settings icon
share icon
ප්‍රශ්නය

කිතුණුවකු ලෝක සාමය ප්‍රවර්ධනය කළ යුතුද?

පිළිතුර


ලෝක සාමය අලංකාර පරමාදර්ශයක් වන අතර එය ඉෂ්ට වනු ලබන්නේ යේසුස්වහන්සේ නැවත පැමිණුන විට පමණි (එළිදරව් 21:4). ඒ වන තුරු ලෝකය පුරා සාමය කිසිදාක සිදු නොවනු ඇත. යේසුස්වහන්සේ පැවසුයේ උන්වහන්සේගේ නැවත පැමිණීම තෙක් "යුද්ධ සහ යුද්ධ ප්‍රවෘත්ති ගැන නුඹලා අසනවා ඇත." "ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත." (මතෙව් 24:6–7) කොහේ හෝ කොතැනක හෝ කව්රුන් හෝ වෙනත් කෙනෙකු සමග සටන් නොකරන බව ලෝක ඉතිහාසයේ කිසිදාක නොතිබුණි. එය දුසිම් ගණනක් සම්බන්ධ ලෝක යුද්ධයක් හෝ ගෝත්‍රිකයන් සම්බන්ධවූ දේශීය සටනක් තුළින් හෝ මිනිසුන් සෑම විටම එකිනෙකා හා සමග යුද්ධ කරති.

අප මිනිසුන්ව කෙතරම් දැන සිටියත් ඔවුන් විසින් කෙතරම් උත්සාහ දැරුවත් ඔවුනට කිසිවිටකත් ලෝකය සාමය ප්‍රවර්ධනය කිරීමට නොහැකි වේ, එය දේවවචනානුකූලද නොවේ. ත්‍යාගශීලි වෙමින් ඉවසීම ප්‍රවර්ධනය කරමින් සහ එකිනෙකා හා සමග බෙදාගැනීම කිතුණුවන්ට ඔබින වන අතර අප විසින් එය යේසුස්වහන්සේගේ නාමයෙන් කළ යුත්තේ ලෝක සාමය ගෙන එනු ලබන තැණන්වහන්සේ උන්වහන්සේ පමණක් බව එත්තු ගනිමින්ය. සෑම දණක් නමා සෑම දිවක් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ස්වාමින් බව ඒත්තු ගන්නා තෙක් (පිලිප්පි 2:10) සැබෑ හා සදාකාලික සාමයක් තිබිය නොහැක. ඒ කාලය දක්වා කිතුණුවන් "සියල්ලන් සමග සමාදානයෙන් සිටින්ටත් ශුද්ධකම නැතුව කිසිවෙක් ස්වාමින්වහන්සේ නොදක්නා බැවින් ශුද්ධකම අනුව යන්ටත් උත්සාහ කරන්න" (හෙබ්‍රව් 12:14).

කිතුණුවන් ලෙස අප විසින් ගැටුම් වෙනුවට සාමය ප්‍රවර්ධනය කළ යුත්තේ අපගේම ක්‍රියා සිහිපත් කර ගනිමින් මිනිසාගේ වැටුණු ස්වභාවය කරණකොටගෙන සම්පූර්ණ සාමය කිසිවිටකත් අත්පත් නොකර ගනු ලබන බවය. අපගේ ඇදහිල්ල පවතින්නේ දෙවියන්වහන්සේ සහ සාමයේ කුමරාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහිය. උන්වහන්සේ පැමිණ ලෝකය නැවත අලූත් කර සැබෑ සාමය ගෙන එන තෙක් ලෝක සාමය සිහිනයක් පමණකි. අපගේ වැදගත්ම කර්තව්‍යය වන්නේ යම් පුද්ගලයෙකු සහ දෙවියන්වහන්සේ අතර සාමය ගෙන ඒමට හැකි එකම තැනන්වහන්සේ වන ගැළවුම්කරුවාණන් පිළිබදව ඔවුන්ගේ අවශ්‍යයතාවය ඒත්තු ගැන්වීමය. "එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ කරනු ලැබ අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ හා සමග සමාදානය ඇතුව සිටිමු" (රෝම 5:1). එසේ නම් ලෝක සාමය ප්‍රවර්ධනය කරන ආකාරය වන්නේ – දෙවියන්වහන්සේ හා සමග සමාදානයේ පණිවුඩය ලෝකයට ගෙන ඒමට ක්‍රිස්තුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේ හා සමග සමගි වීම තුළිනි (2 කොරින්ති 5:20).

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුණුවකු ලෝක සාමය ප්‍රවර්ධනය කළ යුතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries