1 වන තෙසලෝනික පොත



කර්තෘ: 1 වන තෙසලෝනික 1:1හි පෙන්වා දෙනු ලබන්නේ 1 වන තෙසලෝනික පොත ලියනු ලැබුවේ අපෝස්තුළු පාවුලූ බොහෝ දුරට සීලස් හා තිමොති හා සමගය.

ලියනු ලැබූ දිනය: 1 වන තෙසලෝනික පොත දළ වශයෙන් ක්‍රි. ව. 50 හීදි ලියනු ලැබිණි.

ලිවීමිහි අභිමතාර්ථය: තෙසලෝනික සභාවෙහි ක්‍රිස්තුස්වහන්සේගේ නැවත ඊම පිළිබදව වැරදි වැටහීම් සමහරක් තිබිණ. පාවුලූගේ අභිලාෂය වූයේ මෙම ලිපිය තුළින් ඒ සියල්ලම පැහැදිලි කර දීමය. එසේම ඔහු එය ශුද්ධ ලෙස ජීවත් වීමට අවවාදයන් ලෙසද ලියනු ලබයි.

මූලික පද:
1 තෙසලෝනික 3:5 “මේ නිසා මටත් තවත් ඉවසා ගන්ට නොහැකිව පරික්ෂකයා යම් අන්දමකින් නුඹලාව පරික්ෂා කිරිමෙන් අපේ වීර්‍යය හිස්වුණාදෝ කියා නුඹලාගේ ඇදහිල්ල ගැන දැනගන්නා පිණිස එවීමි.”

1 තෙසලෝනික 3:7, “සහෝදරයෙනි අපේ සියලූ අමාරුවලින් පීඩාවලදීත් නුඹලාගේ ඇදහිල්ල නිසා නුඹලා සම්බන්ධව සැනසීම ලැබීමුව.”

1 තෙසලෝනික 4:14–17, “මක්නිසාද යේසුස්වහන්සේ මැරී නැවත නැගුටුණු සේකැයි අපි අදහමු නම්, එසේම දෙවියන්වහන්සේ යේසුස්වහන්සේ කරණකොටගෙන සැතපී සිටින්නන් උන්වහන්සේ සමග ගෙනෙන සේක. මක්නිසාද ස්වාමින්වහන්සේගේ ඊම දක්වා ජීවත්ව ඉතුරුවෙන අපි සැතපුණු තැනැත්තන්ට කිසිසේත් ඉස්සර නොවන්නෙමු යයි ස්වාමින්වහන්සේගේ වචනයෙන් අපි නුඹලාට කියමුව. මක්නිසාද ස්වාමින්වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේවදූතයකුගේ හඩද දෙවියන්වහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගයෙන් බස්නා සේක. ක්‍රිස්තුස්වහන්සේ තුළ මළාවූ අය පළමුකොට නැගිටින්නෝය. එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එකවිටම ඔවුන් සමග ස්වාමින් වහන්සේ සම්මුඛ වන පිණිස වළාකුල් වලින් අහසට ඇදගනු ලබන්නෙමුව. මෙසේ අපි නිතරම ස්වාමින්වහන්සේ සමග සිටින්නෙමුව.”

1 තෙසලෝනික 5:16, “නිතරම ප්‍රීතිවෙයල්ලා. නොකඩව යාච්ඤා කරපල්ලා. සියල්ලේදී ස්තුති කරපල්ලා. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ යේසුස්වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය.”

කෙටි සාරංශය: ප්‍රථම පරිච්ඡේද 3 හි සදහන් වන්නේ තෙසලෝනික සභාව බැහැ දැකීමට පාවුලූට ඇති ආශාව වූවත් සාතන් ඔහුව නවතා ලු හෙයින් එසේ යෑමට ඔහුට නොහැකි විය (1 තෙසලෝනික 2:18), එසේම පාවුලූ ඔවුන් ගැන සලකමින් සහ ඔවුන් සුවසැප කෙසේදයත් දැන ගැනීමට පෙළඹුනේය. ඉන් අනතුරුව පාවුලූ ඔවුන් වෙනුවෙන් යාච්ඤා කළේය (1 තෙසලෝනික 3:11–13). 4 වන පරිච්ඡේදයේ පාවුලූ තෙසලෝනික සභාවේ ඇදහිලිවන්තයන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ශුද්ධ ජීවිතයක් ගත කළ යුතු ආකාරය පිළිබදව උපදෙස් දෙනු ලබයි (1 තෙසලෝනික 4:1–12). පාවුලූ තවදුරටත් ඔවුන් තුළ තිබූ දුර්මතයක් පිළිබදව උපදෙස් දෙනු ලබයි. ඔහු විසින් සෙනගට කියනු ලබන්නේ ක්‍රිස්තුස්වහන්සේ තුළ මළාවූ අයද උන්වහන්සෙ නැවත පැමිණි විට ස්වර්ගයට යනු ලබන බවය (1 තෙසලෝනික 4:13–18, 5:1–11). පොත නිම වන්නේ කිතුණු ජීවිතයක් ගත කිරීම පිළිබදව අවසාන උපදෙස් හා සමගය.

සබඳතා: පාවුලූ තෙසලෝනිකයන්ට මතක් කර දෙනු ලබන්නේ “තමන්ගේම ගම්වැසියන්” කරණකොටගෙන ඔවුන් ලබමින් සිටියාවූ හිංසාවන් (2:15), මෙන්ම මෙසියස්වහන්සේව ප්‍රතික්ෂේප කරනු ලැබු යුදෙව්වන් පැරණි ගිවිසුමෙහි ප්‍රොපේතවරුන් දුක්විදි අයුරුම වූ බවය (යෙරමියා 2:30; මතෙව් 23:31). යේසුස්වහන්සේ විසින් අනතුරු අගවනු ලැබුවේ දෙවියන්වහන්සේගේ සත්‍යය දිවැසිවරුන්ට සෑම විටකම අධර්මිෂ්ටයන් විරුද්ධ වන බවය (ලුක් 11:49). කොලොස්සි තුළින් පාවුලූ ඔවුන්ට මතක් කර දෙනු ලැබුවේ එම සත්‍යයමය.

ප්‍රායෝගික උපයෝගය: මෙම පොත ජීවිතයේ බොහෝ අවස්ථාවන්ට අදාළ කළ හැක. එය තුළින් කිතුණුවන් වන අපට දෙනු ලබන උසස් බලාපොරොත්තුව නම් මරණයට පත්වී හෝ ජීවත්ව සිටියත් ක්‍රිස්තුස්වහන්සේ නැවත පැමිණි විට අප උන්වහන්සේ හා සමග සිටීමට යන බවය (1 තෙසලෝනික 4:13–18). කිතුණුවන් ලෙස අපට ඇති සහතිකය නම් දෙවියන් වහන්සේගේ උදහස අප කෙරෙහි නොපැමිණෙන බවය (1 තෙසලෝනික 5:8–9).ග එමගින් අපට උපදෙස් දෙනු ලබන්නේ දිනපතා කිතුණු ජීවිතයෙහි ගමන් කරන්නේ කෙසේද යන්නය (1 තෙසලෝනික 4-5).



අළුත් ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



1 වන තෙසලෝනික පොත