පෘථිවිය එතරම් පැරණි නොවන බවට දේවවචනාකූලව පෙන්වා දී ඇති කරුණු සදහා සාධක තිබේද?


ප්‍රශ්නය: පෘථිවිය එතරම් පැරණි නොවන බවට දේවවචනාකූලව පෙන්වා දී ඇති කරුණු සදහා සාධක තිබේද?

පිළිතුර:
පෘථිවිය එතරම් පැරණි නොවන බවට දේවවචනයේ සාධක බහුලව ඇත. කෙසේ වුවද, පෘථිවිය ඉතා පැරණි බවට ඇතිවී තිබෙන යතා දර්ශය, පොදු පාසල්වල, ප්‍රධාන පෙලේ අධ්‍යාපන මධ්‍යස්ථාන සහ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන යන අංශවල පරම්පරා ගණනක් තුල ඒකාධිකාරයක් හොබවා ඇත. එබැවින් බොහෝ විද්‍යාඥයන් පෘථිවිය ඉතා පැරණිය යන මතයේ රැදී ඇත. ඔවුන්ගේ පාසල් අවධියේ දී ඔවුන් ඉගෙනීම ලැබුවේ එලෙසය. ඔවුන් උපාධි ලබාගත් විශ්වවිද්‍යාල වලදීද ඉගෙන ගත්තේ එලෙසමය. ඔවුන්ගේ සමකාලීනයන්ද උගන්වන්නේ ඒ ආකාරයෙන්මය. එහෙත් විද්‍යාඥයන් අතරේ මෙම මතයට විරුද්ධ මතධාරීන් සිටින අතර, එවැනි අයගේ සංඛ්‍යාවද වැඩිවෙමින් පවතී. එයට හේතුව කුමක්ද? පෘථිවිය ඉතා පැරණිය යන මතයට අභියෝගයක් එල්ලවන සාධක සම්භාරයකට බොහෝ විද්‍යාඥයන්ට මුහුණ දීමට සිදු වීඇත.

මෙම සාධක ගැන පරීක්ෂාකර බලන සැමදෙනා, පෘථිවිය ඉතා පැරණිය යන මතය ප්‍රතික්ෂේප කරන බව මෙයින් අදහස් නොකෙරේ. මෙම මතය ගැන සලකා බලන සමහර අය එම සාධක අස්වාභාවික බවත්, එය තව තවත් පැහැදිලි කලයුතු මතයක් ලෙසත් සලකති. සුපරීක්ෂාකාරව විමසා බැලීමේදී ඔවුන්ගේ මතය පිලිගත නොහැකි බව තවත් සමහර අය විශ්වාස කරති. ප්‍රබල ලෙස පක්ෂග්‍රාහී වූආගමික පාර්ශවයන්ට අයත් අය මෙය සම්බන්ධව ඔනෑකමින්ම නොමග යවන කරුණු ඉදිරිපත් කරන බව සමහර අය සලකති.

එවැනි ප්‍රබල පක්ෂග්‍රාහී ආගමික පාර්ශවයන් හට ඔවුන්ගේ අරමුණු ඉටු කරගැනීමට එම කරුණු විකෘති කර දැක්වීමට ප්‍රවණතාවයක් ඇති බවට සැකයක් නැත. පෘථිවිය ඉතා පැරණිය යන මතය දරන්නන්ටද ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීමට එසේම ක්‍රියා කිරීමේ ප්‍රවණතාවයක් ඇත. එය මනුෂ්‍ය ගතිය වේ. පෘථිවිය එතරම් පැරණි නොවේය යන මතය ගැන වසර ගණනාවක් තුල ඉදිරිපත් කර ඇති කරුණු පිරික්සීමේදී එහි සත්‍යතාවය පිළිබ්ඹු කිරීමට අපොහොසත් වීඇත. සීග්‍රයෙන් බිහිවන වෘත්තිමය පුහුණු ලත් විද්‍යාඥයන් සහ එම ක්ශේත්‍රයේ පලපුරුදුලත් අය වැනි සමහර අය, පෘථිවිය එතරම් පැරණි නොවේය යන මතය අඩුතරමින් විද්‍යාත්මකව ඒත්තු ගැන්විය හැකි, එහෙත් බලකිරීමක් නොකළ හැකිදෙයක් බවඅනුමත කරති. එයට අදාල සාධක වලින් සමහරක් සලකා බැලීම සදහා පහත දක්වමු.

මහාද්වීපිකක්ෂයවීම සහ පාශාණතැන්පත්
මහාද්වීප කොතරම් සීග්‍රයෙන් ක්ෂය වනවාද යත්, මහාපරිමාණයේ ගොඩනැගීම්, උල්කාපාත වල දූවිලි තැන්පත්වීම්, ගිනිකදු පිපිරීමෙන් ලෝදිය ගැලීම් ආදිය නොවේ නම්, එම මහාද්වීප (එවරස්ට ආදී කදු ඇතුළුව) වසර දස ලක්ෂ 25 කටත් වඩා අඩු කාලයක් තුලදී පොලොවට සමතලාවී යෑමට ඉඩ තිබිණ. මේලෙස ක්ෂය වීමක්සිදුවන විටඋස් බිම්,වසර කෝටි ගනනක් පැරණි පාශාණ, මීට බොහෝ කලකට පෙර සමතලාවී යායුතුය. නමුත් ඒවා තවමත් එලෙසම පවතී. මෙයින් පෙනීයන්නේ එම පාශාණ වසර කෝටි ගණනක් පැරණි නැති බවය. එය නිවැරැදි නම් මුළු භූවිද්‍යාත්මක තීරුවම සංශෝධනය විය යුතුය. (අපගේ භූවිද්‍යාත්මක තීරුව නැමැති ලිපිය බලන්න.)

භූගත ද්‍රවවලපීඩනය
ඉන්ධන නිධියක් ඩ්‍රිල් යන්ත්‍රයකින් පසාරු කළවිට සමහර විට එම ඉන්ධන විශාල දිය ඇල්ලක්මෙන් පිටතට ගලායාමට හැකිය. එසේ වීමට හේතුව නම් මෙම ඉන්ධන නිධිවලට උඩින් පිහිටි ගල්පරවල බර නිසා භූගත ඉන්ධන දැඩි පීඩනයකට ලක්වන බැවිනි. එසේම භූගතව ඇති ස්වභාවික වායු සහ ජලයද මෙවැනි පීඩනයකට ලක්වනු ඇත. මෙහිදී පැන නගින ගැටලුව නම්, පීඩනයට ලක්වී ඇති භූගත ද්‍රව්‍යන්ට උඩින් පිහිටි ගල්පර කැඩී බිදීය හැකි වීමය. එබැවින් එම පීඩනය වසර ලක්ෂයකටත් වඩා අඩු කාලයක් තුලදී නැතිවී යායුතුය. එහෙත් මෙම භූගත තැන්පත් තවමත් බලවත් පීඩනයකට ලක්වෙමින් පවතී. නැවතත් සදහන් කරනුයේ, මෙම තැන්පතුවල ඉපැරණි භාවය සහ භූගත පිහිටීම හේතුවෙන් මෙම නිරීක්ෂකයන් එහි නිර්මාණය සම්බන්ධව පැහැදිලිව නිරවුල්ව ප්‍රකාශ කිරීමට තුඩු දුන් අර්ථ කථනයන් සම්බන්ධයෙන් ප්‍රශ්නාර්තයක් ඇති බවය.

ගෝලිය සිසිල් වීම්
19වන ශත වරෂයේදී සුප්‍රකට භෞතික විද්‍යාඥ හා නිර්මාණකරුවෙකුවූ කෙවින් සාමිවරයා (විලියම් තොම්සන්)විසින් ප්‍රථම වරට පෙන්වා දුන් අන්දමට, පෘථිවිය නිර්මාණයවූයේ ඉතා අධික ලෙස උෂ්ණත්වයක් යටතේ උනුවූ පාශාණ වලින් නම්, එය වර්තමානයේ පවතින උෂ්ණත්වය දක්වා සිසිල් වීමට ගතවූකාලය, දැනට නිගමනය කර ඇති කාලයට වඩා වසර කෝටි 4.6 කටත් වඩා අඩුවිය යුතුය. එතැන් සිට පෘථිවිය පැරණි බව යන මතයේ සිටින අය පෙන්වා දෙනුයේ, පෘථිවිය අභ්‍යන්තරයේ සිදුවන විකිරණ ශීලි ක්ෂය වීම එය සිසිල් වීම මහත්සේ මන්දගාමී කරන බවය. නමුත් පෘථිවිය එතරම් පැරණි නොවන බව විශ්වාස කරන අය ඊට ප්‍රතිචාර දක්වනුයේ විකිරණ ක්ෂය වීම කරනකොටගෙන නිකුත් වන උෂ්ණත්වය ගැන විවෘත මනසකින් බලන විටදී උවද, පෘථිවියේ දැනට පවතින උෂ්ණත්වය දක්වා සිසිල්වීමේ කාලය,පෘථිවිය පැරණිය යන මතයේ සිටින අය දක්වන කාලසීමාවට වඩා අඩුබවය.

චන්ද්‍රයාගෙන්ඈත්වීම
චන්ද්‍රයා පෘථිවියෙන් ඈතට සෙමින් සෙමින් ගමන් කරමින් සිටී. පෘථිවියේ භ්‍රමණය, මුහුදු රැළ සහ වෙනත් හේතුන් නිසා මන්දගාමී වීම, චන්ද්‍රයා පෘථිවියෙන් ඈත් වීයාමට හේතු වී ඇත.මෙලෙස චන්ද්‍රයාගේඈත් වීම පළමවෙන්ම සොයා ගත්තේ එඩ්මන් හේලී විසින් 1600 වර්ෂයේ අගභාග යේදීය. (එම එඩ්මන් හේලී පළමවෙන්ම වසර 76 ක්පැරණි දූම කේතුව සොයා ගැනීමේ ගෞරවය ලබා ඇති අතර, එම දූම කේතුව ඔහුගේ නමින්ම නම් කර ඇත.) දැනට පවතින චන්ද්‍රයාගේ ඈත් වීමේ වේගය අනුව හා වෙනත් හේතුන් නිසා භෞතික විද්‍යාඥයන් නිගමනය කර ඇත්තේ පෘථිවි චන්ද්‍ර සම්බන්ධතායව සර කෝටි 1.2 කාලයක් රදා පැවතිය නොහැකි බවය. පෘථිවිය පැරණි බව විශ්වාස කරන අය මේ පැවැත්මට ගණනය කර ඇති කාලයට වඩා එම කාලය වසර කෝටි 3.4 කින්අඩුය. වැඩි දුරටත් බලන කල චන්ද්‍රයා පෘථිවියට ලංවීම වැඩෙත්ම, මුහුදු රැළ මත එහි බලපෑම වැඩි වේ. මේඅනුව සිදු වීනම්, අප සැම දිනකට දෙවරක් ගිලීයාම සිදුවීමට මෙතරම් කාලයක් ගත නොවියයුතුය.

ප්‍රාග්කේම්බ්‍රිය ගොමේද වලින් හීලියම් නිකුත්වීම
විකිරණ මගින් දිරාපත් වන අස්ථාවර මූල ද්‍රව්‍ය මගින් හීලියම් නිපදවේ. (යුරේනියම් සහ තෝරියම් එවැනි මූල ද්‍රව්‍ය දෙකකි.) මෙසේ දිරාපත් වීම් සමහරක් සිදු වනුයේ ගෝමේදනම්"සපිටික"තුලය. මෙම ගෝමේද එහි පිහිටීමේ ගැඹුරත්වය සහ උෂ්ණත්වය පදනම් කොට වෙනස් වන වේගයකින් හීලියම් නිකුත් කරයි. වසර කෝටි ගණනක් තුල, යුරේනියම් ක්ෂය වීම ඇතිවූ ගෝමේද මගින් හීලියම් අධික ලෙස පිටතට නොවි හිදී ඉතිරි වන බවද, එහි ප්‍රමාණය ඉතා විශාල බවද, විද්‍යාඥයන් සොයා ගෙන ඇත. එම හීලියම් ප්‍රමාණය සපිටික තුලින් පිටතට විහිදීමට ප්‍රමාණවත් කාලයක් නොතිබු බව එයින් පෙනීයයි. මෙම නිරීක්ෂණය තුල අනුමිතියන් දෙකක් ඇත.

පළමු අනුමිතිය නම්, මෙම නිරීක්ෂණයට විකිරණ මාන ක්‍රමය මගින් කාලය නිර්ණය කිරීම මත ඇති කර ගෙන ඇති උපකල්පනය උඩුයටිකුරු කිරීමේ හැකියාව ඇත.(වඩාත් ප්‍රචලිත පෘථිවිය පැරණි බව ඔප්පු කිරීමට උපයෝගී කරගත් කාලනිර්ණය කිරීමේ තාක්ෂණය) වසර කෝටි ගණනක් ගෝමේද තුල යුරේනියම් ක්ෂය වීම සිදුවූ බවට විද්‍යාඥයන් විශ්වාස කරන්නේ එම කරුණ ගැන නිරීක්ෂණය නොකළ කාලසීමාවද උපකල්පනය කර ඇති බැවිනි. (විකිරණ ක්‍රමයෙන් කාල නිර්ණය යන මාතෘකාවට අයත් අපගේ ලිපිය බලන්න.) නිරීක්ෂණයට භාජනය නොවූ කාල පරිච්ඡේදය තුලදී විකිරණ ක්ෂය වීම අඛණ්ඩව සිදුවූ බව එක් උපකල්පන යකි. විද්‍යාගාරයක් තුලදී මෙම ක්ෂය වීමේ වේගය පමා කිරීමට විද්‍යාඥයන්ට හැකියාව ඇතත්, ස්වභාවිකව එම ක්ෂය වීම් සැබැවින්ම සිදුවන බව ඔවුන් බොහෝ දෙනෙක් විශ්වාස නොකරති. ගෝමේද තුලින් හීලියම් පිටවීමට අවශ්‍ය තරම් කාලයක් නොමැතිවීමට හේතුවන ලෙස යුරේනියම් ක්ෂයවීම ඉතා සීග්‍රයෙන්, නිරීක්ෂණයට ලක්නොවූ කාලය තුල සිදුවීඇති බවට මෙය බලවත් සාක්ෂියක් විය හැක.

දෙවනුව, ගෝමේද නිර්මාණය වූයේ භූවිද්‍යාත්මක තීරු යටින්ඇති ප්‍රාග් කේම්බ්‍රිය ගල්පර මගින් බැවින් භූවිද්‍යාත්මක තීරු ගැන දැනට අනුමත කරන අර්ථ නිරූපනය බලවත් ලෙස සංශෝධනයට ලක්විය යුතුය. (නැවතත් අපගේ භූවිද්‍යාත්මක තීරු යටතේ ලිපිය බලන්න.) පෘථිවිය පැරණි නොවන බවට ඇති වෙනත් විද්‍යාත්මක සාධක මගින්, උත්පත්ති පොතේ සදහන් දේවවචනාකූල සවිස්තරයේ අඩංගු කරුණු වල විශ්වානීය භාවය තර කරනු ඇත.

English


නැවතත් සිංහල මුල් පිටුවට
පෘථිවිය එතරම් පැරණි නොවන බවට දේවවචනාකූලව පෙන්වා දී ඇති කරුණු සදහා සාධක තිබේද?