settings icon
share icon
ප්‍රශ්නය

ලෝකයේ ඇති ඉතාම පොදු ආගම් මොනවාද?

පිළිතුර


ලෝකයේ ගණන් කල නොහැකි ප්‍රමාණයේ ආගම් ඇති අතර බොහෝ ආගම් වල උප කොටිඨාශද ඇත. පොදුවේ ගත් කළ සියලූ ආගම් මෙම ලෝකයේ ඔවුන්ගේ අරමුණ හා පැවැත්ම පිළිබද අවබෝධයක් ලබා ගැනීමට මෙන්ම මරණින් මතු ජීවිතයේ සිදුවන්නේ කුමක්ද යන්න පැහැදිලි කිරීමට සහ දෙවි කෙනෙකු සිටීද නැද්ද යන්න ප්‍රකාශ කිරීමට මෙන්ම එසේ සිටි නම් එම දෙවියන් හා සම්බන්ධ වන්නේ කෙසේද යන්න මිනිසුන්ට උපකාර කිරීමට උත්සාහ දරති. පහත ලැයිස්තුවේ සදහන් වන ලෝක ආගම් හතෙහි අනුගාමිකයන් 95 % වඩා ප්‍රමාණයක් සමන්විතවේ.

රෝමානු කතෝලික ආගම සහ ක්‍රිස්තියානි ධර්මය
ලොව පුරා රෝමානු කතෝලිකයන් යැයි කියනු ලබන බිලියන 1.2 ක් පමණ දෙනා සිටිති. රෝමානු කතෝලික සභාව සෑමවිටම ක්‍රිස්තියානි ධර්මය හා සමග හඳුනාගෙන ඇති නමුදු මේ දෙක අතර මූලික වෙනස්කම් තිබේ. රෝමානු කතෝලිකයන් සාමාන්‍යයෙන් තමන් ක්‍රිස්තියානින් ලෙස හඳුනාගන්න නමුත් ක්‍රිස්තියානි ඇදහිල්ලේ බෙදීම් දෙක වෙන්කර හඳුනා ගැනීම සදහා රෝමානු කතෝලික ධර්මයේ අනුගාමිකයන් කතෝලිකයන් ලෙසද කිතුණු ඇදහිල්ලේ කතෝලික නොවන අනුගාමිකයන් කිතුනුවන් ලෙසද හැදින්වේ. කතෝලික නොවන කිතුණුවන් යැයි කියාගන්නා ලොව පුරා මිලියන 900 ජනතාවක් සිටිති. මෙම නාමය ව්‍යුත්පන්නව තිබෙන්නේ නාසරෙත්හී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මුල් අනුගාමිකයන් වූවන් හඳුන්වනු ලැබූයේ "ක්‍රිස්තියානි කාරයෝ" ලෙසය (ක්‍රියා 11:26) එය වචනාර්ථයෙන් "කුඩා ක්‍රිස්තුවරයන්" ලෙසය. "ක්‍රිස්තුස්"යනු හෙබ්‍රව් භාෂාවෙන් මෙසායා එනම් "ආලේපලත් තැනැත්තා" යන්නට භාවිතා කරන ග්‍රීක වචනයවේ. කිතුණුවන්ව බොහෝවිට බැප්ටිස්ට්, මෙතෝදිස්ත, ප්‍රෙස්බිටීරියානු, ලුතරන්, පෙන්තකොස්ත සහ නාසිරීන් ආදි සුවිශේෂී නිකායන් හා සමග හඳුනාගනු ලැබූවත් ඔවුන් පොදුවේ කිතුණුවන් යන නාමය තමන්ට ප්‍රකාශ කර ගනු ලබති. ක්‍රිස්තියානි ධර්මය බොහෝවිට සාමුහිකව "සභාව" ලෙස හැදිනවේ. මෙය අපැහැදිලි යෙදුමකි. එය සීමිත නමස්කාර කණ්ඩායමකට සහ ගොඩනැගිලි වලට මෙන්ම විශේෂිතවූ නිකායන්ටද භාවිතා කරන පදයකි.

ඉස්ලාම් ධර්මය
"ඉස්ලාමි ධර්මය" යන්න වචනාර්ථයෙන් "යටත්වීම" වේ. එසේ හෙයින් මුස්ලිම්වරයෙකු "දෙවියන්ට යටත්වන තැනැත්තෙකු" වේ. ඉස්ලාම් ධර්මය කුරානයේ සටහන් වී ඇති ආකාරයට මොහොමඩ්ගේ ලියවිලි මත මූලිකව පදනම්වී ඇත. වර්තමාන ලෝකයේ මුස්ලිම්වරුන් බිලියන 1.3 ක් පමණ සිටිති. ඉස්ලාම් ධර්මය මුළු ලොව පුරාම නියෝජනයවේ. බොහෝ වශයෙන් මැදපෙරදිග ආශ්‍රිත වූවත් විශාලතම ජනගහනය පවතින්නේ ආසියාවෙහිය. ඉන්දුනීසියාව, මැලේසියාව, පකිස්ථානය, බංග්ලාදේශය සහ ඉන්දියාව වැනි රටවල සැලකිය යුතු ප්‍රමාණයක මුස්ලිම් ජනගහනයක් පවති.

හින්දු ධර්මය
හින්දු ධර්මය වනාහී ඉන්දියාවෙහි ප්‍රමුඛ ආගමික හා සමාජ ක්‍රමය ඇතුළත් කිරීම සදහා බටහිර ලෝකය විසින් නිර්මාණය කරන ලද වචනයකි. සාම්ප්‍රදායිකව හින්දු භක්තියන් ලෙස අප විසින් නම් කරනු ලබන්නන් ඔවුන්ගේ ආගම "මාර්ගය" නොහොත් "ආගම" යන අර්ථය ගනු ලබන "ධර්මය" ලෙස හඳුන්වනු ලබති. ලෝකයේ හින්දු භක්තියන් මිලියන 900 ක් පමණ සිටිති. නිසැකවම, හින්දු භක්තියන්ගෙන් විශාලතම ප්‍රමාණය ඉන්දියාවෙහි පදිංචිව සිටිති. කෙසේ නමුත් ඉන්දියානුවන් ලොව පුරා සංක්‍රමණය වී ඇති හෙයින් වෙනත් රටවලද බොහෝ හින්දු ප්‍රජාවන් සිටිති. ඉන්දියාවේ හින්දු භක්තියන් සංඛ්‍යාව යම්කිසි මතභේදයකට ලක්ව ඇත්තේ එයට හින්දු සමාජයේ ව්‍යුහයේ කොටසක් ලෙස නිල වශයෙන් ගණන් ගනු ලබන නමුත් හින්දු ධර්මයට පූර්ණ ලෙස සහභාගි වීම වලක්වනු ලබන "කුලහීනයන්" (දලිතයන්) මිලියන 300 ක් පමණ ඇතුලත් වන හෙයිනි.

බෞද්ධ ආගම
බෞද්ධ ආගම පදනම් වී ඇත්තේ "පුබුදු වනු ලැබූ තැනැත්තා" ලෙස හඳුන්වනු ලබන බුදුන් නම් වූ පුද්ගලයාගේ ඉගැන්වීම් මතය. මෙම ආගමට විවිධ කොටස් ඇතල එනමුත් එහි අනුගාමිකයන්ට එකම සුදුසු විස්තීර්ණ යෙදුම වන්නේ බෞද්ධ ආගම වන අතර ඔවුන්ගේ විශ්වාසය කෙතරම් අපසාරී වුවද බෞද්ධයන් ලෙස හඳුන්වනු ලැබීම සතුටට කරුණකි. බෞද්ධ ආගමෙහි අනුගාමිකයන් මිලියන 360 ක් සිටින අතර එය ක්‍රිස්තියානි, ඉස්ලාම් සහ හින්දු ආගම් වලට පිටුපසින් සිව්වන ස්ථානයේ පසුවේ. බෞද්ධ ආගම මූලාරම්භ වන්නේ ඉන්දියාවෙහිය. එය වඩාත් සාම්ප්‍රදායික ස්වරූපයෙන් ශ්‍රී ලංකාවේ සහ අග්නිදිග ආසියාවෙහි (තායිලන්තය, මියන්මාරය, ලාඕසය සහ කාම්බෝජය) ප්‍රමුඛතාවයක් ගනියි. මීට අමතරව එය වෙනත් බොහෝ ආසියානු රටවල සැලකිය යුතු අන්දමට ටිබෙට්, කොරියාව, චීනය සහ ජපානය තුළ විවිධ ස්වරූපයන් ගෙන ඇත. වර්තමානයේ මෙම ආගමේ සාම්ප්‍රදායික ස්වරූපයන්ට විශ්වාසවන්තව සිටීම තුළින් වුවද බටහිරයන් විසින් බෞද්ධ ආගම බොහෝ විට වැළදගනු ලබති.

යුදෙව් ආගම
පුරාණ ඊශ්‍රායලයේ ගෝත්‍ර දොළසෙන් එකක් වන යුදා ගෝත්‍රයට පසුව යුදෙව් ආගම නම් කර ඇත. එබැවින් වචනාර්ථයෙන් කිවහොත් යුදෙව්වන් ලෙස හඳුන්වනු ලබන යුදා ගෝත්‍රයෙන් පැමිණෙනු ලබන්නන්ගේ ආගමවේ. කෙසේ නමුත් යුදෙව්වකු විම ජනවාර්ගික අන්‍යතාවයක් මෙන්ම ඇදහිල්ලක්ද වන අතර යුදෙව් හා සංස්කෘතික වශයෙන් යුදෙව්වන් ලෙස හැදින්වීමට ලැබීම සතුටට කරුණක් වුවද යුදෙව්වන් බොහෝ දෙනෙක් යුදෙව් ඇදහිල්ල පිළිපදිනු නොලබති. වර්තමාන ලෝකයේ මිලියන 15 පමණ යුදෙව්වන් සිටින බවට තක්සේරු කර ඇති නමුත් තවත් බොහෝ අය කිසිඳු ආගමක් අනුගමනය නොකරති.

බහායි ආගම
බහායි යන යෙදුම වචනාර්ථයෙන් "බහාගේ අනුගාමිකයන්" ලෙස අර්ථවත් වන අතර එම ආගමෙහි නිර්මාතෘ වන බහාඋල්ලා පිළිබද සදහන් කරමිනි. බහායි ආගමෙහි සාමාජිකයින් 700 කට වැඩි ගණනක් සිටිති. ඉරානයෙන් මූලාරම්භ වූ බහායි ආගම ලෝකයේ රටවල් 200 කට අධික සංඛ්‍යාවක් නියෝජනය වන අතර ඊට පිටුපසින් සිටින්නේ ක්‍රිස්තියානි ධර්මය සහ ඉස්ලාම් ධර්මය පමණි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ලෝකයේ ඇති ඉතාම පොදු ආගම් මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries