බයිබලය හා සම්බන්ධ සැබෑ නමස්කාර මෙහෙයකට අවශ්‍ය අංගයන් මොනවාද?



ප්‍රශ්නය: බයිබලය හා සම්බන්ධ සැබෑ නමස්කාර මෙහෙයකට අවශ්‍ය අංගයන් මොනවාද?

පිළිතුර:
මනුෂ්‍යයන් සහජාසයානුගතව මැවිල්ල නමස්කාර කරයි. සංගිතකාරයා ඔහු ලියන කල්හි මෙය මෙසේ ලියා තැබුවේය. "දෙවියන් වහන්ස මුවා දිය දොළවලට ඉතා ආශාවන්නාක් මෙන් මගේ ආත්මය ඔබ කෙරෙහි ඉතා ආශා ඇත්තේය (ගීතාවලිය 42:1). ක්‍රි.පූ. පළවෙනි ශතවර්ෂයේදී සිසේරෝ එහි අඩංගු දෑ / ආකාරය පිළිබඳ කිසිවක් නොසළකා මෙම ආගම පිළිපදින ලද අතර, ඔහු විශේෂ ගති ලක්‍ෂණයන් ගෙන් යුතු මනූෂ්‍යයෙක් විය. මනුෂ්‍යයන් කුමක් හෝ කුමකට හෝ නමස්කාර කරන්නට යන බව දකින අපි, නමස්කාරය යනු කුමක්ද ඇසිය යුතුය. කාටද හා කෙලෙසද අප නමස්කාර කළ යුත්තේ? බයිබලීය / බයිබලයට අනුකුල නමස්කාර මෙහෙයකට අඩංගු විය යුත්තේ මොනවාද? සහ ඉතාමත් වැදගත් වන්නේ අප "සැබෑ නමස්කාර කරන්නන් (යොහාන් 4:23) හෝ ව්‍යාජ නමස්කාර කරන්නන් වන්නේ කෙසේද යන්නයි.

යේසුස් වහන්සේ අපට නියෝග කරනු ලැබුවේ සැබෑ නමස්කාර කරන්නන් ආත්මයෙන් සහ සැබෑකමෙන් නමස්කාර කළ යුතු බවයි (යොහාන් 4:23). පාවුල්තුමා අපට පැහැදිලි කර දෙනු ලැබුවේ අප නමස්කාරකරන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය කරණකොටගෙන බවය (පිලිප්පි 3:3), එහි අරුතවන්නේ සැබෑ නමස්කාරයක් පැමිණෙන්නේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහා ගැනීම කරණකොටගෙන ගැළවීම ලබා ඔවුන්ගේ හදවත් වල ශුද්ධාත්මයාණන් වහන්සේ වාසය කරන අයගෙන් බවය. ආත්මයාණන් තුළ නමස්කාර කිරීමේදී උචිත / ඔබින හදවත් ආකල්පයක් තිබිය යුතු අතරවත් පිළිවෙත් පැවැත්වීමෙන්ම නොවේ. සැබෑ ලෙස නමස්කාර කිරීම යන්නට අරුත වන්නේ ලියවිල්ලෙහි තමන්වහන්සේ පිළිබඳ එළිදරව් කරන ලද ආකාරයට නමස්කාර කිරීමය. අපගේ නමස්කාරය බයිබලයට අනුගත වීමට නම් එය ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය මත රැඳී තිබිය යුතුය (2 යොහාන් 1:9, ද්වීතීය කථාව 4:12, 12:32, එළිදරව් 22:18-19, ද බලන්න). සැබෑ නමස්කරය රඳා පවතින්නේ බයිබලයේ දී ඇති උපදෙස් මත පමණක් වන අතර, මනුෂ්‍යයාගේ මඟ පෙන්විම තුළ සාදන ලද පොතක ඇති ගුරුහරුකම් හෝ පාපෝච්චාරනයේ පොතක් ඇතිව හෝ නැතිව හා ආඥා රීතියක් නොමැතිව නමස්කාරය ඔප්පු කරන්නට හැකිය.

පළවෙනි ශතවර්ෂයේ සභාව ඔවුන්ගේ නමස්කාර මෙහෙයකදී විවිධ ආගමික ක්‍රියාවන් සිදු කරනලදී. ඉන් අපට සැබෑ බයිබලීය නමස්කාරයක අඩංගු විය යුතු දේවල් තීරණය කරන්නට හැකිය. රොටි කැඩීමේ මෙහෙය පවත්වන ලදී (ක්‍රියා 20:7), යාච්ඤාවන් පවත්වන ලදී (1 කොරින්ති 14: 15-16), දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා ගීතිකා ගායනා කරන ලදී (එපීස 5:19), සම්මාදම් මුදල් රැස් කරන ලදී (1 කොරින්ති16:2), ලියවිලි කියවන ලදී (කොලොස්සි 4:16) එමෙන්ම දේව වචනය ප්‍රකාශ කරනලදී (ක්‍රියා 20:7).

රොටි කැඩීමේ මෙහෙය / රාත්‍රී භෝජනය යේසුස් වහන්සේ නැවත පැමිනෙණ තෙක් එතුමාණන් වහන්සේගේ මරණය සිහිපත් කරන පිණිස පැවැත්වේ (1 කොරින්ති 11:25-26). යාච්ඤාව ඝෘජුවම දෙවියන් වහන්සේ වෙතට ඔප්පු කල යුතුය (නෙහෙමියා 4:9, මතෙව් 6:9), කතෝලික ආගමෙහි පරිශ්‍රීලනය ලෙස මළවුන්ට කිසි කලෙක සිදු නොකල යුතුය. කොන්තය හෝ බෞද්ධයන් කරන්නාක් මෙන් "නවගුණවැල" පරිහරණය කිරීමට කිසිදු බලයක් නැත. වඩාත්ම වැදගත් කරුණ නම් අපගේ යාච්ඤාව දෙවියන් වහන්සේගේ කැමැත්තට එකඟව තිබිය යුතුය (1 යොහාන් 5:14).

අපගේ නමස්කාරයන් වලදී අපි ගීතිකා ගායනා කළ යුතුවෙමු. පාවුල්තුමා අපට නියෝග කරනු ලැබුවේ "ආත්මයාණන් වහන්සේගෙන් පූර්ණවී ගීතිකා වලින්ද, කවි වලින්ද, එකිනෙකාට කථාකොට, නුඹලාගේ සිත් වලින් ස්වාමීන් වහන්සේට ගායනාද ගීතිකාද කරමින්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සියලු දේ ගැන පියවූ දෙවියන් වහන්සේට ස්තුති කරපල්ලා" (එපීස 5:19-20). දෙවියන් වහන්සේට හා එකිනෙකාට ගායනා කිරීමෙන් සංගිතය තුළ අනුයෝග කර ඇති සත්‍යතාවය හිමිකරදේ (කොලොස්සි 3:16).

සැබෑ බයිබලීය අනුකුල නමස්කාරයක කොටසක් වන්නේ සම්මාදම් මුදලක් පූජා කිරීමයි එනම් පාවූල්තුමා කොරින්ති සභාවට උපදෙස් දුන් පරිදි "ශුද්ධවන්තයන් උදෙසා සම්මාදම් කිරීම ගැන, ගලාතියේ සභාවලට මා නියම කළ ලෙස නුඹලාත් කරපල්ලා. මා ආ කළ සම්මාදම් නොකරන පිණිස සතියේ පළමුවෙනිදා නුඹලාගෙන් එකිනෙකා තමතමාගේ කාරණා සඵලවන ප්‍රකාරයට රැස්කොට තම තමා ළඟ යමක් තබා ගනීවා "(1 කොරින්ති 16:1-2). දෙවියන්වහන්සේගේ වැඩය සදහා නිරන්තරව දීම ඉතා තදබල වගකීමකී. දෙන පිණිස ලද අවස්ථාව විෂ්මය ජනක ආශීර්වාදයක් ලෙස සැළකිය යුතු අතර අවලාද පවසන්නට ඉසීලීමට දුෂ්කර එකක් නොවිය යුතුය (2 කොරින්ති 9:7). සභාවේ වැඩය සඳහා නිශ්චිත බයිබලීය ක්‍රමය වන්නේ ස්ව කැමැත්තෙන් දීමය. සභාවට ව්‍යාපාරයන් කරන්නට, බ්‍රැන්ඩි සාදයන් පවත්වන්නට, ඇතුල්වීමේදී ගෙවීම් කරන නාට්‍යයන් පවත්වන්නට වැනි දෑ සඳහා බලයදී නොමැත. ක්‍රිස්තුස් වහන්සේගේ සභාව වානිජ්‍ය ව්‍යාපාරයක් නොවේය (මතෙව් 21:12-13 බලන්න).

අවසාන වශයෙන් දේශණා කිරීම සහ ඉගැන්වීම සැබෑ බයිබලීය නමස්කාරයක ප්‍රධාන අංගයන් වේ. අපගේ දේශණාවන් ලියවිල්ලෙන් පමණක් විය යුතු අතර, එහි අර්ථය විය යුත්තේ ජීවනය සහ භක්තිවන්තකම සඳහා ඇදහිලිවතුන් සන්නද්ධ කිරිමය (2 තිමොති 3:16-17). සැබෑ දේශකයෙකු හෝ ගුරුවරයෙකු දෙවියන් වහන්සේගේ වචනය පමණක් ගෙනෙන අතර, ශ්‍රාවකයන්ගේ සිත් වල සහ හදවත් වල එතුමාණන් ගේ ක්‍රියාව සිදුවන පිණිස දෙවියන් වහන්සේගේ ආත්මයාණන්වහන්සේ තුළ රඳා සිටිය යුතුය. පාවුල්තුමා තිමෝතිට සිහිපත් කළ ආකාරයෙන් "වචනය දේශණා කරපන්න. කලටත් අකලටත් වැඩේ යෙදී සිටපන්න. සියලු ආකාර ඉවසිලිවන්තකමෙන් සහ ඉගැන්වීමෙන් තරවටුකර, අවවාදකර, අනුශාසනා කරපන්න කියාය" (1 තිමොති 4:2). දේව වචනය ප්‍රධාන කොට්ඨාශය ලෙස නොසළකන / ඇතුළත් නොකරන සභා රැස්වීම, සැබෑ බයිබලීය අනුකුල නමස්කාර මෙහෙයක් ලෙස නොසැළකේ.

ලියවිල්ලේ සඳහන් සැබෑ නමස්කාරයේ අනුපිළිවෙළ අපි අනුගමනය කරමූ. දෙවියන් වහන්සේට ඉමහත් දයාවෙන් යූතුව නමස්කාර කරමු. දෙවියන් වහන්සේ නමස්කාර කිරීම මහත් නීරස ජීවයක් නැති චාරිත්‍රයක් ලෙස අපි ලෝකයාට හැඟීමක් / සංකල්පනයක් නොදෙන්නට වග බලා ගනිමුව. අපි පාපයෙන් මුදනා ලද්දෝ වන්නෙමුව. එබැවින් අපි, අපගේ මැවුම්කාරයාණන් වහන්සේට එතුමාණන් වහන්සේගේ දරුවන්සේ, ගුණවන්ත හදවතකින් යුතුව ත්‍යාගශීලී ආශීර්වාදයන් නිසා ප්‍රශංසා කරමු. "එහෙයින් සොලවන්ට බැරි රාජ්‍යයක් ලබන්නාවූ අපි, ගෞරවයෙන්ද දේවභයින්ද දෙවියන් වහන්සේට ප්‍රසන්න වන ලෙස සේවය කරන පිණිස අනුග්‍රහය ඇතුව සිටිමු" (හෙබ්‍රෙව් 12: 28-29).





නැවතත් සිංහල මුල් පිටුවට



බයිබලය හා සම්බන්ධ සැබෑ නමස්කාර මෙහෙයකට අවශ්‍ය අංගයන් මොනවාද?