settings icon
share icon
ප්‍රශ්නය

මනුෂ්‍යයා මරණයට පත් වන්නේ මන්ද?

පිළිතුර


ඒදන් උයනේදී ආදම් සහ ඒවගේ අකීකරු වීම තුලින් ඇති වු "මුලික පාපය" කරණකොට ගෙන මනුෂ්‍යයා හට මරණය හිමි විය. තමන් වහන්සේගේ ආඥාවට පිටුපෑම කරන කොට ගෙන ඔවුන්ගේ මරණය සිදුවන බව දෙවියන්වහන්සේ මුල් යුවලට තරවටු කළ සේක. (උප්පත්ති 2:17) එබැවින් එය එසේම සිදුවිය. "පාපයේ කුලිය නම් මරණයයි" (රෝම 6:23).

දෙවියන්වහන්සේ සමග සදාකාලයටම ජීවත්වීම, ආදම් සහ ඒවට හිමිවීමට තිබු බැවින්, ඔවුන් සමහර විට "මරණය" යනු කුමක්ද කියාවත් දැන නොසිටියා විය හැක. නමුත් අවාසනාවකට මෙන් පාපය බොහෝ කලකට පෙර සිට ස්වර්ගිය දුතයන් ආක්‍රමණය කර තිබුණ බැවින්, සාතන් ඒව පරීක්ෂාවට ලක් කිරීමේ හේතුවෙන් ඇය පාපයට වැටුනාය. ඒව එම පලතුර තම ස්වාමිපුරුෂයාට දුන් විට ඔහුද ඈ සමගම පාපයට වැටුනේය. එම පාපය මගින් මනුෂ්‍ය වර්ගයා ජීවන මාර්ගයෙන් ඈත් වීමේ හේතුවෙන් පාපය ලෝකයට මරණය ගෙන දුන්නේය.

එවක පටන් පුරුෂයෙකුගෙන් ස්ත්‍රීයක් බිහි කරන සෑම මනුෂ්‍යයකුම පාපයෙන් පිරී දරුවකු වනු ඇත. මෙම පාපීය ස්වභාවය සමග මරණය පැමිණේ. එක මනුෂ්‍යයකු නිසා පාපයත්, පාපය නිසා මරණයත් ලෝකයට පිවිසියාක් මෙන්, සියඵ මනුෂ්‍යයන් පව් කළ බැවින් මරණය මුඵ මිනිස් සංහතියටම පොදුව පවතී (රෝම 5:12).

දෙවියන්වහන්සේ ලෝකය වෙත කළාවු ශාපය උප්පත්ති 3 හි විස්තර කර ඇත. එම ශාපයෙහි ආදම් හට පැවසු මෙම වදන් අඩංගු වී ඇත. "භූමියෙන්වු නුඹ යළි භුමියට යන තෙක් ඩහදිය මහන්සියෙන් ආහාර උපයන්නෙහිය. දූවිල්ලෙන්ම වු නුඹ දූවිල්ලටම යන්නේහිය." දෙවියන්වහන්සේ මෙහි සදහන් කරනුයේ ශරීරයේ භෞතික මරණය ගැනය. ආදම්ට සහ ඒවට එම භෞතික මරණය ක්‍ෂණිකව අත් නොවු නමුත්, ඔවුන්ගේ පාපය නිසා අහිංසක සත්වයන් මරණයට පත් විය (උප්පත්ති 3:21).

ආදම් සහ ඒවගේ පාපය නිසා ඇති වු අනෙක් මරණය නම් ආත්මික මරණයයි. ඔවුන්ගේ ආත්ම දෙවියන්වහන්සේගේ ආත්මයෙන් වෙන් කරනු ලැබ, ඔවුන්ගේ සම්බන්ධතාවන්ද කැඩී බිදී ගියේය. ඔවුන් තහනම් ඵලය අනුභව කළ මොහොතේදීම ඔවුන්ගේ ආත්මික මරණය සිදු වී, ඔවුන් බියට සහ ලජ්ජාවට පත්වුහ. (උප්පත්ති 3:10) භෞතික මරණය මෙන්ම ආත්මික මරණය, ඔවුන්ගෙන් පැවතෙන්නන්ටද හිමි විය (එපීස 2:1).

එවක් සිටම ආදම්, එනම් මානව වර්ගයා "පාපය සහ මරණය" යන නීතියට යටත්ව වැඩ කළහ. (රෝම 8:2) දෙවියන්වහන්සේ උන්වහන්සේගේ කරුණාවන්ත භාවය හේතුකොට ගෙන පාපය සහ මරණය යන නීතිය අවලංගු කොට "ජීවනය ගෙන දෙන ආත්මික නීතිය" ස්ථාපිත කිරීම සදහා තම පුත්‍රයා එවු සේක. (රෝම 8:2) 1 කොරින්ති 15:20-26 දක්වා මෙසේ දැක්වේ එහෙත් සැබවින්ම ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් උත්ථානයවී සිටන සේක්මය. උන් වහන්සේ මළවුන්ගේ ප්‍රථම ඵලය වේ. මරණය එක් මනුෂ්‍යයකු මගින් පැමිණියාක් මෙන් මළවුන්ගේ උත්ථානයද පැමිණෙන්නේ එක් මනුෂ්‍යයකු මගිනි. ආදම් තුල සියල්ලෙන් මිය යති. නමුත් ක්‍රිස්තුස් වහන්සේ තුල සියල්ලෝ ජීවත් කරවනු ලබති... පරාජය කිරීමට ඇති අන්තිම සතුරා වනුයේ මරණයයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මනුෂ්‍යයා මරණයට පත් වන්නේ මන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries