settings icon
share icon
ප්‍රශ්නය

මා විසින් මරණ බිය ජය ගන්නේ කෙසේද? මරණයට පත්වීමට ඇති බිය මා විසින් නවතාලන්නේ කෙසේද?

පිළිතුර


ඉතාමත් සුරක්ෂිත, බැතිමත් ඇදහිලිවන්තයාට වුවද මරණයට බිය වන අවස්ථා තිබිය හැක. මරණයෙන් වැළකී සිටිමට ඇති අභිප්‍රාය ස්වභාවිකය. මරණය වූ කලී දෙවියන්වහන්සේගේ ලෝකය නිර්මාණ ක්‍රියාවලිය පිළිබදවූ සැලැස්මෙහි මූලක කොටසක් නොවීය. අපව නිර්මාණ කරනු ලැබූයේ සමීපූර්ණව සහ ශුද්ධව උන්වහන්සේ හා සමග සහභාගිත්වයෙන් පාරාදීසයෙහි ජීවත්වීමය. පාපය මෙලොවට ප්‍රවේශ විමේ අවශ්‍යය ප්‍රතිචාරයක් ලෙස මරණය හඳුන්වා දෙනු ලැබීය. අප මරණයට පත් වනවා නම් එය කරුණාවක්ය, මන්ද අප මරණයට පත් නොවූයේ නම් සදාකාලයටම අපට මේ පාපතර ලෝකයේ ජීවත් වන්නට සිදුවේ.

එම දැනුම ඔබගේම මරණ අනුපාතය නමැති සිතුවිල්ලෙහි අන්තරංග ප්‍රතික්‍රියාව අත්‍යවශ්‍යයෙන්ම නිශ්ඵල බවට පත් කරනු නොලබයි. අපගේ භෞතික ශරීර වල බිදෙනසුළුභාවය සහ ජීවිතයේ නිරපේක්ෂිත නිරෝධයන් පිළිබද ඇති නිදසුන් වනාහී දැවැන්තවූත් භයානකවූත් ලෝකයක අපට ඇති පාලනයේ හිගකම පිළිබද මතක් කර දීමකි. අපට බලවත් බලාපොරොත්තුවක් තිබෙන්නේ ලෝකයේ සිටින තැනැත්තාට වඩා අප තුළ සිටින තැණන්වහන්සේ උතුම් බැවිනි (1 යොහාන් 4:4). උන්වහන්සේ හා සමග එකතු විම සදහා අප සැමට ස්ථානයක් පිළියෙල කරන පිණිස උන්වහන්සේ ගිය සේක. (යොහාන් 14:2) එහෙත් අප මුහුණ දෙන වඩාත් ආසන්නතම ප්‍රායෝගික කරුණු සලකා බැලීමට එය උපකාරවත් විය හැකිය.

විභව්‍ය ලෙස බිය ඉපදවිය හැකි මරණයේ අංග කිහිපයක් ඇත. භාග්‍යයකට මෙන් දෙවියන්වහන්සේට ඒ සෑම එකකටම පාහේ පිළිතුරු ඇත.

නාඳුනන දේ පිළිබදව ඇති බිය
සත්‍යය වශයෙන්ම මරණයට පත්වීමේදි ඇති වන්නේ කුමන හැගීමක්ද? ජීවනය ඔබගේ භෞතික ශරීරයෙන් පිටවී යන කළ ඔබට දැකගත හැක්කේ කුමක්ද? එය සිදු වන්නේ කෙසේද? දීප්තිමත් ආලෝකයක් වැනි දෙයක් මනුෂ්‍යයන් විසින් වාර්තා කොට තිබේද? ඥාතීන් පිරිසක්? එය හැගෙන්නේ කෙසේද යත් කිසිවෙකු නොදන්නා නමුත් සිදුවන්නේ කුමක්දැයි දේව වචනයෙහි විස්තර කරනු ලබයි. 2 කොරින්ති 5:6–8 සහ පිලිප්පි 1:23හී ප්‍රකාශ වන්නේ අප අපගේ ශරීරයෙන් ඉවත් වී යන කල අප ස්වාමින්වහන්සේ හා සමග උන්වහන්සේගේ ගෘහයේ සිටින බවයග කෙතරම් සහතික කරනු ලබන සිතුවිල්ලක්ද? ක්‍රිස්තුස් වහන්සේ පැමිණ ඇදහිලිවන්තයන් නැවත නැගිටුවන තුරු අප මෙම තත්වයේ රැදෙනු ලබන්නේ (1 කොරින්ති 15:20–22, 6:14) අපට නැවතත් නව මහිමලත් ශරීරයක් ලබා දෙනු තුරුය.

පාලනය අහිමි වීම පිළබදව ඇති බිය
මනුෂ්‍යයන් වැඩිවියට පත් වන අවස්ථාවේදී ඔවුන් අවට ඇති ලෝකය හා සමග අන්තර්ක්‍රියාකාරී විම් පිළිබදව ඉතාමත් යහපත් අදහසක් ඇත. තමන්ට අවශ්‍යය වන දේ සොයා ගැනීමටත්, ඔවුන් යා යුතු ස්ථානයට යාමට මෙන්ම ඔවුන්ගේ චේතනාවන් ඉෂ්ට කර ගනු වස් අන්‍යයන් හා සමග අන්තර්ක්‍රියාකාරී විමට ඔවුන් දනිති.

බොහෝ අය, දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය පිළිබදව ප්‍රසිද්ධියේ කියා සිටින්නන් ඇතුළුව බොහෝ සේ බියට පත්වන්නේ තමාට අවශ්‍යය වන දේ නොලැබේ යයි සිතා තමන්ගේ වටපිටාව සහ මනුෂ්‍යයන්ව මෙහෙයවමින් තමාට ප්‍රතිලාභ ලබාගැනිම උදෙසාය. බිය හේතුකොටගෙන අයුතු ප්‍රයෝජන ගන්නාවූත් ග්‍රහණය කරගනු ලබන්නාවූත් පුරුෂයන් සහ කාන්තාවන් අප සියල්ලන්ම මුණ ගැසී ඇත්තෙමු. තමාගේ අවශ්‍යයතා සපුරනු වස් ඔවුන් දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය නොතබන හෙයින් ඔවුන් තමන් ගැනම සැලකිලිමත් වෙති. තමන් පිළිබදව ඕනැකමින් සිතා බැලීමට ඔවුන් අන්‍යයන් කෙරෙහි විශ්වාසය නොතබන හෙයින් තමාට අවශ්‍යය යයි සිතන දේ ලබාගනු වස් ඔවුන් නියම කර සිටිති.

ඔවුන්ගේ මරණ පිළිබදව ඇති පාලනය නොමැති වීම කරණකොටගෙන ඔවුන් තවත් කෙතරම් බිය විය යුතුද? උන්වහන්සේ මරණයට පත්වන ආකාරය විස්තර කරමින් යේසුස්වහන්සේ පේත්‍රස්ට කියනුයේ "සැබවක් සැබවක් ඔබට කියමි – ඔබේ යෞවන කාලයේ ඔබේ ඉගටිය බැදගෙන කැමති තැන්වල ඇවිද්දෙහිය. නමුත් ඔබ මහලූවූ කල ඔබේ අත් දිගුකරන්නෙහිය, වෙන කෙනෙක් ඔබේ ඉගටිය බැද ඔබ කැමති නැති තැනකට ගෙනයනවා ඇතැයි කීසේක" (යොහාන් 21:18). මෙම අනතුරු ඇගවීම ලබා ගැනීමට ප්‍රථමයෙන් පේත්‍රස් යේසුස්වහන්සේව ප්‍රතිශේධනය කරනු ලැබුවේ බිය හේතුකොටගෙනය. නමුත් යේසුස්වහන්සේ නැවත ස්වර්ගයට යනු ලැබූ කල පේත්‍රස් නව පුද්ගලයෙකු බවට පත් වූයේය – ක්‍රිස්තුස්වහන්සේගේ පණිවුඩය කෙරෙහි තිබූ මහත් ලැදිකම තමාගේ වටපිටාව පාලනය කිරීමට තිබූ අවශ්‍යයතාවය ඉක්මවා ගියාවූ කෙනෙකුය (ක්‍රියා 5:17–42). ඔහු විසින් මුහුණ දෙනු ලැබූ කුමන හෝ අභියෝගයක් සදහා ශක්තිය ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් පමණක් ඔහුට දෙනු ලැබූ සේක.

අත්හැර දැමීම පිළිබදව ඇති බිය
ක්‍රිස්තියානි අය මරණය සම්ප්‍රේක්ෂණය කරනු ලබන්නේ "වෙන්වී යාමක්" ලෙසය. පර්යන්ත මරණය වනාහී දෙවියන්වහන්සේගෙන් වෙන්වී යාමකි. ශාරිරක මරණයේදී අප මේ පෘථිවියේ අපගේ ආදරණීයයන්ගෙන් මද කලකට වෙන්වී යන්නෙමු. ඔවුනුත් කිතුණුවන් නම් සදාකාලිත්වය හා සසදන කළ වෙන්වී යාම ලූහුඩුය. ඔවුන් කිතුණුවන් නොවන්නේ නම් එය ඒ ආකාරයට සිදු නොවේ. එසේ හෙයින් අපට ලැබී ඇති ආඥාව නම් ඔවුන් මරණයට පත්වූ විට ගමන් කරනු ලබන්නේ කොතැනකටද යන්න ඔවුන් හා සමග එක්ව කථා කරනු ලැබීමට මෙම කාලය භාවිතා කළ යුතුවෙමු. අවසානයේදී එම තීරණය රදා පවතින්නේ ඔවුන් මතය.

මරණ ක්‍රියාවලිය පිළිබදව ඇති බිය
අප අතරින් කිහිපදෙනෙකු අප මිය යන ආකාරය පිළිබදව දන්නෙමුව. අපගේ නින්දේදී සීඝ්‍රව සහ වේදනා රහිතව, දිගුකලක් රෝගාතුරව සිටීම – එහි අභිරහස, සූදානම් වීමට ඇති නොහැකියාව බිය සුළු විය හැක්කකි. අපට මරණීය රෝගයක් වැළදී ඇති බවට නිශ්චය කොට ඇති බව අප දන්නෙමු නම් එය තවදුරටත් බියජනක විය හැකිය.

එනමුත් එය එක් මොහොතක් පමණි. සෑම කෙනෙකුම පාහේ එතුළින් ගමන් කර ඇති හෝ ගමන් කරනු ලබන යම් අවස්ථාවක් ඇත. කිතුණුවන්ට පිලිප්පි 3:20–21 හී සදහන් කොට ඇති දේ හිමිකර ගත හැක. "නමුත් අපේ නාගරිකත්වය ස්වර්ගයෙහිය; එතැනින් ගැළවුම්කාරයෙක් වන ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එනවා අපි බලා සිටිමුව. සියලූ දේ පවා තමන්ට යටත්කරන්ට පුළුවන් වූ බලය ලෙස උන්වහන්සේ අපේ පහත්කමේ ශරීර තමන් වහවන්සේගේ තේජසේ ශරීරයට සමානවන පිණිස ඒවා වෙනස් කරනවා ඇත."

බිය සනසාලීමට උපකාර කරන පිණිස, මරණයට ඔබවත් ඔබ අවට සිටින්නවුනුත් සූදානම් කරනු වස් ඔබට පියවර ගත හැකිවේ.

මරණ බිය ජය තුළින් ගැනීම – ප්‍රායෝගික පියවරයන්
බොහෝ මනුෂ්‍යයන් විශ්වාස කරනු ලබන්නේ ඔවුන් මරණයට පත් විය යුතු නොමැත්තේ ඔවුන්ට ජීවත් වන්නට බොහෝ දේ ඇති හෙයිනි. බොහෝවිට මෙයින් අර්ථවත් වනුයේ ඔවුන්ට වගකීම් ඇති බවත් ඔවුන් නැති කලෙක රැක බලා නොගැනෙන, නිම කර නොමැති කටයුතු ඇති බවත්ය. එනමුත් ඔබගේ නිසි කල පැමිණ තිබේ නම් ඔබට වගකීම් තිබෙතත් ඒවා ඔබ මරණයට පත්වීම වළක්වනු නොලබයි. පෙරාතුව සැළසුම් කිරීම තුළින් එම බිය සමනය කළ හැකිවේ.

ඔබට ව්‍යාපාරයක් හෝ දරුවන් හෝ අනෙකුත් යැපෙන්නන් සිටී නම් ඔවුන්ගේ රැක බලා ගැනීම සලකා බලන්න. ඔබගේ භූමිකාව භාර ගනු ලබන්නේ කව්රුන්ද යන්න තීරණය කොට බලා එම පුද්ගලයා හා සමග සැළසුම් කරන්න. අවසාන කැමති පත්‍රයක් ලියන්න නොහොත් අරමුදලක් ආරම්භ කරන්න. ඔබගේ අවශ්‍යය ලියකියවිලි කටයුතු සංවිධානය කර ඇති බවත් ඒවා පහසුවෙන් සොයාගත හැකි බවත් සහතික කොට තබන්න. බිඳුනාවූ සබදතා ඔබට නොහැකි වීමට පෙර සමගි කර ගන්න. එනමුත් මරණයට පත්වන පිණිස ජීවත් නොවන්න. සාධාරණ පියවර ගැනීම සහ යමකය මුළුමනින්ම යොමු වීම අතර වෙනසක් දක්නට ලැබේ.

මරණ බිය ජය ගැනීම – භෞතික පියවරයන්
ඔබ අශක්නුකෘත වුවහොත් ඔබට සිදු වන්නට අවශ්‍යය වන දේ පිළිබද බලවත් හැගීම් ඔබට ඇත්නම් ඒ පිළිබදව දැන් ප්‍රකාශ කර සිටින්න. යම් රෝගයකදී හෝ තුවාලයක් අතරතුර ඔබට එම තත්වය පිළිබද පාලනය අහිමි වී ඔබගේ ප්‍රාර්ථනයන් දන්වා ලීමට නොහැකි වීම සහමුලින්ම විය හැක්කකි. ජීවමාන අවසාන කැමති පත්‍රයක් ලබා ගන්න. ඔබට සමීපතම අයවලූන් හට ඔබ කැමති දේ දන්වා ලන්න – එසේත් නැතහොත් අවම වශයෙන් එය ලියා ඇති ස්ථානය ඔබ ඔවුනට දන්වා සිටින්න. ඔබට නොහැකි වුවහොත් ඔබ වෙනුවෙන් තීරණ ගැනීමට ඔබට විශ්වාස කටයුතු පුද්ගලයෙකු තෝරා ගන්න.

මරණ බිය ජය ගැනීම – අධ්‍යාත්මික පියවරයන්
මරණය පිළිබදව මතක තබා ගත යුතු වැදගත්ම දේ නම් ජීවිතය පිළිබද ඇති සත්‍යය වේ. ඔබ ඔබගේ පවුලේ අයට ආදරය කරමින් ඔවුන් රැක බලා ගන්න නමුත් දෙවියන්වහන්සේ ඔවුනට ඊටත් වැඩියෙන් ප්‍රේම කරනු ලබනු ඇත. ඔබ මේ ලෝකයේ බූදලය පිළිබදව කනස්සලූ විය හැකි නමුදු දෙවියන්වහන්සේගේ සැලකිල්ලට භාජනය වනුයේ ස්වර්ගීක දෘෂ්ඨිකෝණයක්යග මේ ලෝකයේ තිබෙන සියලූම ලිඛිතමය කටයුතු එක් සරල ක්‍රියාවක මනසේ සාමය ගෙන එනු නොලබයි: එනම් යමක් තුළ පැවතීම.

මෙම ජීවිතය ගත කරන අතරවාරයේදී මෙය හුදෙක් තාවකාලීක තත්වයක් බව මතක තබා ගැනීමට අපහසුය. 1 යොහාන් 2:15–17 හී ප්‍රකාශ කරනු ලබන්නේ "ලෝකයට වත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේම කෙරේ නම් පියාණන්වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත. මක්නිසාද ලෝකයේ තිබෙන සියල්ල එනම් මාංශයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ. ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහව යන්නේය. නමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලයටම පවතින්නේය." අප මෙය මතක තබා ගන්නේ එතුළ පැවතීම කරණකොටගෙනය (1 යොහාන් 2:24). උන්වහන්සේගේ වචනයේ සත්‍යය තුළ පැවතීම, උන්වහන්සේ අප පිළිබදව සහ අප අවට ඇති ලෝකය පිලිබදව කියන්නාවූ දේවල් විශ්වාස කිරීම තුළින් මේ ජීවිතය පිළිබදවත් අපට ලැබෙන්නාවූ ජීවිතය පිළිබදවත් නිසි යථාදර්ශණයක් ලබා දෙන සේක.

අපට එම සදාතනික යථාදර්ශණය පවත්වා ගෙන යාමට හැකි වන කල අපට 1 යොහාන් 3:1–3 දක්වා ඇති කොටස ඉටු කිරීමට හැකිවේ. "අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි කියනු ලබන ලෙස පියාණන්වහන්සේ කෙබඳු ප්‍රේමයක් අපටදී වදාළ සේක්දැයි බලන්න. අපි එබඳුවෝමය. මේ නිසා ලෝකයා උන්වහන්සේව නෑදින්න බැවින් අපද අඳුනන්නේ නැත. ප්‍රේමවන්තයෙනි දැන් අපි දෙවියන්වහන්සේගේ දරුවෝය. අපි කොයි ආකාර අය වන්නෙමුදැයි තවම ප්‍රකාශ වී නැත. උන්වහන්සේ ප්‍රකාශ වුනාම අපි උන්වහන්සේට සමාන වන බව දනිමුව. මක්නිසාද උන්වහන්සේ සිටින ආකාරයටම අපි උන්වහන්සේ දකින්නෙමුව." ප්‍රත්‍යක්ෂ වන කරුණක් නමි අන් අයත් දකින ආකාරයටම අපද මේ ලෝකයට අයත් නොවන බවය. අප අපතේ තත්වය පිළිබදව දෙවියන්වහන්සේගේ දරුවන් ලෙස හිමිකම ලබාගෙන අපට ක්‍රිස්තුස්වහන්සේ හා සේ විය හැකි දිනය ඉතා ක්‍රියාකාරීව සොයමින් උන් වහන්සේව, උන්වහන්සේ සිටින ආකාරයටම දකින්නෙමුව

English



නැවතත් සිංහල මුල් පිටුවට

මා විසින් මරණ බිය ජය ගන්නේ කෙසේද? මරණයට පත්වීමට ඇති බිය මා විසින් නවතාලන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries