settings icon
share icon
ප්‍රශ්නය

ඉපල භාවිතා නොකිරීමෙන් දරුවා නාස්තිවී යන්නේහි අර්ථය කුමක්ද?

පිළිතුර


“ඉපල භාවිතා නොකිරීමෙන් දරුවා නාස්තිවී යන්නේය” යන වාක්‍ය ඛණ්ඩය වනාහී නූතන හිතෝපදේශයකි. ඉන් අදහස් කරනුයේ දඩබ්බර දරුවෙකු හික්මවීමට දෙමවිපියන් ප්‍රතික්ෂේප කරන්නේ නම් එම දරුවා තමාගේ මාර්ගයක ගමන් කිරීමට ඇබ්බැහි වනු ඇති බවය. සාමාන්‍ය ව්‍යවහාරයට අනුව ස්වභාෂාවෙන් පවසත් නම් ඔහු නාස්තී වී ගිය දගකාර කොල්ලෙකු හෝ කෙල්ලෙකු බවට පත් වන බවය. මෙම ප්‍රකාශනය සටහන් වනුයේ හිතෝපදේශ 13:24 හිය, “ඉපල පාවිච්චි නොකරන්නා තම පුත්‍රයාට වෛර වන්නේය; එහෙත් ඔහුට ප්‍රේම වන්නා කල්තබා ඔහුට දඩුවම් කරන්නෝය.” ස්වාමින්වහන්සේ හික්මවීම භාවිතා කරනුයේ අපගේ පාපයන් අපට නිරාවරණය කරනු වස්යගතමන්ගේ දරුවන්ට ගැළවුම්කරුවකුගේ අවශ්‍යයතාවය පිළිබදව සත්‍යය නිරාවරණය කරනු ලබන්නේද මේ ආකාරයටය. තමන්ගේ පාපයේ විපාක දරුවාට නොදැනෙන කළ පාපයට දඩුවම් අවශ්‍යය බව ඔහුට නොවැටහේ. ස්වාමින්වහන්සේ යේසුස්වහන්සේ කරණකොටගෙන ගැළවීම සහ සමාව සදහා මාර්ගයක් ලබා දෙන සේක. එනමුත් ඉන් අදහස් කරනුයේ තමන්ගේ පාපයට නොදකින අයට එය අල්පයක් බවය.

තවද නිවැරදි කිරීම් තුළින් අපට පෙන්වා දෙන්නේ අප දෝෂාරෝපණයට වඩා ඉහළින් නොසිටින බවත් අපගේ ක්‍රියාවන් සදහා අප වගකිව යුතු බවත්ය. ස්වභාවික උඩගුකම ගැළවුම්කරුවකු පිළිබද අපගේ අවශ්‍යයතාවයට අපව අන්ධ කරනු ලබන අතර විනය මගින් අපගේ කාළකණ්නිකමේ සත්‍යය අනාවරණය කරයි (එළිදරව් 3:17). දරුවා කිසි දිනක හෝ සිදු කරනු ලබන වැදගත්ම තෝරා ගැනීම ගැළවීම හෙයින් දෙමව්පියන් ඔහුව ක්‍රිස්තුස්වහන්සේ වෙත ළගා කිරීමේ ක්‍රියාවලියට විනය ඉතා වැදගත්වේ. හිතෝපදේශ 23:13 හී සදහන් වනුයේ “දරුවාගෙන් දඩුවම නොවලක්වන්න. ඉපලෙන් නුඹ ඔහුට තලන්නේ නම් ඔහු නසින්නේ නැත.” 13-14 පදයන්හී සන්දර්භය තුළ මිය යන්න යන්නෙන් අදහස් වනුයේ “නිරයේ ආත්මික මරණය අත්විදීම” යන්නවේ. අධිකාරි බලයට ගරු කරන්නාවූ සහ තම පාපය හේතුකොටගෙන ශෝක වන දරුවන් ඔවුන්ට සමාව දී ගැළවීම ලබා දෙන ලෙසට යේසුස් වහන්සේගෙන් ඉල්ලා සිටීමට බොහෝ දුරට සිදුවිය හැක.

සියලූම දරුවන් පව්කරුවන් ලෙස උපත ලබති. (රෝම 5:12-19) ඔවුන්ගේ ස්වභාවික ස්වභාවය විනාශකාරී සහ අධර්මිෂ්ඨවේ. ඉන් අදහස් වනුයේ ඔවුන් ආදරය ලැබීමට නුසුදුසු හෝ නොවටිනා අය බව නොවේ (ගීතාවලිය 127:3). ඉන් අදහස් වනුයේ ඔවුන් කිසිඳු ස්වභාවික “යහපතක්” සහිතව උපත ලබා නොමැති බවය. සියලූම දරුවන්ට විනය අවශ්‍යය වනුයේ එබැවිනි. හිතෝපදේශ 22:15 හී සදහන් වනුයේ “මෝඩකම ළමයෙකුගේ සිතට බැදී තිබේ; දඩුවම් කිරීමේ ඉපල එය ඔහුගෙන් දුරු කරයි.” ප්‍රඥාව සදහා විනය ඉතා වැදගත්වේ (හිතෝපදේශ 29:15). තම දෙමව්පියන්ට කීකරු වන දරුවා ප්‍රඥාවන්ත වනු ඇත (හිතෝපදේශ 13:1). නිවැරදි කිරීම් වලට අවනත නොවන වැඩිහිටියන්ට පවා මෝඩකමේ ප්‍රතිවිපාක දැනෙනු ඇත (හිතෝපදේශ 10:13).

සමහර අය විනය පිළිබද විශ්වාස කරන නමුත් කුඩා පහරක් ගැසීම පිළිබද විශ්වාස නොකරති. කෙසේ නමුත් සත්‍ය්‍ය කුමක්ද යන්න පිළිබද අවසාන වදන වනුයේ දේව වචනයවේ; එය හුදු මතයක් මතයක් හෝ න්‍යායයක් නොවේ. ඉපල යන වචනයෙන් ඇගවෙන්නේ කල්පවත්නා ශාරිරික තුවාලයක් නොමැතිව කුඩා ශාරිරික වේදනාවක් ලබා දීමට භාවිතා කළ හැකි සිහින් පොල්ලක් හෝ සිහින් රිකිල්ලක්වේ. ශාරීරික නිවැරදි කිරීමක් කරණකොටගෙන දරුවෙකුට කිසිවිටෙක තැලීමක්ල තුවාල කිරීමක් හෝ කැපීමක් නොකළ යුතුවේ. දරුවන් දැහැමි කෝපයට පෙළඹවීම හේතුවෙන් දෙමව්පියන් තම දරුවන් කෙරෙහි ඇති බලය සහ අධිකාරිය කුඩා කාලයේදී අනිසි ලෙස භාවිතා නොකළ යුතු බවට දේව වචනයේ අනතුරු අගවයි. (එපිස 6:4; කොලොස්සි 3:21). ශාරීරින හික්මවීම සැමවිටම ආදරය තුළ සිදු කරනු ලබන අතර කිසිවිටෙකත් දෙමව්පියන්ගේ ආදරය කලකිරීමට පත් කිරීමක් ලෙස නොවේ. එයද විනයෙහි එක් කොටසක් පමණක් වන අතර එය භාවිතා කළ යුත්තේ දරුවා පැහැදිලි සීමාවකට විරෝධය දක්වන විට මිස එම ක්ෂණයට නොවේ.

දෙවියන්වහන්සේ විසින් දෙමව්පියන්ට උපදෙස් දෙනු ලබන්නේ උන්වහන්සේ තම දරුවන්ව රැක බලාගන්නා ආකාරයටම ඔවුන්ගේ දරුවන්වද රැක බලාගන්නා ලෙසය. හෙබ්‍රෙව් 12:5-11 දක්වා අපට ප්‍රකාශ කරනුයේ දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේ ප්‍රිය කරන්නවුන්ව ඔවුන්ගේ ධර්මිෂ්ඨකම සම්පූර්ණ කරනු වස් හික්මවන ලබන සේක බවය. දෙවියන්වහන්සේ විසින් හික්මවනු ලබන්නේ තමන්වහන්සේටම අයත් අය පමණක් වන අතර කිතුණුවන් උන්වහන්සේගේ ආදරණීය දරුවනු බව සනාථ කරන සේක. ස්වාමින්වහන්සේගේ සැරයටිය ඔහුගේ විපත්ති කාලයේදී සනසන බව දාවිත් පවසන බව සලකා බලන්න (ගීතාවලිය 23:4).

අවසාන වශයෙන් කිසිඳු හික්මවීමක් යහපත් නොවන බව අප දනිමු. එනමුත් පසුව විපාකය අලංකාරවේ (හෙබ්‍රෙව් 12:11). දේවමය චරිතය, ආත්මයාණන් වහන්සේගේ ඵල සහ සමාදානය දෙවියන්වහන්සේගේ විනයෙහි විපාකවේ. අපගේ මනුෂ්‍යය දරුවන්ටත් එය එසේ සත්‍යයවේ. තමන්ගේ ක්‍රියාවන් සදහා වගකීම භාරගන්නා ආකාරය ඉගෙන ගත් දරුවන් වඩාත් ප්‍රීතිමත් පුද්ගලයන්වේ (හිතෝපදේශ 3:11-18). නිවැරදී කිරිමේ ඉපලෙහි වැදගත්කම වූ කලී එය දරුවෙකුගේ හදවත යේසුස්වහන්සේ දෙසට යොමු කිරීම සහ උන්වහන්සේ විසින් සලසා දෙන පව් කමාවවේ. දෙමව්පියන් තමන්ගේ ක්‍රමවේදයන්ට වඩා දෙවියන්වහන්සේගේ ක්‍රමවේදය විශ්වාස කරන කල ඔවුන් මෙන්ම ඔවුන්ගේ දරුවන් ආශිර්වාද අත්දකිනු ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඉපල භාවිතා නොකිරීමෙන් දරුවා නාස්තිවී යන්නේහි අර්ථය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries