settings icon
share icon
ප්‍රශ්නය

කාන්තාවන්ට සභාවේ උපස්ථායකයන් ලෙස සේවය කළ හැකිද?

පිළිතුර


කාන්තාවන්ට උපස්ථායකයන් ලෙස සේවය කිරීමට හැකිද නැද්ද යන්න පිළිබඳව ශුද්ධ ලියවිල්ලෙහි සම්පූර්ණයෙන්ම පැහැදිලි නැත. "ගෞරවයට සුදුසු පුරුෂයන්" (1 තිමෝති 3:8) හී සඳහන් උපස්ථායකයන් ගැන ප්‍රකාශය හා "එක භාර්‍යාවකට පුරුෂයා වීම" (1 තිමෝති 3:12) යන සුදුසුකම ගැන සඳහා වූ පදවලින් පෙනී යන්නේ කාන්තාවන්ට උපස්ථායකයන් ලෙස සේවය කිරීම සඳහා නුසුදුසු වීමයි. කෙසේ වූවත් සමහර අර්ථ නිරූපනයන්, (1 තිමෝති 3:11) හී කාන්තා උපස්ථායකයන්ට අදාලවන ලෙස දක්වයි. මන්ද "භාර්‍යාවන්"යන ග්‍රීක වචනය පරිවර්ථනය කළ හැකියි "කාන්තාවන්" ලෙසටත්. පාවුල් තුමා මෙය අදාලකරන්නේ උපස්ථායකයන්ගේ භාර්‍යාවන්ට නොව , උපස්ථායකයෙක් ලෙස සේවය කරන කාන්තාවන්ටය. "එසේමය" යන වචනය භාවිතා කරමින් 8 වන පදය හඳුන්වා දී යෝජනා කරනවා නායකයන්ගේ 3 වන කණ්ඩායමට අතිරේකව වැඩිහිටියන්ට හා උපස්ථායකයන්ට. එමෙන්ම, පාවුල් තුමා වැඩිහිටියන්ගේ භාර්‍යාවන්ට නියමයක් ලබා දී නැත වැඩිහිටි බවේ සුදුසුකම් පිළිබඳව. ඇයි එසේ නම් ඔහු සුදුසුකම් ලබා දී නැත්තේ උපස්ථායකයන්ගේ භාර්‍යාවන්ට? වැඩිහිටියන්ගේ භාර්‍යාවන්ට නිශ්චිත ලෙසකට හැසිරීම වැදගත්ද?. එය තාර්කිකයි ඔහු වැඩිහිටියන්ගේ භාර්‍යාවන් ගැන වැඩියෙන් හෝ සමානව හිතනවාද නැද්ද යන්න උපකල්පනය කිරීමට. එවක් පටන් වැඩිහිටියන් සිටින්නේ වඩාත් ප්‍රමුක තත්වයක සභාවේ. නමුත් ඔහු වටිනාකමක් දී නැත වැඩිහිටියන්ගේ භාර්‍යාවන්ට.

රෝම 16:1හී පේබ් හට යොමු කරන එකම පදය පාවුල් තුමා තිමෝති 3:12 භාවිත කරනවා. එ අපැහැදිලියි, නමුත් පාවුල් තුමා පවසනවා පේබ් උපස්ථායිකාවක්ද සේවිකාවක්ද යන වග. මුල් සභාවේදී කාන්තා සේවිකාවන් ලෙඩ ඇදහිලි වන්තයන්ව, අසරනයන්ව, ආගන්තුකයන්ව හා සිරගෙයි සිටින්නන්ව සලකන ලදි. ඔවුන් උපදෙස් ලබා දුන්නා කාන්තාවන්ට හා දරුවන්ට (තීතස් 2:3-5). පේබ් හට නිලනාමයක් නොතිබෙන්නට ඇති "උපස්ථායිකාවක්" කියා. නමුත් පාවුල් තුමා ප්‍රමාණවත් තරම් කල්පනාකර තිබුණා පේබ් ට පවරන්න අති විශාල වගකීමක් වන ඔහුගේ හසුන බෙදාහරින්නට රෝමයේ සභාවට (රෝම 16:1-2). පැහැදිලිව, ඔහු ඇයව දුටුවේ පහත් හෝ නුසුදුසු ලෙස නොව, විශ්වාසනීය හා වටිනා සාමාජිකාවක් ලෙස ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ.

ශුද්ධ ලියවිල්ලේ එතරම් අනුබලයක් ලබාදෙන්නේ නැහැ කාන්තාවන් උපස්ථායකයෙක් ලෙස සේවය කිරීම යන අදහසට , එහෙත් ඔවුන් නුසුදුස්සන් වන්නේද නැත. සමහර සභාවන් ස්ථාපනය කර තිබෙනවා උපස්ථායිකාවන්ගේ කාර්ය, නමුත් පුරුෂ උපස්ථායක කාර්ය ගොඩක් විශේෂනය කරනවා සමහර පැති වලින්. සභාවල් උපස්ථායිකාවන්ට තත්වයක් පිහිටුවනවා නම්, සභාවේ නායකත්වය සහතික විය යුතුයි. තවදුරටත්, උපස්ථායිකාවන් සීමාවකට යටත්වී සිටිනවා කියා පාවුල් තුමා සඳහන් කරනවා කාන්තා සේවයන් ගැන අනෙකුත් ඡේදවල (1 තිමෝති 2:11-12 ආදී), සභාවේ සියළු නායකත්වයන් යටත් කළ යුතුයි බල ව්‍යුහයකට සහ අවසානයේ අතිමහත් බලධාරියා වන, ක්‍රිස්තුස් වහන්සේට.



English



නැවතත් සිංහල මුල් පිටුවට

කාන්තාවන්ට සභාවේ උපස්ථායකයන් ලෙස සේවය කළ හැකිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries