settings icon
share icon
ප්‍රශ්නය

කාන්තාවකට වැඩිමහල්ලෙක් ලෙස සභාවේ සේවය කළ හැකිද?

පිළිතුර


කාන්තාවකට වැඩිමහල්ලෙක් ලෙස සභාවේ සේවය කළ හැකිද යන ප්‍රශ්නයේ ප්‍රාථමික මතයන් 2 ක් ඇත. සැමටම සමාන අයිතිවාසිකම් දිය යුතුයි කියන මතයෙන් පිළිගන්නවා කාන්තාවකට වැඩිමහල්ලෙකු ලෙස සේවය කළ හැකි බව, 1 තිමෝති 3:1-7 හා තීතස් 3:1-7 දක්වා ඇති අවශ්‍යතා ඔවුන් සපුරන තාක්කල් අනුපූරක මතය විරුද්ධ බව තහවුරු කරනවා කාන්තාවන් සභාවේ වැඩිමහල්ලෙකු ලෙස සේවය කිරීමට අනුමත නැති බව පවසමින්.

අපි බලමු 1 තිමෝති 3:1-7: යමෙක් සභාවේ නායක තනතුර ලබන්නට ආශාවන්නේ නම් ඔහු යහපත් වැඩකට ආශාවන්නේය යනු විශ්වාසවූ කීමක්ය. එහෙයින් නායක තෙමේ නිර්දෝෂිවූ, එක භාර්‍යාවකට පුරුෂයාවූ “පමණ දැන හැසිරෙන්නාවූ, සිහියද පිළිවෙලක්ද ඇත්තාවූ, ආගන්තුක සත්කාරයට කැමති වූ, උගන්වන්නට සමර්ථවූ කෙනෙක්ව සිටින්ට ඕනෑය. ඔහු බේබද්දෙක් නොවූ, ගහ ගන්නෙක් නොවූ, ඉවසිලිවන්තවූ, ඩබරකාරයෙක් නොවූ,වස්තු තෘෂ්නාව නැත්තාවූ, තමාගේම පවුල හොඳින් හසුරුවා ගනිමින්, සියලු ආකාර සන්සුන්කම ඇතුව ස්වකීය දරුවන් හික්මවා ගන්නාවූ තැනැත්තෙක්ව සිටිය යුතුය. (නමුත් යමෙක් තමාගේම පවුල හසුරුවා ගන්නට නොදන්නේ නම් ඔහු දෙවියන්වහන්සේගේ සභාව ප්‍රවේසම් කරන්නේ කෙසේද?). ඔහු උඬගු වී යක්ෂයාට පැමිණ දඬුවමට නොවැටෙන පිණිස අලුත් ගෝලයෙක් නොවිය යුතුය. ඇරත් න්න්දාවටද යක්ෂයාගේ මල පතටද නොවැටෙන පිණිස ඔහූ පිටත අයවලූන්ගෙන් යහපත් සාක්ෂි ඇතුව සිටින්ට ඕනෑය.

ඡේදයේ පළමුව සැලකිල්ලට ගත යුතු දෙය නම්, පුරුෂ සර්වනාමයන් ගණනයි. ("ඔහු" සහ"ඔහුගේ"). ඔහු, ඔහුගේ සහ ඔහුට යන සර්ව නාමයන් දක්නට ලැබෙනවා 10 වතාවක් 1 තිමෝති 3:1-7 හී. මෙම කොටස පමණක් සංශිප්තව කියවීමෙන් නිගමනය කළ හැකියි, වැඩිමහල්ලකුගේ / නායකයකුගේ භුමිකාව පුරුෂයකු විසින් සම්පූර්ණ කළ යුතු බව. "එක භාර්‍යාවකගේ පුරුෂයෙක්"යන පදයද පෙන්වා දෙනවා වැඩිමහල්ලකුගේ තනතුර පුරුෂයකු විසින් සම්පූර්ණ කළ යුතු බව. තීතස්1:5-9 හිද මේ සම්බන්දයෙන් එක සමාණ කරුණු දක්වා තිබෙනවා.

වැඩිමහල්ලකුගේ / නායකයකුගේ සුදුසුකම් හා කාර්‍යභාය විස්තර කරන ඡේදයේ, වැඩිමහල්ලෙකු ලෙස සේවය කිරීමට කාන්තාවන්ට දොර විවෘතවන්නේ නැත. ඇත්ත වශයෙන්ම පුරුෂ සර්වනාම හා පාරිභාෂික ශබ්ද පිලිබඳව ස්ථිර භාවිතය දැඩි ලෙස තර්ක කරනවා වැඩිමහල්ලන් / නායකයන් සඳහා වන තනතුර පුරුෂයන්ට පමණක් සීමා කිරීම ගැන. මෙම විවාදයට සම්බන්ධ වෙනත් ගැටළු ලෙස, කාන්තාවන් වැඩිමහල්ලන් ලෙස සේවය කිරීම පිළිබඳ තහනම ස්වෝත්තමවාදය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. පුරුෂයන් කාන්තාවන්ට වඩා උසස් වීම තේරුමක් නැති කාරනයක් වුනත් දෙවියන් වහන්සේ වැඩිමහල්ලන්ගේ තනතුරු පුරුෂයන්ට පමනක් සීමා කළා මන්ද උන්වහනසේ සභාවේ ක්‍රියාකාරිත්වය ව්‍යූහ ගත කළ ආකාරය එයයි. භක්තිමත් නායකයන් ලෙස සේවය කිරීම සඳහා කාන්තාවන්ගේ සේවය සිවිම්ව සහය දෙන චරිත ලෙස වැදගත් වේ.



English



නැවතත් සිංහල මුල් පිටුවට

කාන්තාවකට වැඩිමහල්ලෙක් ලෙස සභාවේ සේවය කළ හැකිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries