settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේගේ ස්වෛරී භාවය හා මිනිසාගේ නිදහස් කැමැත්ත ගැලවීම තුළ එකට ක්‍රියා කරන්නේ කෙසේද?

පිළිතුර


අපට තේරුම් ගැනීමට (අවබෝධ කර ගැනීමට) අපහසුයි දෙවියන් වහන්සේගේ ස්වෛරීය භාවය හා මනුෂ්‍යත්වයේ නිදහස් කැමැත්ත හා වගකීම අතර ඇති සම්බන්ධතාවය. දෙවියන් වහන්සේ පමණයි දන්නේ උන් වහන්සේගේ ගැලවීමේ සැලැස්ම තුළ ඉහත සඳහන් දෑ ක්‍රියා කරන්නේ කෙසේද කියා. කෙසේ වෙතත් අප පිළිගත යුතු එක් කරුණක් නම් අපට උන් වහන්සේගේ ස්වභාවය හා උන් වහන්සේ හා අප අතර ඇති සම්බන්ධතාවය හරි හැටි අල්ලා ගැනීමට නොහැකි බව. අනික් පැතිවලට උදක්ම අවධානය දීමට යාමෙන් ගැලවීම පිළිබඳ විකෘර්ති පැත්තකට යොමුවේ.

ශුද්ධ ලියවිල්ල ඉතා පැහැදිලිව සඳහන් කරන දේ නම් දෙවියන් වහන්සේ දන්නවා ගැලවෙන්නේ කව්ද? කියලා (රෝම 8:29; 1 පේත්‍රැස් 1:2). එපීස 1:4 අපට පවසන දෙය නම් උන් වහන්සේ අපව තෝරා ගත්තේ “පොළොවේ අත්තිවාරම් දැමීමට පෙර.” බයිබලයේ කීපවතාවක්ම සඳහන් කරයි ඇදහිලිවන්තයන් “තෝරාගත්” අය ලෙසට (රෝම 8:33; 11:15; එපීස 1:11; කොලොස්සි 3:12; 1 තෙසලෝනික 1:4; 1 පේත්‍රැස් 1:2, 2:9) ඒවගේම “තෝරාගත්” (මතෙව් 24:22; 31; මාර්ක් 13:20; 27; රෝම 11:7; 1 තිමෝති 5:21; 2 තිමෝති 2:10; තීතස් 1:1; 1 පේත්‍රැස් 1:1). ඇදහිලිවන්තයන් නම් පෙර නියම කළ අය (රෝම 8:29-30; එපීස 1:5; 11) සහ තෝරාගත්තවුන් (රෝම 9:11; 11:28; 2 පේත්‍රැස් 1:10) ගැලවීම ඉතා පැහැදිලිය.

බයිබලයේ සඳහන් කරනවා අප වග කියන්න ඕනා ක්‍රිස්තුස් වහන්සේ ගැලවුම් කරුවා ලෙසට පිළිගැනීමට. අප කළ යුතු දෙය නම් කිස්තුස් වහන්සේ දෙස විශ්වාසයෙන් බලා සිටීමයි. එවිට අප ගැලවේ (යොහන් 3:16; රෝම 10:9-10). දෙවියන් වහන්සේ දන්නවා ගැලවෙන්නේ කව්ද? කියලා, ගැලවීම ලැබීමට යුතු අයව උන් වහන්සේ තෝරා ඇත, එමෙන්ම අපද ගැලවීම පිණිස උන් වහන්සේව තෝරා ගත යුතුය. මේ දේවල් සිදුවන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට මනුෂ්‍ය (සීමාරහිත) මනසකට අපහසුය (රෝම 11:33-36). අපගේ වගකීම නම් ශුභාරංචිය මුළු ලෝකයටම ගෙනයාමයි (මතෙව් 28:18-20; ක්‍රියා 1:8). අප අත හැරිය යුතු දේවල් නම් අනාගත ඥානය (පූර්වඥානය), තෝරාපත්කර ගැනීම සහ දෛවය (නියමය) මේ සියල්ල උන් වහන්සේට දී සම්පූර්ණයෙන්ම යටහත්ව ශුභාරංචිය බෙදා ගත යුතුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේගේ ස්වෛරී භාවය හා මිනිසාගේ නිදහස් කැමැත්ත ගැලවීම තුළ එකට ක්‍රියා කරන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries