settings icon
share icon
ප්‍රශ්නය

පුද්ගලයන් වර්ග නවයකින් විස්තර කරන පෞරුෂ පද්ධතිය දේව වචනයට පටහැනි වේද?

පිළිතුර


“පුද්ගලයන් වර්ග නවයකින් විස්තර කරන පෞරුෂ පද්ධතිය” නොහොත් “සාම්ප්‍රදායික පුද්ගලයන් නවයකින් විස්තර කරන පෞරුෂ පද්ධතිය” ලෙස හඳුන්වනු ලබන්නේ විවිධ වර්ගීකරණයන්ගෙන් වඩාත් ගතික සහ විවෘත ලෙස තමන්ව හුවා දක්වන සහ විමුක්තිය හෝ ස්වයං සාත්කරණය සදහා මාර්ගයක් ලෙස ඉදිරිපත් කරන පුද්ගලයන් තේරුමි ගැනීමේ සංකීර්ණ පද්ධතියකි.

පුද්ගලයන් වර්ග නවයකින් විස්තර කරන පෞරුෂ පද්ධතිය වූ කලී ලක්ෂ්‍යය නවයක් සහ ඡේදනය වන රේඛා නවයක් (හෝ ඊට වැඩි) අඩංගු ජ්‍යාමිතික සංඛේතයකි (නවය සදහා වන ග්‍රීක වචනය නම් ඊනියා’ යන්නවේ). මෙම සංකේතය පයිතගරස් දක්වා දිවෙන අතර 1900 වර්ෂයන් හීදී ගර්ඩිජිෆ් විසින් බටහිරට හඳුන්වා දෙන ලදී. 1960 වර්ෂයන් හීදී ඔස්කාර් ඉචාසෝ විසින් සංකේතය විවිධ පෞරුෂ වර්ග නවයක් සමග සම්බන්ධ කළේය. ඉචාසෝ විසින් පුද්ගලයන් වර්ග නවයකින් විස්තර කරන පෞරුෂ පද්ධතීන් 108ක් උගන්වනු ලැබූ නමුත් එක්සත් ජනපදය මගින් ග්‍රහණය කරගත් ඒවා වූයේ මහත් ලැදිකම්, ගුණදම්, ප්‍රතිෂ්ඨාපනයන් සහ ශුද්ධ වූ අදහස්ය. ඉචාසෝගේ අරමුණ වූයේ හරය සහ පෞරුෂය (හෝ අහංකාරය) අතර වෙනස පැහැදිලි කිරීමයග ඔහු විසින් විශ්වාස කරනු ලැබුවේ සෑම පුද්ගලයෙකුම තමන්ගේ හරය තුළ පරිපූර්ණ බවත් තමා තුළ මෙන්ම විශ්වලෝකය සමග එකමුතු බවත්ය. කෙසේ නමුත් හරය අහංකාරයට විකෘති වී ඇත. ඉචාසෝ පුද්ගලයන් වර්ග නවයකින් විස්තර කරන පෞරුෂ පද්ධතිය දුටුවේ එම විකෘතිය සිදුවන්නේ කෙසේද යන්න පරීක්ෂා කිරීමේ මාර්ගයක් වශයෙනි.

පුද්ගලයන් වර්ග නවයකින් විස්තර කරන පෞරුෂ පද්ධතිය සම්බන්ධව නවීන න්‍යායයන් රාශියක් ඇත. වර්තමාන පුද්ගලයන් වර්ග නවයකින් විස්තර කරන පෞරුෂ පද්ධතිය පැමිණෙනුයේ ක්ලොඩියෝ නරාජ්නෝ විසින් ඉචාසෝගේ කාර්‍යය ව්‍යාප්ත කිරීම සදහා ඩොන් රිසෝ සහ රස් හඩ්‍සන් විසින් සිදු කරන ලද පසුකාලීන ව්‍යාප්තිය මගිනි. පෞරුෂ වර්ග නවයක් පිළිබද අදහස දිව්‍යමය ආකාර නවය (ප්ලේටෝ සහ පසුව ප්ලොටිනස්) මාරාන්තික පාප හත සහ කබාලා සම්ප්‍රදායන් පිළිබද සංකල්ප මත පදනම් වේ. ගුප්ත යුදෙව් ආගම( කබාලා) කිතුණු ධර්මය, බුද්ධ ධර්මය, ඉස්ලාමි ධර්මය, තාඕවාදය සහ ග්‍රීක දාර්ශනික සම්ප්‍රදායන් ආදිය ඉචාසෝට ආභාෂයන් ඇති කරන ලදී. මේ අනුව පුද්ගලයන් වර්ග නවයකින් විස්තර කරන පෞරුෂ පද්ධතිය වනාහී විවිධ අදහස් වල සංශ්ලේෂණයකි.

පුද්ගලයන් වර්ග නවයකින් විස්තර කරන පෞරුෂ පද්ධති ආයතනයට අනුව පුද්ගලයන් වර්ග නවයකින් විස්තර කරන පෞරුෂ පද්ධතිය මගින් මනුෂ්‍යයන්ට ඔවුන්ගේ “පෞරුෂ ව්‍යුහයන්හී” සමතුලිතතාවය යථා තත්වයට පත් කිරීමට මෙන්ම වඩාත් අවශ්‍යය අධ්‍යාත්මික මහ මනෝවිද්‍යාත්මක ගුණාංග වර්ධනය කිරීමට උපකාර කළ හැකිය. පුද්ගලයන් වර්ග නවයකින් විස්තර කරන පෞරුෂ පද්ධතිය විශ්වාස කරන්නන් ඔවුන්ගේ “සැබෑ අනන්‍යතාවයේ” අභිරහස හෙළිදරව් කිරීමට උත්සාහ දරති. ඔවුන් තමන්ව දකිනු ලබන්නේ ඔවුන්ගේ සැබෑ ස්වභාවය සමග සම්බන්ධතා නැතිවූ අධ්‍යයාත්මික ජීවින් ලෙසය. ඔවුහු ඔවුන්ගේ “සැබෑ ආත්මය” – පුද්ගලයන් වර්ග නවයකින් විස්තර කරන පෞරුෂ පද්ධතිය කරණකොටගෙන අනාවරණය කරගත් පසුව නිදහස සහ ප්‍රීතියෙන් පිරි අධ්‍යාත්මික පිබිදීමක් අත්විදිති.

පුද්ගලයන් වර්ග නවයකින් විස්තර කරන පෞරුෂ පද්ධතිය හා සම්බන්ධ පැහැදිලි අධ්‍යාත්මික අන්තරායයක් තිබේ. තමන්ටම ආගමක් ලෙස හෝ යම් ආකාරයක අධ්‍යාත්මික විමුක්තියක් ලබා ගැනීමේ මාධ්‍යයක් ලෙස සලකන විට පුද්ගලයන් වර්ග නවයකින් විස්තර කරන පෞරුෂ පද්ධතිය පැහැදිලිවම දේව වචනයට පටහැනිවේ. එහි “දේව භක්තියේ ස්වරූපයක් ඇති නමුත් එහි බලය ප්‍රතික්ෂේප කරයි” (2 තිමොති 3:5). අප අධ්‍යාත්මික් ජීවීන් බවත් අප ජීවත් වනුයේ අප අදහස් කළ ආකාරයට නොවන බවත් පවසන පුද්ගලයන් වර්ග නවයකින් විස්තර කරන පෞරුෂ පද්ධති ආයතනය නිවරුදියග එනමුත් විසඳුම අපගේ “සැබෑ ස්වභාවය” සමග සම්බන්ධ වීම නොවේ; ගැළවීම සදහා දෙවියන්වහන්සේට මොර ගැසීමය. අප දෙවියන්වහන්සේගේ කමාව අවශ්‍යය කරන පව්කරුවන් වන්නෙමු (රෝම 3:23; 6:23). එය යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තුළින් උන්වහන්සේගේ කරුණාවෙන් ලබා ගත හැක (එපිස 2:8-9). පාපයෙන් මිය ගිය අයට (එපිස 2:1) තමන් විසින්ම ආත්මික පිබිදීමක් ලබා ගත නොහැක; ඔවුන්ගේ පෞරුෂත්වය කුමක් වූවත් ඔවුන් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය ලැබිය යුතුය. ක්‍රිස්තුස්වහන්සේ තුළ අප නැවත ඉපදී අලූත් වී සිටිමු (2 කොරින්ති 5:17) අප ධර්මිෂ්ඨ වන්නේ අප තුළ ක්‍රියා කරන උන්වහන්සේගේ බලය තුළින්ය (පිලිප්පි 1:6; 2 කොරින්ති 3:18). අපගේ ජීවිත උන්වහන්සේගේ මහිමය සදහා ගත කළ යුතුවේ.

එය එසේ පවසා තිබියදී පුද්ගලයන් වර්ග නවයකින් විස්තර කරන පෞරුෂ පද්ධතියේ යම් වටිනාකමක් තිබිය හැක - එනම් එය පිටුපස ඇති ගුප්ත දර්ශනවල නොව විවිධ පෞරුෂයන් පිළිබද අවබෝධයන්හීය. දේව වචනයේ උගන්වනුයේ අපව දෙවියන්වහන්සේ විසින් අද්විතීය ලෙස සකසා ඇති බවය. ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය අන්‍යයෝන්‍ය වශයෙන් ගොඩ නැගීම සදහා ලබා දී ඇති අධ්‍යාත්මික දීමනා පිළිබදව නව ගිවිසුමේ කථා කරනු ලබයි. අප කව්රුන්ද යන්න මනා අවබෝධයක් ඇති කරගත හොත් මීට වඩා අපට දෙවියන් වහන්සේට සේවය කළ හැකිවේ. සාමාන්‍යය වශයෙන් ගත්ක, පෞරුෂ පැතිකඩ ප්‍රයෝජනවත් මෙවලමක් විය හැකිය.

පෙර සදහන් කළ පරිදි පුද්ගලයන් වර්ග නවයකින් විස්තර කරන පෞරුෂ පද්ධතියේ පෞරුෂ වර්ග නවයක් ඇතුළත්වේ. මේවා තුළ අන්තර්ගත වනුයේ (1) සංශෝධකයා (2) උපකාරකයා (3) මුදුන් පමුණුවන්නා (4) පුද්ගලවාදියා (5) අන්වේශකයා (6) ගැති පාක්ෂිකයා (7) උද්‍යෝගියා (8) අභියෝගකරුවා සහ (9) සාමය ඇතිකරන්නාග සෑම පෞරුෂ වර්ගයකටම අවම වශයෙන් එක් “පියාපතක්” හෝ ඇතග මූලික වර්ගයේ දෙපස ඇති සංඛ්‍යා වනාහී පියාපත්වේ; නිදසුනක් ලෙස දෙවන වර්ගයේ (උපකාරකයා) ප්‍රමුඛ පෞරුෂය ප්‍රකාශ කරන ආකාරය වෙනස් කරන පළමුවන වර්ගයේ හෝ තුන්වන වර්ගයේ තටුවක් ඇතග මට්ටම් තුනක් සෞඛ්‍යය සම්පන්න ලෙසද තුනක් සාමාන්‍යය ලෙසද තුනක් සෞඛ්‍යයට අහිතකර ලෙසද සැලකෙන අතර සෑම වර්ගයකම ක්‍රියාකාරිත්වයේ පරාසයක්ද ඇත.

සංකීර්ණත්වයට එකතු කරමින් පුද්ගලයන් වර්ග නවයකින් විස්තර කරන පෞරුෂ පද්ධතියේ සෑම පෞරුෂ වර්ගයක්ම ඒකාබද්ධ කිරීම (අරක්ෂාව හෝ වර්ධනය) හෝ විසංයෝජනය (ආතතිය) අනුව වෙනත් වර්ග දෙකකට සංසන්සදය කරයි. ආතතියෙන් සිටින විට යම් වර්ගයක් බොහෝ විට හැසිරෙන්නේ වෙනත් වර්ගයක සෞඛ්‍යයට අහිතකර පරාසයක සිටින අයෙකු ක්‍රියා කරන ආකාරයටයග නිදසුනක් ලෙස පුද්ගලයන් වර්ග නවයකින් විස්තර කරන පෞරුෂ පද්ධතියට අනුව ආතතිය යටතේ ඇති දෙවන වර්ගය සෞඛ්‍යයට අහිතකර අට වන වර්ගයක් ලෙස ක්‍රියා කරයි. එනමුත් වර්ධන දිශාවට ගමන් කරන වර්ගය සෞඛ්‍යය සම්පන්න සතර වන වර්ගයක් මෙන් ක්‍රියා කරයි.

පුද්ගලයන් වර්ග නවයකින් විස්තර කරන පෞරුෂ පද්ධතියේ පෞරුෂ වර්ගයන්ද “මධ්‍යස්ථාන” ලෙස කාණ්ඩ ගත කර ඇත. සෑම මධ්‍යස්ථානයක්ම පොදු ශක්තීන් සහ දුර්වලතා බෙදා හදා ගන්නා වර්ග තුනකින් සමන්විතවේ. එම වර්ග නවය නෛයිසර්ගික මධ්‍යස්ථානයල චිත්තවේගීය මධ්‍යස්ථානය සහ චින්තන මධ්‍යස්ථානය ලෙස බෙදා වෙන්කොට ඇත. සෑම මධ්‍යස්ථානයක්ම තවදුරටත් අග්‍රස්ථ චිත්තවේගයකින් සංලක්ෂිත වේ; කෝපය, ලැජ්ජාව සහ භිතිය ආදියෙනි. විධිවිධාන නියම කරගත් විලක්ෂණ වලින් අදහස් කෙරෙනුයේ පවතින එකම මාර්ග නොව පවතින අග්‍රස්ථ ක්‍රමයක් විදහා දැක්වීමය.

පෙනෙන ආකාරයට පුද්ගලයන් වර්ග නවයකින් විස්තර කරන පෞරුෂ පද්ධතියේ පෞරුෂයේ උච්චාරණයන් බොහෝ විභේදනයන්ට ඉඩ සලසා දෙයි. එම ක්‍රියා පිළිවෙල පෞරුෂත්වයේ ධනාත්මක සහ සෘණාත්මක යන දෙකම සාකච්ඡා කරනු ලබයි. පුද්ගලයන් වර්ග නවයකින් විස්තර කරන පෞරුෂ පද්ධතිය අධ්‍යාත්මික හෝ මානසික පිබිදීමේ ක්‍රමයක් බවට පත්වූ විට සහ ශුද්ධ ලියවිල්ලේ සත්‍යයෙන් මනුෂ්‍යයන්ගේ අවධානය වෙනතකට යොමු කරන කළ එය වැරදිය. එනමුත් දෙවියන්වහන්සේ විසින් ලබා දී ඇති ක්ෂණික දර්ෂනයක් ලෙස සලකන විට මනුෂ්‍යයත්වය අවබෝධ කර ගැනීමට සහ ඇතැම්විට දෙවියන්වහන්සේ අපව නිර්මාණය කර ඇති සංකීර්ණ හා අද්විතීය ආකාරය පිළිබදව අන්තර් අවබෝධයක් ලබා ගැනීමට පුද්ගලයන් වර්ග නවයකින් විස්තර කරන පෞරුෂ පද්ධතිය උපකාරී විය හැකිය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පුද්ගලයන් වර්ග නවයකින් විස්තර කරන පෞරුෂ පද්ධතිය දේව වචනයට පටහැනි වේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries