settings icon
share icon
ප්‍රශ්නය

මොලෙක් කවුද?

පිළිතුර


පුරාණ ඉතිහාසයේ බොහෝමයක් මෙන්ම මොලෙක් නමස්කාරයේ ආරම්භයත් අපැහැදිලි ය. මොලෙක් යන පදය ආරම්භවූයේ යැයි සිතන්නේ ෆිනීෂියානු'මිල්ක්' යන පදය සමඟ වන අතර, එය භාරයක් සනාථ කිරීම හෝ නිදොස් කිරීම සඳහා කරන ලද පූජාවක් යන අර්ථය ගෙන දේ වේ. මෙලෙක් යනු "රජ" යන හෙබ්‍රෙව් වචනයයි. ඊශ්‍රායෙලිතයන් මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන්ගේ නම හෙබ්‍රෙව් වචනයේ ස්වර සමඟ "බොෂෙත්" සමඟ ඒකාබද්ධ කිරීම සාමාන්‍ය දෙයක් විය. සශ්‍රීකත්වයේ සහ යුද්ධයේ දේව තාවිය වන ඇස්ටාර්ට් අෂ්ටොරෙත්. මිල්ක්, මෙලෙක් සහ බොෂෙත් සංයෝජනය "මොලෙක්" හි ප්‍රතිඵල වන අතර එය "නින්දිත පූජාවේ පුද්ගල පාලකයා" ලෙස අර්ථ දැක්විය හැකිය. එය මිල්කොම්, මිල්කිම්, මලික් සහ මොලොක් ලෙසද අක්ෂර වින්‍යාසය දක්වා ඇත. අෂ්ටොරෙත් ඔහුගේ බිරිඳවූ අතර චාරිත්‍රානුකූල ගණිකා වෘත්තිය වැදගත් නමස්කාර ක්‍රමයක් ලෙස සලකනු ලැබීය.

ක්‍රි.පූ. 1550 ත් ක්‍රි.පූ. 300 ත් අතර කාලයේදී කානාන් දේශයේ (නූතන ලෙබනනය, සිරියාව සහ ඊශ්‍රායලය) වාසය කළ ලිහිල්ව එක්රැස්වූ පිරිස කිෆිනීෂියානුවන්. ලිංගික චාරිත්‍ර වලට අමතරව, මොලෙක් නමස්කාරයට ළමා පූජා හෝ "දරුවන් ගින්න මැදින් ගමන් කිරීම" ඇතුළත්විය. මොලෙක්ගේ පිළිම ගොනෙකුගේ හිසක් ඇති මිනිසෙකුගේ යෝධ ලෝහ පිළිම බව විශ්වාස කෙරේ. සෑම රූපයකම උදරයේ සිදුරක් ඇති අතර සමහරවිට දිගු කරන ලද නළල සිදුරට යම් ආකාරයක පරතරයක් ඇති කරයි. පිළිමය තුළ හෝ අවට ගින්නක් දැල්වුණි. ළදරුවන් පිළිමයේ අත්වල හෝ සිදුරේ තබා ඇත. යුවළක් තම කුලුඳුල් දරුවා පූජා කළවිට, මොලෙක් පවුලට සහ අනාගත දරුවන්ට මූල්‍යය සමෘද්ධිය සහතික කරනු ඇතැයි ඔවුහු විශ්වාස කළහ.

මොලෙක් නමස්කාරය කානාන් දේශයට පමණක් සීමා නොවීය. උතුරු අප්‍රිකාවේ මොනොලිත් කැටයම් කර ඇත්තේ "මිලික්" සහ "මිල්ක්මර්" සහ "මිල්ක්ඩම්" යනුවෙනි. එහි අර්ථය "බැටළු පැටවා පූජා කිරීම" සහ "මිනිසාගේ පූජාව" යන්නයි. උතුරු අප්‍රිකාවේ මොලෙක් "ක්‍රොනොස්" ලෙස නම් කරන ලදී. ක්‍රොනොස් ග්‍රීසියේ ක්‍රාතේජ් වෙත සංක්‍රමණයවූ අතර ඔහුගේ මිථ්‍යා කථා වර්ධනය වූයේ ඔහුට යිටන්වරයකුවීම සහ සියුස්ගේ පියාවීමය. ඕනෑම දෙවියෙකු හෝ පාලකයෙකු නම් කිරීම සඳහා බාල් යන වචනය භාවිතා කළද මොලෙක් බාල් සමඟ අනුබද්ධවී ඇත.

උත්පත්ති 12 හි ආබ්‍රහම් කානාන් දේශයට යන ලෙස දෙවියන්වහන්සේගේ කැඳවීම අනුගමනය කළේය. මිනිස් පූජා ආබ්‍රහම්ගේ උපන් ඌර්හි සුලභ නොවූවත්, එය ඔහුගේ නව දේශයේ හොඳින් තහවුරුවිය. දෙවියන්වහන්සේ පසුව ආබ්‍රහම්ගෙන් ඉල්ලාසිටියේ ඊසාක්ව පූජාවක් ලෙස ඔප්පු කරන ලෙසයි (උත්පත්ති 22: 2). නමුත් දෙවියන්වහන්සේ මොලෙක් වැනි දෙවිවරුන්ගෙන් වෙන්කොට හඳුනා ගත්තේය. ස්වදේශික කානානීය දෙවිවරුන් මෙන් නොව, ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ මිනිස් පූජාව පිළිකුල් කළේය. දෙවියන්වහන්සේ ඊසාක්ව බේරන්න කියා අණ කළ අතර ඊසාක්ගේ ස්ථානය ගැනීමට උන්වහන්සේ බැටළුවෙකු ලබා දුන්නේය (උත්පත්ති 22:13). දෙවියන්වහන්සේ මෙම සිදුවීම යොදා ගත්තේ උන්වහන්සේ පසුව තම පුත්‍රයා අපගේ ස්ථානයට ගෙන ඒමට ලබා දෙන ආකාරය පිළිබඳ නිදර්ශනයකි.

ආබ්‍රහම්ගෙන් පසු අවුරුදු පන්සියයකට පසු යෝෂුවා පොරොන්දු දේශය උරුම කරගැනීම සඳහා ඉශ්‍රායෙල්වරුන්ව කාන්තාරයෙන් පිටතට ගෙන ගියේය. ඉශ්‍රායෙල්වරු ආත්මිකව නොමේරූ බවත් එකම සැබෑ දෙවියන්වහන්සේ වන මස්කාර කිරීමෙන් පහසුවෙන්ම ඉවත්ව යාහැකි බවත් දෙවියන්වහන්සේ දැන සිටියේය (නික්මයාම 32). ඉශ්‍රායෙල්වරු කානාන් දේශයට ඇතුල්වීමට පෙර මොලෙක් නමස්කාරයට සහභාගි නොවන ලෙස දෙවියන්වහන්සේ ඔවුන්ට අනතුරු ඇඟෙව්වේය (ලෙවීකථාව 18:21) මොලෙක්ට නමස්කාර කළ සංස්කෘතීන් විනාශ කරන ලෙස ඔවුන්ට නැවත නැවතත් පැවසුවා. ඊශ්‍රායෙලිතයන් දෙවියන්වහන්සේගේ අනතුරු ඇඟවීම් වලට අවනත නොවීය. ඒ වෙනුවට ඔවුන් මොලෙක් නමස්කාරය ඔවුන්ගේ සම්ප්‍රදායන්ට ඇතුළත් කළා. ඥානවන්ත රජවූ සලමොන් පවා මෙම නිකායට යටත්වූ අතර මොලෙක් සහ වෙනත් දෙවිවරුන් සඳහා පූජනීය ස්ථාන ඉදි කළේය (1 රාජාවලිය 11:1-8). මොලෙක් නමස්කාරය සිදුවූයේ "උස් ස්ථානවල" (1 රාජාවලිය12:31) මෙන්ම ජෙරුසලමෙන් පිට තහින් නොම්නිම්නය ලෙස හැඳින් වෙන පටු මිටියාවත් හිදීය (2 රාජාවලිය 23:10).

දේව භක්තික රජවරුන් වරින්වර උත්සාහ කළද, ඉශ්‍රායෙල්වරුන් බබිලෝනියේ වහල් භාවයට පත්වන තෙක් මොලෙක්ට නමස්කාර කිරීම අහෝසි කළේ නැත. (බබිලෝනීය ආගම දේව ධර්මවාදී හා ජ්‍යොතිෂය හා පේනකීම මගින් සංලක්ෂිත වුවද, එයට මිනිස් පූජා ඇතුළත් නොවීය). කෙසේ හෝ ඊශ්‍රායෙලිතයන් විශාල මිථ්‍යාදෘෂ්ටික ශිෂ්ටාචාරයක් තුළට විසුරුවා හැරීම අවසානයේ ඔවුන්ගේ බොරු දෙවිවරුන් පවිත්‍ර කිරීමට සමත්විය. යුදෙව්වන් තම දේශයට ආපසු පැමිණිවිට, ඔවුන් දෙවියන්වහන්සේට කැපවූ අතර, හින්නොම් නිම්නය කුණු කසළ හා මරණීය දණ්ඩනය නියමවූවන්ගේ සිරුරු බවට පත්කරන ස්ථානයක් බවට පත්විය. දෙවියන්වහන්සේව ප්‍රතික්ෂේප කරන්නන් සදාකාලයටම පුළුස්සා දමනු ලබන නිරය විස්තර කිරීම සඳහා යේසුස්වහන්සේ මෙම ස්ථානයේ නිරූපණය — සදාකාලිකව දැවෙන ගින්නක්, ගණන් කළ නොහැකි මිනිස් ගොදුරු පරිභෝජනය කරයි (මතෙව්10:28).

English



නැවතත් සිංහල මුල් පිටුවට

මොලෙක් කවුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries