.
settings icon
share icon
ප්‍රශ්නය

මා දෙවියන් වහන්සේ කෙරෙහි අදහා ගත යුත්තේ ඇයි?

පිළිතුර


දෙවියන්වහන්සේ කෙරෙහි අදහා ගැනීම, මිනිසාගේ සියලු ප්‍රතිෂ්ඨා අතරින් ඉතා මූලිකම දෙයයි. යමෙකුගේ නිර්මාතෘවරයා ප්‍රතිග්‍රහණය කර ගැනීම, උන්වහන්සේ ගැන වැඩිදුර ඉගෙනීමට පදනම් වේ. දෙවියන් වහන්සේගේ කෙරෙහි අදහා නොගෙන, උන්වහන්සේව සතුටු කිරීමට හෝ උන්වහන්සේ වෙතට පැමිණීමට නොහැකිය (හෙබ්‍රෙව් 11:6). මිනිසුන් දෙවියන් වහන්සේගේ ජීවනය පිළිබඳ සාක්ෂි වලින් වටවී සිටින අතර, මිනිසුන් එම සාක්ෂිය ප්‍රතික්ෂේප කරන්නේ පාපය දැඩිවීම තුළින් පමණි (රෝම1:18-23). දෙවියන්වහන්සේව නොඇදහීම මෝඩකමකි (ගීතාවලිය14:1).

ජීවිතයේ තේරීම් දෙකක් තිබේ. පළමූව, මිනිසාගේ සීමිතවූ කාරණා කෙරෙහි විශ්වාසය තැබීමට අපට තේරීමක් තිබේ. මිනිසාගේ කාරණා තුළින් විවිධ දර්ශනයන්, බොහෝ ලෞකීක ආගම් සහ "තොරතුරු ආරක්ෂක කළමණාකාර පද්ධති", විවිධ සංස්කෘතීන් සහ වෙනත් අදහස් හා ලෞකීක දර්ශන බිහිකර ඇත. මිනිසාගේ කාරණාවන් හි ප්‍රධාන ලක්ෂණය නම් එම කාරණාවන් නිත්‍යව නොපවතින අතර, මිනිසා විසින්ම සදාකාලික නොවීමයි. එය මිනිසාගේ සීමිත දැනුමෙන් ද සීමා වේ. අප සිතන තරම් අප බුද්ධිමත් නොවේ (1 කොරින්ති1:20). මිනිසාගේ කාරණා තමා විසින්ම ආරම්භ කර තමා විසින්ම අවසන් කර ගනී. මිනිසා ජීවත් වන්නේ පිටතට යා නොහැකි කාල රාමුවක් තුලය. මිනිසා ඉපදී, පරිණත භාවයට පත්ව, ඔහුගෙන් ලෝකයට බලපෑම ඇති කර, අවසානයේ මිය යයි. එය ඔහුට, ස්වභාවයෙන්ම ක්‍රියා කරයි. තර්කානූකුලව ජීවත් වීමට තෝරා ගැනීම තුළින්, කෙනෙකු වැදගත් යැයි හැඟෙන දේ සමබරව සොයා ගත යුතුය. යම් පුද්ගලයෙක් එවැනි ජීවන රටාවක් ගැන අරමූණූ සහිතව සිතන්නේ නම්, එය තුළින් ඔහු දෙවන තේරීමක් ගැන සැළකිය යුතුයි.

අපට ඇති දෙවන තේරීම නම් බයිබලයේ ඇති දෙවියන්වහන්සේගේ එළිදරව්ව පිළිගැනීමයි. "නූඹේම නූවණෙහි නොපිහිටන්න" (හිතෝපදේශ 3:5). ඇත්ත වශයෙන්ම, බයිබලය දෙවියන්වහන්සේගෙන් බව පිළිගැනීමට, යමෙක් දෙවියන්වහන්සේව පිළිගත යුතුය. බයිබලයෙහි අන්තර්ගත දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම, තර්කානූකුලව ක්‍රියාවට නැංවීම ප්‍රතික්ෂේප නොකරයි ඊටත් වඩා, දෙවියන්වහන්සේව සොයනවිට උන්වහන්සේ අපගේ ඇස් විවෘත කරයි (ගීතාවලිය119:18), අපගේ බුද්ධිය ආලෝකවත් කරයි (එපිස1:18), අපට ප්‍රඥාව ලබා දෙයි (හිතෝපදේශ 8).

දැනටමත් පවතින දෙවියන්වහන්සේගේ පැවැත්ම පිළිබඳ සාක්ෂි තුළින්, දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය ඇති කරගැනීමට රුකුල් වෙයි. සෑම මැවිල්ලක්ම මැවුම්කරුවෙකුගේ තතුව නිහඬව සාක්ෂියක් දරයි (ගීතාවලිය19:1- 4). දෙවියන් වහන්සේගේ පොත වන බයිබලය, එහි වලංගු භාවය සහ ඓතිහාසික නිරවද්‍ය තාවය පිහිටුවයි. නිදසුනක් වශයෙන්, ක්‍රිස්තුස් වහන්සේගේ පළමූ පැමිණීම පිළිබඳව පැරණි ගිවිසුමේ ඇති එක් අනාවැකියක් සලකා බලන්න. මීකා 5:2 හි සඳහන් වන්නේ ක්‍රිස්තුස්වහන්සේ යුදයේ බෙත්ලෙහෙමේ උපත ලබන බවයි. මීකා සිය අනාගත වාක්‍යය ක්‍රි.පු.700 දී පමණ ලබා දුන්නේය. ශත වර්ෂ හතකට පසු ක්‍රිස්තුස්වහන්සේ උපන්නේ කොහේද? මීකා දුන් අනාගතවාක්‍යයේ ආකාරයටම ඔහු ඉපදුනේ යුදයේ බෙත්ලෙහෙමේය (ශු. ලූක් 2:1-20; ශු.මතෙව්2:1-12).

පීටර් ස්ටෝනර්, "සයන්ස් ස්පීක්ස්" නම් කෘතියට අනුව (පි.100-107), අනාගත වාක්‍ය ලියවිලි වල ඇති සන්නිපතිතය, විද්‍යාවේ සම්භාවිතාව තුළින් බැහැර කර ඇති බව පෙනේ. ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ඇති අනාගත වාක්‍ය අටක් කරණ කොට ගෙන, සම්භාවිතාවේ රීති උපයෝගී කර ගනිමින්, පීටර් ස්ටෝනර් සොයා ගත්තේ, ඕනෑම මනුෂ්‍යයෙක්, අනාගත වාක්‍ය අටම ඉටුකිරීමට ඇත්තේ 17 වන බලයට දහයට එකක් පමණ බවයි. එය 100,000,000,000,000,000 ට එක් අවස්ථාවක් වනු ඇත. එයද අනාගතවාක්‍ය අටක් සළකා බැලීමෙන් පමණිෂ යේසුස් වහන්සේතවත් බොහෝ ඒවා ඉටු කර ඇත. බයිබලයේ නිරවද්‍යතාවය සහ විශ්වාසනීයත්වය අනාගතවාක්‍ය මගින් සනාථ වන බවට සැකයක් නැත.

දෙවියන්වහන්සේ සදාකාලික, ශුද්ධ, ස්වකීය, කරුණාවන්ත හා ප්‍රේමණීය බව බයිබලය කියවන විට අපට පෙනීයයි. දෙවියන්වහන්සේ තම පුත් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මනුසත් බව ගැනීම තුළින් කාළ රාමුව කඩා බිඳදමා ඇත. දෙවියන්වහන්සේගේ ප්‍රේමණීය ක්‍රියාව මිනිසාගේ කාරණාවන්ට බාධාවක් නොවන අතර මිනිසාගේ කාරණාවන් පිළිබඳව අවබෝධය ලබා දෙයි. එවිට දෙවියන් වහන්සේගේ පුත්‍රයා තුළින් ඔහුට සමාව හා සදාකාල ජීවනය අවශ්‍ය බව තේරුම් ගැනීමට පටන් ගත හැකිය.

කෙනෙකුට බයිබලය ප්‍රතික්ෂේප කළ හැකි බව සහතික වන අතර බොහෝ දෙනෙක් එසේ කරති. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔවුන් වෙනුවෙන් කර ඇති දේ ප්‍රතික්ෂේප කරන්නට මිනිසාට හැකිය. ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප කිරීම යනු දෙවියන්වහන්සේව ප්‍රත්ක්ෂේප කිරීමයි. එය ඔබට කුමක් වනු ඇත්ද? මිනිසාගේ සීමිත, වැරදි හේතු මත ඔබ ජීවත් වෙනවද? නැතහොත් ඔබ ඔබේ මැවුම්කරුවා පිළිගෙන බයිබලය තුළින් දෙවියන්වහන්සේගේ එළිදරව්ව පිළිගන්නවාද? "නුඹ ඥාණවන්ත යෙකැයි සිතා නොගනින්නෂ ස්වාමින් වහන්සේ කෙරෙහි භය වන පුරෙන් දුරුවේ යන්න. ඒක නුඹේ නහරවලට සනීපයද නුඹේ ඇටවලට ප්‍රාණවත්කමද වන්නේය" (හිතෝපදේශ3:7-8).

English



නැවතත් සිංහල මුල් පිටුවට

මා දෙවියන් වහන්සේ කෙරෙහි අදහා ගත යුත්තේ ඇයි?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries