settings icon
share icon
ප්‍රශ්නය

සමාවදීම සම්බන්ධයෙන්, හිතාමතා කළ පාපය සහ නොදැනුවත්කම තුල සිදුවන පාපය අතර වෙනසක් තිබේද?

පිළිතුර


නොදැනුවත්කමින් පව් කරන අය සහ හිතාමතාම පව් කරන අය අතර දෙවියන්වහන්සේ වෙනසක් කළත් (ගණන්කථාව 15:27-31), සමාව ලැබීමට පසුතැවීම සැමවිටම අවශ්‍යවේ (මාර්ක් 1:15; ක්‍රියා 2:38; ක්‍රියා 26:18). පසුතැවීම යනු දෙවියන්වහන්සේ පිළිබඳව කෙනෙකුගේ ආකල්පයේ වෙනසක් වන අතර ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල සුරැකීමට සමගාමීවේ (ක්‍රියා 3:19; 20:21; 26:20). එය නොමැතිව සමාව දිය නොහැක. යේසුස්වහන්සේ කතා කොට, ''නැත, මම ඔබට කියමි; නමුත් ඔබ පසුතැවිලි නොවන්නේ නම්, ඔබත් ඒ හා සමානව විනාශ වනු ඇත" (ලූක් 13:3; 17:3-4; 2 පේත්‍රැස් 3:9).

හිතාමතාම පව් කිරීම යනු දෙවියන්වහන්සේට විරුද්ධවීම ගැන ආඩම්බරවීම සහ උඩඟු වීමයි (ගීතාවලිය 19:13; හෙබ්‍රෙව් 10:26). හිතාමතා කළ පව් ඉක්මනින් හෝ පසුව දෙවියන්වහන්සේගේ විනිශ්චය ගෙන එයි, නමුත් නොදැනුවත්කමේ පව් නිදහසට කරුණක් නොවේ: "එබැවින් මම ඔබට මෙය කියමි, සමිඳාණන්වහන්සේ තුළ එය අවධාරනය කරමි. ඔවුන්ගේ චින්තනය ඔවුන්ගේ අවබෝධය අඳුරුවී දෙවියන්වහන්සේගේ ජීවිතයෙන් වෙන්වී ඇත්තේ ඔවුන්ගේ හදවත් දැඩිවීම නිසා ඔවුන් තුළ ඇති නොදැනුවත්කම නිසාය. සියලු සංවේදීතාවන් නැතිවී ඇති ඔවුහු, සෑම ආකාරයකම අපිරිසිදුකමේ යෙදෙන පිණිස කාමුක හැඟීම් වලට යටත්වී සිටිති. ඔවුන් කෑදර කමින් පිරී සිටිති" (එපීස 4:17-19; ක්‍රියා 3:17-19; ක්‍රියා 17:30 -31). සමාවදීම සැමට ලබා ගත හැකි නමුත්, සමාව ලැබීම සඳහා වැරදිකරු සැබවින්ම පසුතැවිලි වීමට දෙවියන්වහන්සේගේ පරමාධිපත්‍ය කරුණාවට අපි එය තබමු (එපීස 2:4).

නොදැනුවත්කමින් යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය ප්‍රතික්ෂේප කරන අයඔ වුන්ගේ පව්වලට සමාව ලබා ගැනීම සඳහා පසුතැවිල්ලෙන් උන්වහන්සේව පිළිගත යුතුය. යේසුස්වහන්සේ මෙය බහුල ලෙස පැහැදිලි කළේය. "මාර්ගයද සත්‍යද ජීවනයද මමය. මා තුළින් මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට එන්නේ නැත" (යොහන් 14:6). නොදැනුවත්කම නිසා හෝ හිතාමතාම කැරැල්ලක් නිසා යමෙකු මග හැරී ඇත්ද යන්න ගැටළුවක් නොවේ — ඔහුට තවමත් මාර්ගය මග හැරී ඇත.

කෙසේ වෙතත්, ඔවුන් කියා සිටින තරමට මිනිසුන් නොදැන සිටිති. කිසිවෙකුට දෙවියන්වහන්සේ ගැන මුලුමනින්ම නොදැන සිටිය හැකි අතර අකීකරුකමින් ජීවත් වීමට කිසිවෙකුට නිදහසට කරුණක් නැත. ප්‍රේරිත පාවුල්තුමා මෙසේ පැවසීය, "මක්නිසාද මිනිසුන්ගේ සියලු අධර්මිෂ්ධකමට එරෙහිව දෙවියන්වහන්සේගේ උදහස ස්වර්ගයෙන් එළිදරව්වේ. දෙවියන් වහන්සේ ගැන දැන ගත හැකිදේ ඔවුන්ට පැහැදිලිය. මන්ද දෙවියන් වහන්සේ එය ඔවුන්ට පෙන්වා ඇති බැවිනි. මක්නි සාදයත්, උන්වහන්සේගේ අදෘශ්‍යමාන ගුණාංග, එනම්, උන්වහන්සේගේ සදාකාලික බලය හා දිව්‍යමය ස්වභාවය, ලෝකය මැවූදා සිටම, සාදන ලද දේවලින් පැහැදිලිව වටහාගෙන ඇති බැවිනි. එබැවින් ඔවුන්ට නිදහසට කරුණක් නැත" (රෝම 1: 18-20).

අපි සමහරවිට නොදැනුවත්කමින් පව් කළත්, දෙවියන්වහන්සේ සමාව දෙන බවට අපට සැමවිටම සහතික විය හැකිය. ප්‍රේරිත පාවුල්තුමා මෙම සත්‍යයට හොඳම උදාහරණයකි: "මා වරෙක අපහාස කරන්නෙකු හා පීඩා කරන්නෙකු හා ප්‍රචණ්ඩකාරී මිනිසෙකු වුවද, මම නොදැනුවත්කමින් හා අවිශ්වාසයෙන් ක්‍රියා කළ නිසා මට දයාව ලැබුණි" (1 තිමෝති 1:13). හිතාමතාම හා පුරුද්දක් ලෙස පව් කරන අයට පේතෘස්තුමා පැහැදිලි කරන්නේ "අපගේ ස්වාමීන් හා ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව දැනහඳුනා ගැනීමෙන් ඔවුන් ලෝකයේ දූෂණයෙන් බේරී නැවත එහි පැටලී ජය ගනු ලැබුවහොත්, අවසානයේදී ඔවුන් නරක අතට හැරේ. ඔවුන් මුලදී සිටි ධර්මිෂ්ධකමේ මාර්ගය නොදැන සිටීමත්, ඔවුන් වෙත පවරා ඇති පරිශුද්ධ ආඥාවට පිටුපා සිටීමත් වඩා හොඳය" (2 පේත්‍රැස් 2:20-21).

සමාවදීම පිළිබඳව යොහන්තුමා අපට පැහැදිලි කිරීමක් ලබා දෙයි. "අපට කිසිම පාපයක් නැතැයි කීවොත්, අප අපවම රවටා ගනී සමාවදීම පිළිබඳව යොහන්තුමා අපට පැහැදිලි කිරීමක් ලබා දෙයි. "අපට කිසිම පාපයක් නැතැයි කීවොත්, අප අපවම රවටා ගනී, සත්‍යය අප තුළ නැත. අප අපගේ පාපයන් පාපොච්චාරණය කරන්නේ නම්, උන්වහන්සේ අපගේ පාපවලට සමාවදීමටත් සියලු අධර්මිෂ්ධ කමින් අපව පවිත්‍ර කිරීමටත් විශ්වාසවන්ත හා යුක්ති සහගතය" (1 යොහන් 1: 8-9).

English



නැවතත් සිංහල මුල් පිටුවට

සමාවදීම සම්බන්ධයෙන්, හිතාමතා කළ පාපය සහ නොදැනුවත්කම තුල සිදුවන පාපය අතර වෙනසක් තිබේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries