settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේගේ ස්ත්‍රියක් වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර


දෙවියන්වහන්සේගේ ස්ත්‍රියක් දෙවියන්වහන්සේගේ දියණියකි. දෙවියන්වහන්සේගේ දරුවෙකුවීම සිදුවන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ගැලවීමේ සම්බන්ධතාවයක් මගිනි (යොහන් 1:12; 3:16-18, 36). ගැළවීම සඳහා අප යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන විට, අපි නව මැවිලි බවට පත්වෙමු (2 කොරින්ති 5:17). දෙවියන්වහන්සේ අපට ශුද්ධාත්මයාණන්වහන්සේ ලබාදී අප තුළ වැඩ කරන අතර ක්‍රිස්තුස්වහන්සේ හා සමාන වීමට අපව පරිවර්තනය කරයි (යොහන් 14:15–17; 1 යොහන් 4:13; 2 කොරින්ති 3:18). වඩාත් සරළව කිවහොත්, දෙවියන්වහන්සේගේ ස්ත්‍රිය යනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් ගැලවීම ලැබූ ශුද්ධාත්මයාණන්ගේ කාර්යයට යටත් වන ස්ත්‍රියකි. මෙය ප්‍රායෝගිකව පෙනෙන්නේ කෙසේද?

දෙවියන්වහන්සේගේ ස්ත්‍රියක් දෙවියන්වහන්සේගේ වචනය කියවීම, යාච්ඤාවෙන් කථා කිරීම, වෙනත් ඇදහිලිවන්තයන් සමඟ ඇසුරු කිරීම සහ හොඳ ඉගැන්වීම්වලට සවන්දීම තුළින් දෙවියන්වහන්සේව දැන හඳුනා ගැනීමට උත්සාහ කරනු ඇත. "දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණ ව, සියලු යහපත් ක්‍රියා වලට සුදානම්ව සිටින පිනිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිශධකම ගැන ගුරුකම් දිමටත් ප්‍රයෝජනවත්ව තිබේ." (2 තිමෝති 3:16-17), ඇය දේව වචනය පවසනදේ දැන ගැනීමට උත්සාහ කරයි. ඇය "තමාව දෙවියන් වහන්සේට අනුමත කළ තැනැත්තියක් ලෙස ඉදිරිපත් කිරීමට හොඳමදේ කරයි, ලැජ්ජා විය යුතු නැති, සත්‍ය වචනය නිවැරදිව හසුරුවන සේවකයෙක්" (2 තිමෝති 2:15). යාකොබ්ගේ අනතුරු ඇඟවීමටද ඇය අවනතවේ: "නමුත් නුඹලාම රවටා ගනිමන් වචනය අසන්නෝ පමණක් නොවී එය පිලිපදින්නෝ වෙයල්ලා." (යාකොබ් 1:22).

වචනය පවසනදේ කිරීමේ කොටසක් වන්නේ ක්‍රියාශීලී යාච්ඤා ජීවිතයක් ගත කිරීමයි. පාවුල්තුමා අපට උපදෙස් දෙන්නේ, "කිසිම දෙයක් ගැන කරදර නොවන්න, නමුත් සෑම අවස්ථාවකදීම, යාච්ඤාවෙන් හා කන්නලව්වේන්, ස්තුතිදීමෙන් ඔබගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට ඉදිරිපත් කරන්න. සියලු අවබෝධය ඉක්මවා යන දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස්වහන්සේ තුල ඔබේ හදවත් සහ මනස ආරක්ෂා කරනු ඇත." (පිලිප්පි 4:6-7). ඒ හා සමානව, 1 තෙසලෝනික 5:16-18 පවසනවා, "සැමවිටම ප්‍රීති වන්න, නොකඩවා යාච්ඤා කරන්න, සෑම තත්වයකදීම ස්තුති කරන්න. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ කැමැත්ත මෙයයි." දෙවියන්වහන්සේගේ ස්ත්‍රියක් කෘතඥපූර්වක හදවතකින් දෙවියන්වහන්සේ වෙතට පැමිණ ඇගේ කනස්සල්ල දෙවියන්වහන්සේ කෙරෙහි තබයි (1 පේත්‍රැස් 5:7). ඇය දෙවියන්වහන්සේගේ හැකියාව හා උන්වහන්සේගේ ප්‍රේමය කෙරෙහි විශ්වාසය තබන අතර, එබැවින් ඇය ඇගේ නමස්කාරය සහ ඇයගේ අවශ්‍යතා උන්වහන්සේගේ සිංහාසනය වෙත ගෙන එයි (හෙබ්‍රෙව් 4: 14-16).

දෙවියන්වහන්සේගේ ස්ත්‍රියක් අන් අයට හොඳින් ප්‍රේම කරන්න යන දෙවියන්වහන්සේගේ ආඥාවලට කීකරු වෙනවා. ඇගේ කථාව අපහාස හෝ ඕපාදූප හෝ අයහපත් චේතනාවෙන් පිරී නැති අන්‍යයන්ට අනුබලදීම හා දිරි ගැන්වීමකි (එපීස 4:29; 1 පේත්‍රැස් 2:1-3). ඇය කරුණාවන්ත, දයානුකම්පිත සහ සමාව දෙන තැනැත්තියකි (එපීස 4:32). වෙනත් ඇදහිලිවන්තයන්ගේ බර දරා ගැනීමට ඇය උපකාර කරයි (ගලාති 6:2; රෝම 12:15). ඇයට අවස්ථාවක් ඇති බැවින්, ඇය දෙවියන්වහන්සේගේ පවුලේ සියලු දෙනාටම යහපත කිරීමට උත්සාහ කරයි (ගලාති 6:10). ඇය තමා කෙරෙහි උදම් නොවි නිහතමානී ස්වභාවයකින් ජීවත්වේ (රෝම 12:10, 16; පිලිප්පි 2:5-11). ඇය මැසිවිලි නඟන්නේ හෝ අනවශ්‍ය ලෙස වාද විවාද කරන්නේ නැත. ඒ වෙනුවට අන් අය සමඟ එකඟව ජීවත්වීමට උත්සාහ කරයි (රෝම 12:16, 18; පිලිප්පි 2:14).

දෙවියන්වහන්සේගේ ස්ත්‍රියක් පේතෘස්තුමාගේ ඉගැන්වීම අනුගමනය කරමින් "ක්‍රිස්තුස්වහන්සේව ස්වාමීන් ලෙස ගෞරවයට පත් කරන්න. ඔබ තුළ ඇති බලාපොරොත්තුව සඳහා හේතුව දෙන්නැයි ඔබෙන් ඉල්ලා සිටින සෑම කෙනෙකුටම පිළිතුරක්දී මට සැමවිටම සූදානම්ව සිටින්න. නමුත් මෙය මෘදු ලෙස හා ගෞරවයෙන් යුතුව කරන්න. පැහැදිලි හෘදය සාක්ෂිය, එවිට ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබගේ යහපත් හැසිරීමට විරුද්ධව ද්වේෂ සහගත ලෙස කථා කරන අය ඔවුන්ගේ අපහාස ගැන ලජ්ජා වනු ඇත" (1 පේත්‍රැස් 3:15-16). ඇය උත්සාහ කරන්නේ "ඔබේ ආත්මයට විරුද්ධව යුද්ධ කරන පව්කාර ආශාවන්ගෙන් වැළකී සිටීමටය. මිථ්‍යාදෘෂ්ටිකයන් අතර එවැනි යහපත් ජීවිත ගත කරන්න, ඔවුන් ඔබට වැරදි කළ බවට චෝදනා කළත්, ඔවුන් ඔබේ යහපත් ක්‍රියා දැක දෙවියන් වහන්සේව මහිමයට පත් කරනු ඇත." (1 පේත්‍රැස් 2:11-12).

දෙවියන්වහන්සේගේ ස්ත්‍රියක් දෙවියන්වහන්සේ ඇයටදී ඇති කාර්යය උනන්දුවෙන් කරයි (රෝම 12:11). ඇය වැඩිහිටි කාන්තාවක් නම්, ඇය තරුණ කාන්තාවන්ට ආදර්ශයක් ලෙස ජීවත්වේ (තීතස් 2:3-5). ඇය වෙනත් ඇදහිලිවන්තයන් සමඟ කාලය ගත කරයි, ඔවුන්ව ධෛර්යමත් කර ඔවුන්ව දිරිමත් කරයි (හෙබ්‍රෙව් 10:24-25). ඇය යටහත් පහත්ය, එනම් සියලු කිතුනුවන්ට කැඳවනු ලැබූ පරිදි ඇය අන් අයට මුල් තැන දෙයි (එපීස 5:21). "ස්වාමින්වහන්සේ උදෙසා සෑම මිනිස් අධිකාරියකටම යටත් වන්න" යන පේතෘස්ගේ ආඥාවට ඇය අවනතවේ. මක්නිසාද යහපත කිරීමෙන් ඔබ මෝඩ මිනිසුන්ගේ නොදැනුවත්කමේ කතාව නිහඩ කළ යුතුය යන්න දෙවියන්වහන්සේගේ කැමැත්තයි. නිදහස් මිනිසුන් ලෙස ජීවත් වන්න, නමුත් ඔබට ඕනෑ ලෙස ඔබේ නිදහස පාවිච්චි නොකරන්න. නපුර වසන් කිරීමක් ලෙස නොව; දෙවියන්වහන්සේගේ දාසයන් ලෙස ජීවත්වන්න. සෑම කෙනෙකුටම නිසි ගෞරවය දක්වන්න, ඇදහිලිවන්තයන්ගේ පවුලට ප්‍රේම කරන්න, දෙවියන්වහන්සේට බිය වන්න, අධිරාජ්‍යායාට ගෞරව කරන්න" (1 පේත්‍රැස් 2:13-17). ඇය ක්‍රිස්තුස්වහන්සේ තුළ ඉතා ඉහළින් අගය කරන බව ඇය දනී (ගලාති 3:28) සහ ඇගේම කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් උන්වහන්සේව අනුකරණය කිරීමට තෝරාගනී. ඇය විවාහක නම්, ඇය තම ස්වාමි පුරුෂයාට පවුල මෙහෙයවීමට ඉඩ දෙයි (එපීස 5:21–33; 1 පේත්‍රැස් 3: 1-2). ඇය තම දෙමව්පියන්ට ගෞරව කරයි (එපීස 6:1-3), ඇයට දරුවන් සිටී නම් ඇය ඔවුන් ගැන සැලකිලිමත්වේ (තීතස් 2:3-5; 1 තිමෝති 5:14). ඇය තම නිවස හොඳින් හා දිව්‍යමය මූලධර්මයන්ට අනුව කළමනාකරණය කරයි (තීතස් 2:3-5; හිතෝපදේශ 14:1; 31).

දෙවියන්වහන්සේගේ සුන්දරත්වයේ කාන්තාවක් ඇගේ "අභ්‍යන්තරය, මෘදු හා නිහඩ ආත්මයක,නොනවතින සුන්දරත්වය, එය දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඉතා වටිනවා" (1 පේත්‍රැස් 3:3-4). අවසානයේදී, දෙවියන්වහන්සේගේ ස්ත්‍රිය ක්‍රියාවෙහි යෙදී සිටින අතර එය දෙවියන් වහන්සේගේ විශිෂ්ටතම කෘතියකි. එය ඇදහිල්ල කරණකොටගෙන උන්වහන්සේගේ කරුණාවෙන් ගලවා ගනු ලැබේ (එපීස 2:8-10), යේසු ස්වහන්සේව දැන හඳුනාගෙන උන්වහන්සේට කීකරුවීමට උත්සාහ කරනවිට යේසුස්වහන්සේ මෙන් ස්වභාවයට ඇය පත්වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේගේ ස්ත්‍රියක් වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries