settings icon
share icon

1 පේත්‍රස් පොත

කර්තෘ: 1 පේත්‍රස් 1:1හී අපෝස්තුළුවූ පේත්‍රස් එහි කර්තෘන් ලෙස හඳුනාගනු ලබයි.

ලියනු ලැබූ දිනය:1 පේත්‍රස් පොත බොහෝ දුරට ලියනු ලබා ඇත්තේ ක්‍රි.ව. 60-65 අතර කාලයක විය හැක.

ලිවීමේ අරමුණ: 1 පේත්‍රස් යනු අපෝස්තුළුවූ පේත්‍රස් විසින් පුරාණ ලෝකයේ විසිරුවා හැර සිටි අධිකතර පීඩා යටතේ සිටි ඇදහිලිවන්තයන්ට ලියූ ලිපියකි. යමෙකු විසින් පීඩාව යනු කුමක්දැයි අවබෝධ කොට ගත්තේ නම් ඒ පේත්‍රස්ය. දේව වචනය දේශනා කරනු ලැබීම හේතුකොටගෙන ඔහුට පහර දෙනු ලැබ, තර්ජනය කොට, දඩුවම් කරනු ලැබ මෙන්ම සිරගත කරනුද ලැබීය. තිත්තකමෙන් තොරව බලාපොරොත්තු නැති නොකොට ගෙන මහත් ඇදහිල්ලකින් කීකරු ජයග්‍රාහී ජීවිතයක් ගත කිරීම සදහා ඉවසා දරාගෙන ගමන් කිරීම සදහා කළ යුතු දේ ඔහු විසින් දැන සිටියේය. යේසුස්වහන්සේ තුළ ජීවමාන බලාපොරොත්තුව පිළිබදව මෙම අවබෝධය සුභාරංචි පණිවුඩයවූ අතර අනුගමනය කළ යුත්තේ ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශයවේ.

ප්‍රධාන පදයන්:
1 පේත්‍රස් 1:3, "අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සෙගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා! ජීවන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන උන්වහන්සේ තමන්ගේ මහත් දයාව ලෙස අප නැවත උත්පාදනය කළ සේක."

1 පේත්‍රස් 2:9, "නමුත් අන්ධකාරයේ තමන්ගේ විස්මපත් ආලෝකයට ඔබ සැම කැදවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස ඔබ සැම වනාහී තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනගක්ද වන්නහුය."

1 පේත්‍රස් 2:24, "අප පාප වලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත්වන පිණිස උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලු සේක; උන්වහන්සේගේ තුවාල වලින් ඔබ සැම සුව කරනු ලැබූවහුය."

1 පේත්‍රස් 5:8-9, "සිහි ඇතිව අවදිව ඉන්නග ඔබ සැමගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේයග ලෝකයේ සිටින ඔබ සැමගේ සහෝදරයන් කෙරෙහි එම දුක්ම පැමිණෙන් බව දැන ඔබ සැමගේ ඇදහිල්ලෙහි ස්ථිරව සිට යක්ෂයාට විරුද්ධව සිටින්න."

කෙටි සාරංශය: මෙම පීඩා කාලය ඉතා දුෂ්කර වූවත් පේත්‍රස් විසින් අනාවරණය කරනු ලබන්නේ එය සැබවින්ම ප්‍රීති විය යුතු කාලයක් බවය. ඔවුන්ගේ ගැළවුම්කරුවාණන් ඔවුන් වෙනුවෙන් දුක් වින්දාක් මෙන් ක්‍රිස්තුස්වහන්සේ උදෙසා දුක් විදීම වරප්‍රසාදයක් ලෙස සලකන මෙන් ඔහු පවසයි. මෙම ලිපිය මගින් පේත්‍රස් යේසුස්වහන්සේ හා සමග ලැබූ පෞද්ගලික අත්දැකීම් සහ ක්‍රියා පොතෙහි සදහන් ඔහුගේ දේශනාවන් වෙත යොමු කරනු ලබයි. පේත්‍රස් විසින් ස්ථිර කරනු ලබන්නේ සෑම කිතුණුවකුගේම බලවත්ම සතුරා සාතන් බවත් එන මුත් අනාගතයේ ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පැමිණීමේ සහතිකය බලාපොරොත්තුවේ ප්‍රේරකයක් වන බවය.

සබදතා: පැරණි ගිවිසුමෙහි නීති සහ අනාගතවක්තෘවරුන් පිළිබද පේත්‍රස්ට තිබුනාවූ හුරුපුරුද්ද කරණකොටගෙන මෙසියස් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය සහ වැඩ කටයුතු පිළිබද විවිධ පැරණි ගිවිසුමෙහි ඡේද පැහැදිලි කිරීමට ඔහුට හැකිවිය. 1 පේත්‍රස් 1:16 හී ඔහු ලෙවී කථාව 11:44 උපුටා දක්වයි: මා ශුද්ධව සිටින හෙයින් ඔබ සැමත් ශුද්ධව සිටිය යුතුය. ඔහු ප්‍රාරම්භ වශයෙන් දක්වන්නේ ශුද්ධකම අත්පත් කරගැනීමට හැකි වනුයේ නීතිය පිළිපැදීමෙන් නොව ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට ඇති වරප්‍රසාදයෙන් බවය (13 වන පදය). තවද යෙසායා 28:16 සහ ගීතාවලිය 118:22 හී සදහන් "කොනේ ගල" පිළිබදව පේත්‍රස් විස්තර කරනු ලබයි. ඔවුන්ගේ අකීකරුකම සහ අවිශ්වාසය හේතුකොටගෙන උන්වහන්සේව ප්‍රතික්ෂේප කරනු ලැබූ සේක. අතිරේක පැරණි ගිවිසුම් යොමු කිරීම් තුළ පාප රහිත ක්‍රිස්තුස්වහන්සේ පිළිබදව අන්තර්ගතවේ (1 පේත්‍රස් 2:22 / යෙසායා 53:9) එසේම ආශිර්වාද ලබා දෙන දෙවියන්වහන්සේගේ බලය තුළින් ශුද්ධ ජිවිතයක් ගත කිරීම පිණිස අනුශාසනා ලබාදේ (1 පේත්‍රස් 3:10:12; ගීතාවලිය 34:12-16; 1 පේත්‍රස් 5:5;ත හිතෝපදේශ 3:34).

ප්‍රායෝගික යෙදුම: සදාකාල ජීවනය පිළිබද සහතිකය සියලූම කිතුණුවන්ට ලබා දී ඇත. ක්‍රිස්තුස්වහන්සේ හා සමග හඳුනාගත හැකි එක් ක්‍රමයක් නම් උන්වහන්සේගේ දුක් වේදනා හා සමග හවුල් වීමය. අපට "ඉතාමත් ගුණවන්ත" ලෙස හෝ "ධර්මිෂ්ඨ" යයි ප්‍රකාශ කරමින් අන්‍යයන් කරන්නාවූ අපහාස සහ කැළල් ඉවසීමෙන් විද දරා ගැනීමක් වේ. ක්‍රිස්තුස්වහන්සේ අප වෙනුවෙන් කුරුසියෙහි වින්දාවූ දුක් ගැහැට හා සසදන කළ මෙය ඉතා සුළු දෙයකි. ඔබ දන්නාවූ සහ නිවැරදි යයි විශ්වාස කරනු ලබන දේ තුළ ස්ථිරව සිට ගෙන ලෝකය සහ සාතන් ඔබට රිද වීමට අරමුණු කර ගන්නා කල ප්‍රීති වන්න.

English

අළුත් ගිවිසුම පිළිබඳ සමීක්ෂණය
1 පේත්‍රස් පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries