settings icon
share icon
ප්‍රශ්නය

වික්කා යන්න කුමක්ද? වික්කා යනු මායා කර්මයක්ද?

පිළිතුර


වික්කා යනු එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ජනප්‍රියත්වය තුළ මෙන්ම පිළිගැනීම තුළ වර්ධනය වෙමින් පවතින මිථ්‍යාදෘෂ්ඨික ආගමකි. "සැබෑ" වික්කා යන්න පිළිබදව උගන්වනු ලබන බොහෝ වෙබි අඩවියන් සහ ග්‍රන්ථ ඇති නමුත් සත්‍යය නම් ආගම කුමක්ද යන්න පිළිබදව වික්කානුවන් අතර ඒකමතිකභාවයක් නොමැත. මෙයට හේතුව වන්නේ වික්කා යන්නට දැනට ක්‍රියාත්මක වන පරිදි අවුරුදු 50 ක් පමණ කාලයක් ගනියි. වික්කා වූ කලී බ්‍රිතාන්‍ය ජාතික ජෙරල්ඩි ගාඩිනර් විසින් 1940 සහ 1950 දශක වල විවිධ ආගමික සම්ප්‍රදායන් සහ විශ්වාසනයන් මෙන්ම ෆ්‍රීමසන් චාරිත්‍ර වලින් එක් කල විශ්වාස පද්ධතියකි. ගාඩිනර් ඔහුගේ නමස්කාර ක්‍රමයට අනුබල දෙන ග්‍රන්ථ කිහිපයක් ප්‍රකාශයට පත් කළ දා පටන් වික්කාහී බොහෝ අප ශාඛා සහ ප්‍රභේදනයන් ඉස්මතු විය. සමහර වික්කානුවන් බහු දේවවාදීන් වන අතර ඔවුන් එක් දෙවියෙකුට වඩා නමස්කාර කරන අතර තවත් සමහරුන් නමස්කාර කරන්නේ "දෙවියන්ට" හෝ "දේවතාවියට" පමණි. අන් සමහරක් වික්කානුවන් සොබාදහමට නමස්කාර කරන අතර එය ගයියා යනුවෙන් හඳුන්වනු ලබන්නේ එය ග්‍රීක පෘථිවි දේවතාවියකට පසුව නම් කරන ලද හෙයිනි. සමහර වික්කානුවන් කිතුණු ධර්මයේ කොටස් තෝරාගෙන වැළදගනු ලබන අතර තවත් සමහරුන් කිතුණු ධර්මය සහමුලින්ම ප්‍රතික්ෂේප කරනු ලබති. වික්කා නියුක්තයන් පුනරුත්පත්තියත් විශ්වාස කරනු ලබති.

තමන් සහ සාතන්වාදීන් අතර ඇති ප්‍රධාන මූලධර්ම වෙනස්කම් උපුටා දක්වමින් සාතන් ඔවුන්ගේ සභාවේ කොටසක් බව බොහෝ වික්කානුවන් තරයේ ප්‍රතික්ෂේප කරනු ලබති. වික්කානුවන් සාමාන්‍යයෙන් සදාචාරාත්මක සාපේක්ෂතාවය කෙරෙහි අනුබල දක්වන අතර "යහපත" සහ "නපුර" මෙන්ම "නිවැරදි" සහ "වැරදි" වැනි ලේබල් පිළිකුල් කරනු ලබයි.

වික්කාට රීඩි යනුවෙන් එක් නීතියක් හෝ රීතියක් ඇතථ "ඔබ කැමති දේ කරන්න, කිසිවෙකුට හානියක් නොකරන්න." මූලික ක්ෂණික දර්ශනයකින් බලන කල රීඩි යන්න දක්නට ලැබෙන්නේ සම්පූර්ණවූත් පෞද්ගලික බලපත්‍රයක් ලෙසය. කිසිවෙකුට හානියක් නොවන තාක් කල් ඔබට අවශ්‍ය ඔීනෑම දෙයක් කළ හැකිවේ; කෙසේ වෙතත් වික්කානුවන් පෙන්වා දීමට යුහුසුළු වන්නේ කෙනෙකුගේ ක්‍රියාවන්ගේ විපාක බලපෑම දුරදිග යන ප්‍රතිවිපාක ගෙනදිය හැකි බවය. ඔවුන් විසින් මෙම මූලධර්මය උචිචාරණය කරනු ලබන්නේ ත්‍රිත්ව නීතිය මගින්ය, එනම් එහි සදහන් වන්නේ "පුද්ගලයෙකු තවත් කෙනෙකුට කරන සියලූ යහපත්දේ මේ ජීවිතයේ තුන් ගුණයකින් ආපසු පැමිණේත හානිද තුනි ගුණයකින් ආපසු ලබා දෙනු ලැබේ."

වික්කා කෙරෙහි ඇති ස්ථිර ආකර්ෂණයට දායක වන එක් ප්‍රධාන සාධකයක් වන්නේ මන්ත්‍රයන් සහ ඉන්ද්‍රජාලික භාවිතයන්ය. වික්කානුවන්ව විජ්ජාකරුවන් සහ ඉන්ද්‍රජාලකයන්ව වෙන් වශයෙන් හඳුනාගැනීම අදහස් කරගනිමින් හිතාමතාම කරන ලද අක්ෂර වින්‍යාසයකි– කුතුහලය සොයන අය මෙන්ම අධ්‍යාත්මක ආධුනිකයන්ද මෙම අභිරහස් සොයා බැලීමට වඩාත් උන්නදු වෙති. සෑම වික්කානුවෙක්ම මායා කර්මයෙහි නොයෙදෙන නමුත් ඉන්ද්‍රජාලයන්ට හිමිකම් කියන්නවුන්ට මෙය කිතුණුවන්ට යාච්ඤාවක් වැන්නය. මේ දෙක අතර වෙනස නම් වික්කානුවන් ඉන්ද්‍රජාලයන් භාවිතා කරනු ලබන්නේ හුදෙක්ම ඔවුන්ගේ මනස පදාර්ථයන් පාලනය කිරීම සදහා නොහොත් ඔවුන්ගේ ප්‍රියතම දේවතාවියට ආයාචනා කරනු ලබන්නේ ඔවුන්ට උපකාර කරන ලෙස වන අතර කිතුණුවන් විසින් සර්ව බලධාරීල සර්ව ව්‍යාපී දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිනු ලබන්නේ මනුෂ්‍යයාව සුව කරන ලෙසත් ඔවුන්ගේ ජීවිත වලට මැදිහත් වෙමින් ඔවුන්ගේ ජීවිත තුළ ක්‍රියා කරන ලෙසත්ය. රීඩි තුළින් මායාකාරීන් අනෙකුත් අයට හිංසා කිරීමට ඉඩ නොහරින හෙයිනුත් ත්‍රිත්ව නීතිය රීඩි කඩකරන්නන්ට ඇති වන ප්‍රතිවිපාක පහදා දෙනු ලබන හෙයිනුත් ඉන්ද්‍රජාලයන් පරිශ්‍රීලනය කරනු ලබන මායාකාරියන් කැමැත්තක් දක්වනු ලබන්නේ තමන් සාතන්වාදීන්ගෙන් තවදුරටත් වෙන් කර හඳුනාගනු වස් "ස්වභාවික මායාකාරියන්" හෝ "ධවල මායාකාරියන්" ලෙස හඳුන්වනු ලැබීමටය.

වික්කා යනු මූලික වශයෙන් තමන්ගේ කාරණාවන් ගැන පමණක් සිතමින් තමන්ගේ අසල්වාසීන් සහ පරිසරය හා සමග සාමකාමීව ජීවත්විම පිළිබද සිතන ආගමකි. විශ්වාසනීයත්වය උපයාගනු වස් වික්කානුවන් තමන් හා දේව වචනානුකූල කිතුණු ධර්මය අතර සමානකමි ඇති කර ගැනීමට උනන්දු වෙති. එනමුත් දේව වචනයෙහි මේ ආගම පිළිබදව කුමක් පවසනු ලබයිද, "වික්කා" යන පදය අපට දේව වචනයේ සොයා ගැනීමට නොහැකි හෙයින් දෙවියන්වහන්සේ ඔවුන් පිළිබද පවසන දේට අනුව විශ්වාසයන් තක්සේරු කරමු.

වික්කානුවන්ගේ මන්ත්‍රයන් රූප වන්දනාවන් වේ – රෝම 1:25 හී පවසනු ලබන්නේ "එසේ කලේ ඔවුන් දෙවියන්වහන්සේගේ සත්‍යය බොරුවකට මාරු කර මැවුම්කාරයාණන්වහන්සේට නොව මැවිල්ලට නමස්කාර කරමින් මෙහෙ කළ නිසාය." යෙසායා 40 හී දෙවියන්වහන්සේ විසින් ගොඩ නගනු ලබන පින්තාරුව නම් මැවිල්ලට වඩා මැවුම්කරුවාණන්වහන්සේ කෙතරම් ශ්‍රේෂ්ඨද යන්නය. මැවුම්කරුවාණන්වහන්සේට බාහිරව ඔබ වෙනත් යමක් නමස්කාර කරනු ලබන්නේ නම් ඔබ රූප වන්දනාව පිළිබද වරදකරුවකු වනු ලබයි.

වික්කානුවන්ගේ මන්ත්‍රයන් තුළින් ව්‍යාජ බලාපොරොත්තු ගෙන එනු ලබයි. හෙබ්‍රව් 9:27 හී ප්‍රකාශ කරනු ලබන්නේ "එක් වරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක් මෙන්" දෙවියන්වහන්සේ විසින් පවසනු ලබන්නේ අපට ජීවිතයේ එක් අවස්ථාවක් පමණක් ලැබෙන බවය. වෙනත් ජීවිතයක දෙවන අවස්ථාවන් නොමැත. දෙවියන්වහන්සේගේ ත්‍යාගය වන යේසුස්වහන්සේව අප පිළිගනු නොලබන්නෙමු නම් උන්වහන්සේ විසින් අපව උන්වහන්සේ අභිමුඛයෙහි සිටින්නට කැමති නොවන්නන් සේ විනිශ්චය කරනු ලබන අතර අපව නිරයට යවනු ලබන සේක.

වික්කානුවන්ගේ මන්ත්‍රයන් තුළින් අප්‍රසන්නකම් ගෙන එනු ලබයි. මාර්ක් 7:8 හී පවසනු ලබන්නේ "ඔබ සැම දෙවියන්වහන්සේගේ ආඥාව හැරදමා මනුෂ්‍යයන්ගේ නියෝග රක්ෂා කරන්නහුය" දෙවියන්වහන්සේ දෙවියන්වහන්සේ වන සේක, අප එසේ නොවෙමු. අප තීරණයක් ගතයුතු වෙමු. අප දෙවියන්වහන්සේව විශ්වාස කරමින් විශ්ව දර්ශනය අනුගමනය කරන්නෙමුද නොකරන්නෙමුද? දෙවියන්වහන්සේව දැන ගැනිමට විනය බොහෝ වශයෙන් අවශ්‍යයවේ. වික්කා යනු යහපත් සංකල්පනාවන් වලින් යුතුවූ නමුත් රැවටිලිකාර මනුෂ්‍යයන් ඉලක්ක කරගත් ව්‍යාජ ආගමකි.

ද්වීතිය කථාව 18:10–12 හී සදහන් කරනු ලබන්නේ "පේන කියන්නේකුවත් නිමිති බලන්නෙකුවත් ශාස්ත්‍ර කියන්නෙකුවත් මායාකාරයෙකුවත් මතුරන්නෙකුවත් ඔබ අතරෙහි නොසිටීවා. මක්නිසාද මේ දේ කරන කවරෙක් නමුත් ස්වාමින්වහන්සේට පිළිකුලක්ය." වික්කා මායාකර්මයන් වූ කලී පාපයන් වන අතර දෙවියන්වහන්සේ ඒවා පිළිකුල් කරනු ලබන සේකග මන්ද? මන්දයත් එය දෙවියන්වහන්සේ මත අප රදා පැවතීම ඉවත දමා උන්වහන්සේට අමතරව පිළිතුරු ලබා ගැනීමට දරන ප්‍රයත්නයක් හෙයිනි.

පාපය යනු සමාජමය වශයෙන් එකග නොවන ක්‍රියාවක් නොවේ. පාපය යනු දෙවියන්වහන්සේ හා සමග කිසිඳු මාතෘකාවකට එකග නොවීම වේ – එනම් උන්වහන්සේට විරුද්ධව කැරළි ගැසීමවේ. පාපය වනාහී "දෙවියන්වහන්ස මාගේ ජීවිතය මා කැමති ආකාරයට ගෙන යාමට අභිප්‍රාය කරමියි" පැවසීමක්ය. රෝම 3:23 හී පවසනු ලබන්නේ "මක්නිසාද සියල්ලෝම පව් කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිතියි" යන්නය. රෝම 6:23 හී පවසනු ලබන්නේ "පාපයේ කුලිය නම් මරණය" ලෙසය. මෙය ශාරිරික මරණයක් නොවේ, මෙය අධ්‍යාත්මික මරණයක් වේ: දෙවියන්වහන්සේගෙන් සදාකාලිකව වෙන්වීම සහ උන්වහන්සේගේ අභිමුඛත්වය තුළින් ගෙන එනු ලබන සියලූ ආශිර්වාදවේ. නිරයේ අර්ථ දැක්වීම මෙයවේ: දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය නොමැති වීම. අපගේ පාපය කරණකොටගෙන අපට ලැබෙනුයේ මෙයවේ.

ස්තුතිවන්තව, රෝම 6;23 ඉන් අවසන් නොවේ. එය තවදුරටත් මෙසේ පවසයි, "නමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සදාකාල ජීවනයය." අප සියල්ලන්ම එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් කැරලි ගසන බව දෙවියන්වහන්සේ දැන සිටි අතර එම වෙන්වීම වළක්වා ගැනීමට උන්වහන්සේ අපට මාර්ගයක් ලබා දුන්සේක – එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල ඇදහිල්ල වේ. වික්කා මායාකර්මය වූ කලී අපගේ ප්‍රාණයන්හී සතුරා වන "ගොරවන සිංහයකු මෙන් කවරෙකු ගිලිම්දෝහොයි සොයමින් ඔබ මොබ ඇවිදින" (1 පේත්‍රස් 5:8) සාතන්ගේ බොරුවක් මිස වෙන කිසිවෙක් නොවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

වික්කා යන්න කුමක්ද? වික්කා යනු මායා කර්මයක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries