settings icon
share icon
ප්‍රශ්නය

අවසානකාලයට පෙර 3 වන ලෝක යුද්ධයක් ඇති බවට බයිබල් අනාවැකි පුරෝකථනය කරයිද?

පිළිතුර


ලෝක යුද්ධය අනාගතයේ කොටසක් වනු ඇති බවට සැකයක් නැත. ගොග් සහ මාගොග් සටන එසකියෙල් පුරෝකථනය කල අතර එය සිදුවන්නේ පීඩාවට මොහොතකට පෙර හෝ මැදට ආසන්නවය. (එසකියෙල් 38-39). උන්වහන්සේගේ 2 වන පැමිණීමට පෙර යුද්ධයක් ඇති බව ක්‍රිස්තුස්වහන්සේ පැහැදිලිවම ඉගැන්වීය. (මතෙව් 24:4-31). සමහරු සිතන්නේ යේසුස් වහන්සේ සාමාන්‍යයෙන් කථා කරන්නේ පල්ලියේ වයස ගැන 4-14 පදවල සහ පීඩා කාලය (එහි මැද භාගයේ සිට)15-31 පදවලය. තවත් සමහරු විශ්වාසකරන්නේ ක්‍රිස්තුස්වහන්සේ කථා කරන්නේ අවුරුදු ගණන සහ පීඩා කාළය ගැන පමණක් බවයි. කෙසේවුවත් 4-14 පද සාමාන්‍යය විස්තරයක් සපයන බවක් පෙනෙන්නට තිබුණද, ඒවා එළිදරව් 6:1-8 හි මුල් කාලයේ දක්වා ඇති විස්තරයට සමාන්තරව ඇති අතර එය පීඩාවේ ආරම්භය පිළිබඳ විස්තර සටහන් කරයි. මතෙව් 24:6-7 (එනම් යුද්ධ සහ යුද්ධ ප්‍රවෘත්ති ගැන නුඹලා අසනවා ඇත. නොකැළඹෙන්ට බලාගන්න. මක්නිසාද මේ සියල්ල සිදුවන්ට ඕනෑය. නමුත් ඒ වනතුරුත් අන්තිමය නොපැමිණෙන්නේය.) පවසන පරිදි "යුද්ධ සහ යුද්ධ පිළිබඳ කට කථාද, ජාතියක් ජාතියකට විරුද්ධවද නැඟී සිටියි.

අනාගතය අවම වශයෙන් තවත් එක් ලෝක යුද්ධයක් පවත්වනු ඇත. කෙසේ වෙතත්, ලෝක යුද්ධ නිශ්චිත සංඛ්‍යාවක් පමණක් සිදුවන බව ශුද්ධලියවිල්ලේ කිසිවක් සඳහන් නොවේ. ලෝක යුද්ධ 1 සහ 2 ශුද්ධ ලියවිල්ලේ පැහැදිලිව සඳහන් කර නොමැත. 3 වන ලෝක යුද්ධයක් විය හැකිය. විස්තරාත්මකව සඳහන් කර ඇති අවසාන යුද්ධයක් පමණක් වන අතර, එම කාළයට පෙර වෙනත් ඕනෑම කෙනෙකුට එය ඉඩ සලසයි.

එළිදරව් 6 සිට ප්‍රේරිත යොහාන් අනාගතය ගැන තමා දුටුදේ සටහන් කළේය. මෙම පරිච්ඡේදයේ යුද්ධය සොයා ගෙන ඇති අතර 19 වන පරිච්ඡේදයේ ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම තෙක් දිග හැරෙන සිදුවීම් වල කොටසක් ලෙස පවතී. එළිදරව් 6:2- එනම් — එවිට සුදු අශ්වයෙක් දුටිමි. ඌ පිට හුන් තැනැත්තාට දුන්නක් තිබුණේය: ඔටුන්නක්ද ඔහුට දෙන ලද්දේය. ඔහු ජය ගනිමින්ද ජය ගන්න පිණිසද පිටත්ව ආයේය. එළිදරව් 6:4 එනම් තවත් අශ්වයෙක්, එනම් රතු අශ්වයෙක් පිටත්ව ආවේය. ඌ පිටහුන් තැනැත්තාට මනුෂ්‍යයන් ඔවුනොවුන් මරණ පිණිස පොළොවෙන් සමාදානය දුරු කරන්නට බලය දෙන ලද්දේය. මහත්වූ කඩුවක්ද ඔහුට දෙන ලද්දේය. එළිදරව්11:7 එනම් ඔවුන් තමුන්ගේ සාක්ෂිය නිම කළවිට පාතාලයෙන් නැඟී එන මෘගයා ඔවුන්ට විරුද්ධව යුද්ධ කොට, ඔවුන්ගෙන් ජය ගෙන ඔවුන් මරන්නේය. එළිදරව් 12:7 එනම් තවද ස්වර්ගයෙහි යුද්ධයක් විය. ඒ වනාහි මිකායෙල් සහ ඔහුගේ දූතයන් මහ සර්පයාට විරුද්ධව යුද්‍ධයට යාමය. මහ සර්පයාද තමාගේ දූතයෝ සටන් කොට ජය නොලැබුවෝය. එළිදරව් 13:4 එනම් මහ සර්පයා මෘගයාට බලය දුන් නිසා ඔව්හු මහ සර්පයාට නමස්කාර කළෝය. ඔව්හු මෘගයාට නමස්කාර කොට මෘගයාට සමාන කව්ද? ඌ හා සමඟ යුද්ධ කරන්ට කවරෙකුට හැකිදැයි කීවෝය. එළිදරව් 13:7 එනම් තවද ශුද්ධවන්තයන්ට විරුද්ධව යුද්ධ කරන්ටද ඔවුන්ගෙන් ජයගන්ටද ඌට ඉඩ දෙන ලද්දේය. සියළු ගෝත්‍රයන්ද සෙනඟද භාෂාවන්ද ජාතීන්ද කෙරෙහි ඌට බලය දෙන ලද්දේය. එසේම එළිදරව් 16:14,17:14,19:11 සහ19:19 දැක්විය හැකිය.

එළිදරව් 19:11 පවසනවා යුක්තියෙන් ඔහු (ක්‍රිස්තුස් ) විනිශ්චය කර යුද්ධ කරයි. එළිදරව් 19:19 යොහාන පවසන පරිදි මෘගයා සහ පොළොවේ රජවරු සහ ඔවුන්ගේ සේනාවන් එක් රැස්වී අශ්වයා පිට නැඟී එන තැනැත්තා (ක්‍රිස්තුස් වහන්සේට) සහ ඔහුගේ හමුදාවට විරුද්ධව යුද්ධ කිරීමට පැමිණියේය. මෙය පැහැදිලිවම ලෝක යුද්ධයක් විස්තර කරයි. ජයග්‍රාහකයා ක්‍රිස්තුස්වහන්සේ වන අතර ඔහු මෘගයා / අන්ත ක්‍රිස්තුස් සහ බොරු අනාගතවක්තෘවරයා අල්ලා ඔවුන්ව ගිනි විලට හෙළා ඔවුන් පසුපස ගිය සේනාවන් විනාශ කරයි. (එළිදරව් 19:20-21) එනම් එකළ මෘගයාද ඌ ඉදිරියෙහි ඒ හාස්කම් කර උගේ සළකුණ ලැබූවන් සහ උගේ රූපයට නමස්කාර කළවුන් රැවටුවාවූ බොරු අනාගතවක්තෘද අල්ලනු ලැබුවෝය. ඔවුන් දෙදෙනාම ගෙන්දගමින් දැවෙන ගිනි විලට පණ පිටින් හෙළනු ලැබුවෝය. එහි ප්‍රතිඵලය ගැන කිසිම සැකයක් නැත. රජවරුන්ගේ රජ සහ ස්වාමිවරුන්ගේ ස්වාමියා වන ක්‍රිස්තුස් වහන්සේ ඔහුට විරුද්ධ වන සියල්ලන් පරාජය කරනවට ධර්මිෂ්ඨව පවතිනු ඇත.

ක්‍රිස්තුස් වහන්සේගේ අවුරුදු 1000 පාලන සමයෙන් පසුව, ලෝක යුද්ධයක විෂය පථය ඇති තවත් නැඟිටීමක් සිදුවනු ඇත. සහස්‍ර පාලන සමයට පෙර සාතන් බැද සිටින අතර සහස්‍රයෙන් පසුව ඔහු නිදහස් කරනු ලැබේ. ඔහු වහාම පොළොවේ ජනයා අතර කැරුල්ලක් ඇති කරයි. ක්‍රිස්තුස්වහන්සේ මෙම නැඟිටීම පහත් කොට, සාතන්ව ස්ථීරවම විනිශ්චය කර, මෘගයා / අන්ත ක්‍රිස්තුස් හා බොරු අනාගතවක්තෘවරයා සමඟ කළාක් මෙන් ඔහුව ගිනි විලට හෙළනු ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අවසානකාලයට පෙර 3 වන ලෝක යුද්ධයක් ඇති බවට බයිබල් අනාවැකි පුරෝකථනය කරයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries