settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේ මිනිසා මැව්වේ ඇයි?

පිළිතුර


ඉහත ප්‍රශ්නයට දෙන කෙටි පිළිතුර නම් “දෙවියන් වහන්සේ අපව මැව්වේ ඇයි?” එනම් උන් වහන්සේගේ සතුට වෙනුවෙන්. එළිදරව් 4:11 පවසනවා “අපගේ දෙවියන් වහන්ස, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනැන් වහන්සේය. මක්නිසාද ඔබ සියලු දේ මැවූ සේක. ඔබගේ කැමැත්ත නිසා එවා තිබුණේය. ඒවා මවන ලද්දේ යයි කියති.” කොලොස්සි 1:16 එම සාධකය සනාථ කරමින් “සියළු දේ උන් වහන්සේ කරණකොටගෙනද උන් වහන්සේ උදෙසාද මවා තිබේ.” දෙවියන් වහන්සේගේ සතුට උදෙසා මිනිසා මවන ලදි යන්නෙන් අර්ථවත් වන්නේ නැත. දෙවියන් වහන්සේව දිරිගැන්වීමට හෝ උන් වහන්සේට විනෝද වීමට නොවේ. දෙවියන් වහන්සේ මැවුම්කරුවාණෝය, එමනිසා උන්වහන්සේට යමක් මැවීමට සතුටකි. දෙවියන් වහන්සේ පුද්ගලිකත්වයක් ඇත්තෙකි, එම හේතුව නිසා උන් වහන්සේට ආශාවක් / සතුටක් වූ දෙයක් නම් උන් වහන්සේ සමග සැබෑ සම්බන්ධතාවයක් ඇතිකර ගැනීමට හැකි අනෙක් පුද්ගලයන් සිටීම.

දෙවියන් වහන්සේගේ ස්වභාවයට හා ස්වරූපයට මවනු ලැබීම (උත්පත්ති 1:27), මිනිසාට අවස්ථාව තිබෙනවා දෙවියන් වහන්සේව දැනගැනීමට හා ප්‍රේම කිරීමට, නමස්කාර කිරීමට, සේවය කිරීමට හා උන් වහන්සේ සමග සහාභාගිකම දැරීමට. දෙවියන් වහන්සේ මිනිසාව මැව්වේ නැහැ උන් වහන්සේට ඔවුන්ව අවශ්‍ය තිබුණ නිසා. දෙවියන් වහන්සේ හැටියට උන් වහන්සේට කිසිවක් අවශ්‍ය නැත. සදාතනයේ ආපස්සට බලනවිට උන් වහන්සේට කිසිවිටක තනිකමක් දැනුනේ නැත. එමනිසා උන් වහන්සේ “මිත්‍රයෙකු” සෙව්වේ නැත. උන් වහන්සේ අපට ප්‍රේම කරනවා නමුත් එහි අර්ථය නම් උන් වහන්සේ අපව අවශ්‍යවීම නොවේ. අපට පැවැත්මක් නොතිබුනා නම්, දෙවියන් වහන්සේ තවමත් දෙවියන් වහන්සේව සිටියි නොවෙනස් වන කෙනා ලෙසටම (මලාකි 3:6). මම (නික්මයාම 3:4) කියන ඒ පුද්ගලිකත්වය දෙවියන් වහන්සේගේ කිසිම විටක තම සදාතන පැවැත්මේදී කිසිම විට නොසෑහීමට පත්වූයේ නැත. උන් වහන්සේ විශ්වය මැවූ විට, උන් වහන්සේ කලේ තමා සතුටට පත්වූ දේ. දෙවියන් වහන්සේ සම්පූර්ණ නිසා, උන් වහන්සේගේ ක්‍රියාවද සම්පූර්ණය. “සියලු දේම යහපත්” (උත්පත්ති 1:31).

දෙවියන් වහන්සේ කිසිම විටක කිසිදු “සත්වයකු” උන් වහන්සේට සමානව නොසාදන ලදි. සාමාන්‍යයෙන් උන් වහන්සේට එසේ කිරීමට නොහැකි විය. උන් වහන්සේ තමාගේ බලයට සමාන බුද්ධියට සමානව සම්පුර්ණත්වයට සමානව කෙනෙකු මවනවා නම්, එසේ නම් ඔහු උන් වහන්සේ එක් සැබෑ දෙවියෙකු වනවා මන්ද දෙවියන් දෙදෙනෙකු සිටින නිසාවෙන්. ඒ වගේම එය සිදු නොවිය හැක්කකි. “ස්වාමින් වහන්සේම දෙවියන් වහන්සේ බවත් උන් වහන්සේ මිස වෙන දෙවි කෙනෙක් නැති බවත්” (වීතීය කථාව 4:35). දෙවියන් වහන්සේ යමක් මවනු ලැබුවද එය උන් වහන්සේට වඩා පහත් විය. එසේම කිසිවක් කිසිවිටක වඩා බලවත් කමින් හෝ බලවත්කමට සමාන විය නොහැකිය එහි මැවුම්කරුට වඩා.

දෙවියන් වහන්සේගේ රාජකීයභාවය හා ශුද්ධකම තේරුම් ගැනීමේදී, අප පුදුමයට පත්වනවා උන් වහන්සේ මිනිසාව රැගෙන ඔහුට “ගෞරවයත්, මහිමයත් සමග” කිරුලු පලදෙව්වොත් (ගීතාවලිය 8:5) එසේම උන් වහන්සේ අපට “මිතුරා” කියා ආමන්ත්‍රණය කිරීමට (යොහන් 15:14-15). දෙවියන් වහන්සේ අපව මැව්වේ ඇයි? දෙවියන් වහන්සේ අපව මැව්වේ උන්වහන්සේගේ සතුටට එම හේතුව නිසා අප, උන් වහන්සේගේ මැවිල්ල ලෙසට, උන් වහන්සේව දැන ගැනීමේ සතුට ලැබීමට හැකියාව ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේ මිනිසා මැව්වේ ඇයි?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries