පාලකවරයෙකු වූ තිමොතිට පාවුලූ විසින් ලියනු ලැබූ පළමු ලිපිය මෙය වේ. තිමොති ග්‍රීක ජාතිකයකි. ඔහුගේ මව යුදා ජාතික කාන්තාවක් වූ අතර පියා ග්‍රීක ජාතිකයකි. පාවුලූ වනාහි තිමොතිට උපදේශකයකු සහ නායකයකුට වඩා කෙනෙකු වූයේ පාවුලූ ඔහුට පියකු මෙන්ද තිමොති පාවුලූට පුත්‍රයකු මෙන්ද වූ නිසාය (1 තිමොති 1:2). පාවුලූ ලිපිය ආරම්භ කරනු ලබන්නේ, තිමොතිට ව්‍යාජ ගුරුවරුන්ගෙන් සහ ව්‍යාජ ඉගැන්වීම් වලින් ආරක්ෂා වී සිටීමට ආයාචනා කරමිනි. කෙසේ නමුත් ලිපියෙහි බොහෝ වශයෙන් කටයුතු කරන්නේ පාලකවරුන්ගේ හැසිරීම පිළිබදවය. පාවුලූ විසින් තිමොතිට නමස්කාරය (2 වන පරිච්ඡේදය) සහ පරිණත නායකයන් සභාවෙහි වර්ධනය කිරීම (3 වන පරිච්ඡේදය) පිළිබදව උපදෙස් දෙනු ලබයි. මෙම ලිපියෙහි බොහෝ වශයෙන් කටයුතු කරන්නේ පාලකවරුන්ගේ හැසිරීම, ව්‍යාජ ගුරුවරුන් පිළිබද අනතුරු ඇගවීම්, පාපයේ නිරතවන සාමාජිකයන් කෙරෙහි සභාවෙහි වගකීම, වැන්දඹුවන්, වැඩිමහල්ලන් සහ වහලූන් පිළිබදවය. මෙම ලිපිය පුරාවට පාවුලූ තිමොතිව ධෛර්‍යයවත් කරනු ලබන්නේ ශක්තිමත්ව සිට ගනු පිණිසත්, නොපසුබට වීර් සහ උන්වහන්සේගේ කැදවීමට විශ්වාසවන්තව සිටිනු පිණිසත්ය.

සබඳතා: 1 වන තිමොති පොත සහ පැරණි ගිවිසුම අතර සිත්ගන්නා සුළු සම්බන්ධකය නම්, වැරදි ක්‍රියා වලට දෝෂාරෝපණය ලැබීමේදි සභාවෙහි වැඩිමහල්ලන් “ද්විත්ව ගෞරවයට” යෝග්‍යය වීමට සහ ගරු බුහුමනට සුදුසු වීමට සලකා බැලීමේ පදනම පිලිබදව පාවුලූගේ උපහරණයයි (1 තිමොති 5:17–19). ද්විතීය කථාව 24:15, 25:4 සහ ලෙවී කථාව 19:13 යන සියල්ලම තුළින් ප්‍රකාශ කරනු ලබන්නේ සේවකයකුට තමා උපයා ගත් දෙයට ගෙවීමේ අවශ්‍යතාවය සහ එය කළ කාලෝචිතව කළ යුතු ආකාරයයි. මෙසෛයික නීතියේ කොටසක් මගින් නියම කරනු ලබන්නේ මනුෂ්‍යයකුට විරුද්ධව දෝෂාරෝපණයක් ගෙන එනු සදහා සාක්ෂිකරුවන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු අවශ්‍යය වන බවය (ද්විතීය කථාව 19:15). තිමොති පාලකවරයෙකු ලෙස කටයුතු කළ සභාවන්හී යුදෙව් කිතුණුවන් පැරණි ගිවිසුමේ මෙම සබදතා පිළිබදව ඉතා හොදින් දැන සිටින්නට ඇත.

ප්‍රායෝගික උපයෝගය: යේසුස් ක්‍රිස්තුස්වහන්සේව පාවුලූ විසින් ඉදිරිපත් කොට ඇත්තේ දෙවියන්වහන්සේ සහ මනුෂ්‍යයා අතර මැදිහත්කරුවාණන් ලෙසත් (1 තිමොති 2:5), උන්වහන්සේ කෙරෙහි අදහන්නවුන්ට ගැළවුම්කරුවකු ලෙසත්ය. සභාවෙහි ස්වාමින්වහන්සේ උන්වහන්සේ වන අතර තිමොති උන්වහන්සේට සේවය කරනු ලබන්නේ එතුමන්ගේ සභාවෙහි පාලකවරයා ලෙස සේවය කරමිනි. මෙලෙස අපට දක්නට ලැබෙන්නේ පාවුලූගේ පළමු ලිපියෙහි ප්‍රධානතම අදාල කිරිම නම් “ඔහුගේ ඇදහිල්ලේ පුත්‍රයා” වෙතටය. පාවුලූ විසින් තිමොතිට උපදෙස් දෙනු ලබන්නේ සභාවේ ඉගැන්වීම්, සභාවේ නායකත්වය සහ සභාවේ පාලනය පිළිබදව කරුණුය. අපට එම උපදෙස්ම අපගේ වර්තමාන දේශීය සමූහය ආණ්ඩු කිරීමට භාවිතා කළ හැක. ඒ ආකාරයෙන්ම තිමොතිගේ වකවානුවේ මෙන්ම පාලකවරයකුගේ කාර්‍යය භාරය සහ සේවය, වැඩිමහල්ලකුට තිබිය යුතු සුදුසුකම් සහ උපස්ථායකයකුට තිබිය යුතු සුදුසුකම්ද වර්තමානයට වැදගත් සහ උචිතවේ. තිමොතිට පාවුලූ විසින් ලියනු ලැබූ පළමුවන ලිපිය සමාන වන්නේ ආදර්ශයන්, පාලනය කිරීම් සහ දේශීය සභාවේ පාලකයකු ලෙස ක්‍රියා කිරිම ආදිය පිළිබදව උපදෙස් දෙනු ලබන පොතක් ලෙසය. මෙම ලිපියෙහි උපදෙස් පාවුලූගේ වකවානුවේ මෙන්ම වර්තමාන ක්‍රිස්තුස්වහන්සේගේ සභාවෙහි ඕනැම නායකයකුට සහ පෙරදිසි නායකයකුට ඒ හා සමව අනුකූල වේ. තම සභාවෙහි නායකත්ව භූමිකාවට කැදවීම නොලැබූවන්ටද මෙම පොත ප්‍රායෝගික වේ. සෑම අනුගාමිකයකුම ඇදහිල්ල උදෙසා සටන් වැදිය යුතු අතර ව්‍යාජ ඉගැන්වීම් මගහැරිය යුතුය. සෑම අනුගාමිකයකුම ශක්තිමත්ව සිටගත යුතු මෙන්ම නොපසුබට වීර්‍යය කළ යුතුවේ. English



අළුත් ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

1 වන තිමොති පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries