settings icon
share icon
ප්‍රශ්නය

සභාවේදී කාන්තාවන් නිහඬවිය යුතුද?

පිළිතුර


1 කොරින්ති 14:33-35 ප්‍රකාශ කරන්නේ "මක්නිසාද දෙවියන් වහන්සේ වියවුල්කමේ නොව සමාදානයේ දෙවියන් වහන්සේය. ශුද්ධවන්තයන්ගේ සියලු සභාවන්හි එසේමය. ස්ත්‍රීහු සභාවලදී නිශ්ශබ්දව සිටිත්වා. මක්නිසාද කථාකරන්ට ඔවුන්ට අවසර නැත. ව්‍යවස්ථාවෙන් කියා තිබෙන ලෙස ඔව්හු යටත්ව සිටිත්වා. ඔව්හු යමක් දැන ගන්ට කැමති නම්, ගෙදරදී තමුන්ගේම පුරුෂයන්ගෙන් විචාරත්වා. මක්නිසාද සභාවේදී කථා කිරීම ස්ත්‍රියකට ලජ්ජාවක්ය". පළමු දැක්මෙන්ම හැඟෙන්නේ කාන්තාවකට සභාවේ කිසිම දිනක කථා කරන්ට අවසර ලබන්ට නොහැකි වන ලෙස ගෙන ආ ආවරණ අණක් ලෙසය. කෙසේ වුවද එම ලිපියෙහිම මුල් භාගයේදී (1 කොරින්ති 11:5), සභාව රැස්වූන කල්හි කාන්තාවන්ට යාච්ඤා කරන්ට හා අනාගතවාක්‍ය පවසන්ට අවසර තිබෙන බව පාවූල්තුමා පවසන ලදී. එබැවින් 1 කොරින්ති 14:33-35 සැම කල්හි සභාවේ නිහඬවිය යුතු බවට අණක් විය නොහැක. තහනම සංදර්භය තුළ සීමාසහිත විය යුතුය.

1 කොරින්ති 14 හි සළකනු ලබන්නේ සභාව ක්‍රමික රැස්වුණ අවස්ථාවන් සඳහාය. කොරින්තියෙහි සභාව පිලිවෙලක් නැති අවුල් ජාලයක් හා මැඩලිමට දුෂ්කර සභාවක් ලෙස නිතර පෙනූනේය (පදය 33). සභාවේ සෑම කෙනෙක්ම මෙහෙයට සහභාගි වූයේ ඔවුන් කැමති ප්‍රකාශණයන් සමඟ හා ඔවුන් කැමතිවූ ඕනෑම වෙලාවක මහ හඬින් එම ප්‍රකාශණයන් ප්‍රකාශ කරන ලදී. අන්‍යභාෂාව දීමනා ඇති අය එකම වර කථා කරන්ට පටන් ගනී එහෙත් පවසන ලද දෙය කුමක්ද කියා එය පරිවර්ථනය කිරිමට කිසිවෙක් උත්සුක නොවීය. දෙවියන් වහන්සේගෙන් එළිදරව් ලද අය නොසැළකිල්ලෙන් කරන දෙයක් මෙන් / ආවාට ගියාට මෙන් කෑගසන්නට විය. කියන දෙය හෝ හරියාකාරව අසාගන්නට මේ මහත් ඝෝෂාව නිසා නොහැකිවිය. එබැවින් පැහැදිලිවම කිසිවෙක් අනාගතවාක්‍ය ලෙස පවසන ලද දෙය ඇගයීමකට ලක් නොකළේය. මෙම රැස්වීම විස්තර කරනු ලැබුයේ අවුල් ජාලයක් ලෙස වන අතර කිසිවෙක් සිත චරිතය දියුණු කර ගැනීමක් හෝ උපදෙස් ලබා ගැනිමක් හෝ උපදෙස් දීමක් සිදු නොවීය. (පදයන් 5,12 සහ 19 බලන්න). මෙම ප්‍රශ්ණයට විසදුමක් ලෙස පාවුල්තුමා සමහර පුද්ගලයන්ට / කණ්ඩායම් වලට සමහර අවස්ථා වල හා සමහර කොන්දේසි මත "නිහඬවන ලෙස" උපදෙස් දෙන ලදී.

• පදයන් 27-28 අ " යමෙක් අන් භාෂාවකින් කථාකෙරේ නම්, දෙදෙනෙක් නොහොත් වැඩිම වුණොත් තුන් දෙනෙක් පමණක් එක්කෙනෙක් පාසා එක්කෙනෙක් එසේ කෙරේවා. එක්කෙනෙක් තේරුම් කරදේවා. තේරුම් කර දෙන කෙනෙක් නැත්නම් ඔහු සභාවේදී නිශ්ශබ්ද වේවා".

• පදය 29 -31 අ "ධර්මවාක්‍ය කියන්නෝ දෙදෙනෙක් නොහොත් තුන්දෙනෙක් කථාකරත්වා. අනිත් අය විමසා බලත්වා. නුමුත් එහි හිඳින අනිකෙකුට එළිදරව් කිරීමක් පැමුණුනොත්, පළවෙනි තැනැත්තේ නිශ්ශබ්ද වේවා. සියල්ලන්ට එක්කෙනෙකු බැගින් ධර්මවාක්‍ය කියන්ට පුළුවන."

• පදයන් 34-35 "ස්ත්‍රීහු සභාවලදී නිශ්ශබ්දව සිටිත්වා. මක්නිසාද කථාකරන්ට ඔවුන් අවසර නැත. ව්‍යවස්ථාවෙන් කියා තිබෙන ලෙස ඔව්හු යටත්ව සිටිත්වා. ඔව්හු යමක් දැනගන්ට කැමතිනම්, ගෙදරදී තමන්ගේම පුරුෂයන්ගෙන් විචාරත්වා. මක්නිසාද සභාවේ කථාකිරීම ස්ත්‍රියකට ලජ්ජාවක්ය."

දැනටමත් ස්ත්‍රීන්ට සභාවේ යාච්ඤා කරන්ට හා අනාගතවාක්‍ය කියන්ට 1 කොරින්ති 11:5 අවසර දී ඇති බව අපි දන්නෙමුව. එබැවින් 1 කොරින්ති 14:33-35 හි තහනම, සෑම ආකාරයකම කථාබහ කරන සියලුම කාන්තාවන්ට නිශ්චිත එකක් විය නොහැකිය. අන්‍යභාෂා කථාකරන්ට සහ අනාගතවාක්‍ය පවසන්ට දෙනලද නියෝගය අනුව සමහර අය සමහර අවස්ථා වලදී සහ කථාකිරීම සමහර කාරණා නිසා තහනම් කර ඇත. සිදුවන දෙය තේරුම් ගැනීම සංදර්භය තුළම හෝඩුවාවන් / ඉඟියන් තබා ඇත.

පළවෙනිව කාන්තාවන්ට නිහඬව සිටින්ට පැවසීම තුළම ඉතා වැදගත් කරුණු 2 ක් වේ. නියමාකාර පිළිවෙලක් සහ නියමාකාර නිරූපනය කිරීමක් හෝ අධිකාරිත්වයේ පිළිගැනීමක් වේ. ඒ හැරෙන්නට සමහර කාන්තාවන් තමන්ගේම ස්වාමි පුරුෂයන්ගේ හෝ සභාවේ නායකයන්ගේ ආත්මික අධිකාරිත්වය පිළිනොගන්නා ආකාරයට කථා කරන ලදී. මෙම කාරණාව පිළිබඳ 1 කොරින්ති 11 හිදී සඳහන් වේ. තම හිස වසා ආත්මික අධිකාරිත්වයට නියමාකාර ගෞරවය දෙන තුරු, කාන්තාවන්ට යාච්ඤා කරන්ට හා අනාගතවාක්‍ය පවසන්ට අවසර දෙන ලදී. (පළවෙනි ශත වර්ෂයේදී හිස් වසා ගැනීම පිරිසිදු / බ්‍රහ්මාරී, ගෞරවාන්විත කාන්තාවකගේ සළකුණක් විය. එබැවින් සභාවේ කාන්තාවන්ද එය ඉවත් නොකළාය. එසේ කිරීම අහංකාරකම, අශ්ලීලතාව / නොහොබිනාකම එදා සංස්කෘතියට සමකාලිකව හිමි කර ගැනිමක් විය. වර්තමානයේ හිස වැසීම එම පණිවිඩය සන්නිවේදනය නොකරයි. එබැවින් බොහෝ සුභාරංචි පරිවර්ථකයන් සංස්කෘතික සුවිශේෂ සංකේත වලින් ගෞරවය ලැබීමේ ආකල්පය සමාරෝපිත කිරීම වැදගත් බව අවධාරනය කරයි, නමුත් එය විශේෂයෙන් හිස් වැසීම කරණකොට ගෙන නොවේය.) පාවුල්තුමාගේ කියමන අපි සිහි කැඳවමු." සභාවේදී කාන්තාවකට යාච්ඤා කිරීමට හෝ අනාගතවාක්‍ය පැවසීමට හෝ අවශ්‍ය නම් සභාවෙහි අධිකාරිත්වයට යුතු නියමාකාර ගෞරවය දෙමින් එසේ කරත්වා. නොඑසේ නම් ඇය නිහඬ වෙත්වා."

ගුනයිකෙස් යන ග්‍රීක පදය 1 කොරින්ති 14:34 "කාන්තාව" හෝ "භාර්යාව" යන දෙකම සංදර්භයට අනුව තේරුම් ගත යුතුය. පදය 35 ස්වාමි පුරුෂයන් ගැන සඳහන් වන ස්ථානයේ "භාර්යාව" ලෙස පෙන්නුම් කරන අතර, ඒ අනුව විවාහක කාන්තාවන් පමණක් සභාවේ නිහඩව සිටිය යුතු බව ප්‍රකාශ වේ. කෙසේ නමුදු පාවුල්තුමාගේ විවාහක කාන්තාවන් පමණක් ගෙන ආ වාරණය නිසා ප්‍රශ්ණය සැබවින්ම නිරාකරණය නොවේ. පුරාතන ලෝකයේ විවාහය තරාතිම උසස් බවට පැමිණවීමේ කරුණක් ලෙස දිස්විය. විවාහක කාන්තාව නිහඩව සිටිය යුතු බවට නියෝගයක් වේ නම්, අවිවාහක කාන්තාවන් ඊටත් වඩා කෙතරම් නිහඬවීම බලාපොරොත්තු විය යුතුද?

1 කොරින්ති 14: 34-35 පිළිබඳ ඇති විවිධ පරිවර්තනයන් මෙහි නැවත මතක් කිරිමට ඇති සංඛ්‍යාවක් වශයෙන් විශාලය. හොඳම පැහැදිලි කිරීම වශයෙන් සැළකිය යුත්තේ හාත්පස පිහිටි සංදර්භය වන අතර එමඟින් 1 කොරින්ති 11 හා 1 කොරින්ති 14 අතර ඇති අවිනිශ්චිතභාවය විසඳාගත යුතුය. අනාගතවාක්‍යයක් පැවසීමේදී අප්‍රමාදව සංදර්භය හා අනාගතවාක්‍ය පරික්‍ෂාකාරීව බැලිය යුතුය. ප්‍රසිද්ධ මෙහෙයකදී යමෙක් සභාවට අනාගතවාක්‍යයක් පවසන්නේනම්, සභාව විනිශ්චය එය මතට පැවරිය යුතුය (1 කොරින්ති 14:29). එනම් සභාව එය විමසා බලා, ඇගැයීමකට ලක්කර එය සැබවින්ම දෙවියන් වහන්සේ ගෙන් නම් ඊළඟට ගත යුතු ක්‍රියා මාර්ගයන් කුමක්ද යන්න විමසා බැලිය යුතුය. සභාවේ කාන්තාවන් නිශ්ශබ්දව සිටීම යන සාකච්ජා කිරිම සඳහා වු ක්‍රියාවලිය වටහා ගැනීම සඳහා ඉතාමත් යහපත් සන්දර්භානුගතය නම්, අනාගතවාකය ඇගයීමකට ලක් කිරිම ආත්මික අධිකාරිත්වය උරගා බැලීමකි. තව දුරටත් සංකුලතාවයන් මතුවීමට හැකිය. භාර්යාව ස්වාමි පුරුෂයා පවසන ලද අනාගතවාක්‍ය පිළිබඳ ප්‍රශ්ණ කරන්නේ නම් හෝ ස්වාමි පුරුෂයාගේ එම ඇගයීම සමඟ එකඟ නොවන්නේනම් කුමක් සිදුවෙයිද? එවැනි තත්වයකදි හරි වූ දෙය නම් මෙහෙයෙහදි නිහඩව සිට පුද්ගලිකව නිවසේදි ඒ ගැන ඇසීමය (පදය 35). මෙම ක්‍රියාව ඇගේ ස්වාමි පුරුෂයාගේ ආත්මික අධිකාරිත්වයට ඇය දක්වන්නාවූ ගෞරවය විදහා දක්වන අතර, සභාවේ අපිළිවෙල ක් ඇතිවීමේ සම්භාවිතාවය අඩු කර ගැනීමට හැකි වේ (පරිච්ජේදයෙහි සඳහන්වී නැති නමුදු තම භාර්යාවගේ අනාවැකිය සියුම් පරීක්‍ෂාවකට ලක් වුවහොත් "තමාව අවහිරයෙන් ගලවා ගැනීම" නුවණට හුරු බව දැනගන්නට ඇත).

1 කොරින්ති 14:34-35 පිළිබඳ පාවුල්තුමාගේ ප්‍රධාන අභිප්‍රාය වූයේ අනාවැකියන් අගැයීමට ලක් කිරීම වැනි සාකච්ජාවට බදුවූ ක්‍රියාවලියකට කාන්තාවන් සහාගි නොවිය යුතු බවය. මෙම නියෝගය වර්තමානයේ / නූතන සභාවට අදාළ කරගත යුතුද යන ප්‍රශ්ණය තවමත් ඉතිරිව පවතී.

1 කොරින්ති 11 හි හා 1 කොරින්ති 14 හි යන දෙකෙහිම නිවසේදි මෙන්ම සභාවේදී පුරුෂ ආත්මික නායකත්වය විශ්වීය මුල ධර්මයක් ලෙස පවත්වාගෙන යාම පිළිබඳ පාවුල්තුමා උනන්දුවක් දැක්වීය (1 තිමොති 2:12 ද බලන්න). සභාපාලකවරුන් හා වැඩිමහල්ලන් පුරුෂයන් වන අතර, කාන්තාවන් එම අධිකාරිත්වය යටතේ සභාව සමඟ වේ. මෙලෙස මෙම අධිකාරිත්වයට යටත්වීම, පිළිගැනීම සහ ආදාළ කිරීම නූතන සංස්කෘතික ක්‍රියා මාර්ගයන් යටතේ වෙනස් විය හැක. හිස වැසීම (11 වෙනි පරිච්ජේදයෙහි සඳහන් පරිදි) සංස්කෘතික වශයෙන් කාලෝවිත සංකේතයක් නම් එනම් කාන්තවකගේ නිර්මලත්වයට සහ අවනත බවට එවිට හිස් වැසීම සිදු කල යුතුය. එම සංකේතය ප්‍රචාරයක් සඳහා හෝ මුදල් ඉපයීමක් සදහා වේනම් අනෙකුත් සංස්කෘතික සංකේත වල අනුග්‍රහය සඳහා එය නොසළකා හැරීම යෝග්‍ය වේ. නූතන බටහිර සංස්කෘතියේ නූතන ඇදුම් පැළදුම් බොහෝවිට ඊට උචිත සංකේත වේ. තවත් සංකේතයන් වන භාර්යාව ස්වාමි පූරුෂයාගේ වාසගම / අවසාන නම ගැනීම කාලයකදී ඇමරිකානු සංස්කෘතියේ විශේෂ සිදුවීම් වුවද නුමුත් මේ වනවිට ඒවා විශේෂත්වයෙන් බැහැරව තිබේ.

සංස්කෘතියේ මුල් බැසගත් වෙනත් කරුණක් සභාවේදී කාන්තාවන් නිහඬවිය යුතුය පවසන්නට තිබෙන්නට හැකිය. පළවෙනි ශත වර්ෂයේදී කාන්තාවක් සාකච්ජා කිරීම සඳහා වු ක්‍රියාවක කිසියම් රැස්විමකදී සහභාගිවීම අධිකාරිත්වය පැහැර ගැනීමක් ලෙස සළකන ලදි. නුමුත් වර්තමාන සංස්කෘතියේ සහභාගිත්වයට කාන්තාවන් කැඳවන අතර, සභාවේ නායකත්වයට හෝ තමාගේ ස්වාමි පූරුෂයාට නියමාකාර ගෞරවයක් පෙන්වීම සඳහා සභාවෙහිදී නිහඬවිම අවශ්‍ය නොවේ. පුරුෂ නායකත්වය නිවසේදී මෙන්ම සභාවේදී ගෞරව කරනු ලැබුවේ නම් ස්ත්‍රී පක්‍ෂය එම පිළි ගැනීම සංස්කෘතික ආදළ කර ගැනීම් වලදි දක්නට සැලැස්වූයේ නම්, එවිට ආත්මික මාවත පරිපූර්ණය.



English



නැවතත් සිංහල මුල් පිටුවට

සභාවේදී කාන්තාවන් නිහඬවිය යුතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries