settings icon
share icon
ප්‍රශ්නය

අපි බයිබලය කියවිය යුත්තේ ඇයි? / බයිබලය අධ්‍යනය කිරීම?

පිළිතුර


පැහැදිලිව ඉදිරිපත් කලොත් අප බයිබලය කියවා ඉගෙන ගත යුත්තේ එය අපට දේව වචනය නිසයි. බයිබලය පද ගත දෙවියන් වහන්සේගේ හුස්මයි (2 තිමෝති 3:16). වෙනත් වචන වලින් දෙවියන් වහන්සේගේම වචනයයි. අපට දර්ශන වාදීන් හා මනුෂ්‍යන් බොහෝ ප්‍රශ්න අසා ඇත. ඒවාට දෙවියන් වහන්සේ ලියවිල්ල තුලින් පිළිතුරු දී ඇත. ජීවිතයේ අරමුණ කුමක්ද? අප ආවේ කොහේ සිටද? මරණයෙන් පසු ජීවිතයක් ඇද්ද? මරණයෙන් පසු කුමක් වේද? මම ස්වර්ගයට යන්නේ කෙසේද? ලෝකය නපුරෙන් පිරිලා තිබෙන්නේ ඇයි? යහපත කිරීමට මම දඟලන්නේ ඇයි? මේවාට අතීරේකව “විශාල” ප්‍රශ්න, බයිබලයේ අපට බොහෝ ප්‍රායෝගික උපදෙස් දෙනවා එවැනි තත්වයන්ට. මම මොනවද සොයන්නේ සහකරුවා තුළ? සාර්ථක විවාහයක් ඇති කර ගන්නේ කෙසේද? යහපත් දෙමාපියෙක් වන්නේ කෙසේද? සාර්ථකත්වය යනු කුමක්ද? මම එය ලබා ගන්නේ කෙසේද? මම වෙනස් වන්නේ කෙසේද? ජීවිතයට සැබවින්ම බලපාන කරුණ කුමක්ද? මම කෙසේද ජීවත්වන්නේ මම ආපසු බලන කළ පසු නොතැවෙන ලෙස? මම දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්නේ කෙසේද? මම සමාව ලබා ගන්නේ කෙසේද? මම අසාදාරණ පීඩාවල් සමග කටයුතු කරන්නේ කෙසේද? එමෙන්ම ජීවිතයේ අයහපත් තත්වයන් ජයාන්විතව විඳගන්න.

අපි බයිබලය කියවා ඉගෙන ගත යුත්තේ එය විශ්වාසය තැබිය හැකි හා වැරදි නොමැති නිසා බයිබලය “ශුද්ධ” යැයි පවසන පොත් අතරේ අද්විති යයි. එම පොත නිකම්ම ආචාරධර්ම / යුක්තිධර්ම ගැන උගන්වා පවසන්නෑ “මා කෙරෙහි විශ්වාස කරන්න” නැත්නම් අපිට හැකියාව තිබෙනවා එහි ඇති සිය ගණන් කරුණු හා අනාවැකි අත්හදා බැලීමට. එහි සඳහන්ව ඇති ඓතිහාසික වාර්ථා තුළින් හා විද්‍යාත්මක හේතුන් වාර්ථා වලට සම්බන්ධ. බයිබලයේ දෝෂ තිබේ යැයි පවසන අයගේ ඇස් සත්‍ය දැකීමට නොහැකිසේ වැසී ඇත. යේසුස් වහන්සේ වරක් ඇසුවා පැවසීමට පහසු, “ඔබගේ පාප වලට සමාව ලැබිණ,” හෝ “නැගිටින්න ඔබගේ යහන රැගෙන ඇවිදින්න.” එවිට උන් වහන්සේ ඔප්පු කළේ පව් සමාවට උන් වහන්සේට බලය ඇති බව (අපගේ ඇසින් අපට දැකීමට නොහැකි) අංශබාග රෝගියා සුව කිරීමේදී (උන් වහන්සේ වටා සිටින අයට ඔවුන්ගේ ඇස් වලින් දැකිය හැකි දෙයක්). අපගේ අදහස් / සිතුවිලි වලින් පරික්‍ෂා කළ නොහැක. ඒ වගේම අපට පරික්‍ෂා කිරීමට පුළුවන් පැත්තෙන් පෙන්වීම (ඓතිහාසික සත්‍යන්, විද්‍යාත්මක සත්‍යන් හා අනාවැකි සත්‍යන්).

අපි බයිබලය කියවා ඉගෙන ගත යුත්තේ දෙවියන් වහන්සේ වෙනස් නොවෙන නිසාත්, මනුෂ්‍ය සංහතියේ ස්වභාවය වෙනස් නොවේ. එය ලියූ කාලයේ සිට අද පටන් අදාලයි. අපි අවට තිබෙණ තාක්‍ෂණය දියුණුවී වෙනස් වූවත්, මනුෂ්‍ය ස්වභාවය හා ආශාවන් වෙනස් නොවේ. අපට දක්නට ලැබෙනවා බයිබලානු ඉතිහාසයේ පිටු කියවන විට, අප එක්-පිට එක සම්බන්ධතා ගැන හෝ සමාජයන් ගැන කථා කරනවා වූවත්. “ඉර යට කිසිවක් අළුත් නැත” (දේශනාකාරයා 1:9). එමෙන්ම මනුෂ්‍ය සංහතිය දිගටම ප්‍රේමය හා සෑහීමට පත්වීම සොයන්නේ වැරදි තැන් වලමය. දෙවියන් වහන්සේ අපගේ යහපත් හා කරුණාවන්ත මැවුම්කරු අපට සදාකාල ප්‍රීතිය ගෙනෙන්නේ කුමක්ද කියලා. උන් වහන්සේගේ එළිදරව්වූ වචනයයි, ලියවිල්ලයි ඉතා වැදගත් යේසුස් වහන්සේ ඒවායේ කියූ දේවල්. “මනුෂ්‍යා රොටි වලින් පමණක් ජීවත් නොවේ. දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන සෑම වචනයකින්ම” (මතෙව් 4 :4). වෙනත් වචන වලින් අපට අපගේ ජීවිතය දෙවියන් වහන්සේ තීරණය කළ ලෙසට සම්පූර්ණව ජීවත් වීමට අවශ්‍ය නම්, අපි උන් වහන්සේගේ වචනයට ඇහුම්කන් දී සැලකිල්ල දැක්විය යුතුය. කෑමට වඩා එය වැදගත්.

සෑම තැනම වැරදි ඉගැන්වීම් ඇති නිසා අපි බයිබලය කියවා ඉගෙන ගත යුතුය. බයිබලය අපට මිනුම් දණ්ඩක් දෙනවා හරි වැරුද්ද වෙන් කර හඳුනා ගැනීමට. දෙවියන් වහන්සේ මොන වගේද කියලා එහි කියනවා. දෙවියන් වහන්සේ පිළිබඳ වැරදි වටහා ගත් අය තමයි රූප වන්දනා කරන්නේ, බොරු (අන්‍ය) දෙවි නමදින්නේ උන් වහන්සේ නොවන දෙයකට නමස්කාර කිරීම. ස්වර්ගයට යා හැක්කේ කෙසේද කියලා බයිබලයේ අපට පවසයි. එය බව්තිස්ම වීමෙන්වත්, යහපත්ව සිටීමෙන්වත් නොවේ, එසේ නැති නම් අප කරන තවත් දේවල් වලින් නොවේ (යොහන් 14:6; එපීස 2:1-10; යෙසායා 53:6; රෝම 3:10-18; 5:8; 6:23; 10:9-13). දිගින් දිගට දෙවියන් වහන්සේගේ වචනයේ අපට පෙන්වනවා උන් වහන්සේ අපට කෙතරම් ප්‍රේම කරනවාද යන්න (රෝම 5:6-8; යොහන් 3:16). හා එය අපව උන් වහන්සේට පෙරලා ප්‍රේම කිරීමට ඇද ගනී (1 යොහන් 4:19).

බයිබලය අපට දෙවියන් වහන්සේට සේවය කිරීමට සන්නද්ධ කරයි (2 තිමෝති 3:17; එපීස 6:17; හෙබ්‍රෙව් 4:12). එයින් අපට උපකාර කරනවා ගැලවීම ලබන්නේ කෙසේද අපගේ පාප වලින්? එය අවසානයේදී විපාකයයි (2 තිමෝති 3:15). එය මෙනෙහි කිරීම හා කීකරුවීම එහි ඉගැන්වීම ජීවිතයේ සාර්ථකත්වය ගෙන එයි (යොෂුවා 1:8; යාකොබ් 1:25). දෙවියන් වහන්සේගේ වචනය අපට උපකාර කරනවා අපගේ ජීවිතයේ පාපය දැකීමටත් එයින් ඉවත්වීමට අපට උපකාර කරයි (ගීතාවලිය 32:8; 119:99; හිතෝපදේශ 1:6). බයිබලය අපව අපගේ ජීවිතයේ අවුරුදු නාස්තිකර ගැනීමෙන් වලකනවා, ස්තීරව නොපවතින හා හේතුන් නැති දේවලින් (මතෙව් 7:24-27).

බයිබලය කියවා ඉගෙන ගැනීමෙන් අපට ආකර්ශණය ගෙන දෙයට එහායින් දැකීමට උගන්වයි “ඇම” හරහා වේදනාකාරි “කොක්ක” දක්වා අපගේ පාපිෂ්ඨ පරික්‍ෂාව තුළ, එමගින් අපට අන් අය කරන වැරදි දිහා බලලා ඉගෙන ගත හැකි ඒවා අප නොකර, අත් දැකීම් මහත් ගුරුවරයෙක්, නමුත් එය පාපයෙන් ඉගෙන ගන්න වුනාම එය බොහෝ අසීරු ගුරුවරයෙකු වේ. අන් අයගේ වැරදි වලින් ඉගෙන ගැනීම ලෙහෙසියි / හොඳයි. බයිබලයේ බොහෝ චරිත ඇත අපට ඉගෙන ගන්න. සුභවාදී හා අසුභවාදී යන දෙකම. මේ දෙකම එකම පුද්ගලයාගෙන් අවස්ථා දෙකකදී පැමිණේ. උදාහරණයකට: දාවිත් යෝදයා වන ගොලියෙත්ව පැරදීමේ අවස්ථාවේ. උන් වහන්සේ අපට මුහුණ දීමට පවසන, ඉඩ හරින සෑම දෙයකට වඩා බලවත් බව ඉන් උගන්වයි (සාමුවෙල් 17). දාවිත් බෙත්සෙබා සමග කාමමිථ්‍යචාරය කිරීමට පරික්‍ෂාවට වැටුනු කළ මොහොතක සුවය කෙතරම් අසීරු විපාකයකට අපව යොමු කරයිද බව පෙන්වයි (2 සාමුවෙල් 11). අප අපට ඇති සියල්ල අවසානවී යන අවස්ථාවේ බයිබලය අපට පෙන්වා දෙනවා බලාපොරොත්තුව හා සමාදානය ඇති තැන (රෝම 15:4; ගීතාවලිය 112:7; හබකුක් 3:17-19).

බයිබලය නිකම් කියවිය යුතු පොතක් නොව. එය ඉගෙන ගත යුතු පොතක්. මන්ද එවිට එය අපට අදාල වේ. නැත්නම් එය හරියට කෑමක් හපන්නේ නැතිව ගිලලා නැවත එය එලියට දැමීම කිසිවක් ලබා නොගෙන. කිසිම ගුණයක් ලැබී නැත. බයිබලය දෙවියන් වහයන්සේගේ වචනයයි. එමෙන්ම ස්වභාධර්මයේ නීතිය සමග බැඳී ඇත. අපට එය මග හැරිය හැක. නමුත් එය අපවම රිදවයි. හරියට ගරුත්වයේ නීතිය අප මග හැරියා සේ. බයිබලය අපගේ ජීවිතයට කෙතරම් වැදගත්ද යන්න දැඩි ලෙස අවධාරණය කිරීමට අපහසුය. බයිබලය ඉගෙනීම රනට සමාන කළ හැක. අපි ටිකක් උනන්දුවකින් බැලුවොත් “ගංගාවක් තුළ පබළු තේරීම” මෙන්ය. අපට රත්තරන් කුඩු ස්වල්පයක් ලැබේ. නමුත් අපි වැඩියෙන් උනන්දු උනොත් සැබවින් ඒ තුළට ගිලා බසින්නට සිතුවොත්, අපගේ උත්සහයට බොහෝ ප්‍රතිඵල ලැබේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අපි බයිබලය කියවිය යුත්තේ ඇයි? / බයිබලය අධ්‍යනය කිරීම?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries