settings icon
share icon
ප්‍රශ්නය

යේසුස් වහන්සේ මිය ගියේ කුමන අවුරුද්දේ දීද?

පිළිතුර


යේසුස් වහන්සේගේ මරණය සහ ඔහුගේ නැවත නැඟිටීම ලෝකය මැවූ දිනයේ සිට වැදගත් සිදුවීම් වේ. දෙවියන් වහන්සේ පාපයෙන් හුදකලාවූ අයව උන් වහන්සේගෙන් උදුරා ගෙන ක්‍රිස්තුස්වහන්සේගේ භෞතික ශරීරය විසින් මරණය තුළින් සමගි කරගත් අතර, ඔහු ඉදිරියෙහි ශුද්ධකම ඉදිරිපත් කිරීම සඳහා, කැළැල් හා චෝදනා වලින් නිදහස් කරනු ලැබුවේ ක්‍රිස්තුස් වහන්සේගේ මරණය තුළිනි. (කොලොස්සි 1:21-22 ට අනුව පසුගිය කාලයේදී ඔබ දෙවියන්වහන්සේගේන් ඈත්වී සිටියහුය. ඔබේ නපුරු ක්‍රියා නිසා ඔබ උන් වහන්සේට සිතින් සතුරුව සිටියහුය). යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උත්ථානය තුළින් දෙවියන් වහන්සේ දයානුකම්පිතව ජීවමාන බලාපොරොත්තුවකට අපට නව උපත ලබා දී ඇත. (1 පේත්‍රස්1:3 ට අනුව අපගේ ස්වාමින්වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියාණන් වන දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මරණින් උත්ථාන වීම හේතුකොටගෙන දෙවියන්වහන්සේ ස්වකීය මහත් දයාවෙන් අපට නව ජීවනයක් දී අපට ජීවමාන බලාපොරොත්තුවක් උදා කළ සේක.) යේසුස්වහන්සේ මියගිය නිශ්චිත දිනයක් බයිබලයේ සඳහන් කර නැත. නමුත් අපට සාධාරණ නිර්වද්‍ය තාවයකින් හඳුනා ගත හැකිය.

ලෝකයේ කාළරාමුව ඵෛතිහාසිකව ක්‍රි. පූ. (ක්‍රිස්තු පූර්වයට පෙර) සහ (ඇනො ඩොමිනි — අපගේ ස්වාමියාගේ වර්ෂයේදී) අතර බෙදී ඇත. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇත්ත වශයෙන්ම උපත ලැබුවේ ක්‍රි. පූ. 6 සිට 4 දක්වා කාළය තුළය. ක්‍රි. පූ. 47 සිට ක්‍රි.පූ. 4 දී මිය යන තුරුම යුදයේ ප්‍රසම්පාදකයාවූ මහා හෙරෝද්ගේ මරණය පදනම් කරගෙන අපි මේ දිනයට පැමිණෙමු. හෙරෝද් මිය ගිය පසු යෝසෙප් සහ මරියා ළදරු යේසුස් සමඟ ඊජිත්තුවේ සිට නැවත ඊශ්‍රායලයට යන ලෙස පැවසුවා. (මතෙව් 2:19 ට අනුව හෙරෝද් මියගිය පසු, සමිදාණන් වහන්සේගේ දූතයෙක් මිසරයේදී සිහිනයකින් ඔහු අමතා).

යේසුස් වහන්සේගේ මරණය සිදුවූ වර්ශය නිශ්චය කිරීමට සාධක ගණනාවක් අපට ඉඩ දෙයි. ලූක් 3:1 ට අනුව ඓතිහාසික සටහන පදනම් කරගෙන යොහාන් බව්තීස්ත ක්‍රි. ව. 26 දී සිය දේව සේවය ආරම්භ කළ බව අපි දනිමු. යේසුස් තම දේව සේවය ආරම්භ කළේ යොහාන්ගේ සේවය ආරම්භ කළ විගසමයි. දළවශයෙන් ඊලග අවුරුදු තුනහමාර තුළ යේසුස් සේවය කළේය. එසේ නම් ඔහුගේ දේව සේවයේ අවසානය ක්‍රි. ව. 29 — 30.

පොන්තියුස් පිලාත් ක්‍රි. ව. 26 -36 දක්වා යූදය පාලනය කළ බව දන්නා කරුණකි. කුරුසිපත් කිරීම පාස්කු උත්සවයකදී සිදුවිය. (මාර්ක්14:12 ට අනුව පාස්කු බැටළු පෝතකයා පූජා කරනු ලබන, නුමුහුන් රොටි මංගල්‍යයේ පළමුවන දින උන් වහන්සේගේ ශ්‍රාවකයෝ "පාස්කු භෝජනය වළඳනු පිණිස අප ගොස් කොතැන පිළියල කරනවාට ඔබ කැමති සේක්දැයි උන් වහන්සේගෙන් ඇසූ සේක). එම කාරණයන් සමඟ තාරකා විද්‍යාත්මක දත්ත (යුදෙව් දින දර්ශනය චන්ද්‍රපාදක විය). ක්ෂේත්‍රය දින දෙකකට සීමා කරයි.

අප්‍රෙල් 7, ක්‍රි. ව. 30, සහ අප්‍රෙල් 3, ක්‍රි. ව. 33 දිනයන් දෙකටම අනුබල දෙන විද්වත් තර්ක තිබේ. පසුදින (ක්‍රි. ව. 33) යේසුස් වහන්සේට තවදුරටත් දේව සේවයක් කිරීමටත් පසුව එය ආරම්භ කිරීමටත් අවශ්‍යය වනු ඇත. කලින් දිනය (ක්‍රි. ව. 30) ලූක් 3:1 සිට යේසුස්වහන්සේ දේව සේවය ආරම්භ කිරීම ගැන අප අනුමාන කරන දෙයට වඩා වැඩි යමක් පෙනේ.

ක්‍රිස්තුස් වහන්සේගේ කාළයේ සිට ලෝක වේදිකාවේ බොහෝ දේ සිදුවී ඇත. නමුත් ක්‍රි. ව. 30 දී සිදුවු දෙයෙහි විශාලත්වය සහ අරුත කිසිවෙක් මෙතෙක් ග්‍රහනය කරගෙ නැත. ලෝකයේ ගැළවුම්කරුවාගේ මරණය සහ නැවත නැඟිටීම.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස් වහන්සේ මිය ගියේ කුමන අවුරුද්දේ දීද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries