settings icon
share icon
ප්‍රශ්නය

කිතුණු කානතාවන් දිග කලිසමි පැළදිය යුතුද?

පිළිතුර


කිතුණු කානතාවන් දිග කලිසම්, ඩෙනිම් කලිසම් ආදි පැළදිය යුතුද නොවේද යන්න ඇදහිලිවන්තයන් අතර චිරාගතවූ වාද විෂයකි. මෙය ඇතැම් විට පසුගිය දශක කිහිපයන් කුළ සාධාරණ අවධානයකට ලක් වන්න වූවාට වඩා ගබඩා වූ වාද විෂයක් විය හැකිය. දෙවියන්වහන්සේගේ දියණියකගේ විශ්වාසවන්තකම අවසානයේදී මනිනු ලබන්නේ ඇය පළදින ඇඳුමින් නොව ආත්මයාණන්වහන්සේ හා සමග ඇයගේ ගමන කරණකොටගෙනය (ගලාති 5:16).

පැරණි ගිවිසුමේ අන්සමහරක් අය දිග කලිසම් හෝ ඩෙනිම් කලිසම් පැළද සිටින කාන්තාවන්ගේ කාරණය ආමන්ත්‍රණය කිරීමට භාවිතා කරනු ලබන පාඨයක් තිබේ: “කාන්තාවක් පුරුෂයෙකුගේ ඇඳුම් ඇගලා නොගත යුතුය. පුරුෂයෙකු ස්ත්‍රියකගේ ඇඳුම ඇගලා නොගත යුතුය. එලෙස කරන සියල්ලන් ඔබගේ දෙවි සමිදාණන්වහන්සේට පිළිකුලකි” (ද්විතිය කථාව 22:5). තමන්ගේ ඇඳුම් වල ස්ත්‍රී පුරුෂ භේදය පවත්වා ගත යුතු බවට වූ නියෝගයකි; එය තමාගේ ස්ත්‍රී පුරුෂ භාවයට සරිලන සේ නොපැළදීම සහ පාරවේශනත්වයට එරෙහිවවූ තහනමක්ද විය. එසමයෙහි කිසිඳු ඉශ්‍රායලිතයෙක් දිග කලිසම් පැළද නොසිටි හෙයින් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශයවම යම් ආකාරයක සළුවක් පැළද සිටි බැවින් මෙය විවිධ සංස්කෘතින්ට අදාළ වන්නේ කෙසේදැයි අප අපගෙන්ම විමසිය යුතුවේ. සාමාන්‍යය මූලධර්මය නම් ස්ත්‍රී පුරුෂ භේදය පවත්වා ගනිමින් පුරුෂයන් සහ කාන්තාවන් තම සංස්කෘතියට ගැළපෙන පරිදි ඇඳුම් පැළදිය යුතු බවයග ද්විතිය කථාව 22:5 ස්කොටිලන්ත ජාතිකයන්ට දණ හිස දක්වා කොට සායන් පැළදීම තහනම් නොකරන අතර කාන්තාවක් පුරුෂයෙකු ලෙස පෙනීමට ප්‍රයත්න නොදරන තාක් කල් දිග කලිසම් පැළදීම එයින් තහනම් නොවේ.

කරුණාව පිළිබද මන්ත්‍රණයක් මෙහිදීද සුදුසුය. කිතුණුවන් ව්‍යවස්ථාවට යටත් නොවේ; ඒ වෙනුවට අපව ධර්මිෂ්ඨ කරනු ලබන්නේ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ල කරණකොටගෙනය (රෝම 3:21-28). ක්‍රිස්තුස් වහන්සේ තුළ කිතුණුවන් ව්‍යවස්ථාවේ සංරෝධනයන්ට “මියැදී” ඇත. “එහෙත් දැන් වරක් අප තරයේ බැද තැබූ බැම්මෙන් මිදීම ලබා අප නීතියෙන් නිදහස්ව සිටිමු. එබැවින් අපි දැන් පැරණි ලිඛිත නීතිය යටතේ නොව, ආත්මයාණන්ගේ නව ජීවනය තුළ සේවය කරමු” (රෝම 7:6). ඇදහිලිවන්තයෙකු ජීවත් වනුයේ නීතිගරුකත්වයෙන් හෝ බලපත්‍රයකින්වත් හෝ නොවේ එනමුත් කරුණාවෙනි.

කාන්තාවක් විසින් පැළදිය යුතු ඇඳුම පිළිබදව නිශ්චිත ආඥාවක් දේව වචනයේ අන්තර්ගත නොවේ. කිසිඳු බයිබල් පාඨයක ගවුම්, සායවල්, දිග කලිසම් හෝ ඩෙනිම් කලිසම් ඒවා අවශ්‍යය දෙයක් හෝ තහනම් කරනු ලැබූවක් ලෙස හෝ සදහන් නොකරයි. ශුද්ධ ලියවිල්ලෙහි සදහන් වන එකම කාරණය නම් විනීතභාවය සහ ස්ත්‍රී පුරුෂ භේදයවේ. පාවුළු විසින් කිතුණු කාන්තාවන්ට ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් පිළිබදව ආමන්ත්‍රණය කරනු ලැබුවේ: “එසේම ස්ත්‍රීන් ලජ්ජාවෙන් සහ විනීතභාවයෙන් යුක්තව ඔබින වස්ත්‍ර ඇඳ ඉසකේ ගෙතීමෙන්වත් රනින්වත් මුතුවලින්වත් අනර්ඝ වස්ත්‍ර වලින්වත් නොව දේව භක්ති නාමය දරන ස්ත්‍රීන්ට සුදුසු ලෙස යහපත් ක්‍රියාවලින් සැරසෙනවාට කැමැත්තෙමි” (1 තිමොති 2:9-10). දෙවියන්වහන්සේට නමස්කාර කරන කාන්තාවන් ඔබින් ලෙස ඇඳ පැළඳ සිටිය යුතු අතර ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් තෝරාගැනීමෙන් පිළිඹ්බු විය යුත්තේ නිහතමානිකම විනා බාහිර අලංකාරයවත්, ක්‍රමවත්භාවය විනා අපිරිසිදු ලෙස ඇඳ පැළඳ සිටීමවත්, සංයමය විනා අසංයතවීමවත් නොවේ.

කිතුණු කාන්තාවන් දිග කලිසම් පැළදීම පිළිබද කාරණය කරුණාවෙන් උපගමනය කළ යුතුවේ. ශුද්ධ ලියවිලිමය ලෙස කාන්තාවක් ඇයගේ ස්ත්‍රී පුරුෂ භාවයට සහ අවස්ථාවට සරිලන සේ විනීතභාවයෙන් යුතව ඇඳුම් පැළදිය යුතුවේ. සමහර අවස්ථාවන්ට සහ විනීතභාවයට ඔබින පරිදි කාන්තාවන් සදහා දිග කලිසම් නිරූපිත වශයෙන්ම නිර්මාණය වි තිබේද? එසේය, කිතුණු කාන්තාවන්ට ඒවා පැළදීමට නිදහස තිබේ. කාන්තාවන් දිග කලිසම් පැළදිය යුතු බවට දේව වචනයේ ආඥවක් තිබේද? එසේ නොවේ. කිතුණු කාන්තාවන්ට ගවුම් හෝ සායවල් පමණක් පැළදීමට නිදහස් කැමැත්තක් තිබෙනුයේ එය ඇයගේ අභිමතය නම්ය. එය වනාහී ස්වාමින්වහන්සේ අභියස ස්ත්‍රියකගේ හෘද සාක්ෂ්‍යට අදාළ කාරණයකි. “තමා විසින් යහපත්ය කියා පිළිගන්නාවූ කාරණය ගැන තමාට දෝෂ පමුණුවා නොගන්නාවූ තැනැත්තා වාසනාවන්තය” (රෝම 14:22).

අප අභ්‍යන්තර ස්ත්‍රිය කෙරෙහි අවධානය යොමු කරන අතර දෙවියන්වහන්සේ විසින් බාහිර ස්ත්‍රිය පිළිබදව සැලකිලිමත් වන සේක. අප විසින් දන්නාවූ කරුණක් වනුයේ “අප එක් එක් කෙනා තම තමා ගැන දෙවියන්වහන්සේට ගණන් දෙනවා ඇත” යන්නය (රෝම 14:12). දිග කලිසම් පළදින තැනැත්තිය හෝ සායවල් පමණක් පළදින් තැනැත්තිය ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇයගේ සහෝදරියට දෝෂාරෝපණය නොකළ යුතු වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුණු කානතාවන් දිග කලිසමි පැළදිය යුතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries