settings icon
share icon

1 වන කොරින්ති පොත

කර්තෘ: 1 වන කොරින්ති පොතෙහි කර්තෘන් අපෝස්තුළු පාවුළු බව 1 කොරින්ති 1:1 හි හැදින්වේ.

ලියනු ලැබූ දිනය: 1 වන කොරින්ති පොත දළ වශයෙන් ක්‍රි. ව. 55 ලියනු ලැබිණි.

ලිවීමිහි අභිමතාර්ථය: කොරින්ති සභාව පිහිටුවනු ලැබුවේ අපෝස්තුළු පාවුළු විසිනි. කොරින්ති සභාවෙන් ඉවත්වී ගොස් වසර කිහිපයකට පසුව එම සභාව පිළිදබදව කැළඹුම් සහගත වාර්ථා අපෝස්තුළු පාවුළුට අසන්ට ලැබිනි. ඔවුන් උඩගුකමින් පෙළී ලිංගික දුරාචාරය පිළිබදව නිදසහට කරුණු ඉදිරිපත් කළහ. ආත්මික දීමනා අනිසි ලෙස භාවිතා කරනු ලැබූ අතර ප්‍රධාන කිතුණු ඉගැන්වීම් පිළිබදව බහුලව පැතුරුණු වැරදි වැටහීම් තිබිණ. අපෝස්තුළු පාවළු විසින් කොරින්තිවාසීන්ට ලියනු ලැබූ ප්‍රථම ලිපිය වූ කලී කොරින්ති සභාව එහි අඩිතාලම වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ප්‍රතිෂ්ඨාපනය කිරිමේ ප්‍රයත්නයකි.

මූලික පද:
1 කොරින්ති 3:3: “මක්නිසාද නුඹලා තවම මාංසිකයග නුඹලා අතරෙහි ඊර්ෂ්‍යාවද විවාදයද ඇති බැවින්ල නුඹලා මාංසිකව මනුෂ්‍යය ප්‍රකාරයෙන් හැසිරෙනවා නොවේද?”

1 කොරින්ති 6:19–20: “නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන් වහන්සේගෙන් ලැබූල නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද? නුඹලා නුඹලාටම අයිති නැත, මක්නිසාද නුඹලා මිලේට ගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරව කරපල්ලා.”

1 කොරින්ති 10:31: “එහෙයින් නුඹලා කතත් බොතත් වෙන යමක් කරතත් සියල්ල දෙවියන්වහන්සේගේ ගෞරවය පිණිස කරපල්ලා.”

1 කොරින්ති 12:7: “නමුත් ආත්මයාණන්වහන්සේගේ ප්‍රකාශවීම එකිනෙකාට දී තිබෙන්නේ ප්‍රයෝජනය පිණිසය. කෙසේද යත්”

1 කොරින්ති 13:4–7: “ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය ගුණවන්තය ප්‍රේමය ඊර්ෂ්‍යයා වන්නේ නැත ප්‍රේමය පාරට්ටු කරගන්නේ නැත උඩගුවෙන්නේ නැත. අශෝභන ලෙස හැසිරෙන්නේ නැත තමාගේම කාරණා සොයන්නේ නැත. කෝප වන්නේ නැත නපුර ගණන් ගන්නේ නැත අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමග ප්‍රීතිවන්නේ සියල්ල දරාගන්නේය, සියල්ල විශ්වාස කරන්නේය සියල්ල බලාපොරොත්තු වන්නේය සියල්ල ඉවසන්නේය.”

1 කොරින්ති 15:3–4: “ඉතින් මාත් ලබාගත්දේ සියල්ලට පළමුවෙන් නුඹලාට භාර දුනිමි එනම් ලියවිලි වල ප්‍රකාරයට අපේ පව් නිසා ක්‍රිස්තුස්වහන්සේ මැරුණු බවත් උන්වහන්සේ තැන්පත් කරනු ලැබූ බවත් ලියවිලිවල ප්‍රකාරයට තුන්වෙනිදා උන්වහන්සේ නැගිටුවනු ලැබූ බවත්.”

කෙටි සාරංශය: බෙදීම් කරණකොටගෙන කොරින්ති සභාව මහත් හිරිහැරයන්ට ලක්වීමට හේතුවිය. කොරින්තියේ ඇදහිලිවන්තයන් සමහර අධ්‍යාත්මික නායකයන්ට පක්ෂපාති වූ කණ්ඩායම් වලට බෙදීමට පටන් ගත්හ. (1 කොරින්ති 1:12; 3:1–6). පාවුළු විසින් කොරින්තිවාසීන්ට එකමුතු වී සිටීමට අනුශාසනා දෙනු ලැබුවේ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි තිබූ ශ්‍රද්ධාව හේතුකොටගෙනය (1 කොරින්ති 3:21–23). සභාවෙහි බොහෝ දෙනෙකු ඉඳුරාම අනාචාර සබදතා අනුමත කළහ (1 කොරින්ති 5:1–2). පාවුළු විසින් ඔවුන්ට නියෝග කරනු ලැබුවේ දුෂ්ට මිනිසුන් සභාවෙන් නෙරපා දමන ලෙසය (1 කොරින්ති 5:13). කොරින්තියේ ඇදහිලිවන්තයන් එකිනෙකාව අධිකරණයට ගෙන යනු ලැබීය (1 කොරින්ති 6:1–2). පාවුළු විසින් කොරින්තිවාසීන්ට උගන්වනු ලැබුවේ කිතුණු සාක්ෂිය හානි කරගැනීමට වඩා වාසි ලබා ගැනීම වඩාත් යහපත් වන බවය (1 කොරින්ති 6:3–8).

පාවුළු විසින් කොරින්ති සභාවට විවාහය සහ බ්‍රහ්මචර්යාව (7 වන පරිච්ඡේදය), රූප වලට පුදනු ලැබූ ආහාර (8 සහ 10 වන පරිච්ඡේද), කිතුණු නිදහස (9 වන පරිච්ඡේදය) සහ ස්ත්‍රීන්ගේ හිස් ආවරණය කිරීම (1 කොරින්ති 11:1–16) ස්වාමින්වහන්සේගේ මේසය (1 කොරින්ති 11:17–34), ආත්මික දීමනා (12–14 දක්වා පරිච්ඡේද) සහ නැවත උත්ථානය (15 වන පරිච්ඡේදය) පිළිබදව උපදෙස් දෙනු ලැබිණ. පාවුළු විසින් 1 වන කොරින්ති පොත පිළියෙළ කරනු ලැබුවේ කොරින්ති ඇදහිලිවන්තයන් ඔහුගෙන් ඇසූ පැණයන්ට පිළිතුරු දෙමින් සහ ඔවුන් විසින් පිළිගනු ලැබූ සාවද්‍යය විශ්වාසයන් සහ අනිසි හැසිරීම් වලට ප්‍රතිචාර දක්වමිනි.

සබඳතා: 1 වන කොරින්ති පොතෙහි 10 වන පරිච්ඡේදයේ පාවුළු විසින් ඉශ්‍රායලිතයන්ගේ පාළුකරයේ සැරීසැරීම භාවිතා කරනු ලැබුවේ නිදහස අයථා ලෙස භාවිතා කිරීමේ අනුවණ ක්‍රියාව සහ අධිනිශ්චිතභාවයේ අන්තරාය පිළිබදව කොරින්ති ඇදහිලිවන්තයන්ට උදාහරණ කොට දැක්වීමටය. පාවුළු විසින් කොරින්තිවාසීන්ට දැනටමත් අනතුරු අගවනු ලැබුවේ ආත්ම සංයමය පිළිබදව ඔවුන් තුළවූ හිගය නිසාය (1 කොරින්ති 9:24–27). ඔහු ඉශ්‍රායලිතයන් පිළිබදව විස්තර කරමින් සදහන් කරනුයේ ඔවුන් කෙරෙහි වූ දෙවියන් වහන්සේගේ ආශ්චර්‍යයන් සහ සැලකිල්ල, එසේම රතු මුහුද දෙබෑ කිරීම, ආශ්චර්‍යයජනක ලෙස ස්වර්ගයෙන් මන්නා සහ පර්වතයෙන් ජලය සැපයීම ආදිය නොසලකා ඔවුන්ට තිබූ නිදහස අයථා ලෙස භාවිතා කරමින් දෙවියන් වහන්සේට විරුද්ධව කැරළි ගසමින් දුරාචාරයට සහ රූප නමස්කාරයට යොමු වූ අයුරුය. පාවුළු කොරින්ති සභාවට අනුශාසනා කරනු ලැබුවේ ඉශ්‍රායලිතයන්ගේ නිදසුන සැලකිල්ලට ගෙන තෘෂ්ණාවෙන් සහ ලිංගික දුරාචාරයෙන් (6–8 දක්වා පදයන්) මෙන්ම ක්‍රිස්තුස්වහන්සේව පරීක්ෂාවට ලක් කොට අවලාද කියමින් වැළකී සිටින ලෙසය (9–10 පදයන්). ගණන් කථාව 11:4, 34, 25:1–9; නික්මයාම 16:2, 17:2, 7 බලන්න.

ප්‍රායෝගික උපයෝගය: කොරින්ති සභාව කටයුතු කරමින් තිබූ ගැටළු සහ ප්‍රශ්ණ වර්තමාන සභාව තුළද පවතී. වර්තමාන සභාවන් තවමත් අරගල කරනු ලබන්නේ බෙදීම්වල දුරාචාරය සහ ආත්මික දීමනා වල භාවිතය පිළිබදවය. 1 වන කොරින්ති පොත වර්තමාන සභාවන්ට පහසුවෙන්ම ලියනු ලැබ අපද පාවුළුගේ අනතුරු ඇගවීම් වලට ඉතා හොදින් ඇහුම්කන් දී ඒවා අපගේ ජීවිත වලට අදාළ කරගැනීම මැනවින් කළ හැක්කකි. සියලූ තරවටු සහ නිදොස් කීරීම් අරභයා 1 වන කොරින්ති පොත අපගේ අවධානය ආ යුතු ස්ථානය එනම් ක්‍රිස්තුස්වහන්සේ වෙතට ගෙන එනු ලබයි. බොහෝ ගැටළු වලට පිළිතුර නම් අව්‍යාජවූ කිතුණු ප්‍රේමයයි (13 වන පරිච්ඡේදය). ක්‍රිස්තුස්වහන්සේගේ නැවත උත්ථානය පිළිබදව මනා අවබෝධයක් 15 වන පරිච්ඡේදය තුළින් අනාවරණය වන අතර එතුළින් අපගේ ස්ව උත්ථානය පිළිබදවද මනා අවබෝධයක් ලබා ගනු ලැබ එය අපගේ බෙදී වෙන්වීම් වලටත් පරාජය වීම් වලටත් එකම ප්‍රතිකර්මයවේ. English



අළුත් ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

1 වන කොරින්ති පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries