දෙවියන් වහන්සේගේ උදහස පිළිබඳ බයිබලීය සම්මතය කුමක්ද?



ප්‍රශ්නය: දෙවියන් වහන්සේගේ උදහස පිළිබඳ බයිබලීය සම්මතය කුමක්ද?

පිළිතුර:
වැරද්ද හා අයුක්තිය තේරුම් ගන්නා පිණිස දක්වන චිත්තවේගී ප්‍රතිචාරය ලෙසඋදහස හදුන්වා දෙයි. බොහෝවිට "තරහ", "කෝපය", "අමනාපය", "උත්කෝපනය" යන ආකාරයෙන් මෙම වචනය පරිවර්තනය වේ. මනුෂ්‍යයා සහ දෙවියන් වහන්සේ යන දෙදෙනාම උදහස ප්‍රකාශ කරයි. නුමුත් දෙවියන් වහන්සේගේ උදහස සහ මනුෂ්‍යයාගේ උදහස අතර විශාල වෙනසක් වේ. දෙවියන් වහන්සේ ගේ උදහස ශුද්ධ සහධර්මිෂ්ඨ වේ. මනුෂ්‍යයාගේ උදහස කිසිදිනක ශුද්ධ නොවන අතර කළාතුරකින් ධර්මිෂ්ඨ වේ.

පරණ ගිවිසුමෙහි, දෙවියන් වහන්සේගේ උදහස, මනුෂ්‍යයාගේ පාපයට සහ අකීකරුකමට උන් වහන්සේගේ දිව්‍යමය ප්‍රතිචාරය විය. රූප නමස්කාරය බොහෝ අවස්ථාවල දිව්‍යමය උදහසට කාරණාව විය. ගීතාවලිය 78:56-66 ඊශ්‍රායෙල්හි රූප නමස්කාරය ගැන විස්තර කරයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුගමනය නොකළාවූ අය වෙත නිත්‍ය වශයෙන් දෙවියන් වහන්සේගේ උදහස එල්ල විය (ද්වීතීය කථාව 1:26-46, යොෂුවා 7:1, ගීතාවලිය 2:1-6). පරණ ගිවිසුමෙහි අනාගතවක්තෘවරු "උදහසේ දවස" ගැන නිරතුරුව ලියනලදී (ශෙපනියා 1:14-15). පාපයට සහ අකීකරුකමට විරුද්ධව දෙවියන් වහන්සේගේ උදහස සැබැවින්ම ධර්මිෂ්ඨය. දෙවියන් වහන්සේ ශුද්ධ සහ පරිපූර්ණ මෙන්ම මනු පරපුර සඳහා දෙවියන් වහන්සේ සැලැස්ම ශුද්ධ හා සම්පූර්ණ වේ. දෙවියන් වහන්සේගේ උදහසින් පව්කාර මනුෂ්‍යයා හරවන දිව්‍යමය ප්‍රසාදය වන පසුතැවීම මනුෂ්‍යයාට දෙන ලදී. ධම සර්වසම්පූර්ණ සැලැස්ම ප්‍රතික්‍ෂේප කිරීම, දෙවියන් වහන්සේගේ ප්‍රේමය, දයාව, අනුග්‍රහය සහ ප්‍රසාදය ප්‍රතික්‍ෂේප කර එතුමාණන් වහන්සේගේ ධර්මිෂ්ඨකමේ උදහසට අසුවීමයි.

අළුත් ගිවිසුමෙහිද දෙවියන් වහන්සේ පාපය විනිශ්චය කරන්නාවූ උදහසේ දෙවියන් වහන්සේ යන සංකල්පයට අනුබල දෙයි. පොහොසත් මිනිසා සහ ලාසරුස් ගේ කතාන්දරයේදී දෙවියන් වහන්සේගේ විනිශ්චය පිළිබඳ කතා කරන අතර පශ්චාත්තාප නොවූ පව්කරුවාට හිමිවන තද බල ප්‍රතිවිපාකද පෙන්වා දෙයි (ලූක් 16:19-31). යොහාන් 3:36 හි මෙසේ පවසයි." පුත්‍රයාණන් කෙරෙහි අදහන්නාට සදාකාල ජීවනය ඇත. නුමුත් පුත්‍රයාණන්ට කීකරු නොවන්නා ජීවනය නොදක්නේය. දෙවියන් වහන්සේ ගේ උදහස ඔහු කෙරෙහි පවතියි. පුත්‍රයා අදහන්නා තමන්ගේ පව් උදෙසා දෙවියන් වහන්සේගේ උදහසට හසු නොවන්නේ දෙවියන් වහන්සේගේ උදහස තමන් මත ගෙන පව්කරුවා ගේ ස්ථානයේ සිට කුරුසියේ දිවි පිදු බැවින්ය (රෝම 5:6-11). පුත්‍රයාණන් විශ්වාස නොකරන තැනැත්තා සහ එතුමා ගැලවුම්කරු ලෙස පිළිනොගන්නා, උදහසේ දවසේදී විනිශ්චය කරනු ලබනවා ඇත (රෝම2:5-6).

විලෝම වශයෙන් මනුෂ්‍ය උදහසට විරුද්ධව රෝම 12:19, එපීස 4:26 සහ කොලොස්සි 3:8-10 තරවටු කරනු ලබයි. පළිගැනීමේ අයිතිය ඇත්තේ දෙවියන් වහන්සේට පමණක්ය. එතුමාණන්ගේ පළිගැනීම නිර්දෝෂ සහ ශුද්ධය. නුමුත් මනුෂ්‍යයාගේ උදහස පව්කාර වූ යක්‍ෂයින්ගේ බලපෑම් වලට විවරවීමක් වේ. කිතුණුවන්ට කෝපය සහ උදහස අපගේ අළුත් මැවිල්ල සමඟ නොගැලපේ. එනම් ක්‍රිස්තුස් වහන්සේගේම ස්වාභාවය වේ (2 කොරින්ති 5:17). උදහසේ ආධිපත්‍යයෙන් මිදීමට, ඇදහිලිවන්තයාට ශුද්ධ ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන හදවතේ ඇති උදහසේ සහ කෝපයේ හැඟීම් නිසා පාපයෙන් පවිත්‍ර විමකුත් අවශ්‍යවේ. ආත්මයාණන් වහන්සේ තුළ ජීවත්වනු ලබන්නාවු ජීවිතයේ ඇති පාපයන් ගෙන් ජය ගන්නා ආකාරය රෝම 8 හි පෙන්වා දෙයි (රෝම 8:5-8). පිලිප්පි 4:4-7හි ආත්මයාණන් වහන්සේ විසින් පාලනය කරනු ලබන්නාවූ හදවත සමාදානයෙන් පිරී ඇති බවපවසයි.

දෙවියන් වහන්සේගේ උදහසට අසුවීම බිහිසුණු සහ බිය ගන්නවන සුළුය. කුරුසිය මත වගුරන ලද ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලින් ආවරණය ලද්දාවූ අය පමණක් දෙවියන් වහන්සේගේ උදහසට අසු නොවන බවට සහතික විය හැක "එබැවින් ඊටත් වඩා ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කරණකොටගෙන ධර්මිෂ්ඨ කරනු ලැබූ අපි උන්වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ උදහසෙන් ගළවනු ලබන්නෙමුව" (රෝම 5:9).



නැවතත් සිංහල මුල් පිටුවට



දෙවියන් වහන්සේගේ උදහස පිළිබඳ බයිබලීය සම්මතය කුමක්ද?