settings icon
share icon
ප්‍රශ්නය

ප්‍රතික්‍ෂේපවීමේ හැඟීම් ජයග්‍රහණය කරන්නේ කෙසේද?

පිළිතුර


අප හැම කෙනෙක්ම කලකිරීම් සහ ප්‍රතික්‍ෂේපවීමේ හැඟීම් වලට හුරුකමක් දක්වන අය වන අතර, විශේෂයෙන් බිදුණු සබඳතාවයකින් පසුව එසේ සිදුවීම සත්‍යයකි. කෙසේ වුවද, නව උත්පාදනය ලත් ඇදහිලිවතුන් ලෙස අපට සහනය සහ පැහැදිලි කිරිමක් තත්වය පිළිබඳ ගෙන ඒමට දේව වචනය වන මූලාශ්‍රය අපට ඇත. එක් අයෙකු ප්‍රතික්‍ෂේප කිරීම ආදරය සෙනේහය දැක්විය නොහැකි කෙනෙකු ලෙස දිස් නොවේ.එම ප්‍රතික්‍ෂේපවීමම, ප්‍රතික්‍ෂේපවීම අපට හැඟුණ ආකාරය සහ අපගේ හැඟීම් කුමක්ද යන්න ආලෝක කරගැනීමට ප්‍රයෝජනයට ගෙන, ඒවා පසෙකදමා සදාකල් පවතින දෙයහි මූලිකත්වය උදෙසා ඉදිරියට ගමන් කල හැක.

ඇදහිලිවතුන්ට, එය කුමක්ද? එය ක්‍රිස්තුස් වහන්සේ තුළ අපගේ ස්ථානයයි. අප නව උත්පාදනය ලැබූ කල්හි අපව පිළිගනු ලැබේ. "අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියවූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව, නොකැලැල්ව සිටින පිණිස, ලෝකය මැවිමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ අප තෝරා ගත් ලෙසම, උන්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල සියලූ ආත්මික ආශීර්වාද වලින් උන් වහන්සේ අපට ආශීවාද කළ සේක. උන්වහන්සේ විසින් ප්‍රේමවන්තයාණන් වහන්සේ තුළ අපට නොමිලයේ දුන්නාවූ තමන් වහන්සේගේ කරුණාවේ මහිමයේ ප්‍රශංසාව සඳහා, තමන් වහන්සේගේ කැමැත්තේ ප්‍රසන්නකමේ හැටියට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන පුත්‍රයන් වීමට අප පෙර නියම කළ සේක (එපීස 1:3-6).

අප එය ලබන්නට සුදුස්සන් නොවන අතරම එය අපට ආදායම් කරගන්නට නොහැකි අතර, (එපීස 2: 8-9) යේසුස් වහන්සේ විසින්ම අපව සියලු ආත්මික ආශීර්වාදවලින් ආශීර්වාද කොට එතුමන්ට පිළිගතහැකි ආකාරයට අපව සාදන ලදී. එම පිළිගැනීම එතුමාගේ අනුග්‍රහයේ දීමනාව වන අතර එය අප තුළ ඇති අනෙකුත් සියලු "හැඟීම්" අභිබවා යන්නේ, "බලාපොරොත්තු" හෝ "දැනගැන්ම" මත එය ගොඬනැඟී නොමැති බැවින්ය. දෙවියන් වහන්සේ ගේ වචනය අපට පවසන්නේ, මෙම සත්‍යතාවය අප ඇදහිල්ලෙන් අඳාළ කර ගැනුම කරණකොටගෙන, මෙය සත්‍යය බව අපට වැටහෙන්නේ එය අපගේ හදවත් තුළ සහ ජීවිත තුළ යතාර්ථය වන නිසාය.

හැඟීම් මත ගමන් කිරීම හරියට තමන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමට හෝ ප්‍රදර්ශණය කිරීමට ලෝකය හරහා ගමන් කිරීම හා සමානය. අපි රිදුම් වලට බැඳී සිටන්නෙමුව, එමෙන්ම කලකිරීම් වලටද බැඳ සිටින්නෙමුව. මක්නිසාද අප ජීවත් වන්නේ වැටුණු ලොවක් තුළය. එම රිදුම් සහ කලකිරීම් සමඟ අප කරන්නට යන දේ පිළිබඳ අපගේ තෝර ගැනීම, දෙවියන් වහන්සේ සමඟ අප ගමන ශක්තිමත් වීම හෝ නැතහොත් තුවාල ලත් කෙනෙක් ලෙස ගමන් කිරිමක් වේ. නමුත් දෙකෙහිම ප්‍රතිඵලය අපගේ තෝරා ගැනිමට හේතුවේ. ජිවිතයේ කලකිරීම් අතරින් ගමන් කරන්නට දෙවියන් වහන්සේ අපට හැකියාව දෙන්නේ එතුමන් ගේ සැපයීම ඇති බව දැන ගැනීමටය. අප එතුමන් මත රඳා පවතින තෙක් එතුමන්ගේ අනුග්‍රහය සහ සැනසීම අප සතුය. නව උත්පාදනය ලැබු සෑම දෙවියන් වහන්සේගේ දරුවෙකුටම මෙම සැපයීම් සහ ආශීර්වාදයන් ඇති අතර ඒවා පරිහරණය කිරීමට අප තෝරා ගත යුතුවේ. එය හරියට බැංකුවක ඩොලර් මිලියනයක් තිබුණද, ආහාර මිලදී ගැනීම සඳහා එම මුදල් පරිහරණය නොකර කුසගින්නේ මිය යාමට තීරණය කිරීම හා සමානය. එමෙන්ම අප නොදන්නා දෙයක් පරිහරණයට ගැනීම නොහැකි බවද සත්‍යයකි. එබැවින් අපව දන්නා සහ අපට ප්‍රේම කරන දෙවියන් වහන්සේව දැන හදුණා ගැනීම සෑම ඇදහිලිවන්තයෙකුටම ඉතා යෝග්‍යය වන අතර, දිනපතා දේව වචනය කියවීමට වඩා අපගේ යථා දර්ශණය වෙනස් කිරීමට සමත්වූ එය අධ්‍යයනය වැදගත් වන අතර (2 තිමොති 3:16-17) ප්‍රත්‍යක්‍ෂව ඇදහිල්ලේ ගමන් කිරීම පිළිබඳ අර්ථාන්විත සන්නද්ධ ගමනකට මඟ පාදයි.

ඇදහිලිවතුන් ලෙස අපගේ පෙර පරාජයන් හෝ කලකිරීම් හෝ ප්‍රතික්‍ෂේපවීම් මත අපව හදුනා ගනු නොලබන්නේය. අපව හදුනා ගනු ලබන්නේ නව උත්පාදනය ලත් ජීවිතයේ අළුත්වීමක් සහ සෑම ආත්මික ආශීර්වාදයන් සමඟ දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප පිළිගත් ආකාරයටය. ජයග්‍රාහී ජිවිතයට ඇතුළුවූ විට අපව නිර්වචනය වන්නේ එලෙසටය. "සියල්ල සමඟින්" මේ ජිවිතය තුළ ගමන් කිරීමට දෙවියන් වහන්සේ අද්විතීය අවස්ථාවන් සලසා ඇත. පාවුල්තුමා පවසන ආකාරයට අපට අපගේ "මාංසය" වන අපගේම ශක්තිය තුළින් ගමන් කළ හැක. එසේ නොමැති නම් දෙවියන් වහන්සේ ශද්ධාත්මයාණන් වහන්සේ කරණකොටගෙන සපයන්නා වූ ශක්තිය තුළින්ද ගමන් කල හැක.එය අපගේ තෝර ගැනීම වේ. දෙවියන් වහන්සේ අපට ආයුධ සපයා ඇත (එපීස 6: 11-18), නුමුත් එය ඇදහිල්ලෙන් පැළඳ ගැනීම අපගේ කාර්‍යය වේ.

එබැවින්, ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙකු නම්, ඔබ මේ ජිවිතයේ කලකිරීම් නිසා දුක් විඳිනවා ඇත නමුත් රජතුමාගේ දරුවෙකු ලෙස, මෙම ප්‍රතික්‍ෂේපවීම පාර හරහා දමා ඇති වහා නැසී යන නෙරා ගිය කොටසක්ම පමණක් බව මතකයේ තබා ගත යුතුය. පාර හරහා දමා ඇති එම නෙරා ගිය කොටස කරණකොටගෙන ඔබ පීලි පනින්නට සලස්වා තුවාල සමඟ ගමන් කරනවාද නැතහොත් දෙවියන් වහන්සේ ගේ දරුවෙකුගේ උරුමය වන අනුග්‍රහය සමඟ ඉදිරියට යනවාද යන්න තීරණය කිරීම ඔබ සතුය. අන් අයට සමාවදීම ඔබට අන් අයට දිය හැකි ත්‍යාගයක් වන්නේ, එම ත්‍යාගය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් ඔබට දෙන ත්‍යාගයක් බැවින්ය (එපීස 4:32).

English



නැවතත් සිංහල මුල් පිටුවට

ප්‍රතික්‍ෂේපවීමේ හැඟීම් ජයග්‍රහණය කරන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries