settings icon
share icon
ප්‍රශ්නය

සහස්‍ර වාර්ෂික රාජධානිය අත්පත් කරගන්නේ කවුරුන්ද?

පිළිතුර


සහස්‍ර වාර්ෂික රාජධානිය කාලයේදී පොළොව අත්පත් කරගන්නා විශේෂ කණ්ඩායම් දෙකක් වේ-එනම් මහිමාන්විත ශරීරයකින් යුත් අය සහ පීඩා කාලයේදී ජීවත්වී සහස්‍ර වාර්ෂික රාජධානියට පිවිසි අය. මහිමාන්විත ශරීරයකින් යුත් අය සභාව අන්තර්ගත වන අතර, එම මහිමාන්විත ශරීරය ඔසවා ගැනීමේදී ලැබූවන්ය (1 තෙසලෝනික 4:13-18, 1 කොරින්ති 15:21-23, 51-53), සහ ක්‍රිස්තුස් වහන්සේගේ පොළොවට පැමිණීමෙන් පසු මළවුන් ගෙන් නැගිටන ලද අය (එළිදරව් 20: 4-6). භුමික ශරීරයන් සහිත අය නැවත කණ්ඩායම් දෙකකට බෙදිය හැකිය එනම් අන්‍යජාතිකයින් අතරින් විශ්වාස කරන ලද අය හා යූදෙව්වන් (ඊශ්‍රායෙල්) අතරින් විශ්වාස කරන ලද අය ලෙසය.

එළිදරව් පොතෙහි 19:11-16 හි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පොළොවට පැමිණිම එතුමාණන් වහන්සේගේ දෙවන පැමිණීම ලෙස හදුන්වනු ලබයි. ඔසවා ගැනීම (1 තෙසලෝනික 4:13-18,1 කොරින්ති 15: ”51-53) ක්‍රිස්තුස් වහන්සේ මධ්‍යාවකාශයේ පෙනී සිටීමක් මිස එය එතුමාණන්වහන්සේගේ දෙවන පැමිණීම නොවේ. එළිදරව් පොතෙහි 19-20 හි ඔසවා ගැනීමක් ගැන සඳහන් නොවේ. එහි ගම්‍යාර්ථය නම් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේදී පොළොවෙහි රුඳී සිටියාවූ ශුද්ධවන්තයින් සහස්‍ර වාර්ෂික රාජධානියට ඇතුල්වීම සඳහා ඔවුන්ගේ ස්වාභාවික ශරීරයන්හිම රුඳී සිටිනවා ඇත. ඔසවා ගැනීම හෝ එවැනි වෙනත් සිදුමකදී, ඇදහිලිවන්තයෙක් මහිමාන්විත ලැබීම ඇතුලත් වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ පොළොවට දෙවනිවර පැමිණීමේදී වන අතර එවැනි ප්‍රධාන සංසිද්ධියක් සඳහා නිර්දේශනයක් සොයා ගැනීමට එළිදරව් 19 තුළ බලාපොරොත්තු වුවත් එවැනි නිර්දේශනයක් සොයා ගැනීමට නැත. ඇඅහිලිවන්තයින් මහිමාන්විත ශරීරයක් ලබා ගැනීම සඳහන් වන්නේ එළිදරව් 20:4-6 දක්වා පමණි. එනම් පීඩා කාලය අතරතුර ඇදහිලිවන්තයින් බවට පත්වී ඇදහිල්ල නිසාම මරනු ලැබූ මරණයෙන් නැඟිටනු ලැබූවන්ය. එලෙසම පරණ ගිවිසුමෙහි ශාන්තුවරයින්ද මළවුන් ගෙන් මෙම අවස්ථාවේදී නැගිටුවන බවත් ඔවුන් මහිමාන්විත ශරීරයක් ලබන බවට විශ්වාසයක්ද ඇත (දානියෙල් 12:2 බලන්න).

සලකා බැලිය යුතු තවත් කොටසක් වනුයේ මතෙව් 25:31ය. මෙම කොටස පොදුවේ වෙන් කිරීම හෝ එළු බැටළු විනිශ්චය ලෙස හදුන්වයි. එළුවන් හා බැටළුවන් වනුයේ ධර්මිෂ්ඨ සහ අධර්මිෂ්ඨ අන්‍යජාතිකයන්ය. ක්‍රිස්තුස් වහන්සේ අධර්මිෂ්ඨ අන්‍යජාතිකයින් (එළුවන්) විනිශ්චය කර ඔවුන්ව සදාකාලික දඬුවම සඳහා ගිනි විලට හෙලනු ඇත (මතෙව් 25:46). එබැවින් කිසිම අන්‍යජාතික නොඇදහිලිවන්තයෙක් සහස්‍ර වාර්ෂික රාජ්‍යයේ ජිවත්වීමට නොනැසී පවතින්නේ නැත. ධර්මිෂ්ඨ අන්‍යජාතිකයින් හෝ බැටළුවන් සහස්‍ර වාර්ෂික රාජ්‍යධානිය සඳහා ජීවත්වනවා ඇත. ඔවුන් දරුවන් ජාතකකර පොළොව ජනාකීර්ණ කරනවා ඇත. කෙසේ නමුදු සහස්‍ර වාර්ෂික රාජධානිය කාලයේදි දරුවන් ජාතක කරන්නේ මොවුන්ම පමණක් නොවේය.

ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමත් සමඟ මුළු ඊශ්‍රායලය එතුමාණන්වහන්සේ විශ්වාස කරනවා ඇති බවට ඉඟියක් ගෙන දේ (සෙකරියා 12:10). නමුත් ඔවුන් පීඩාවට පෙර ඔසවා ගත් අය මෙන් හෝ ඉන් පසුව මළවුන් ගෙන් නැඟිටි අය මෙන් මහිමාන්විත ශරීරයක් නොලබන්නේය. ඔවුන්ද සහස්‍ර වාර්ෂික රාජ්‍යකාලයේදී දරුවන් බිහි කරනවා ඇත.

එබැවින් ඇදහිල්ලේ සිටි අන්‍යජාතීන්ද, ඊශ්‍රායලය සහ මළවුන් ගෙන් නැඟිටි අය / ඔසවා ගත් ඇදහිලිවන්තයින් (මහිමාන්විත ශරීර ඇති සියල්ලන්) පොළොව අත්පත් කරගන්නවා ඇත. ගත කෙසේ වුවද මහිමාන්විත ශරීර වලින් යුත් අය දරුවන් බිහි නොකරන බව සටහන් කරගත යුතුය. මෙම ජීවිතයෙන් පසුව වෙනත් විවාහ දිවියක් නොමැත (මතෙව් 22:30).

සහස්‍රවාර්ෂික රාජධානිය කාලයේදී බිහිවන දරුවන්ට අතීත කාලයේ සෙනඟ මෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ල රඳවා ගැනීමේ වගකීම ඇත. (එතුමාණන් වහන්සේගේ පැමිණිම පිළිබඳ එදා අය තුළ වූ ඇදහිල්ල, දෙවියන් වහන්සේ ඉදිරියෙහි වූ විශ්වාසය- උත්පත්ති 15:2-6, හබක්කුක් 2:4, රෝම 3:20). අවසනාවකට සහස්‍ර වාර්ෂික රාජ්‍ය සමයේ උපන් සියලු දරුවන් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ලට පැමිණෙන්නේ නැත. එසේ නොවන අය සාතන් විසින් සහස්‍ර වාර්ෂික රාජ්‍යයේ අවසානයේදී සාතන්ව මුදා හරිනු ලබන ඒ කෙටි කාලය තුළදී දෙවියන් වහන්සේට විරුද්ධව කැරළි ගැසීමට ගෙන යනවා ඇත (එළිදරව් 20:7-10).

තව දුරටත් මෙය කෙරෙහි අවධානය යොමු කළහොත් (සහස්‍ර වාර්ෂික රාජධානි සමයේ එයට ඇතුල්වන පිණිස කවුරුන් ජීවත්ව සිටීයිද?) පහත සඳහන් කොටස්ද බලන්න. යෙසායා 2:2-4, සෙකරියා 14:8-21, එසකියෙල් 34:17-24, දානියෙල් 7:13-14, මීකා 4:1-5).

English



නැවතත් සිංහල මුල් පිටුවට

සහස්‍ර වාර්ෂික රාජධානිය අත්පත් කරගන්නේ කවුරුන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries