settings icon
share icon
ප්‍රශ්නය

දේව සේවයේදී කාන්තාවකට කළ හැකි කාර්ය භාරය කුමක්ද?

පිළිතුර


දේව සේවයේ යෙදෙන කාන්තාවන් පිළිබඳ බයිබලය විශ්වාස කරන කිතුනුවන්ට එකඟ විය නොහැකි හා කළ නොහැකි කාරණාවන් වේ. එනම් කාන්තාවන්ට සභාවේදී කථා කිරීම හෝ පුරුෂයෙකු කෙරෙහි අධිකාරය භාරගැනීම තහනම් කිරීම ශුද්ධ ලියවිල්ලේ වෙන් කරන කේන්ද්‍රය (1 තිමොති 2:12,1 කොරින්ති 14:34). එකඟ නොවේ නම්, එම ජේද අදාළ වන්නේ ඒවා ලියා ඇති යුගයට පමණක්ද යන්නය. නුඹලා සියල්ලන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ එක්කෙනෙක්ව සිටින නිසා යුදෙව්වෙක් හෝ ග්‍රීකයෙක් නැත්තේය. දාසයෙක් හෝ නිර්දාසයෙක් නැත්තේය. පුරුෂයෙක් හා ස්ත්‍රියෙක් නැත්තාහ. (ගලාති 3:28). පිරිමින්ට විවෘතව ඇති ඕනෑම දේව සේවයක් කිරීමට කාන්තාවන්ට නිදහස තිබේ. තවත් සමහරු සිතන්නේ 1 තිමොති 2:12 අදටත් අදාළ වන බැවිනි. නමුත් මෙම ආඥාවේ පදනම සංස්කෘතික නොව විශ්වීය බැවින් මැවීමේ අනුපිළවෙලට මුල් බැස ඇති බවය (1 තිමොත් 2:13-14).

පළමුවන පේත්‍රස් 5:14 වැඩිමහල්ලෙකුගේ සුදුසුකම් විස්තර කරයි. ප්‍රෙස්බුටෙරෝස් යනු අළුත් ගිවිසුමේ "පළපුරුදු පිරිමි අභිප්‍රේක්ෂක" යන්න දැක්වීමට හැට හය වතාවක් භාවිතා කළ ග්‍රීක වචනයයි. එය වචනයේ පුරුෂ ස්වරූප යයි. වැඩිහිටියන් හෝ එඬේරන් සඳහන් කිරීමට යොදන ප්‍රෙස්බුටෙරා යන ස්ත්‍රී ස්වරූපය කිසිවිටෙකත් භාවිතා නොවේ. 1 තිමොති 3:1-7 ඇති සුදුසුකම් මත පදනම්ව වැඩිමහල්ලෙකුගේ කාර්යභාරය බිෂොප් / දේවගැති / අභිප්‍රේක්ෂක සමඟ හුවමාරු කළ හැකිය (තීතස්1: 6-9, 1 පේත්‍රස් 5:"1-3). 1 තිමොති 2:12 ට අනුව ස්ත්‍රියක් "පුරුෂයෙකු කෙරෙහි ඉගැන්වීම හෝ බලය පැවරීම නොකළ යුතුය" යන්නෙන් පැහැදිලි වන්නේ වැඩිමහල්ලන්ගේ හා දේවගැතිවරුන්ගේ ස්ථාවරය ඉගැන්වීමට, සභාවට නායකත්වය දීමට සහ ඔවුන්ගේ අධීක්ෂණයට මෙන්ම අධ්‍යාත්මික වර්ධනය සඳහා සන්නද්ධ විය යුතු බවයි. (1 තිමොති 3:2) වෙන් කළ යුත්තේ පුරුෂයන්ට පමණි. කෙසේ වුවද, වැඩිමහල්ලා /බිෂොප් / සභාපාලක පුරුෂයන් සඳහා වෙන්කර ඇති එකම නිලයන් බව පෙනේ. සභාවේ වර්ධනය සඳහා කාන්තාවන් සැමවිටම වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති අතර, බොහෝ ගෝලයන් පලා ගිය විට ක්‍රිස්තුස් වහන්සේ ඇණහසනු දුටු කිහිප දෙනා අතර පවා කාන්තාවන් සිටිති (මතෙව් 27:55, යොහාන් 19:25). ප්‍රේරිත පාවුල් ස්ත්‍රීන්ව ඉතා ඉහළින් සැලකු අතර සභාවලට ලියූ බොහෝ ලිපි වල ඔහු නිශ්චිත කාන්තාවන්ට නමින් ආචාර කළේය (රෝම16:6,12 කොලොස්සි 4:15, පිලිප්පි 4:2-3, පිලමොන් 1:2). පාවුල් මෙම ස්ත්‍රීන්ව "සම සේවකයින්" ලෙස අමතන අතර ඔවුන් පැදිලිවම සමිඳාණන් වහන්සේට සේවය කළේ මුළු සභාවේම ප්‍රයෝජනය සඳහාය (පිලිප්පි 4:3, කොලොස්සි 4:15). ශරීරයේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි මුල් සභාවේ නිලයන් නිර්මාණය කරන ලදී. බොහෝ නුතන සභාවල වැඩිමහල්ලන්ගේ හා උපස්ථායකයන්ගේ එකිනෙකට හුවමාරු කර ගත්තද, ඒවා එකම නිලයන් නොවිය. අවශ්‍යතාවය මතු වූ විට භෞතික ධාරිතාවයෙන් සේවය කිරීම සඳහා උපස්ථායකයන් පත් කරන ලදී (ක්‍රියා 6:2-3). මේ ආකාරයේ සේවය කරන කාන්තාවන්ට පැහැදිලි තහනමක් නොමැත. රෝම 16:1, හි ඇඟවෙන්නේ පේබී නම් කාන්තාව ගෞරවනීය උපස්ථායකවරික් බවයි. නමස්කාර මඟ පෙන්වන්නන්, තරුණ සේවකයින් හෝ ළමා අධ්‍යක්ෂකවරුන් ලෙස සේවය කිරීම කාන්තාවන්ට තහනම් කරන ශුද්ධ ලියවිලිමය පූර්වාදර්ශයක් නොමැත. එකම සීමාව වන්නේ ඔවුන් වැඩිහිටි පිරිමින් කෙරෙහි අධ්‍යාත්මික අධිකාරියේ කාර්යභාරයක් භාර නොගැනීමයි. ශුද්ධ ලියවිල්ලේ ඇති ක්‍රියාකාරිත්වයට වඩා අධ්‍යාත්මික අධිකාරියේ ප්‍රශ්ණයක් ලෙස පෙනෙන හෙයින්, වැඩිපුර පුරුෂයන් කෙරෙහි එවැනි අධ්‍යාත්මික අධිකාරියක ලබා නොදෙන ඕනෑම භුමිකාවක් සඳහා අවසර ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේව සේවයේදී කාන්තාවකට කළ හැකි කාර්ය භාරය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries