ප්‍රශ්නය
දෙවියන්වහන්සේ සිටිනවාද කියා මා සැලකිලිමත් විය යුත්තේ ඇයි?
පිළිතුර
දෙවියන්වහන්සේගේ ස්වභාවය ගැන පමණක් නොව උන් වහන්සේගේ පැවැත්ම පිළිබඳවද නොයෙකුත් අදහස් ඇත. අපගේ ආසන්න ලෝකයේ හා සමස්තයක් ලෙස විශ්වයේ ඇති සංකීර්ණතා පිළිබඳව මිනිසුන්ට ඇත්තේ සීමිත අවබෝධයකි. විශ්වාසනියත්වය නම් දෙවියන් වහන්සේගේ ස්වභාවය ව්‍යාකූලත්වයක් නොව සාමයයි. පළමුවන කොරින්ති 14:33 හී සඳහන් වන්නේ, "දෙවියන්වහන්සේ ව්‍යාකූලත්වයේ දෙවියන්වහන්සේ නොව සාමයේ දෙවියන්වහන්සේය" යන්නයි ව්‍යාකූලත්වය මඟහරවා ගැනීමේ රහස නම් ප්‍රශ්නය මුළුමනින්ම මග හැරීම නොව, බොහෝ දෙනා නොසලකා හැරීමට තෝරාගන්නා තැනැත්තා කෙරෙහි අවධානය යොමු කිරීමයි (පිලිප්පි 4:6-7).
දුප්පත්කම, නූගත්කම සහ රෝග වැනි මානව වර්ගයා මුහුණ දෙන සැබෑ, සංයුක්ත ගැටලු වලට අප උනන්දුවෙන් ආමන්ත්‍රණය කළ යුතු අතර, දෙවියන් වහන්සේගේ පැවැත්ම හා ස්වභාවය පිළිබඳ විවාදයන් එම අභියෝග කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අපව වළක්වා ගත හැකි බව සත්‍යයකි. දෙවියන්වහන්සේ සිටිනවාද නැද්ද යන්න අපගෙන් කිසිවෙකු සැලකිලිමත් විය යුත්තේ ඇයි? ඇදහිලිවන්තයාට එය අන් සියල්ලටම වඩා දේව ධර්මවාදී ප්‍රශ්නයයි. එකඟනොවූ අයට එය දාර්ශනික කාරණයක් ලෙස පවතී. ආදේවවාදීයාට දේව ධර්මය හුදෙක් මිනිස් සොයා ගැනීමකි; දෙවියන් වහන්සේගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය තේරුමක් නැති දෙයක් ලෙස පෙනේ.
දෙවියන්වහන්සේ පිළිබඳව බයිබලය ඉදිරිපත් කිරීමෙන් උන්වහන්සේගේ පැවැත්ම වැදගත් වන්නේ මන්දැයි පෙන්වයි. දෙවියන්වහන්සේගේ ශුද්ධ ස්වභාවය මිනිස් (පව්කාර) ස්වභාවයට හාත්පසින්ම වෙනස් වන අතර බයිබලය මනුෂ්‍යයන්ට හරි වැරැද්ද පිළිබඳ ප්‍රමිතියක් ලබා දෙයි. බේරුම් කරුවෙකු නොමැතිව, අප විසින් මතහවුරු කරගන්නා සාරධර්ම කිරා මැන බැලීමට අවසාන බලයක් නොමැත (ගීතාවලිය 19:7–11). එක් දෙයක් වැරදියි, තවත් දෙයක් හරි යැයි කීමට කවුද? අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම අප වෙත පැවරෙන්නේ ඇයි? නූගත්කමට විරුද්ධ විය හැක්කේ කුමන අධිකාරියෙන්ද? දෙවියෙකු නොමැති නම් සහ පොළොවේ ජීවිතය යනු "සුදුසුම අයගේ පැවැත්ම" නම්, කුසගින්නෙන් පෙළෙන අයව පෝෂණය කිරීමට යමෙක් ක්‍රියා කළ යුත්තේ ඇයි? අපගේ සදාචාරයට අඩිතාලම දමන්නේ කුමන ප්‍රමිතිය මතද?
දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සාරය අපට හෙළිකරයි: "මම යම්සේ සිටිම්ද එසේම සිටිමියි" (නික්මයාම 3:3-15 බලන්න). මෙම ප්‍රකාශය දෙවියන්වහන්සේගේ ස්වයං පැවැත්මට කථාකරයි, එය මනුෂ්‍ය වර්ගයා උන්වහන්සේ පිළිබඳ අවබෝධයෙන් සම්පූර්ණයෙන්ම ස්වාධීන වේ. උන් වහන්සේ සෑම දෙයක්ම ආවරණය කරන අතර යහපත්දේ වල ප්‍රමිතිය උන් වහන්සේයි. ගීතාවලිය 19:1–6 මගින් දෙවියන්වහන්සේගේ සදාකාලික ස්වභාවය හා උන්වහන්සේගේ මැවීමේදී එම ස්වභාවය හෙළිකිරීම පිළිබඳ ලස්සන චිත්‍රයක් චිත්‍රණය කරයි.
දෙවියන්වහන්සේගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය වැදගත් වන්නේ, ප්‍රායෝගික මට්ටමින්, දෙවියන්වහන්සේ සිටී නම්, උන්වහන්සේට අප හා සම්බන්ධවීමට අවශ්‍ය හොඳ අවස්ථාවක් ඇති බවත්, එය සිදුකිරීම සඳහා යම් යම් ප්‍රමිතීන් සපුරාලීම උන්වහන්සේට අවශ්‍ය බවත්ය. ඉතින්, ප්‍රශ්නය සෑම දෙයකටම කේන්ද්‍රීයවේ. අප එක්කෝ දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් මවා ඇත, නැතහොත් අප එසේ නොවේ. ආදරය සහ අනුකම්පාව එක්කෝ දෙවියන් වහන්සේගේ ස්වභාවයේ කොටසකි (එබැවින් අප තුළ පිළිබ්ඹුවිය යුතුය), නැතහොත් ඒවා අහඹු ජීව විද්‍යාත්මක අනතුරක නිපැයුම්වේ (එබැවින් අනවශ්‍යය). දෙවියන්වහන්සේගේ පැවැත්ම (හෝ නොපවතින) මත පදනම්ව අපගේ පැවැත්මට වැදගත් කමක් (හෝනොවැදගත්) ඇත. මිනිස් සංහතියේ තාවකාලික, ද්‍රව්‍යමය ගැටලු සපුරාලීම වැදගත් ය, නමුත් මානව වර්ගයාගේ සදාකාලික, අධ්‍යාත්මික ගැටලු සපුරාලීම ඊටත් වඩා වැදගත් ය.
බයිබලය පවසන්නේ මනුෂ්‍යයන් පාපයෙන් නරක්වී ඇති බවයි. ඇත්ත වශයෙන්ම, අද අප මුහුණ දෙන දැවෙන ගෝලීය ගැටලු අවසානයේ පාපයේ ප්‍රතිපලයකි. දෙවියන්වහන්සේගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය එවිට අතිශයින්ම වැදගත්වේ, මන්ද දෙවියන්වහන්සේගේ පැවැත්ම නොසලකා හැරීම පාපයේ යථාර්ථය නොසලකා හැරීම හා ඒ අනුව ලෝකයේ ගැටලුවල මුලයි.
වාසනාවකටමෙන්, යේසුස්ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන දෙවියන්වහන්සේ පාපයට සමාව දීමටත් උන්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය නැවත ඇති කර ගැනීමටත් ක්‍රමයක් සපයා ඇත (යොහන් 3:16, රෝම 3:21-26). පව්කාර මිනිසා ආත්මිකව මිය ගොස් ඇති අතර බොහෝවිට එකම සැබෑ දෙවියන්වහන්සේ පිළිබඳ අදහස් ප්‍රතික්ෂේප කරයි. යොහන් 3:19 පවසනවා, "මෙය තීන්දුවයි: ආලෝකය ලෝකයට පැමිණ ඇත, නමුත් මිනිසුන් ඔවුන්ගේ ක්‍රියාවන් නපුරු බැවින් ආලෝකය වෙනුවට අන්ධකාරයට ප්‍රේම කළහ." ශුද්ධාත්මයාණන් කරණකොටගෙන අපව තම පුත්‍රයා කෙරෙහි ඇදහිල්ලට ගෙන එන්නේ දෙවියන්වහන්සේය (යොහන් 6: 41–51). ගැළවීම යනු දෙවියන්වහන්සේ සියලුම නුෂ්‍යයන්ට දෙන ත්‍යාගයකි (යොහන් 3:16). අපගේ කාර්ය භාරය වන්නේ දෙවියන්වහන්සේ පවසනදේ විශ්වාස කිරීම හා උන්වහන්සේගේ ආත්මයට යටත් වීමයි. මෙම පණිවිඩයේ වලංගු භාවය ඇත්ත වශයෙන්ම දෙවියන්වහන්සේගේ පැවැත්මට අනුකූලවේ.
දෙවියන්වහන්සේගේ පැවැත්ම පිළිබඳ ඔවුන්ගේ දෘෂ්ටියට එකඟවීමට මිනිසුන් අන් අයව පොළඹවා ගැනීමට උත්සාහ කරන්නේ ඇයි? බොහෝවිට කිතුනුවන්ට ඔවුන්ගේ නිවෙස්වල සහ දේවස්ථාන වල සීමාවන් තුළතම විශ්වාසය තබා ගත නොහැක්කේ ඇයි? බොහෝ කිතුනුවන්ගේ අභිප්‍රේරණය නම්, දෙවියන්වහන්සේ සමඟ ඇසුරු කිරීමට සෑම කෙනෙකුටම අවස්ථාව ලබා දීමයි. එසේම, ක්‍රිස්තියානි ධර්මය සහ ජයෙන්ම එවැන්ජලිස්ත වේ. යේසුස්වහන්සේගේ එක් නියෝගයක් නම් ශුභාරංචිය පැතිරවීම හා ගෝලයන් කිරීමයි. මෙම ව්‍යාප්තිය සිදු කරනු ලබන්නේ ප්‍රේමයෙන් වන අතර එය ක්‍රිස්තියානි ඇදහිල්ලේ ආවේණික මූලධර්මයකි.
කිසිවෙකු දෙවියන්වහන්සේව දැක නැති අතර, උන්වහන්සේ අපට විවිධා කාරයෙන් පෙනීයයි. පළමුව, දෙවියන්වහන්සේව මැවීම තුළින් ප්‍රසිද්ධ කරනු ලැබේ (රෝම 1:20). කැමැත්තෙන් සිටින නිරීක්ෂකයාට උන්වහන්සේ වටා සෑම දෙයක්ම බැලීමට, දෙවියන්වහන්සේගේ හස්ත කර්මාන්තය දැකීමට සහ සියලු භෞතික දේවල සංකීර්ණතාවයන් හා අන්තර් රඳා පැවැත්ම පිළිබඳව ජීවිත කාලය පුරාම පුදුමයෙන් ගත කළ හැකිය. දෙවිකෙනෙකු සිටින බව ප්‍රතික්ෂේප කිරීම මෝඩකමක් බව ශුද්ධ ලියවිල්ලේ සඳහන් වේ (ගීතාවලිය 14:1). විශ්වය පැහැදිලිව නිර්මාණය කර ඇති අතර එය අපව යම් මට්ටමකින් වටහා ගැනීමේ හැකියාව ඇතිව නිර්මාණය කර ඇත. දෙවියන්වහන්සේගේ පැවැත්ම පිළිගැනීමට අවශ්‍ය සෑම දෙයක්ම දෙවියන්වහන්සේ අපටදී ඇති බව ශුද්ධ ලියවිල්ලේ නිසැක ය (යෝබ් 38).
දෙවියන්වහන්සේ තම වචනය තුළින් තමන්ව එළිදරව් කරයි (ගීතාවලිය 19: 7–11). දෙවියන්වහන්සේගේ ස්වභාවය පිළිබඳව බයිබලය අපට උගන්වන අතර එය සදාචාරය පිළිබඳව අපට උපදෙස් දෙයි (1 තිමෝති 3:16–17). දෙවියන් වහන්සේගේ උත්තරීතර ප්‍රකාශය දෙවියන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සොයා ගත යුතුය (කොලොස්සි 1:15).
පැහැදිලි කාරණය නම් දෙවියන්වහන්සේ සිටින බවය. උන්වහන්සේ අපට ප්‍රේම කරන අතර ආත්මික මරණයේ සිට අපව උන්වහන්සේගේ පුත් යේසුස් වහන්සේ තුළට ගෙන ඒමට කැමති බවත් ය.
English
දෙවියන්වහන්සේ සිටිනවාද කියා මා සැලකිලිමත් විය යුත්තේ ඇයි?