settings icon
share icon
ප්‍රශ්නය

“බාලයෙකුගෙන් “යේසුස්වහන්සේ ඔබගේ මිදුම්කරු විය හැකි” දැයි ඇසිය හැක්කේ කෙසේ ද?

පිළිතුර


ගැළවීම සදහා ස්තීර වයස් සීමාවක් නොමැත. යේසුස්වහන්සේ කියා සිටියේ දරුවන් නොවලක්වා මා ළඟට එන්ට ඉඩ දෙන්න. මක්නිසාද ස්වර්ග රාජ්‍යය මෙබදූ වන්නේ යයි කීසේක (මතෙව් 19:14). එවිට දරුවන් තම පාපය තෙරුම් ගන්නට පුලුවන් වයසේ දි, (රෝම 3:23) යේසුස්වහන්සේ මැරුණේ ඔහුන්ගේ පාපයේ දඩුවම ගෙවන පිනිස බවත් (රෝම 5:8 / 6:23) ගැළවීම ලබන පිණිස යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාස කළ යුතු බවත් (යොහන් 3:16) තේරුම් ගන්නා වයසේ දි ඔහුන් ගැළවෙන්නේ ය.

දරුවෙක් ගැළවීම සඳහා සියලු ම ගැළවිමේ මූල ධර්ම තෙරුම් ගැනිම අවශ්‍ය නොවේ. නමුත් දෙමව්පියන් විසින් ගැළවීම සදහා මුලික ධර්මය තෙරුම් ගන්නා පිණිස ඉගැන්වීම වැදගත් කරුණක් වේ (ක්‍රියා 16:31). “ස්වාමිවු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදහා ගනින්න. එවිට ඔබ ගැළවෙන්නේය” මෙම වදන වැඩිහිටියන්ට හා දරුවෙකුට පොදු සත්‍ය කරුණකි.

දෙවියන්වහන්සේගේ තේරීම වන්නේ, ඇදහිලිවන්තයෙකුට හෝ නොඇදහිලිවන්තයෙකුට හෝ උපදින සෑම දරුවන් ක්‍රිස්තුස්වහන්සේගේ ලේ කරණකොටගෙන ගැළවීම ලබා ඔහුන්ගේ හදවත් තුල ශුද්ධාත්මයාණන් වහන්සේගේ ක්‍රියාව කරණකොටගෙන ස්වර්ගයට ඇතුල් වීමයි. බාල දරුවන් තම ජිවිතයේ මෙම කාරණා තේරුම් ගැනිමේ අවස්ථාවන් දරුවන් අතර වෙනස්වේ. සමහර විශේෂ මෘදු හදවතක් ඇති බාල දරුවන් යේසුස්වහන්සේ ඔවුන් උදෙසා මැරුණ බව අසන විටම ඔහුන්ගේ පාපිෂ්ඨ ස්වාභවය තේරුම් ගෙන ප්‍රතිචාර දක්වයි. අන් දරුවන් වැඩි වයසකට එන තුරු ඔහුන්ට එය තේරුම් ගැනිමට නොහැකි. දෙවියන්වහන්සේ පමණයි ඔහුන්ගේ හදවතේ සිතුවිලි තේරුම් ගන්නේ. අපි උන්වහන්සේ කෙරෙහි හා උන් වහන්සේගේ ස්තීර කැමත්ත හා වේලාව කෙරෙහි විශ්වාස කරමු (ලුක්19:10) “නැතිවු දේ සොයන්නටද ගළවන්නටද ආයේ යයි” යේසුස්වහන්සේ කීසේක.

English



නැවතත් සිංහල මුල් පිටුවට

“බාලයෙකුගෙන් “යේසුස්වහන්සේ ඔබගේ මිදුම්කරු විය හැකි” දැයි ඇසිය හැක්කේ කෙසේ ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries