settings icon
share icon
ප්‍රශ්නය

මුද්‍රික පානය හෝ මිදි යුෂ ස්වාමින්වහන්සේගේ රාත්‍රී භෝජන සදහා භාවිතා කළ යුතුද?

පිළිතුර


ස්වාමින්වහන්සේගේ රාත්‍රී භෝජන සදහා මුද්‍රික පානය ලබා දීම (සහ / හෝ ලබා ගැනීම) පිළිගත හැකිද යන්න බොහෝ කිතුණුවන් අතර ඇති වී ඇති ප්‍රබල විවාදයකි. අප මාතෘකාව සෝදිසි කොට බලන විට විශාලතර කාරණය එනම් කුසලානය තුළ ඇති දියරය නියෝජනය කරන්නේ කුමක්ද හේතුකොටගෙන අපගේ දැක්ම නැති නොකොට ගත යුතු වෙමු - ඒ වූ කලී නව ගිවිසුම ස්ථාපිත කරමින් අපගේ ස්වාමින් සහ ගැළවුම්කාරයාණන් විසින් වගුරනු ලැබූ රුධිරය වේ.

ප්‍රථමයෙන් මුද්‍රික පානය පිළිබදව ශුද්ධ ලියවිල්ලේ ඇති දළ විශ්ලේෂණයකි. පැරණි ගිවිසුම් වකවානුවෙහි පරිභෝජනය කරනු ලැබූ මුද්‍රික පානය බාහුල්‍ය ලෙස පැහැදිලිය. අපට පළමුවෙන්ම එහි භාවිතය හෝ (අනිසි භාවිතය) දක්නට ලැබෙන්නේ නෝවා බීමත්ව ඔහුගේ කූඩාරමෙහි නග්නව වැතිරී සිටීමය. (උත්පත්ති 9:21) අනතුරුව අපට දක්නට ලැබෙන්නේ මෙල්කිසදෙක් රජ ආබ්‍රම්ට මුද්‍රික පානය පිළි ගන්වන අයුරුය (උත්පත්ති 14:17–18). නික්මයාම 29:40 හී දෙවියන්වහන්සේ මුද්‍රික පානය භාවිතය නියෝග කරනු ලබන්නේ යාග ඔප්පු කිරීමේ කොටසක් ලෙසය. දාවිත් රජ කමට පත් කරනු ලැබූ විට ඔහුගේ පිරිස දින තුනක් ආහාර වලින් සහ මුද්‍රික පානය සහිතව සමරනු ලැබූහ (1 ලේකම් 38–40). නියත වශයෙන්ම කිවහොත් ගීතාවලිය 104:15 හී අපට ප්‍රකාශ කරනු ලබන්නේ දෙවියන්වහන්සේ මුද්‍රික පානය සාදනු ලැබුවේ (මිනිස් හදවත් සතුටු කරනු ලබන පිණිසය) තවද අපට පොරොන්දුවක් දී ඇත්තේ ස්වාමින්වහන්සේ යම් දිනක උන්වහන්සේගේ සෙනගට ප්‍රණීත ආහාර ඇතුළත්වූ සාදයක් එනම් (පෙරූ රසවත් මුද්‍රික පානයෙන් මංගල්‍යයක්) සූදානම් කරනු ලබන සේක් බවය (යෙසායා 25:6).

නව ගිවිසුමෙහි යේසුස්වහන්සේගේ ප්‍රථම හාස්කම නම් කානාහී සරණ මංගල්‍යයේ වතුර මුද්‍රික පානය බවට හරවනු ලැබීමය (යොහාන් 2:1–11). අපගේ ස්වාමින්වහන්සේ උන්වහන්සේ විසින්ම මුද්‍රික පානය පානය කළා පමණක් නොව (ලුක් 7:34) ස්වර්ගයෙහිදිත් අප හා සමග එසේ පානය කරනු ලබන සේක් බවය (මතෙව් 26:29). ඊට අතිරේකව අපෝස්තුළු වූ පාවුලූ තිමොතිට උපදෙස් දෙනු ලැබුවේ ජලය පමණක් වෙනුවට ඔහුගේ ආමාශය උදෙසා මුද්‍රික පානය භාවිතා කරනු ලබන ලෙසය (1 තිමොති 5:23).

දේව වචනයේ නිතරම සදහන් කරනු ලබන නිර්දේශයන් එසේ තිබියදීත් ඉතා පැහැදිලිව සදහන් කරනු ලබන්නේ බීමත්කම කිසි විටක පිළිගනු නොලබන බවය. එපීස 5:18 හී ඉතා සංක්ෂිප්තව සදහන් කරනු ලබන්නේ (මුද්‍රික පානයෙන් මත් නොවෙන්න එයින් අනාචාරකම් හටගන්නේය.

එසේ හෙයින් ස්වාමින්වහන්සේගේ රාත්‍රී භෝජනයෙහි මුද්‍රික පානය පානය කිරීම ශුද්ධ ලියවිල්ලෙහි එම තත්වය අනුමත කරන අතරම ඉහත සදහන් නිදසුන් සියල්ලෙන්ම (නෝවා හැරුණු කොට) පිළිඹ්බු කරනු ලබන්නේ මුද්‍රික පානය නිසි ආකාරව සීමාව නොඉක්මවා භාවිතා කෙරුනු ආකාරය යහපත් කරුණක් බවය.

මුද්‍රික පානය භාවිතා නොකළ යුතුය යන මතය දරන්නන් ඇතැම් නිරුත්තර තර්ක ඉදිරිපත් කරනු ලබන අතර ඔවුන්ද ශුද්ධ ලියවිල්ලේ නිර්දේශයන් උපුටා දැක්විමට උත්සුකවේ. උදාහරණයක් ලෙස මුද්‍රික පානයට විරුද්ධව හිතෝපදේශ 4:17; 20:1 සහ 23:29–32 කරනු ලබන අනතුරු ඇගවීම් බලන්න. එසේම ලෙවී කථාව 10-9 හී ස්වාමින්වහන්සේ ආරොන්ට කියන සේක් සම්මුඛ මණ්ඩපයට ගිය විට ඔහු සහ ඔහුගේ පුත්‍රයන් මුද්‍රික පානය පානය කිරීමෙන් වැළකිය සිටිය යුත්තේ මරණීය දඩුවම් ලැබිය හැකි හෙයිනි.

මුද්‍රික පානය හෝ මිදි යුෂ ස්වාමින්වහන්සේගේ රාත්‍රී භෝජනයෙහිරෑ මෙම දෙකින් එකකට හෝ වැඩි කැමැත්තත් හෝ වඩාත් පිළිගත හැකි බව දේව වචනයෙහි කිසිදු වෙනස් නොවන නියමයක් නොමැතග නියත වශයෙන්ම කිවහොත් ස්වාමින්වහන්සේගේ රාත්‍රී භෝජනය පිළිබදව කියැවෙන බයිබල් පාඨයන්හී (මුද්‍රික පානය) හෝ “මිදි යුෂ” පිළිබදව සනිටුහන් වීමක් හෝ නොමැත ත එහි සරලවම සදහන් කරනු ලබන්නේ “කුසලානය” ලෙසය. කෙසේ නමුත් සලකා බැලිය යුතු ප්‍රායෝගික කරුණු කිහිපයක් ඇත. මත්පැන්හී පැවතීම කිසිදු ආකාරයකින් වික්ෂිප්ත වීමක් වුවහොත් එය සැලකිල්ලට භාජනය කළ යුත්තක් එකාන්තයෙන්ම කිසිදු සභාවක් යම් කෙනෙකු මත්පැන් භාවිතයට විරුද්ධව ස්ථිර වැටහීමක් තුළ සිට ස්වාමින්වහන්සේගේ රාත්‍රී භෝජනය මග හැර යාම කෙරෙහි කැමැත්ත පල නොකරනු ලබති. ක්‍රිස්තුස්වහන්සේ සභාවට දෙනු ලැබූ උපදේශන නම් “යම් පමණ වර නුඹලා මෙයින් බොන්නහුද එපමණ වර මා සිහිකිරීම පිණිස මේක කරන්න” (1 කොරින්ති 11ථ25). මත්පැන්හී පැවතීම හේතුකොටගෙන අවධානය යොමු නොකොට ක්‍රිස්තුස්වහන්සේගේ අණ නොතකා යම් කෙනෙකු ගමන් කරනු ලබත් නම් එය කණගාටුවට කරුණක් විය හැකග

දේව වචනයේ කිසිදු ස්ථානයක කුසලානය තුළ අන්තර්ගත වන්නාවූ සංයුක්තයේ මධ්‍ය බවට හැරීමි මට්ටමේ සාපේක්ෂ අවශ්‍යතාවයක් අපට දක්නට නොලැබේ. එසේ වුවද යමි කෙනෙකුට ගැළවුමිකරුවාණන්ට ගෞරවය ලබා දෙන යම් දෙයක් පිළිබදව ප්‍රබල උපකල්පනයක් ඇත්ද එම ස්ථිර වැටහීම තුළ රදා පැවැත්ම යහපත් ක්‍රියාවකිග එසේ නමුත් අපගේ පෞද්ගලික උපකල්පන හේතුකොටගෙන කුසලාන මගින් නිරූපණය කරනු ලබන්නක් හෝ යම් සහෝදරයෙකු හෝ සහෝදරියකු විනිශ්චය නොකිරීමට අප ප්‍රවේසමි විය යුතු වෙමුග



English



නැවතත් සිංහල මුල් පිටුවට

මුද්‍රික පානය හෝ මිදි යුෂ ස්වාමින්වහන්සේගේ රාත්‍රී භෝජන සදහා භාවිතා කළ යුතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries