settings icon
share icon
ප්‍රශ්නය

දේවදූතයන් වීම?

පිළිතුර


දේවදූතයන්ව දෙවියන් වහන්සේ විසින් මවන ලදි (කොලොස්සි 1:15-17) එසේම මිනිස් වර්ගයාගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වේ. ඔවුන් දෙවියන් වහන්සේගේ විශේෂිත නියෝජිතයන් උන් වහන්සේව අනුගමනය කරන්නන් හට උන් වහන්සේගේ පණිවිඩ සැලැස්ම පැවසීමට සිටිනා (හෙබ්‍රෙව් 1:13-14). දේවදූතයන් මනුෂ්‍යයන් ලෙස සිටින බවට කිසිම සාදකයක් නැත ඔවුන් දේවදූතයන්ම වේ. ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍යයන් හට ලබාදීමට ආ ගැලවීම ඔවුනට අවශ්‍යවද නැති අතර එය අත්දැකීමට ඔවුනට බැරිය. 1 පේත්‍රැස් 1:2 හී විස්තර කරනවා ලියවිල්ල තුලට එබී බැලීමේ ඔවුන්ගේ ආශාව පිළිබඳව නමුත් එය අත්දැකීමට ඔවුනට නොහැකිය. ඔවුන් මිනිස් ස්වරූපයට මවා තිබුනාද, එසේ නම් ගැලවීමේ සංකල්පය ඔවුනට අපහසු දෙයක් නොවනු ඇති අතර, එය ඔවුනට අත්දැකීමට නොහැකි වන්නේද නැත. ඔව්, ඔවුන් ප්‍රීති වනවා පව්කරුවෙකු ක්‍රිස්තුස් වහන්සේ වෙතට හැරෙන විට (ලූක් 15:10), නමුත් ක්‍රිස්තුස් වහන්සේ තුළ ගැලවීම ඔවුනට නොවනු ඇත.

කෙසේ වෙතත්, ක්‍රිස්තුස් වහන්සේ තුළ විශ්වාස කරන්නා මිය යන අතර, ඊට පසු කුමක් සිදුවේවිද? ඇදහිලිවන්තයාගේ ආත්මය ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටීමට යයි (2 කොරින්ති 5:8). ඇදහිලිවන්තයා දේවදූතයෙක් බවට පත් නොවනු ඇත. ඉතා අනර්ඝම දෙය නම් එලියා හා මෝසෙස්ව අන්වෙසක් වීමේදී කන්ද උඩදී හඳුනාගැනීමට හැකි වීම. ඔවුන් දේවදූතයන් බවට පත්වුනේ නැත. නමුත් ඔවුන් ඒ ආකාරයටම පෙනී සිටියා. මහිමයපත් ශරීර වූවත්, පේත්‍රැස්, යාකොබ් හා යොහන්ට හඳුනාගැනීමට හැකි අයුරින් පෙනුනා.

1 තෙසලෝනික 4:13-18 පාවුල්තුමා පවසනවා ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නන් නින්දට පත්ව ඇත. එනම්, ඔවුන්ගේ ශරීර මැරී ඇත, නමුත් ආත්මය අවදිව ඇත. මෙහි පවසන්නේ ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණි කළ උන් වහන්සේ තුළ නින්දට පත්ව සිටින්නන්ව උන් වහන්සේ එන විට රැගෙන එනු ඇත. එවිට ඔවුන්ගේ ශරීර නැගිටවනු ඇත, ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානවූ ගරීර ලෙසට අලුත් කරනු ඇත. උන් වහන්සේ ගෙන එන ඔවුන්ගේ ශරීර ආත්ම සමග එකතු වනු ඇත. ක්‍රිස්තුස් වහන්සේ එන විට ජීවත්වන ඇදහිලිවන්තයන්ටද ක්‍රිස්තුස් වහන්සේ මෙන් ශරීර වෙනස් වනු ඇත. එසේම ඔවුන්ගේ ආත්ම තුළ සම්පූර්ණයෙන්ම වෙනස්ව ඇත, තවදුරටත් පව්කාර ස්වභාවයක් නොවනු ඇත.

සෑම ඇදහිලිවන්තයෙක්ම ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින එකිනෙකාව හඳුනාගැනීමට හැකිවන අතර ක්‍රිස්තුස් වහන්සේ සමග සදාකාලයට ජීවත්වනු ඇත. අපි උන් වහන්සේට සදාකාලය පුරාවට සේවය කරමු, දේවදූතයන් ලෙසට නොව. නමුත් දේවදූතයන් සමග, ක්‍රිස්තුස් වහන්සේට ස්තුති කරමු. අපට ජීවත්වන බලාපොරොත්තුව ක්‍රිස්තුස් වහන්සේ තුළ අපට ලබා දීම පිළිබඳව.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේවදූතයන් වීම?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries