settings icon
share icon
ප්‍රශ්නය

බබිලෝනියේ ගණිකාව / අභිරහසාත්මක බබිලෝනිය කවුද?

පිළිතුර


එළිදරව් පොතේ යොහන්ගේ දර්ශනයේ කොටසක් "අභිරහසාත්මක බබිලෝනිය" හෝ "බබිලෝනියේ ගණිකාව" යනුවෙන් හැඳින්වෙන වස්තුවක් පිළිබඳ සංකේතාත්මක විස්තරයක් ඇතුළත්වේ. එළිදරව් 17:1-2 දර්ශනය විස්තර කරයි: "පාත්‍ර හත තිබූ දේවදූතයන් සත් දෙනාගෙන් එක් අයෙක් ඇවිත් මට කතා කොට, 'එන්න, බොහෝ ජලයේ හිඳින මහා ගණිකාවගේ දඩුවම මම ඔබට පෙන්වන් නම්. ඇය සමඟ පොළොවේ රජවරු කාමමිථ්‍යාචාරය කළ අතර පොළොවේ වැසියන් ඇගේ කාමමිථ්‍යාචාරයේ මිදි යුසෙන් මත්වී සිටියහ. එළිදරව් 17:5 ඇගේ නම සඳහන් කරයි: "මෙම නාමය ඇගේ නළලෙහි ලියා ඇත: අභිරහසාත්මක බබිලෝනීය ශ්‍රේෂ්ධතම ගණිකාවන් සහ පෘථිවියේ පිළිකුල් සහගතදේ වල මව්වු."

එළිදරව් 17:3 ට අනුව, දර්ශනයේ ගණිකාව හිස් හතක් හා අං දහයක් සහිත තද රතු පාට මෘගයෙකු මත හිඳගෙන "අපහාස නාමවලින් වැසී ඇත." මෙම පදයෙහි මෘගයා එළිදරව් 13:1 හි සඳහන් මෘගයාය. අවජාතක මිනිසා වන අන්ත ක්‍රිස්තුස්ගේ සංකේතයක් වන මෘගයෙක් (ක්‍රි.ව. 2 තෙසලෝනික 2:3-4; දානියෙල් 9:27). ඉතින්, බබිලෝනියේ ගණිකාව, කවුරුන් හෝ කුමක් වුවත්, අවසාන කාලයේ අන්ත ක්‍රිස්තුස් සමඟ සමීපව බැඳී ඇත.

බබිලෝනියේ ගණිකාව "අභිරහසක්" ලෙස හැඳින්වීමෙන් අදහස් කරන්නේ ඇයගේ අනන්‍යතාවය පිළිබඳව අපට නිශ්චිතවම කිව නොහැකි බවයි. කෙසේ වෙතත්, ඡේදය අපට යම් හෝඩුවාවක් ලබා දෙයි. එළිදරව් 17:9 පවසනවා, "මෙයින් ප්‍රඥාවෙන් යුත් මනසක් අවශ්‍යයි. හිස් හත යනු ස්ත්‍රිය වාඩිවී සිටින කඳු හතකි. "සමහර විචාරකයින් මෙම කොටස රෝමානු කතෝලික සභාවේ හා සම්බන්ධ කරන්නේ පුරාණ කාලයේ රෝම නගරය "කඳු හතක නගරය"ලෙස හැඳින්වූ බැවිනි. කෙසේ වෙතත්, 10 වන පදය පැහැදිලි කරයි කඳු හතෙන් රජවරුන් හෝ රාඡ්‍යයන් හතක් නියෝජනය වන අතර, ඉන් පහක් වැටීඇත, එකක් ඉදිරියේදී සිදුවීමට නියමිතව තිබේ. එම නිසා, "බබිලෝනියේ ගණිකාව" රෝමයට පමණක් යොමුවිය නොහැක. ඒ වෙනුවට, ඇය විවිධ ලෝක අධිරාජ්‍යයන් හතක් සමඟ සම්බන්ධවී ඇත (ඉන් එකක් අනාගතයයි).

එළිදරව් 17:15 ගණිකාව "ජනයා, සමූහයන්, ජාතීන් හා භාෂාවන්" සමඟ සම්බන්ධ කරයි. බබිලෝනියේ ගණිකාව ලොව පුරා විශාල බල පෑමක් ඇති කරයි. ඇය වරෙක ලෝකය කෙරෙහි ආධිපත්‍යය දරනු ඇත, මන්ද ඇය "පොළොවේ රජවරුන් පාලනය කරන ශ්‍රේෂ්ධ නගරය" (එළිදරව් 17:18). කෙසේ වෙතත්, යම් අවස්ථාවකදී අන්ත ක්‍රිස්තුස් යටතේ පාලනය කරන රජවරු ඇය කෙරෙහි වෛරයෙන් හැරී ඇයව විනාශ කරනු ඇත (එළිදරව් 17:16

බබිලෝනියේ ගණිකාවකගේ අභිරහස විසඳිය හැකිද? ඔව්, අවම වශයෙන් අර්ධ වශයෙන්. පීඩා කාලය තුළ අන්ත ක්‍රිස්තුස් විසින් පාලනය කරනු ලබන නපුරු ලෝක පද්ධතියකි බබිලෝනියේ ගණිකාව. පොළොවේ රජවරු ඇය සමඟ "කාමමිථ්‍යාචාරය" කරන අතර පොළොවේ වැසියන් ඇගේ කාමමිථ්‍යාචාරය නිසා "මත්වී" සිටිති. බොහෝවිට ශුද්ධ ලියවිල්ලෙහි, කාමමිථ්‍යාචාරය රූප වන්දනාව හා අධ්‍යාත්මික ද්‍රෝහිකම සඳහා රූපකයක් ලෙස භාවිතා කරයි (උදා: නික්මයාම 34:16; එසකියෙල් 6:9). බබිලෝනියේ ගණිකාව ඉතිහාසය පුරාම ඇති සියලුම ව්‍යාජ ආගමික පද්ධති වල කූට ප්‍රාප්තිය බව පෙනේ. ඇය "සාන්තුවරයන්ගේ රුධිරයෙන් මත්වී සිටි" (එළිදරව් 17:6) සත්‍ය, දේවභක්තික ආගම කෙරෙහි ඇයට ඇති වෛරය පෙන්නුම් කරන අතර ඇයගේ දරුණු අභාවය පෙන්නුම් කරන්නේ බොරු, අභක්තික ආගම කෙරෙහි දෙවියන්වහන්සේ දක්වන වෛරයයි (16-17 පද).

English



නැවතත් සිංහල මුල් පිටුවට

බබිලෝනියේ ගණිකාව / අභිරහසාත්මක බබිලෝනිය කවුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries