settings icon
share icon
ප්‍රශ්නය

සියොන් වාදය / ක්‍රිස්තියානි සියොන් වාදය යනු කුමක්ද?

පිළිතුර


ආරම්භයේදීම හුදෙක් දේශපාලන ව්‍යාපාරයක්වූ සියොන් වාදය අද අන් සියල්ලටම වඩා දෘෂ්ටි වාදයක් බවට පත්ව ඇත. සියොන් වාදය යනු යුදෙව් ජනතාව ඊශ්‍රායල් දේශය වන සියොන් වෙත නැවත පැමිණීම සඳහාවූ ජාත්‍යන්තර ව්‍යාපාරයකි. හෙබ්‍රෙව් ලියවිල්ලකින් ඔවුන්ට පොරොන්දුවූ ඊශ්‍රායලය කෙරෙහි ආණ්ඩුවේ බලයරඳවා ගැනීමේ අයිතිය ක්‍රියාත්මක කරයි. සියොන්වාදයේ මූලාරම්භය උත්පත්ති 12, 16 වන පරිච්ඡේදවල සඳහන් වේ. එහි දෙවියන් වහන්සේ ආබ්‍රහම් සමඟ ගිවිසුමක් ඇති කර ගනියි.

සියොන්වාදය දේශපාලන ව්‍යාපාරයක් ලෙස ආරම්භවූ නිසා, ලෞකික අන්‍යජාතිකයන් නිසා සහ ආගමික නොවන යුදෙව්වන් අතර චින්තනයක් පවතී. යුදෙව්වන්ගේ ආගමික පසුබිම සියොන්වාදයට කිසිදු සම්බන්ධයක් නැත. පළමුවන හා දෙවන ලෝක යුද්ධවලදී සියොන් වාදය යුදෙව් ජනතාවගේ ලෝක ව්‍යාප්ත හිංසනයට ප්‍රතිචාරයක්වූ බවට තර්ක කෙරේ. කිසිම ජාතියක් ඔවුන්ව ඇතුළට නොගනු ඇත. එබැවින් ඔවුන්ට ඔවුන්ගේම ජාතියක් නිර්මාණය කිරීමට බල කෙරුණි. ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ භුමිය වඩාත් සුදුසු ස්ථානයයි.

කෙසේ වෙතත් 1890 ගණන් වල අග භාගයේ ආරම්භවූ සියොන්වාදී ව්‍යාපාරය 1948 දී ඉටුවිය. ඊශ්‍රායලය නිලවශයෙන් රාජ්‍යයක් ලෙස පිළිගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය, විසින් පලස්තීනය තුළ ජාතියක් ලෙස ස්වෛරී භාවය ලබා දුනි. මෙය තාක්ෂණිකව දේශපාලන සියොන්වාදී ව්‍යාපාරය අවසන් වී සියොන්වාදයේ දෘෂ්ටිවාදය ආරම්භවූ අතර එය බොහෝ විවාදයට භාජණය වූ මාතෘකාවක් බවට පත්විය. සමහරු කියනූයේ සියොන්වාදය ජාතිවාදයට පෙළඹවීමක් හෝ යුදෙව් විරෝධයට එරෙහි ප්‍රති ක්‍රියාවක් බවට පත්වී ඇති බවයි. තවත් සමහරු විශ්වාස කරන්නේ සියොන්වාදය දැනට පවතින ආකාරයට හුදෙක් යුදෙව් දේශප්‍රේමය බවයි.

යුදෙව් සියොන්වාදය හා බැඳී ඇත්තේ ක්‍රිස්තියානි සියොන්වාදයයි. ක්‍රිස්තියානි සියොන්වාදය යනු යුදෙව් සියොන් වාදයට සහයෝගය දැක්වීමකි. එය ජෙරමියා 32 සහ එසකියෙල් 34 වැනි බයිබලයේ සඳහන් ඡේදවල ඇති ඉශ්‍රායෙල්ට දුන් පොරොන්දුව මත පදනම් වේ. ක්‍රිස්තියානි සියොන්වාදින් මූලික වශයෙන් එවැන්ජලිස්තවරුන් වන අතර ඊශ්‍රායෙල්ගේ යුදෙව් රාජ්‍යයට හැකි ඕනෑම ආකාරයකින් සහාය ලබාදේ. පොරොන්දු දේශයට යුදෙව්වන් නැවත පැමිණීම යනු අනාවැකි ඉටුවීම සහ විශේෂයෙන් ලෝකය අවසාන කාලයට පිවිස ඇති බවට ලකුණක් ලෙසදැකිය හැකිය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සියොන් වාදය / ක්‍රිස්තියානි සියොන් වාදය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries