settings icon
share icon
ප්‍රශ්නය

යේසුස්වහන්සේ උපත ලැබුවේ කුමන වර්ෂයේදීද?

පිළිතුර


යේසුස්වහන්සේ බෙත්ලෙහෙමේ උපත ලැබූ නිශ්චිත දිනය හෝ නිශ්චිත වර්ෂය දේව වචනයේ සදහන් නොවේ. එහෙත් ඉතිහාසයේ කාලානුක්‍රමික තොරතුරු සමීපව විමසා බැලීමෙන් කාලය සාධාරණ රාමුවකට ගෙන යා හැක.

යේසුස්වහන්සේ පිළිබද දේව වචනානුකූල තොරතරු අපට දක්නට ලැබෙනූයේ සුභාරංචි පොත් තුළිනි. මතෙව් 2:1 හී සදහන් වනුයේ යේසුස්වහන්සේ හෙරොද් රජුගේ සමයේ උපත ලැබූ සේක් බවය. හෙරොද් ක්‍රි. පූ. 4 හි දී මිය ගිය හෙයින් අපට ගණන් සෑදීමට පරාමිතියක් ඇත. තවද යොසෙප් සහ මරියා යේසුස් වහන්සේ හා සමග බෙත්ලෙහෙමෙන් පලා ගියාට පසුව ඒ අවට සිටියාවූ වයස අවුරුදු 2 සහ ඊට අඩු පිරිමි දරුවන් සියල්ලන්ම ඝාතනය කර දැමීමට හෙරොද් විසින් අණ කරනු ලැබීය. මෙයින් ඇගවෙන්නේ හෙරොද්ගේ මරණයට පෙර යේසුස්වහන්සේට වයස අවුරුදු 2 ක් පමණ වන්නට ඇති බවය. මෙයින් යේසුස් වහන්සේගේ උපත ක්‍රි. පූ. 6 සහ 4 අතර කාලයක සිදු වූ බවට දින නියම කරනු ලබයි.

ලුක් 2:1–2 හී මෙනෙහි කිරීමට තවත් කරුණු කිහිපයක් සටහන්වේ: "තවද ඒ දවස් වලදී මුළු ලෝකයාගේ ලේඛණයක් සෑදීමට කායිසර් අගෝස්තුස් කෙරෙන් නියෝගයක් නිකුත්ව ගියේය. මේ වනාහී කිරේනියස් සිරියායේ ආණ්ඩුකාරයාව සිටියදී පළමුවෙනි ලේඛනයයි." කායිසර් අගෝස්තුස් ක්‍රි.පූ. 27 සිට ක්‍රි.ව. 14 දක්වා රාජ්‍යය කරනු ලැබූ බව අප දන්නෙමුව.

එම කාල වකවානුවේම කිරේනියස් සිරියාවේ ආණ්ඩු කරනු ලැබූයේ යුදාව අන්තර්ගතවූ සංගණනයක වාර්ථා සහිතව දළ වශයෙන් ක්‍රි. පූ. 6 දීය. සමහර විද්වතුන් තර්ක කරනු ලබන්නේ ලුක් සුභාරංචියේ සදහන් වන එම සංගණනයමද යන්නය. එනමුත් එය එම සිදුවීමම බවට දක්නට ඇත. මෙම ඓතිහාසික තොරතුරු මත පදනම්ව බෙත්ලෙහෙමේ ක්‍රිස්තුස්වහන්සේගේ උතපත්තිය බොහෝදුරට ක්‍රි.පූ. 6–5 කාලයේදී සිදු වන්නට ඇත.

ලුක් විසින් අපගේ කාල රාමුව පිළිබදව තවත් තොරතුරක් සදහන් කරනු ලබයි: "යේසුස්වහන්සේ උගන්වන්ට පටන් ගත් කළ අවුරුදු තිහක් පමණ වයස්ව සිටි සේක" (ලුක් 3:23). යොහාන් බවිතීස්ත විසින් පාළුකරයේ සේවය කළ කාලය තුළම යේසුස්වහන්සේත් තම සේවය ආරම්භ කළ අතර යොහාන්ගේ සේවය ආරම්භ වූයේ "පොන්තියුස් පිලාත් යුදයේ ආණ්ඩුකාරයාවද හෙරොද් ගලීලයට අධිපතියාවද ඔහුගේ සහෝදරවූ පිලිප් ඉතුරයටත් ත්‍රකොනිතිස් නමිලත් පළාතටත් අධිපතියාවද ලූසානියස් අබිලේනියට අධිපතියාවද අන්නස් සහ කායාඵස් උත්තම පූජකයෝවද සිටි කාලයෙහි තිබේරියස් කායිසර් රාජ්‍යයට පැමිණි පසලොස්වෙනි අවුරුද්දෙහි" දී (ලුක් 3:1–2).

මෙම සියලූ කරුණු වලට ගැලපෙන එකම කාල සීමාව නම් ක්‍රි.ව. 27–29 දක්වා කාලය වේ. ක්‍රි.ව. 27 වන විට යේසුස්වහන්සේට "වයස අවුරුදු තිහක් පමණ" නම් උන්වහන්සේගේ උපත ක්‍රි.පූ. 6 ත් 4 ත් අතර වූයේ නම් එය කාලානු ක්‍රමයට ගැලපේ. වඩාත් නිශ්චිතවම යේසුස්වහන්සේ සේවය ආරම්භ කරන විට ඔහුගේ වයස අවුරුදු 32 පමණ වන්නට ඇත (තවමත් "වයස අවුරුදු තිහක් පමණ").

ක්‍රිස්තුස්වහන්සේගේ උපන් දිනය පිළිබදව කුමක් කිව හැකිද? දෙසැම්බර් 25 යන සම්ප්‍රදාය නව ගිවිසුම කාලයෙන් බොහෝ කලකට පසුව වර්ධනය විය. මෙය වනාහී කිතුණුවන් යේසුස්වහන්සේගේ උපත සැමරීමට එකග වූ දිනයවේ. එනමුත් උන්වහන්සේගේ උපත සිදුවූ දිනය නිසැකවම නොදනිමුව.

අප දන්නාවූ කරුණ නම් දේව වචනානුකූල සහ ඓතිහාසික විස්තර දළ වශයෙන් උපන් වර්ෂයට යොමු කරනු ලබන බවය. යේසුස්වහන්සේ යුදයේ බෙත්ලෙහෙමේ තම මවවූ මරියාට දළ වශයෙන් ක්‍රි.පූ. 6–5 ත් අතර උපත ලැබූ සේක. උන්වහන්සේගේ උපත කරණකොටගෙන ලොව පුරා අප්‍රමාණ මනුෂ්‍යයන්ගේ ජීවිත මෙන්ම ඉතිහාසයද වෙනස් කරනු ලැබීය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස්වහන්සේ උපත ලැබුවේ කුමන වර්ෂයේදීද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries