settings icon
share icon
ප්‍රශ්නය

ඇදහිල්ලේ ව්‍යාපාරයේ වචනය බයිබලානුකුලද?

පිළිතුර


වචන ඇදහිල්ලේ ව්‍යාපාරයේ ඉගැන්වීම් බයිබලානුකුල නොවේ. එය නිකායක් නොවන අතර විධිමත් සංවිධානයක් හෝ ධූරාවලියක් නොමැත. ඒ වෙනුවට, එය කෙනත්හැගින්, බෙනීහින්, කෙනත්කෝප්ලන්ඩ්, පෝල් සහ ජෑන් ක්‍රෝච් සහෆ්‍රෙඩ්ප්‍රයිස් වැනි ඉහළ පෙළේ පාලකවරුන් සහ ගුරුවරුන්ගේ දැඩි බලපෑමට ලක්වූ ව්‍යාපාරයකි.

වචන ඇදහිල්ලේ ව්‍යාපාරය 20 වන සියවසේ අග භාගයේදී පෙන්තකොස්ත ව්‍යාපාරයෙන් වර්ධනය විය. එහි නිර්මාතෘ වූයේ ඊ. ඩබ්ලිව්. කෙන්යොන් ය. ඔහු පීනස්ක් විම්බිගේ පාර භෞතිකනව චින්තන ඉගැන්වීම් අධ්‍යයනය කළේය. මනස විද්‍යාව ("එය නම් කර එය කියා පාන"මූලාරම්භය) පෙන්තකොස්තවාදය සමඟ සංයෝජනයවූ අතර එහි ප්‍රතිපලයක් ලෙස සාම්ප්‍රදායික ක්‍රිස්තියානි ධර්මය හා ගුප්ත විද්‍යාව මිශ්‍ර විය. කෙනත්හැගින්, ඊ. ඩබ්ලිව්. කෙන්යොන් යටතේ අධ්‍යාපනය ලබා වචන ඇදහිල්ලේ ව්‍යාපාරය අද පවතින තත්ත්වය බවට පත් කළේය. තනි ඉගැන්වීම් මුළුමනින්ම මිථ්‍යා දෘෂ්ටික සිට හාස්‍යජනක දක්වා විහිදුනද, පහත දැක්වෙන්නේ මූලික දේවධර්මයයි.

වචන ඇදහිල්ලේ ව්‍යාපාරයේ හදවතේ ඇත්තේ "ඇදහිල්ලේ බලය" පිළිබඳ විශ්වාසයයි. ඇදහිල්ල-බලය හැසිරවීමට වචන භාවිතා කළ හැකි යැයි විශ්වාස කෙරෙන අතර, එමගින් කථිකයා ශුද්ධ ලියවිල්ල පොරොන්දු වන දේ (සෞඛ්‍යය හා ධනය) විශ්වාස කරනදේ නිර්මාණය කරයි. ඇදහිල්ල-බලය පාලනය කරන යැයි කියනු ලබන නීති දෙවියන්වහන්සේගේ පරමාධිපත්‍ය කැමැත්තෙන් ස්වාධීනව ක්‍රියාත්මක වන බවත් දෙවියන් වහන්සේම මෙම නීතිවලට යටත් වන බවත් කියනු ලැබේ. මෙය රූප වන්දනාවට වඩා අඩු දෙයක් නොවේ, අපගේ ඇදහිල්ල සහ අප විසින්ම දෙවියන් බවට පත්කිරීම.

මෙතැන්සිට, මෙහි දේවධර්මය ශුද්ධ ලියවිල්ලෙන් තවදුරටත් ඉවත්වේ: දෙවියන්වහන්සේ මනුෂ්‍යයන් මැව්වේ උන්වහන්සේගේ වචනාර්ථයෙන්ය, භෞතික ස්වරූපයෙන් කුඩා දෙවිවරුන් ලෙසය.වැටීමට පෙර, ඇදහිල්ල-බලය භාවිතා කරමින් දේවල් පැවැත්මට කැඳවීමේ හැකියාව මිනිසුන්ට තිබුණි. වැටීමෙන් පසු, මිනිසුන් සාතන්ගේ ස්වභාවය වටහා ගත් අතර, දේවල් පැවැත්මට කැඳවීමේ හැකියාව නැතිවිය. මෙම තත්වය නිවැරදි කිරීම සඳහා, යේසුස්ක්‍රිස්තුස්වහන්සේ තම දේවත්වය අත් හැර මිනිසෙකු බවට පත්විය, අධ්‍යාත්මිකව මිය ගියේය, සාතන්ගේ ස්වභාවය ඔහු මතට ගෙන, නිරයට ගියේය, නැවත ඉපදුණේය, දෙවියන්වහන්සේගේ ස්වභාවයෙන් මළවුන්ගෙන් උත්ථානවිය. මෙයින් පසු, යේසුස්වහන්සේ ශුද්ධාත්මයාණන් එවා ඇදහිලිවන්තයන් තුළ ආත්මික ස්වභාවය අනුකරණය කරමින් දෙවියන්වහන්සේ මුලින් අදහස් කළ පරිදි ඔවුන්ට කුඩා දෙවිවරුන්වීමට හැකිවිය.

මෙම ඉගැන්වීම්වල ස්වාභාවික දියුණුව අනුගමනය කරමින්, කුඩා දෙවිවරුන් වශයෙන් අපට නැවතත් ඇදහිල්ල-බලය හැසිරවීමට සහ ජීවිතයේ සෑම අංශයකින්ම සමෘද්ධිමත් වීමට හැකියාව ඇත. අසනීප, පාපය සහ අසාර්ථකත්වය ඇදහිල්ලේ හින තාවයේ ප්‍රතිපලයක් වන අතර පාපොච්චාරණයෙන් ඒවාට පිළියම් වන අතර තමා විසින්ම දෙවියන් වහන්සේගේ පොරොන්දු ප්‍රකාශ කර එය යථාර්ථය බවට පත්කර ගැනිම. සරලව කිවහොත්, ඇදහිල්ලේ ව්‍යාපාරය මිනිසා දෙවියන්ගේ තත්වයට උසස් කරන අතර දෙවියන්වහන්සේ මිනිසාගේ තත්වයට අඩුකරයි. මෙය ක්‍රිස්තියානි ධර්මය යනු කුමක්ද යන්න පිළිබඳ ව්‍යාජ නිරූපණයක් බව අමුතුවෙන් කිවයුතු නැත. නිසැකවම, ඇදහිල්ල පිළිබඳ ඉගැන්වීම ශුද්ධලියවිල්ලේ ඇතිදේ සැලකිල්ලට නොගනී. එවැනි විකාර විශ්වාසයන් ඉදිරිපත් කිරීම සඳහා ශුද්ධලියවිල්ල නොව පුද්ගලික හෙළිදරව්ව බෙහෙවින් රඳාපවතී. එය එහි මිථ්‍යාදෘෂ්ටික ස්වභාවය පිළිබඳ තවත් එක් සාක්ෂියකි.

වචන ඇදහිල්ලේ ව්‍යාපාරයේ ඇදහිල්ල පිළිබඳව චනයට විරුද්ධවීම ඉගැන්වීම බයිබලය කියවීමේ සරල කාරණයකි. විශ්වයේ පරමාධිපත්‍ය මැවුම්කරුණන් දෙවියන්වහන්සේ බවත් (උත්පත්ති 1: 3; 1 තිමෝති 6:15) උන්වහන්සේට ඇදහිල්ල අවශ්‍ය නොවේ — ඔහු ඇදහිල්ලේ පරමාර්ථයයි (මාර්ක් 11:22; හෙබ්‍රෙව් 11: 3). දෙවියන්වහන්සේ ආත්මයක් හා භෞතික ශරීරයක් නැත (යොහන් 4:24). මිනිසා දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් මවන ලදි (උත්පත්ති 1:26, 27; 9: 6), නමුත් මෙය ඔහුව කුඩා දෙවියෙකු හෝ දිව්‍යමය පුද්ගලයෙකු බවට පත් නොකරයි. දිව්‍ය ස්වභාවය ඇත්තේ දෙවියන්වහන්සේට පමණි (ගලාති 4: 8; යෙසායා 1: 6-11, 43:10, 44: 6; එසකියෙල් 28: 2; ගීතාවලිය 8: 6-8). ක්‍රිස්තුස්වහන්සේ සදාකාලිකය, එකම පුත්‍රයාණන්ය, දෙවියන්වහන්සේගේඑකම ආත්මයය (යොහන් 1: 1, 2, 14, 15, 18; 3:16; 1 යොහන් 4: 1). දෙවියන්වහන්සේගේ පූර්ණත්වය උන්වහන්සේ තුළ වාසය කළේය (කොලොස්සි 2: 9). මිනිසෙකු බවට පත්වීමෙන්, යේසුස්වහන්සේස්වර්ගයේ මහිමය අත් හැරියේය, නමුත් උන්වහන්සේගේ දේවත්වය එසේ නොවේ (පිලිප්පි 2: 6-7), නමුත් මිනිසෙකු ලෙස පොළොවෙහි ඇවිදිමින් සිටියදී තම බලය රඳවා ගැනීමට ඔහුතෝරා ගත්තේය.

වචන ඇදහිල්ලේ ව්‍යාපාරයේ ඇදහිල්ලේ වචනය ගිනිය නොහැකි ලෙස මිනිසුන් රැවටීමකි, එමඟින් බයිබලානුකුල නොවන ජීවන මාර්ගයක් සහ ඇදහිල්ලක් ඔවුන් ග්‍රහණය කර ගනී. උයනේ සිට සාතන් පවසන එකම බොරුව එහි හරයයි: "ඔබ දෙවියන්වහන්සේ මෙන් වන්න" (උත්පත්ති 3: 5). කනගාටුවට කරුණක් නම්, වචන ඇදහිල්ලේ ව්‍යාපාරයේ ඇදහිල්ල පිළිබඳ ධර්මය පිළිගන්නා අය තවමත් සාතන්ට සවන්දීමයි. අපගේ බලාපොරොත්තුව ස්වාමින්වහන්සේ තුළය, අපගේම වචන වලින් නොවේ, අපගේ ඇදහිල්ලෙන්වත් නොවේ (ගීතාවලිය 33: 20-22). අපගේ ඇදහිල්ල මුලින්ම දෙවියන්වහන්සේගෙන් පැමිණේ (එපීස 2: 8; හෙබ්‍රෙව් 12: 2) එය අප විසින් මනිර්මාණය කරන දෙයක් නොවේ. එබැවින්, වචන ඇදහිල්ලේ ව්‍යාපාරයේ ඇදහිල්ලේ වචනය හා ඇදහිල්ල පිළිබඳ ඉගැන්වීම් සමඟ පෙල ගැසෙන ඕනෑම සභාවක් ගැන සැලකිලිමත් වන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඇදහිල්ලේ ව්‍යාපාරයේ වචනය බයිබලානුකුලද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries